IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


භූතාවේශයෙන් පිහියක් කටට දමා මියගිය තරුණිය

නිරෝෂා කුමාරි සහ ප‍්‍රදීප් බණ්ඩාර දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ගම්මානයේ පදිංචි අඹු සැමි යුවළකි. මේ දෙදෙනාට අවුරුදු 4ක පමණ සහ අවුරුදු 7ක පමණ වයසේ පසු වන දියණියෝ දෙදෙනෙක් සිටිති. මීට සති තුන හතරක පමණ කාලයක සිට මේ අඹු සැමි යුවළගේ හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කරන්නට පටන්ගත් අතර වරෙක යටිගිරියෙන් කෑගසන්නට පටන්ගෙන ඇත. මේ කියන භූත දෝශය මුලින්ම වැළඳී ඇත්තේ නිරෝෂාට වන අතර ඇයගේ සැමියාගේ සිරුරට භූතයා වැසී ඇත්තේ ඊට පසුවය. භූතාත්මය සිරුරට ඇතුළු වූ පසු දෙදෙනාම පරල වී නොයෙකුත් දේ කියමින් නර බිළි ඉල්ලා යටිගිරියෙන් කෑගසා තිබේ. මියගිය අයකුගේ භූතාත්මයක් මේ දෙදෙනාට ඇතුළු වී මෙසේ ආවේශ වන බව සිතූ නිරෝෂාගේ හා ප‍්‍රදීප්ගේ ඥාතීන් කළේ වැල්ලවාය ප‍්‍රදේශයෙන් යක්ෂයන් භූතයන් පළවා හැරීමට බලයක් ඇතැයි කියන මෑණියන් කෙනකුන් ශාන්ති කර්මයක් කිරීමට කැඳවාගෙන ආවේ මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමිනි. වැල්ලවායේ සිට පසුගිය 27 වැනිදා නිරෝෂලාගේ ගෙදරට මෑණියෝ පැමිණියේ ඇයගෙත් (නිරෝෂාගේ) සැමියාගෙත් සිරුරුවලට ඇතුළු වී ඇති භූතාත්මය එහෙමත් නැති නම් යක්ෂයා පළවාහැරීම සඳහාය. ශාන්ති කර්මය මෑණියන් විසින් කරගෙන යනු ලබන අතර වාරයේ නිරෝෂා සහ ප‍්‍රදීප් යන අඹු සැමි යුවළ ආවේශ වී දඟලමින් නොතේරෙන භාෂාවකින් කථා කරමින් දඟලන්නට පටන්ගෙන තිබේ.  මෙම අඹු සැමි යුවළ ඉතා වේගයෙන් දඟලමින් ශාන්ති කර්මය කරමින් සිටි කාන්තාවට පහර දීමට පටන්ගත් නිසා ඇය (මෑණියෝ) දිවි ගලවා ගෙන ඇත්තේ අසල්වැසි නිවසකට පලා ගොස්ය. ආවේශ වී ඇතැයි කියන අඹු සැමි යුවළ නිවස ඉදිරිපිට ගිනි මැලයක් ගසන ලෙස නියෝග කර ඇතැයිද එම නියෝගයට අවනත වූ අසල්වැසියන් හා ඥාතීන් පිරිසක් ගිනිමැලයක් ගසා ඇත. ගිනිමැලය වටා වාඩි වී වැඳගෙන සිටි පිරිස අතර මියගිය දැරිය සහ පිළිස්සුම් තුවාල ලැබූ දැරියන් දෙදෙනාද සිට ඇත. ආවේශ වී සිටි අඹු සැමි යුවළ නොතේරෙන භාෂාවකින් කෑගසා කථා කරමින් මුලින්ම චන්දිමා මධුමාලි නමැති දැරිය අල්ලාගෙන ගිනිමැලය ළඟට ගෙනවිත් ගිනි පෙනෙල්ලක් ගෙන ඇයට දිගට හරහට පහරදී ඇත. ගිනිපෙනෙල්ලෙන් පහරදීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ මෙම දැරිය අඹු සැමි යුවළ රැගෙන ගොස් ඔවුන්ගේ නිවසේ කාමරයකට දමා දොර වසා යළි ගිනිමැලය අසලට ඇවිත් යාතිකා කිරීමට පටන්ගෙන තිබේ. දෙවනුව ප‍්‍රභාෂ්වරී හේරත් නමැති දැරියගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයගේ කට තුළට උල් පිහියක් ඇතුළ් කර ඒ මේ අත කරකවා ඇති අතර ඒ අවස්ථාවේ දැරිය මරහඬ දී කෑගසා ඇත. ප‍්‍රභාෂ්වරී දැරිය බිම දමා ඇයගේ බඩ පාගා පිහිය කට ඇතුළට ඇතුළු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. හංසිකා හිරුකුමාරි නමැති දැරියගේ කෙස් වැටියෙන් අල්ලාගෙන මුහුණු ප‍්‍රදේශය ගිනිමැලයට අල්ලාගෙන සිටීම නිසා ඇය බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇත. අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයශාන්ත ද සිල්වා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත. දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කරන විටත් ප‍්‍රභාෂ්වරී දැරිය මියගොස් ඇති අතර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටි හංසිකා