ශ්‍රී ලංකාද්වීපයේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය අවසන් වීමත් සමග නෙත නොගැටුන ස්ථානයන්හි සුන්දරත්වය විඳ ගැනීමට හා දැක බලා ගැනීමට අප කවුරුත් දැන් දැන් යුහුසුළුව කටයුතු කරමින් සිටිති. දැනට ලෝකයේ සුන්දරම සංචාරක පුරවරවලින් එකක් බවට පත්වූ ශ්‍රී ලංකාවේ අප මෙතෙක් නොදුටු ස්ථාන එමට ඇත. මෙතෙක් ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමටවත් නොහැකි වූ මෙතෙක් මිනිසාගේ ස්පර්ශයට, භාවිතයට යොමු නොවූ ස්ථානයකට ඔබව රැගෙන යාමට දැන් නාවික හමුදාව අවස්ථාව අවකාශය හා පහසුකම් ලබාදී ඇත. එවන් වූ සුන්දරත්වයක් ඇති ශ්‍රී ලංකා ද්වීපයට භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වූ ස්ථානයක් දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට අවසථාව සලසා දී ඇත.
ඉන්දියාවේ තමිල්නාඩුවට ගිණිකොණ දිගින් පිහිටි මුහුදේ ඇති පාම්බන් නම් වූ දූපත්වල සිට ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත කරා විහිදී ඇති වැලිපර වැටිය ස්වභාව ධර්මයේ ආශ්චර්යාත්මක නිර්මාණයක් ලෙස සැලකිය හැක. වරෙක ආදම්ගේ පාලම වශයෙන් හැඳින් වූ මෙම වැලිපර වැටිය ඓතිහාසික පුරාවෘත්තවල රාමාගේ පාලම නොහොත් රාම සේතු ලෙස ද හඳුන්වා ඇත. මුහුදේ නිමවුනු පාලම යන අර්ථය ලබාදීමට සේතු සමුද්‍රම් යන නාමයෙන් පටබැඳි ඇති මෙම වැලිපරය මගින් උතුරු හා දකුණු වශයෙන් මුහුදු කලාප දෙකකට වෙන් වී ඇත.
මෙම වැලිපර වැටිය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ගොඩබිම් සම්බන්ධතාව සඳහා කදිම නිදසුනක් වශයෙන් පෙන්විය හැක. සැතපුම් 18ක් (කි.මී 30) පමණ දීර්ඝව මන්නාරම් ද්‍රෝණිය සහ පෝක් සමුද්‍ර තීරය වෙන් කරමින් දිව යන මෙම වැලිපර වැටියේ සමහර ස්ථාන වියලිව පවතී. අවට මුහුදු තීරය නිරීක්‍ෂණයේ දී සමහර ස්ථාන අඩි 03ක් පමණ ගැඹුරින් ද තවත් සමහරක් ස්ථාන අඩි 30ක් පමණ ගැඹුරින් ද යුක්ත වන බවට පෙනීයයි. මෙම වැලිපර වැටිය සම්බන්ධයෙන් මුලින්ම සඳහන් වනුයේ සංස්කෘතික වීර කාව්‍යයක් වන වාල්මිකී ගේ රාමායනයේය. ශත වර්ෂ 850කට ඉහත දී පමණ ලියවී ඇති බටහිර ග‍්‍රන්ථයක් වන සෘග් වේදය නම් වූ පොතේ මෙම වැලිපර සම්බන්ධයෙන් සටහන්ව ඇත්තේ 09 වැනි ශත වර්ෂයේ අපූරුතම නිර්මානයක් ලෙසිනි.
ශ්‍රී ලංකාවාසීන් හට මෙවන් වූ විශේෂත්වයක් හා වැදගත්කමක් ඇති මෙම වැලිපර නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2011 අපේ‍්‍රල් මස 10 වැනි දින සිට විශේෂ සංචාරක වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර, හුදෙක් ශ්‍රී ලංකා වාසීන්ට මෙම ස්ථාන දැක බලා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් මෙම සංචාරක වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කළ බව අනාවරණය විය. මන්නාරම නගරයේ සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති තලෙයිමන්නාරම ප‍්‍රදේශයෙන් මෙම සංචාරය ආරම්භවන අතර, ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන නිරිත දිග මෝසම් හා ඊසාන දිග මෝසම කාලවල දී වෙන් වෙන් වශයෙන් ස්ථානයන් දෙකක දී මෙම සංචාරය වසර පුරාවටම ක‍්‍රියාත්මකවේ. ඒ අනුව ඊසානදිග මෝසම් කාලවලදී තලෙයිමන්නාරම පරණ ජැටිය ප‍්‍රදේශයෙන් හා නිරතදිග මෝසම් කාලවල දී තලෙයිමන්නාරම ප‍්‍රදීපාගාරය අසලින් ද මෙම සංචාරය ආරම්භ වනු ඇත.
