එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉකුත් දිනවල සිටියේ රිමාන්ඞ් භාරයේය. ඒ මහතා බැලීමට රිමාන්ඞ් සිරගෙදරට ගිය ඒ මහතාගේ දියණිය දුල්මිණි අත්තනායක මෙනවිය පවසා තිබුණේ තම පියාට 11 වැනිදා ඇප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඒ අයුරින්ම අත්තනායක මහතාට රුපියල් ලක්‍ෂ 20ක ශරීර ඇප නියම විය. අප දුල්මිණි අත්තනායක මෙනෙවියගෙන් විමසුවේ පියා නිදහස් කරගත් ආකාරය පිළිබඳවය.

ප‍්‍රශ්නය:- ඔබේ අප්පච්චි රිමාන්ඞ් බන්ධනාගාරයෙ හිටියා. ඔබ කාටහරි ඒ ගැන දොස් පවරනවද?
පිළිතුර:- මේ තරම් හොරු, කුඩු කාරයො, මැරයො ඉන්න රටක මුලින්ම රිමාන්ඞ් එකට දැම්මේ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒ නිකම්ම පුද්ගලයෙක් නෙවෙයි. පක්ෂයෙ මහලේකම්. මොකක්ද මේ දේශපාලනය? මේ වෙලාවෙ මම කාටවත් දොස් පවරන්නෙ නැහැ. මගේ අප්පච්චිට නීතියෙන් සාධාරණය ඉටුවීම ගැන මම සතුටුයි. අධිකරණයට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒක වඩාත් තහවුරු වුණා. එක්සත් ජාතික පක්ෂයත් බලයට ඇවිල්ලා, පක්ෂයේ ලේකම්වරයා හිරේට යැව්වා. ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. මගේ අප්පච්චි අවුරුදු ගණනාවක් පක්ෂයෙ නායකයා ආරක්ෂා කළා. ඔහුට ප‍්‍රශ්න ආපු අවස්ථාවල මගේ අප්පච්චි ඔහුට රැුකවරණයක් වුණා. මේ වගේ දේවල්වලින් ඇතිවන්නේ විශාල කලකිරීමක්.
ප‍්‍රශ්නය:- අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඔබ හමුවී තිබෙනවද?
පිළිතුර:- ඔව් ඔහු අපේ පවුලේ හිතවතෙක් ලෙස හිටියා. ළඟදි නම් හමුවුණේ නැහැ. කීප වතාවක් හමුවෙලත් තියෙනවා. මගේ උපන් දිනයට සුබ පතලත් තියෙනවා. මගේ අප්පච්චිගෙ හිටපු නායකයා. ඒ වගේම අප්පච්චිගෙ පක්ෂයෙ නායකයා. මටයි, මල්ලිටයි දෙන්නටම ඔහු හමුවී තිබෙනවා. නමුත් මගේ අප්පච්චිගෙ සිද්ධිය ගැන හරිම දුකයි. අප්පච්චි එක්සත් ජාතික පක්ෂයෙ අමාරුම කාලයෙදි පක්ෂයෙ මහලේකම් වශයෙන් මහ විශාල කාර්ය භාරයක් කළා. පක්ෂය ආරක්ෂා කර ගත්තා. සිරිකොතට ගහපු වෙලාවෙ රනිල් වික‍්‍රමසිංහ මහත්තය එළවන්න පක්ෂයෙ ඇතැම් අය උත්සාහ කළ අවස්ථාවෙදි මගේ අප්පච්චි තමයි ඔහු ආරක්ෂා කළේ.
ප‍්‍රශ්නය:- ඔබ අග‍්‍රාමාත්‍යවරයාට කතා කළේ නැද්ද?
පිළිතුර:- මගේ අප්පච්චි රිමාන්ඞ් කළාට පස්සෙ කතා කරල වැඩක් නැහැනේ.
අපි නීතියට ගරු කරනවා. අධිකරණයෙන් මගේ අප්පච්චි එළියට දාපු එක ගැන බොහොම සතුටුයි. රටේ නීතිය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.
ප‍්‍රශ්නය: ඔබේ අප්පච්චි අන්තිම මොහොතේ පක්ෂය මාරු කළ එක ගැන ඔබ සමඟ කතා කළාද?