දැරිය පසුව කොළඹ රිජ්වේ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ජීවිතයත් මරණයත් අතර පසුවන්නීය. මියගිය කාන්තාවකගේ භූත ආත්මයක් ඇතුළුවීමෙන් පසු සිදුවූවා යැයි කියන මේ ශෝචනීය සිද්ධිය ගැන දැන ගැනීමට ලැබීමෙන් පසු මේ සම්බන්ධව තවදුරටත් තොරතුරු සොයා බැලීමට අප පසුගිය 29 වැනිදා දෙහිඅත්තකණ්ඩිය බලා පිටත්ව ගියෙමු. මේ ගමනට ගලගෙදර මූලික රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය සහ මාරවිල රෝහලේ මනෝ වෛද්‍ය පි‍්‍රයන්ත ගාමිණී ජයසිංහ යන මහත්වරුන්ද එක් වූහ. මගේ ලොකු අම්මා දැනට අවුරුදු 8-10කට විතර ඉස්සරවෙලා මියගියා. මියගිය ලොකු අම්මගේ ඒ භූත ආත්මය තමා මට වැහිලා තියෙන්නේ. ලොකු අම්මාගේ භූත ආත්මය මට විතරක් නෙවේ මගේ මහත්තයාටත් වරින් වර වැහෙනවා. මාසයක විතර කාලයක පටන් අපි දෙන්නාටම ලොකු අම්මාගේ ආත්මය වැහෙනවා. එතකොට අපි දෙන්නාම ආවේශ වෙලා අමුතු භාෂාවකින් කතා කරන්නෙ. එය දෙවියන්ගේ භාෂාවක්. ලොකු අම්මාගේ ආත්මය ආරූඪ වුණායින් පස්සේ අපි දෙන්නාටම මේ ලෝකේ තියන දේ පේන්නේ නැහැ. වෙනත් ලෝකවල තියන දේ පේනවා. ඒවා ගැන කියන්න තරම් බලයක් එනවා.” යැයි නිරෝෂා කුමාරි නමැත්තිය මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කළාය. නිරෝෂා කුමාරි නමැත්තියගේ මව වන ඩබ්ලිව්.එම්. බිසෝමැණිකේ (55) මහත්මිය අප සමග සිද්ධිය ගැන තොරතුරු හෙළිකරමින් කීවේ මෙවැනි කතාවකි. මගේ නිරෝෂා දුවට එයාගේ ලොකු අම්මා වැහෙන බව දැන ගත්තා. එයාගේ මහත්තයාටත් දුවගේ ලොකු අම්මාගේ ආත්මය පසුව වැහෙන්න පටන් ගත්තා. මේ දේවල් වෙන්න පටන් ගත්තේ දැනට මාස දෙකක පමණ කාලයක ඉඳලා. දුවගේ ලොකු අම්මා මියගිහින් වසර 8-10ක් පමණ වෙනවා. දුවට නාග පත්තිනි මෑණියන්ගේ බලය තිබෙන බව මට පෙනී ගියා. අපි නාග පත්තිනි දෙවියන් වෙනුවෙන් ගෙදර දේවාලයක් හදන්න පවා හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන ඉන්නකොට තමා මේ වින්නැහිය වුණේ. දුවගෙයි බෑනාගෙයි ඇඟට ඇතුළු වෙලා ඉන්න මියගිය පරාණකාරයාගේ භූත ආත්මය ඇෙඟන් ඉවත් කරන්න වැල්ලවාය පැත්තෙන් මන්තර ගුරුකම් කරන කාන්තාවක් ගෙදරට එක්කගෙන ආවා. ඒ මන්තර ගුරුකම් කරන කාන්තාවට මෑණියෝ කියලා කියනවා. ඒ මෑණියන් එක්ක එයාට ආවතේව කරන ඇයගේ සැමියාත් ආවා. අපේ දුවගේ (නිරෝෂාගේ) ගෙදර ශාන්ති කර්මයක් කළා. දුවටයි බෑනාටයි වැහිලා ඉන්න මළගිය පරාණකාරයා එළවන්න. ශාන්ති කර්මය කරන අතරවාරයේ ඒ දෙන්නාව ආවේශ වුණා. ආවේශවෙලා මෑණියො පස්සෙයි. එයාට ආවතේව කරන්න ආපු සැමියා පස්සේ එළවන්න පටන් ගත්තා. ඒ දෙන්නා දුවලා ගිහින් පණ බේරා ගත්තා. ටික වෙලාවකින් දෙන්නාගේ ආවේශය නැතිවෙලා ගිහින් සාමාන්‍ය තත්ත්වයට හැරුණා. එදාම ? ආයෙත් දෙන්නාටම මියගිය පරාණකාරයාගේ ආත්මය ආවේශ වුණා. ඒ දෙන්නා ආරූඪයෙන්ම තමා ගේ ඉදිරිපිට ගිනිමැලයක් දල්වන්න කීවා. අපි එය දෙවියන්ගෙන් ලැබුණු නියෝගයක් කියලා හිතාගෙන ගිනිමැලයක් දැල්වූවා. අපේ ඥාති අසල්වාසීන් 10-12ක් විතර ඇවිත් හිටියා. පස්සේ කිව්වා සේරම කට්ටියට ගිනිමැලයට පිඹින්න කියලා. ගේ ආසන්නයේමයි ගිනිමැලය දැල්වූවේ. අපි ගිනිමැලයට පිම්බා. ගිනිමැලය නිවෙන්න දෙන්න එපා නිවුණොත් නාග පත්තිනි මෑණියන්ගේ ශාපය වදිනවා කියලා ආවේශ වෙමින් කිව්වා. නිරෝෂා දුවට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුගේ වයස අවුරුදු 10ක් වෙනවා. අනෙක් දියණියගේ වයස අවුරුදු 7ක් විතර වෙනවා. එයා ආවේශයෙන් කිව්වා ඒ දෙන්නාගේ දරුවෝ දෙන්නාගෙත් බෙල්ල කපලා නාග