IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


භූත දඩයම

මම පසුගිය අගෝස්තු 21 අඟහරුවාදා සවස් යාමයේ පොත්දොරට වැඩුමේ උළෙලකට සහභාගී වීමි. එය පැවැතියේ කොළඹ 07, මහජන  පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී ය. එදින එහිදී කලඑළි දැක්වුණේ තිලක් සේනාසිංහයන් මීට වසර එකොළහකට පෙර ලියූ ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියේ තුන්වැනි යාවත්කාලීන සංස්කරණයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලූ විවිධ ක්ෂේත‍්‍රයන්ට අයත් විද්වතුන් කිහිප දෙනකු ද මෙම උත්සවය සඳහා විශේෂ ඇරැයුම් ලබා තිබිණ. ‘අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද?’ යන මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් ද මෙහිදී පවත්වන ලදී. දේශකයා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ය. මෙම දෙසුම අවසානයේ එම මාතෘකාව ඔස්සේ විවෘත සංවාදයක් ඇරඹිණි. සැබැවින්ම එය අතිශය උද්යෝගීමත් අවස්ථාවක් විය. එමෙන්ම එහිදී විශේෂ යමක් ද සිදුවිණි. එනම් රන්වන් දිලිසෙන ජාතික ඇඳුමක් බඳු ඇඳුමක් හැඳ විශේෂයෙන් කැපී පෙනෙන අයුරින් රන් අබරණ පැළැඳි පුද්ගලයකු සභාව අතරින් මතු වී පෙරට එ්මය. යක්‍ෂයන් භූතයන්ගෙන් වැඩ ගන්නා බලසම්පන්න ඇදුරකු ලෙස තමන් හඳුන්වා ගත් හෙතෙම සෘජුවම මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත යොමු විය. ‘‘ඔබතුමා අභියෝග කරලා තියනවා මේ ලෝකේ ගුප්ත බලයක් නෑ කියලා’’ ඔහු කීයේ තමන් අතෙහි වූ ෆොටෝ ඇල්බමයක් මහාචාර්යවරයා හමුවේ දිග හරිමිනි. ‘‘මමත් ඔබතුමාට අභියෝග කරනවා මේ ඇල්බම් එකේ තියෙන්නේ සැබෑ භූතයන්ගේ පින්තූර නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. ඔබතුමා එහෙම ඔප්පු කළොත් මම මගේ කාර් එක ඔබතුමාට පරිත්‍යාග කරනවා’’ මෛක‍්‍රෆෝනයට මුව ළං කළ හෙතෙම ශබ්ද විකාශන යන්ත‍්‍ර මඟින් මුලූ සභාවටම ඇසෙන සේ හඬ නඟා කීය. ඔහු ජාතික ධජය නංවාගත් කළු වීදුරු සහිත රථයකින් ආරක්‍ෂකයන් ද සමග පැමිණි පුද්ගලයකු බව පසුව මට දැන ගත හැකි විය. ‘‘ඔබතුමා ඔය කරන්නේ අන්තිම බාල ප‍්‍රචාරක වැඩක්. ඔබතුමාට භූතයන්ගෙන් වැඩ ගන්න පුළුවන් නම් අපි කාටත් පේන්න මෙතන මොකක් හරි භූත බලයක් කි‍්‍රයාවට නංවන්න. එහෙම නැතුව ෆොටෝ ඇල්බම් දිග ඇරගෙන කෑගහලා වැඩක් නෑ.  