පිළිතුර: මගේ අප්පච්චි එක්සත් ජාතික පක්ෂයෙ හිටියෙ ලොකු පීඩනයකින්. ඒක මම හොඳාකාරවම දැක්කා. මානසිකව ඔහු වැටිල හිටියෙ. දැඩි ලෙසින් පීඩාවට පත්වෙලා හිටියෙ. නමුත් මොන තරම් කැපිලි ආවත් කෙණහිළිකම් කළත් අප්පච්චි ඒ සියල්ල දරාගෙන හිටියා. පක්ෂය වෙනුවෙන් වැඩ කළා. හැමෝම සමගි කරල පක්ෂය ඉදිරියට ගෙනියන්න විශාල කැපවීමක් කළා. මගේ අප්පච්චි පක්ෂයෙන් එළෙව්වත්, දාල යන්නෙ නැති කෙනෙක්. පක්ෂය ඔහුගෙ ජීවිතය.
ප‍්‍රශ්නය: නමුත් අප්පච්චි පක්ෂය හැර ගියා.
පිළිතුර: නැහැ. අප්පච්චි පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. හැමවෙලාවෙම කතා කළේ පක්ෂයෙ ජනතාව වෙනුවෙන්. අප්පච්චි පක්ෂයෙන් ගියේ නැහැ. එළවා ගත්තා. වැඩ කරන්
න දුන්නෙ නැහැ. අප්පච්චි වැටිල හිටිය විදිහ මම දැක්කා. පුදුම පීඩාවකින් ඔය අවසාන කාලෙ හිටියෙ. අපිට අප්පච්චිගෙ සැනසීම බොහොම වැදගත්. මම නම් වශයෙන් කියන්න කැමැති නැහැ. පක්ෂයෙ වැඩිදෙනා අප්පච්චිට ආදරෙයි. තවමත් එහෙමයි. නමුත් දෙතුන් දෙනෙක් අප්පච්චිට වැඩ කරන්න දුන්නෙ නැහැ. ඒ අයගෙ තැන හදාගන්න අප්පච්චිට මහලේකම් වශයෙන් වැඩකරන්න ඉඩ දුන්නෙ නැහැ. ඒ තත්ත්වය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයට සහාය දක්වන්න අප්පච්චි තීරණය කළා.
ප‍්‍රශ්නය: අප්පච්චි දේශපාලන ප‍්‍රශ්න ඔබ සමග කතා කරනවද?
පිළිතුර: මම පවුලෙ වැඩිමලා. අප්පච්චිට දරා ගන්න බැරි ප‍්‍රශ්න ආවම මා එක්ක කතා කරල තියෙනවා.

ප‍්‍රශ්නය: ඔබ අප්පච්චිට උපදෙස් දුන්නද?
පිළිතුර: මම අප්පච්චි දිහා බැලූවෙ, රටට සේවය කරන නායකයෙක් හැටියට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවෙ අප්පච්චිට බොහොම සැලකුවා. මානසිකව වැටිල හිටියෙ. අප්පච්චිට නැගිටින්න අත දුන්නා.
ප‍්‍රශ්නය: තවදුරටත් අප්පච්චි දේශපාලනයෙ ඉන්නවට කැමතිද?
පිළිතුර: ඔව්. බොහොම කැමතියි. මීට පෙරත් අප්පච්චි ප‍්‍රශ්නවලට මුහුණ දීල තියෙනවා. මේක අප්පච්චිගෙ දේශපාලනයෙ අවසානය නොවෙයි. මට තේරෙන දවසෙ ඉඳල අප්පච්චි ගෙදර හිටියෙ නැහැ. පාක්ෂිකයො වෙනුවෙන් කැපවී සේවය කළා. මේ තරම් කැපවූ අප්පච්චිට මඩ ගැහුවා. ඇත්ත තත්ත්වය නොදන්න අයත් මඩ ගැහුවා. ඒක වැරදියි.
අපේ අප්පච්චිගෙ ජීවිතය ගැන අපි බයෙන් හිටියා. අපේ ගෙවල් කුඩු කළා. බොහොම කටුක අත්දැකීම්වලට අපි මුහුණ දීල තියෙනවා. අප්පච්චිට මඩ ගහනකොට අපිත් මානසිකව වැටෙනවා. ඒත් අපි පුළුවන් තරම් අප්පච්චිට ධෛර්ය දුන්නා. මල්ලියි... අම්මයි දෙන්නත් ඔහුට ධෛර්ය දුන්නා. පවුලක් විදිහට අපි කළ යුතු දෙයත් ඒකයි.