පත්තිනි මෑණියන්ව සතුටු කරන්න  ඕනෑ කියලා. ඒ බයට මම මිනිපිරියන් දෙන්නව තුරුළු කරගෙන හිටියේ. අපි ගිනිමැලයට වැඳගෙන සාදුකාර දෙමින් හිටියා. එක් දරුවෙක් ගිනිමැලය ළඟටම ගෙනල්ලා එයාට හයියෙන් ඒ ගිනිමැලයට පිඹින්න කිව්වා. ඒ දරුවා එහෙමත් කරද්දි එයාගේ කොණ්ඩ වළල්ලෙන් අල්ලා ගිනිමැලයට අල්ලාගෙන හිටියා. පස්සේ එයාව ගේ ඇතුළට ගෙනගිහින් තබා අනෙක් දරුවවත් ගිලිමැලය ළඟට එක්කගෙන ආවා. පස්සේ එයාගේ සිරුර ගිනිමැලයට අල්ලාගෙන හිටියා. පිළිස්සුම් තුවාල ලබා සිටි ඒ දරුවා ගේ ඇතුළෙ කාමරයක තබා මේ දෙන්නා ගිනිමැලය ළඟට ආවා. තවත් දරුවෙක් අල්ලාගෙන ඇය බිම දමා බඩ පාගාගෙන කටට උල් පිහියක් ඇතුළු කරනවා දැක්කා. ඒ උල් පිහිය ඒ මේ අත කැරකෙව්වා. ඒ දරුවාගේ හිස තදින් බිම වදිනවා වගේ ඇසුනා යැයි බිසෝමැණිකේ මහත්මිය හඬා වැළපෙමින් කීවාය. මෙතන ඉන්න සේරම දෙනාට යක්ෂයාගේ බැල්ම තියනවා. ඒ නිසා වැඳගෙන සාදු කියපල්ලා, මේ පූජාවෙන් පස්සේ ඒ සේරම දෙනාගේ සිරුරුවලට ඇතුළු වෙලා ඉන්න යක්ෂ ආත්ම පහව යනවා කියලා දුවයි බෑනයි ආවේශයෙන් කිව්වා. එක් දරුවෙක් ගිනිමැලයට අල්ලාගෙන සිටින අන්දමින් අනෙක් දරුවාගේ සිරුර ගිනි පෙනෙල්ලකින් පුළුස්සන අන්දම විතරක් නෙවේ තවත් දරුවකුගේ කට ඇතුළට උල් පිහියක් ඇතුළු කරන හැටිත් අපි දැක්කා. ඒත් අපි කරකියා ගන්න දෙයක් නැතිව ගල්ගැහිලා වගේ ඒ වෙලාවේ හිටියේ. පොලිසිය පැමිණෙන තෙක්ම අප හිටියේ පියවි සිහියකින් නෙවේ යැයිද බිසෝමැණිකේ මහත්මිය කීවාය. හූනියමක් ගෙවත්තේ වළදාලා තියනවා කියලා මෑණියෝ කිව්වා. ඒක ගොඩ ගන්න තමා ගෙයි පිටිපස්සේ වළක් හෑරුවේ. හූනියම වළදාපු තැන පෙන්නුවේ මෑණියෝ යැයිද ඇය පවසන්නීය. මේ සිද්ධිය අසල්වැසියකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම්දීමෙන් පසු ඒ බව දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබේ. අප එහි යන විටත් තවත් කිහිප දෙනෙක් ගිනිමැලය ළඟට ගෙනවිත් පිළිස්සීමට මේ දෙදෙනා සූදානම් වෙලා ඉඳලා තියෙනවා. අපි කඩිනමින් එතැනට නොගිය නම් තවත් පස් හය දෙනෙකුගේ ජීවිත විනාශ වෙන්න ඉඩ තිබුණා යැයි කීවේ මේ සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට ගිය අවස්ථාවේ හමුවූ පොලිස් නිලධාරියෙකි. නිධානයක් ගොඩගැනීමට හවුල් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවායේ සිට පැමිණි මන්ත‍්‍ර ගුරුකම් කළ කාන්තාව ඇයගේ සැමියා හා අසල්වැසියන් පස්දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගිනිගොඩකට අල්ලා දැරියක් පුළුස්සා මරා දැමීම හා තවත් දැරියන් දෙදෙනෙකුට පිළිස්සුම් තුවාල කිරීම සම්බන්ධයෙන් අඹු සැමි යුවළ හා ඊට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනක්ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අම්පාර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි පවිත‍්‍රා දයාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයශාන්ත ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි නියෝජ්‍ය පොලිස්පති පොලිස් පරීක්ෂක නිමල් බණ්ඩාර, පොලිස් පරීක්ෂක ගාමිණී ගමනායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උක්කු බණ්ඩා යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. සැරයන්වරුන් වන විමලසිරි (2236), සුසන්ත (43185), කරුණාරත්න (56195), කොස්තාපල්වරුන් වන උපසේන (33965), සුජීව (66266) සහ නිමල් (63911) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති.

