IMG-LOGO

මොන්ටි‍්‍රයල් නුවර පුණ්‍ය භූමිය

 

 

ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන්ගේ පූජනීය තැනක් ලෙස කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේ පිහිටි ශාන්ත ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය සඳහන් කළ හැකිය. කිතුණු බැතිමතුන් පමණක් නොව, කැනඩාවේ සංචාරය කරන බොහෝ අන්‍යගමික විදේශිකයින් අතරද මෙය වඩාත් ප‍්‍රකටය. කැනඩාවේ සංචාරයක යෙදෙන්නේ නම් බොහෝ සංචාරකයෝ මෙම දේවස්ථානය වැඳපුදා ගැනීමට යාම අමතක නොකරති. එලෙසින් ජාති-ආගම් භේද නොතකා බොහෝ සංචාරකයින් මෙතැනට පැමිණෙන්නේ බාරහාර වීමටය. නැතහොත් බාරවූ දේ ඔප්පු කිරීමටය. ඒත් නැතහොත් ප‍්‍රාර්ථනාවක් ඉටුකර ගැනීම වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ යාඥා කිරීමටය. එය සැබැවින්ම හාස්කමක් නොවේ. හාස්කමකට එහා ගිය සත්‍යයක් එහි ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. පසුගියදා කැනඩාවේ කළ සංචාරයේදී, මේ පූජනීය ස්ථානය වෙත යාමටද අවකාශය සැලසිණි. ඒ කැනඩාවේ වෙසෙන අපේ සුමිතුරා වන සුදේශ් මුතුගේ, හා මොන්ටි‍්‍රයල්හි වෙසෙන මිතුරා වන සුමිත් තිසේරා නිසාය.

 
 

එක්තරා උදෑසනක සුමිත්ගේ නිවසේ සිට අපි මේ දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පිටත්වීමු. මොන්ටි‍්‍රයල් නගරයේ උස් භූමියක මෙම ශාන්ත ජුසේතුමාගේ දේවස්ථානය පිහිටා ඇත. එනිසා මුළු නගරයටම මෙය දර්ශනය වේ. උදෑසන රැකියා සඳහා පිටත්ව යන බොහෝ දෙනා මෙම දර්ශනය දෙස බලා දවසේ කටයුතු සාර්ථක කර ගැනීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරති. සුමිත් තිසේරා මේ සියල්ල ගැන පවසමින් රථය පැදවූ අතරේ, කෙමෙන් කෙමෙන් අප දේවස්ථාන භූමිය වෙත ළඟා වී සිටියෙමු. උදෑසන වුවද කැනඩාවේ විවිධ ප‍්‍රාන්තවලට අයත් රථ මෙන්ම, ඇමෙරිකානු කලාපයේ විවිධ ප‍්‍රාන්ත වලට අයත් රථ විශාල සංඛාවක් නවතා තිබෙනු ඇපට දැක ගත හැකි විය. බැතිමත්තු එතරම්ම සංඛ්‍යාවක් උදෑසනම පැමිණ සිටියහ. රථ ගාලට මෙහායින් වූ මහා මාර්ගයේ සිට දේවස්ථානය මුදුනට යන පඩිපෙළ දක්වා භූමියේ මැදට වන්නට සුදු ඉරිවලින් සළකුණු කර තිබේ. ඒ මතින් දණගා යන බැතිමතුන් සිටින වගද සුමිත් කීවේය. එලෙසින් ගමන් කරන්නේ ඊට පෙරවූ බාර ඔප්පු කිරීම සඳහාය.