ප‍්‍රශ්නය: මේ රටේ තරුණ පරපුරට ඔබ කතා කළොත් මොකක්ද කියන්නෙ?
පිළිතුර: කලින් පරම්පරාවෙන් ගතයුතු ආදර්ශය ගන්න. ඒ අයගේ මග පෙන්වීම ලබා ගන්න. අලූත් විදිහට රට ගැන හිතන්න. ඒ සියල්ලටම පෙර නිකරුණේ පෞද්ගලික ප‍්‍රශ්න මත මඩ ගැසී
ම නතර කරන්න. මේ මඩ ගැසීම රටට වැඩක් නැහැ. දේශපාලනයට එනව නම් රට ගැන හිතල වැඩ කරන්න. මිනිස්සුන්ට වැඩක් කරන්න. අපේ රටේ දේශපාලනය හරිම විහිළුකාර එකක් වෙලා. එංගලන්තය, ඇමෙරිකාව වගේ රටවල දේශපාලනයෙන් යම් වැඩක් ඒ රටවලට සිදුවෙනවා. අද අපේ රටේ සිනමා කර්මාන්තයටත් වඩා දේශපාලනය විහිළුවලින් ජනපි‍්‍රය එකක් වෙලා. අපේ තරුණ පරපුර මේ දේශපාලන තත්ත්වය නතර කරන්න ඕනැ.
ප‍්‍රශ්නය: ඔබ විදේශගතවී වසර කීයක් හිටියද?
පිළිතුර: වසර 5ක්.
ප‍්‍රශ්නය: ඔබේ අප්පච්චි රිමාන්ඞ් බන්ධනාගාර ගතකර සිටි කාලය ගැන කියනවා නම්
පිළිතුර: මගේ අප්පච්චි වෙනුවෙන් කතා කළේ විශේෂයෙන්ම නිමල් සිරිපාල මහත්තය, මහින්දානන්ද අලූත්ගමගේ කියන මහත්තයයි. විපක්ෂයෙ ඉන්න බොහොම දෙනෙක් කතා කළා. ඒත් මට හරිම කනගාටුයි මගේ අප්පච්චි වසර 35ක් දේශපාලනය කළ පක්ෂය ගැන. දැන් බලයෙ ඉන්න පක්ෂයෙ සුළු පිරිසක් අප්පච්චි බලන්න බන්ධනාගාරයට ගියා. විජේදාස රාජපක්‍ෂ, සුජීව සේනසිංහ යන ඇමැතිවරු ගිහිල්ල තිබුණා. ඒ හැර අපේ අප්පච්චි එක්ක එකට හිටපු අනිත් කවුරුවත් අප්පච්චි දිහා හැරිලවත් බැළුවෙ නැහැ.
අප්පච්චි දේශපාලනය කළ හැටි මම දන්නවා. අප්පච්චි ගෙදර හිටියෙ නැහැ. මටයි x මල්ලිටයි අම්මටයි වඩා එයා ආසනයෙ මිනිස්සුන්ට කාලය ගත කළා. කැප වුණා. වැඩ කළා. කිසිම වංචාවක් කරල නැහැ. අප්පච්චි මට ඉගැන්නුවෙත් බොහොම දුක් විඳල. අප්පච්චි හම්බ කළා නම් අපිට මෙහෙම ඉන්න අවශ්‍ය නැහැ.
ප‍්‍රශ්නය: ඔබගෙ පෞද්ගලික තොරතුරු ටිකක් ඇහුවොත් ඉගෙන ගත්තෙ කොහෙද?
පිළිතුර: ඉගෙන ගත්තෙ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙ. ඉන්පසු කොළඹ බි‍්‍රතාන්‍ය පාසලේ ඉගෙනුම ලැබුවා. මගේ උපාධිය කළේ එංගලන්තයෙ.
ප‍්‍රශ්නය: විෂය.
පිළිතුර: මුදල්
ප‍්‍රශ්නය: නැවත රට යනවද?
පිළිතුර: ඒක ගැන නම් තීරණයක් නැහැ. මොකද අප්පච්චි දාල යන්න බැහැ. මේ පවතින වටපිටාව නිසා මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත එංගලන්තයට යන එක ගැන තවම තීරණයක් නැහැ.
ප‍්‍රශ්නය: ඔබ දේශපාලනයට එනවද?