මෙම සංචාරය නාවික හමුදාවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුවන බැවින් සංචාරය සඳහා සහභාගි වන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා විශේෂ ජීවිත ආරක්‍ෂක යාත‍්‍රා දෙකක් හා මනාව පුහුණුව ලද ජිවිතාරක්‍ෂක නාවිකයන් කිහිප දෙනකු අනුයුක්ත කර ඇත. එසේම මෙම සංචාරක යාත‍්‍රා හැසිරවීම සඳහා ඉතා උසස් පුහුණුවකින් යුක්ත නාවිකයන් යොදවා ඇති අතරම නවීන තාක්‍ෂණයෙන් යුත් මෙවලම් උපයෝගී කර ගනිමින් මෙම යාත‍්‍රා හැසිරවීම හා යාත‍්‍රා සඳහා මගපෙන්වීම කරන බැවින් ගමන් කරන්නන්ගේ ජිවිතාරක්‍ෂාව තවදුරටත් තහවුරු කර ඇත.
මීට අමතරව එක් යාත‍්‍රාවක උපරිම වශයෙන් සංචාරකයන් 06 දෙනෙකු පමණක් රැගෙන යන අතර, ඒ සෑම සංචාරකයකුටම ජීවිතාරක්‍ෂක කබායක් ලබාදීම නාවික හමුදාව විසින් කරනු ලබයි. සංචාරයේ දී සෑම පුද්ගලයෙකුහටම ප‍්‍රමාණවත් හා ප‍්‍රණීත කෙටි ආහාර වේලක් හා බෝතල් කරන ලද පානීය ජලය ලබාදීම නාවික හමුදාව කරන අතර, එක් ගමන් වාරයක් සඳහා (යාමට සහ ඒමට) ආසන්න වශයෙන් පැය දෙකයි විනාඩි 15 පමණ කාලයක් ගත වෙයි.
ආසන්න වශයෙන් කිලෝමීටර් 24ක (නාවික සැතපුම් 12) දුරක් මෙම වැලිපර නැරඹීමේ සඳහා මුහුදු ගමනේ යෙදීමට අවකාශ සැලසෙනු ඇත. සංචාරය අතරතුර මෙම වැලිපර අතරින් දෙවැනි වැලිපරයට බැසීමට සංචාරකයකු හට අවස්ථව සලසා දී ඇති අතර, එහි සිට එම වැලිපරයේ හා අවට වැලිපරවල අසිරිය නැරඹීමට අවකාශ ලබාදී තිබේ.
සංචාරයේ දී ඔබට ඉහතින් දැක්වූ පහසුකම් වලට අමතරව නිතැතින්ම නොමිලේ කැස්බෑවන්, ඩොල්ෆින් මතස්‍යයන්, තල්මසුන් හා මුහුදු ලිහිණින් වැනි ඉතා දුර්ලභ ගණයේ මුහුදු ජීවීන් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම සියලූ පහසුකම් සහිත එක් ගමන් වාරයක් සඳහා දේශීය සංචාරකයකුගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රු. 600 වැනි ඉතා අවම මුදලක් අයකරන අතර, මෙවැනි අඩු මුදලකට මෙවැනි වූ සංචාරයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාවක් නොලැබෙන බව නම් සහතිකය. යුරෝපා රටක හෝ ආසියාවේ වෙනත් රටක දී මෙවන් සංචාරයක් යාම සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50-100ක් වැනි මුදලක් වැය කිරීමට ඔබට සිදුවන අතරම ලංකාවාසී සියලූ දෙනාටම මෙවැනි වැදගත්කමක් ඇති ස්ථානයක් නැරඹීයට ඇති හැකියාව අමවවේ.
ශ්‍රී ලංකා වාසීන් වන අප සැමට භූගෝලීය වශයෙන් හ අපගේ දේශයේ ශිෂ්ඨාචාරය මෙම පාලමත් සමග ගොඩනැගී ඇති බවට සාධක ලැබි ඇති බැවින් මෙවන් වූ වැදගත් ස්ථානයක් නැරඹීම හා එහි සුන්දරත්වය විඳදරා ගැනීම සඳහා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවකි. මෙම මුහුදු සංචාරය යාමට බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දුරකථන අංක 0113818247 ඔස්සේ ලබාගැනීමට හැකියාව ඇත.
මේ පිළිබඳව විස්තර ලබාදුන් තලේමන්නාරම නාවික හමුදා කඳවුරේ ලූතිනන් කමාන්ඩර් නිමල් රණසිංහ මහතාට අපගේ ස්තුතිය
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්නාරම් වැලිපර බලන්න නාවික හමුදාවෙන් සංචාරයක්
Gehan Chandika Wickz Wednesday, 25 January 2012 12:33 PM
නියමයිනේ. යන්න ඕන බලන්න.
අමීර් Thursday, 26 January 2012 09:27 AM
ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්
මහේෂ් ඉන්දික Thursday, 26 January 2012 11:32 AM
අපට ලංකාවේ ලස්සන තැන් දැක බලා ගැනිමට මේක හොද අවස්ථාවක්. අවුරුදු 30 කාලයක් අපට දැනගන්න බැරිවුණ ලංකාවේ දර්ශණීය තැන් මෙමගින් දැක ගැනීමට හොදම අවස්ථාවක් මෙය.....
යාපා Tuesday, 24 January 2012 02:12 PM
මොන තරම් ලස්සන රටක්ද අපිට තියෙන්නෙ