ඕවාට රැවටෙන මිනිස්සු මෙතන නෑ’’ එම පින්තූර පෙන්වීම සම්බන්ධයෙන් සබයේ සිටි අයෙක් කෑගසා කීය. එහෙත් ඒ කිසිවකට පැහැදිලි ප‍්‍රතිචාරයක් නොදැක්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ‘අනේ අනිච්චං’ කියන්නාක් මෙන් අත්ල නිකටේ හොවාගත් වනම එම ඇදුරා දෙස බලාගත්වනම බලා හිඳිනු මම දුටුවෙමි. ඉංග‍්‍රීසියෙන් Ghost නමින් හැඳින්වෙන හොල්මන් අවතාර ආදී වශයෙන් සලකන භෞතිකත්වය ඉක්මවන හෙවත් පාරභෞතික පදාර්ථයන් මෙලොව සැරිසරන බව විශ්වාස කරන්නවුන් බොහෝය. ඔවුන් අතර සම්මත උගත්කමක් නොමැති පිටිසරබද ගැමියන් වැඩිපුර සිටිතැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ. උගත්, පොහොසත්, ධනවත් ආදී සමාජයීය වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති බොහෝ නාගරිකයන් තුළ ද එම විශ්වාස එපරිද්දෙන්ම හෝ ඊටත් වැඩි ප‍්‍රමාණයක් තිබේ. ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස විමසුමට ලක් කළහොත් එ්වා ආකෘතීන් කිහිපයකට බෙදා වෙන් කළ හැක. විශ්වයේ සැරිසරතැයි සැලකෙන නපුරු දුෂ්ඨ බලවේග ද මෙලෙස හොල්මන් අවතාර ලෙසින් මිනිස් සමාජයට විණ කරන බව සැලකේ. අප සංස්කෘතියෙහි එන මහසෝනා, රීරියකා ඇතුළු යක් පිරිවර, කිතුනු ඉගැන්වීම්වල සඳහන් සාතන්, ඉස්ලාමීය ඉගැන්වීම්වල සඳහන් ෂයිතාන් ඇතුළු ජීන් a (Jinn) වරුන් එබඳු මෙලොවට විණ කරන පාපී බලයන් ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම මොවුන් මෙලොව පවත්නා අයහපත නපුර සංකේතනය කරන ආගමික සංකල්ප යැයි සිතන්නෝ ද වෙති. මේ අතර ලොව පුරා පවතින හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස සම්බන්ධ එක්තරා අතිශය සවිමත් සහ පුළුල් ආකෘතියක් ද තිබේ. ඒ ආකෘතියට අනුව හොල්මන් අවතාර යනු මළවුන්ගේ පිබිදීම් සහ ඉන්පසු ඔවුන් සිදුකරන කි‍්‍රයාකාරකම් ය. නමුදු මෙම හොල්මන් අවතාර පිළිබඳ කරුණු වඩාත් සංවිභාගශීලී ලෙස විමසා බැලීමේ දී පැහැදිලිව පෙනී යන එක් සුවිශේෂ කරුණක් තිබේ. එනම් මෙම හොල්මන් අවතාර හුදු මෙලොව සැරිසරන මළවුන්ගේ ආත්මයන්ට පමණක් සීමා නොවන බවය. නිදසුනක් ලෙස, මීට දශක තුන හතරක් දක්වා පැවැති ජන විශ්වාසයකට අනුව දහඅට වැනි සියවසේ මුල් භාගයේ ලාදුරු රෝගය වැළඳීමෙන් හැඳල ලාදුරු රෝහලේ දී මළ  ඕලන්ද රජකුමරුවකුගේ අවතාරයක් වරින් වර ප‍්‍රදේශවාසීන්ගේ නෙත ගැටී ඇත. ඒ කුමරුවාගේ අද්භූත රූපය දර්ශනය වනුයේ අශ්වයකුගේ පිට නැඟී එන ආකාරයෙනි. ඒ අනුව එම අවතාරය එලෙස මියගිය  ඕලන්ද කුමරුවාගේ ආත්මය නම් ඊට අශ්වයකු ද එක්වූයේ කෙසේ ද? ඒ කුමරුවාගේ ආත්මය සමග ඔහු පරිහරණය කළ අශ්වයකු ද අවතාරයක් වීද? එමෙන්ම ඔහු රජ කුමරුවකු බව හඳුනා ගත හැකි පරිදි රාජකීය ඇඳුම් කට්ටලයක් එ් ආත්මයට ලැබුණේ කෙසේද? එසේ නම් මිනිසුන්ගේ සතුන්ගේ සේම ද්‍රව්‍යාත්මක දේවල්වලත් ආත්ම තිබිය යුතුය. එංගලන්තයේ රජ කළ අටවැනි හෙන්රි රජුගේ නව යොවුන් බිසව කැත්රින් හොවාර්ඞ් 