පිළිතුර: ඒක ගැන නම් පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි. අප්පච්චි මෙතරම් කාලයක් අපිව ජනමාධ්‍ය ඉදිරියටවත් ගෙනාවෙ නැහැ.
ප‍්‍රශ්නය: පවුලෙ අනිත් අය කවුද?
පිළිතුර: මට මල්ලි විතරයි ඉන්නෙ. මල්ලි කොළඹ රාජකීය විද්‍යාලයෙ උසස් පෙළ පන්තියෙ ඉගෙන ගන්නවා.
ප‍්‍රශ්නය: ඔබේ යාළුවො කවුද?
පිළිතුර: වර්ග කිරීමක් නැහැ. පාසල් යන කාලෙ හිටපු යාළුවො තවම ඉන්නවා.
ප‍්‍රශ්නය: ඔබ විදේශ විශ්ව විද්‍යාලයකට ගියේ තාත්තා දේශපාලනය කරන නිසාද?
පිළිතුර: නැහැ. අයදුම් කළා. සුදුසුකම් මත තෝරා ගත්තා.
ප‍්‍රශ්නය: ඔබ විදේශගතව සිටියදී අප්පච්චි එක්ක සම්බන්ධකම් පැවැත්වූවේ කොහොමද?
පිළිතුර: අපි දිනපතාම කතා කළා. ඉඩ ලැබුණ හැම වෙලාවෙම තාත්තා මාව බලන්න ආවා.
ප‍්‍රශ්නය: ඔබ විලාසිතාවලට මුල් තැන දෙනවද?
පිළිතුර: නොදෙනවාම නොවෙයි. අවස්ථාවට ගැළපෙන පරිදි. සුදුසු පරිදි.
ප‍්‍රශ්නය: ඔබ ක්ලබ් යනවද?
පිළිතුර: නැහැ. අම්මගෙ - තාත්තගෙ අවසරයක් නැතිව කොහේවත් යන්නෙ නැහැ.
ප‍්‍රශ්නය:- ඔබ බොහොම සුන්දර තරුණියක්. රූපාලංකාරයට විශේෂ තැනක් දෙනවද?
පිළිතුර:- විශේෂ තැනක්ම කියන්න බැහැ.
ප‍්‍රශ්නය: ඔබේ විවේකය ගත කරන්නෙ.
පිළිතුර: පොත පත කියවනවා. නොවරදවාම ප‍්‍රවෘත්ති බලනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයා දන්නේ මොනවද අනේ (දිල්)
අනේ මන්දා රජවාසලේ කවට අන්දරේ වගේ වෙලානේ (දිල්)
ඔබේ පියාපරිප්පු කන්නේ පක්ෂේ මාරු කල නිසා නොවෙයි.හොර ලියවිල්ල නිසා (අ)
මොහොමඩ්, ඔයා කියපු දේවල් අහලා මම හොඳට හිනාවුණා. කතාව ඇත්ත. (නි)
ලංකාවේ දේශපාලනේ හැටි තමයි ඔය. තාත්තලාගේ කාලේ ඉවර වෙනකොට දුලා පුතාල කල එලි බහිනවා.(නදී)
අම්මෝ, ලංකාවේ ඉස්කෝලෙක ඉගෙනගෙන අවුරුදු 5ක් රට හිටිය ටිකට මෙයාට සිංහල කතා කරන එකත් සැහෙන්න දුරට අමතක වෙලා. දුල්, ඔයාගේ තාත්තාටත් උනේත් ඔය ටිකම තමා. අවුරුදු 25ක් 30ක් විතර හිටපූ තැන අමතක උනා. (නදී)
යකඩෝ විපර්යාසයක හැටි. අවුරුදු 5 ක් පිට රට හිටිය විතරයි, එතෙක් දැන් උගෙන හිටිය මව් භාෂාවත් හරියට උච්චාරනය කොරන්න බැහැ. මේ උන්දැ දන්නවද දන්නෙ නැහැ, පිරට රටවලම ඉපදිලා, ඒ රටවලම අධ්‍යාපනය ලබන අපේ දරු දැරියො ඉන්නව නියම සිංහලෙන්ම කතා කරන. (නදී)
අපේ කට්ටිය හරි දක්ෂයි මේ වගේ අය ෆෝම් කරන්න. මෛත්‍රීගේ දෝනි, නයි නලගන, හිරුණිකා, දුල්මිනි වෙනකන් අපේ අය කරන්නෙ ඕක. ඒ අයත් ඉස්සරහට ඇවිල්ලා දෙන්නෙ ඇරිස්ටෝටල් කතා (නදී)