මොන්ටි‍්‍රයල්හි මවුන්ට් රෝයල් නොති‍්‍රදාමේ පාසල අසල මෙම දේවස්ථානය තැනීමේ කටයුතු ආරම්භ වූයේ 1904 දී පමණය. ඒ කුඩා බිම් පෙදෙසකය. නමුත් 1916 පමණ වන විට බැතිමතුන් දහසකට පමණ ආසන පහසුකම් ඇති පරිදි සංවර්ධනය කෙරිණි. යාච්ඥාගෘහය සෑදීම ආරම්භ කෙරුණේ 1924 දී වන අතර 1967 පමණ වන විට එය සම්පූර්ණයෙන්ම නිම කරන ලදී. ප‍්‍රධාන අල්තාරය අබියස තනා ඇති ප‍්‍රතිමාව නිමවා ඇත්තේ කැරරා නමැති සුවිශේෂි මාබල් වර්ගය යොදාගෙනය. එය ඉතිලියානු ජාතික මූර්තිශිල්පියකු අතින් නිම කරන ලද්දකි. ශාන්ත ජුසේතුමාගේ මෙම ප‍්‍රතිමාව උසින් අඩි නවයක් වන අතර බර කිලෝග‍්‍රෑම් 2300ක් පමණ වේ. මෙම ශාන්ත ජුසේ තුමාගේ දේවස්ථානය ඉදිකිරීමට 1937-39 කාලයේදී පෝල් බෙලට් පියතුමා ගෘහනිර්මාණ ශිල්පියා ලෙස දායක වී ඇත. ලොව තෙවැනියට විශාලතම සාමයේ දෙව්මවුතුමියගේ ගෘහය තනා ඇත්තේ මෙතැනය.

මෙම දේවස්ථානය ගැන කතා කිරීමේදී මෙම ශුද්ධ භූමිය ඉදිකර එහි ප‍්‍රථම දේව මෙහෙය කළ ඇන්ඩෲ සහෝදරතුමාගේ නාමය සදා අමරණීය නාමයක් ලෙස සනිටුහන් වී තිබේ. සහෝදරතුමා ස්වර්ගස්ථ වූ පසු එතුමාගේ හදවත මංජුසාවක බහා මෙහි ප‍්‍රදර්ශනයට තබා තිබේ. ඊට අමතරව එතුමාගේ සැබෑ ජීවිතයේ භාවිතා කළ දේ ප‍්‍රදර්ශනයට තබා ඇති අතර, ජීවමාන ස්වරූපයට සමවූ  ඉටියෙන් කරන ලද රූපද දැකගත හැකිය. මෙලෙසින් එතුමාගේ හදවත මෙම දේවස්ථානයේ කෞතුක වස්තුවක් ලෙස තැන්පත් කර ඇති අතර, ඒ මගින් ස්වර්ග රාජ්‍ය සම්පත් ලබාදීමේ ප‍්‍රාතිහාර්යමය බලය ඇතැයි විශ්වාසයක් පවතී. 1982 දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා විසින්ද, 2010 දී 16 වැනි බෙනඩික් පාප්තුමා විසින්ද මේ ඇන්ඩෲ සහෝදරතුමා ශුද්ධාත්මයට ඔසවා තබා සාන්තුවරයකු බවට පත් කරන ලදී. ශාන්ත ජුසේතුමා සහ ඇන්ඩෲ සහෝදරතුමාගේ ප‍්‍රාතිහාර්යය නිසාම වාර්ෂිකව මෙහි පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වෙති.

ශාන්ත ජුසේතුමාගේ පිළිරුව පාමුල තනා ඇති පහන් දැල්වීමේ රාක්කය වෙත පැමිණ පහනක් දල්වා, එහි ඇති ශුද්ධවූ වැකිය කියවා, ප‍්‍රාර්ථනාවක් කිරීම මගින් ජීවිතයට නව ආලෝකයක් උදාවේයැයි බොහෝ බැතිමතුන්ගේ විශ්වාසය වේ. මෙකී අධ්‍යාත්මික වූ සියල්ලට සාපේක්ෂව මෙම ශුද්ධවූ ස්ථානයට පැමිණ කටයුතු කරන බැතිමතුන්ගේ නෙත් උකහා ගන්නා පරිසරය ගැනද පැවසිය යුතුමය. වෙසෙසින්ම මෙහි අලංකාර වීදුරු ජනෙල් ගැන කිව යුතුමය. ශාන්ත ජුසේතුමාගේ සහ ජේසුස් වහන්සේගේ මෙන්ම එම ශුද්ධ වූ පවුලේ විවිධ අවස්ථා විදහා දැක්වෙන දර්ශන ඒ මගින් සිතුවමට නගා ඇත. ජේසුස්වහන්සේගේ උපත දැක්වෙන සිතුවම ඒ අතරින් විශේෂය. ප‍්‍රධාන අල්තාරය ඉදිරියෙන්, එනම්, යාඥාගෘහයට ඇතුළු වන තැනට ඉහළින් තනා ඇති යෝධ  ඕගනය මෙහි ඇති තවත් විශ්මිත නිමැවුමකි. ජර්මනියේ හැම්බර්ග්හි රැඩෝල්ෆ් වොන් බෙකරාන්ගේ මේ නිර්මානය උසින් අඩි 60ක් පමණ වේ. පළල අඩි 44 ක් පමණ වේ. හඬ පිට කෙරෙන නලා 5811කින් සමන්විතය. එහි අනෙකුත් සියල්ල දෙස බලද්දී ලෝකයේ මෙවැනි නිර්මාණයක් ඇති එකම තැන මෙතැන යැයි සඳහන් කළ හැකිය.