විස්තරය ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය (දෙහිඅත්තකණ්ඩියේ සිට ඡායාරූප - මාදම්පේ එස්. හේරත් )

තරුණියගේ දේහය සිද්ධිය වූ ස්ථානය බිසෝ මැණිකේ මනෝ වෛද්‍ය ගාමිණි දොස්තර ජනක ජයසූරිය



අදහස් (0)

භූතාවේශයෙන් පිහියක් කටට දමා මියගිය තරුණිය

රණසිංහ, Thursday, 06 December 2012 08:32 AM

බුදු අම්මෝ මොකද්ද ඒ පිස්සුව (දී)

:       0       0

සමන් Thursday, 06 December 2012 08:28 AM

නොමැරී තියෙයිද ඇත්තට (දී)

:       0       0

සමන් Wednesday, 05 December 2012 03:22 AM

වෙන මොකද්ද මෝඩ කම නොවෙන්න (දී)

:       0       0

රණසිංහ, Wednesday, 05 December 2012 04:04 AM

මොකද්ද මෝඩ කමද වෙන මොකක් හරි එකක්ද (දී)

:       0       0

රොහාන් Sunday, 09 December 2012 09:32 AM

ඇත්තටම ඇත්තද (දී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 14 December 2012 05:58 PM

මෙම කාරණාව ගැන බුද්ධිමත් සංඝයා වහන්සේ නමක් ගෙන් විමසුවොත් නේද හොඳ? එසේත් නැත්නම් බුද්ධිමත් සංඝයා වහන්සේ නමක් හවුල්කරගන්න. ඔබලාට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වේවි. (නි)

:       0       0

හර්ෂණ Monday, 03 December 2012 01:57 PM

ඔය වැඩ වලට නම් නිසි දඬුවම් දිය යුතුයි (දී)

:       0       0

රණසිංහ, Thursday, 06 December 2012 04:40 AM

මොන විකාර භූත ආත්මද (දී)

:       0       0

සමන් Thursday, 06 December 2012 04:52 AM

මෙසේ ආරුඪ වෙන්නේ ඇත්තටමද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 681 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 459 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1588 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site