පොඩ්ඩක් රට ගිය ගමන් සිංහල අමතක වන කට්ටියට මහාචාර්ය සරත් ගුණපාල වගේ මහත්වරුන් දෙන්නෙ ලොකු ආදර්ශයක්. එතුමා සුප්‍රකට නාසා ආයතනයෙ දශක ගණනාවක් සේවය කරන කීර්තිමත් විද්‍යාඥයෙක් වෙලත් ලංකාවේ රූපවාහිනි වැඩසටහනකදි කතා කලේ බොරු ආටෝප නැති පැහැදිලි සිංහලෙන් (නදී)
අවුරුදු 35ක් පක්ෂය වෙනුවෙන් ඇද්ද දර දිය සමකළ නොහැකියි නේද, අවසානයේදී කළ මහා පාවාදීමට. (නි)
අනේ නංගි, පින් සිද්ධවෙයි, දේශපාලනයට එන්න එපා. ඔයා පාඩුවේ ඉන්න. (නි)
දේශපාලනයට නෑවිත් හිටියානම් තමයි හොද (දිල්)
අප්පච්චි ඡන්දෙ ඉල්ලුවා නම් දැනගන්න තිබුණා මිනිස්සු වෙනුවෙන් අප්පච්චි කළදේවල්. (නි)
අපිත් එංගලන්තේ ඉගෙනගත්තේ නැතිවුණාට ලංකාවේ ගෙන්දගම් පොළවේ හොඳට පයගහලා පුරුදු අය. මෙච්චර කාලයක් එ.ජා. පෙ. සිටි අප්පච්චිට එකපාරටම අනිත් පැත්තට පනින්න හිතුනේ ඇයි කියලා අපි දන්නවා (නි)
මගේ අප්පච්චී පක්ෂයෙන් එළෙවුවත් දාලා යන්නේ නැහැ කියන එක කෙටියෙන් කියන්නකෝ (නි)
"මටයි මල්ලිටයි අම්මටයි වඩා එයා ආසනයේ මිනිස්සුන්ට කාලය ගත කළා. " (නදී)
ඔයාගේ අප්පචිත් අර අනුර බණ්ඩාරනායක මහත්තය වගේ හැමදාම විපක්ෂයේ ඉන්න කෙනෙක්නේ දැන් කරන්න තිබෙන හොඳම වැඩේ කාලයක් නිහඬව ඉඳල දිනන්න පැත්තකට එන එක (දිල්)
ලංකාවේ ඡන්දය ඉල්ලන්න ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තිබීම හොඳ සුදුසුකමක් බව අපි පහුගිය කාලේ දැක්කා. ඔබ අඩුම තරමේ එංගලන්තයේ අවුරුදු 5 වත් සිටි නිසා ඔබටත් සුදුසුකම් හොඳයි. (නි)
අප්පච්චිලා එජාපයට කලින් වෙන කිසිම පක්ෂයකට වැඩකරලා නැද්ද? (නි)
අප්පච්චි බලන්න ගියා. 11 වෙනිදට ඇපල් බා ගන්න බලනවා. (අ)
ලංකාවේ දේශපාලනයට වඩාත්ම සුදුසු ලංකාවේම උගත් අය (නදී)
අප්පචිට අල බහිනකන් ඉන්න පුළුවන්, තැම්බෙනකන් ඉන්න බැරි වුනා. පක්ෂයට ගොඩක් වැඩ කල බව පිලිගන්නවා. එ්ත් ඉවසීම ඉගෙනගෙන නැහැ. එ්කට හොදම කෙනා තමයි වික්‍රමසිංහ මහත්තයා. (නදී)
පිස්සු නැත්නම් හොඳයි කිවුවලු! (නි)
මෙයාට සිංහල බැරිද ? (නි)
පිටරට ඉපදිලා එහි සම්පුර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන මගේ අයියාගේ දියණිය මීටවැඩිය හොඳට සිංහල කතා කරනවා. අනේ මන්දා අවුරුදු පහක් පිටරට සිට මෙහෙම සිංහල අමතකවෙන කට්ටිය ගැන මොනවා කියන්නද කියලා. (නි)