 

 

ජීවිතය යනු කැපකිරීමක් නම්, මේ ශුද්ධ වූ දේවස්ථානය නිර්මාණය කිරීම උදෙසා බොහෝ නිර්මාණශිල්පීන් අප‍්‍රතිහත කැපකිරීමෙන් කටයුතු කරමින් මෙහි නිර්මාණය කර ඇති දේ අතරින් අප පැවසුවේ බිඳක් පමණි. දිගින් අඩි 344ක්, පළලින් අඩි 213 ක් මෙන්ම උසින් අඩි 423ක් වූ මෙම දේවස්ථානය තැනීම සඳහා වැය කළ පිරිවැය ලෙස සඳහන් වන්නේ කැනේඩියානු ඩොලර් මිලියන 2.3 වශයෙනි. එකී සියල්ලෙහි ඵලයක් ලෙස නිම වූ, ශුද්ධ වූ ජුසේතුමාගේ ශ්‍රී නාමයට කැපකිරීම උදෙසා, බැතිමතුන්ට අමතරව, බොහෝ රෝගීන් මෙහි පිහිට පතා පැමිණීමද විශේෂයකි.
 

 

 

සුන්දර නයගරාව...

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව

සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...

කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්

 



අදහස් (0)

මොන්ටි‍්‍රයල් නුවර පුණ්‍ය භූමිය

ගමරාල Friday, 30 August 2013 04:40 AM

මේවා හදපු සුද්දෝ ආගම් කියන දේවල්වල තියෙන යථාර්තය දන්නවා. සුද්දෝ මේක බලන්න එන්නේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පය හා ඵෙතිහාසික වැදගත්කම හින්දා. (නි)

:       0       0

නයන Friday, 30 August 2013 04:51 AM

මෙතැන හරිම ලස්සන තැනක්. (අ)

:       0       0

කුමාරි Friday, 30 August 2013 06:26 PM

මේක හදපු දක්ෂ නිර්මාණ ශිල්පියා කොහෙන්ද දන්නේ නැහැ ගෙනාවේ? අපටත් ගෙයක් හදාගන්න. පුදුම සහගතයි සහ මෙතන නම් හරිම ලස්සන තැනක්. (නි)

:       0       0

දුමින්ද Friday, 30 August 2013 07:47 AM

හොඳ ලිපි පෙළක්. (නි)

:       0       0

හිරා Friday, 30 August 2013 08:16 AM

යූරෝපයේ මේ වගේ දේවල් කවදාහරි පුරාවස්තු පමණයි. මොකද , ඒ රටවල් වල ඉන්න බහුතරයක් දෙනා සත්‍යය මොකද්ද කියලා ගවේෂණය කරනවා. අපි පැහැදිලිවම දැකලා තියෙනවා මේ වගේ තැන් වලට එන සෙනග ප්‍රමාණයේ පැහැදිලි අඩුවීමක්. (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 August 2013 03:21 PM

මෙතන ඒ වගේ හාස්කම් තියෙන බවට මටත් යම් විශ්වාසයක් ඇතිවුනා. (ස)

:       0       0

ජයී තිසර Monday, 02 September 2013 05:11 PM

නෙත් සිත් ඇද ගනී දක්නා දේ අතර.. දසතින් ඇදෙන මිනිසුන් පවසති නිතර.. බැතිමත් සිතින් තැණවූ සිරි දෙව්මැදුර.. අමතක නොවෙන එක් දෙයකියි මේ නුවර (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 497 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site