1542 වසරේ පෙබරවාරි 13 දා කුරිරු ඝාතනයකට ලක්ව මිය ගියා ය. ඉන්පසුව ගත වූ වසර හාරසිය හැත්තෑව තූළම වරින් වර ඇගේ අවතාරය බි‍්‍රතාන්‍යයේ හැම්ටන් කෝට්හි දක්නට ලැබෙතැයි කියනු ලැබේ. ඒ ද වික්ටෝරියානු සංස්කෘතියට අයත් රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසී හිඳින අයුරිනි. අපට මරණින් මතු කිනම් හෝ පැවැත්මක් තිබුණ ද ඒ ‘පරලොව ගමන’ සඳහා අප ජීවත්වන සමාජමය ආර්ථිකමය හා සංස්කෘතිකමය සාධක කිසිවක් එක් කර ගත නොහැක. එසේ නම් කැත්රින් හොවාඞ් බිසවගේ අවතාරය මරණින් පසු ද තමන් ජීවත් වූ සමයේ වැළඳගෙන සිටි සංස්කෘතික ලක්ෂණ තවමත් පළ කරන්නේ කෙසේද ? ඒ හැරුණුකොට දහසය වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ එ්බ‍්‍රහම් ලින්කන්ගේ අවතාරය තවමත් ඉඳහිට ඇමෙරිකානු ධවල මන්දිරයේ දී දර්ශනය වන බවට ලොව පුරා කටකතා පැතිර තිබේ. එක්දහස් අටසිය හැටපහේ අපේ‍්‍රල් පහළොස්වැනිදා සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව ඝාතනය වන විට ජනාධිපතිවරයාගේ වයස අවුරුදු පනස් හයකි. එවක සිට අද දක්වා වරින් වර දර්ශනය වන්නේ නම් අද වන විට ඒබ‍්‍රහම් ලින්කන් අවතාරයට වයස අවුරුදු එකසිය හතළිස් හතක් පමණ වේ. එම අවතාරය පෙනී සිටිනුයේ ද ඔහුගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් යුතුවම වීම ද විශේෂයෙන් විමසිය යුත්තකි. ලෝකප‍්‍රකට එංගලන්තයේ ඩයනා, වේල්සයේ කුමරිය පැරීසියේ උමං මාර්ගයක සිදු වූ රිය අනතුරකින් මියගියේ එක්දහස් නවසිය අනූ හතේ සැප්තැම්බර් හත් වැනිදා ය. ඉන්පසු ඇගේ අවතාරය ද වරින් වර දර්ශනය වන බවට ලොව පුරා කට කතා පැතිර තිබිණි. මේ අනුව ඝාතන වලට ලක්වන්නවුන්සේම හදිසි අනතුරුවලට ලක්වන්නවුන් ද හොල්මන් අවතාර වශයෙන් පෙනී සිටීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවට ලොව පුරා පොදු පිළිගැනීමක් තිබේ. හොල්මන්, අවතාර ආදිය වැඩිපුර ගැවසෙන ඉසව් වශයෙන් ප‍්‍රසිද්ධියට පත් ස්ථාන ලොව පුරා තිබේ. එ්වා හැඳින්වෙනුයේ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන  (Haunted Places) වශයෙනි. භාවිතයෙන් ඉවත් කෙරුණු දිගු කොරිඩෝ සහ විශාල ශාලා පරිශ‍්‍ර සහිත ඇතැම් ගොඩනැගිලි අමනුෂ්‍යයන්ගේ වාස භවනයන් වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සලකා මිනිසුන් අතහැර දැමූ නිවහන් පිළිබඳව ලොව නන් දෙසින් සේම අප රටින් ද වාර්තා වී ඇත. මළවුන්ගෙන් මෙලොවට කිනම් හෝ බලපෑමක් සිදුවිය හැකි බවට දුරාතීතයේ සිට පැවැත එන මානව විශ්වාසය පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන යන සාධක ති‍්‍රත්වය මත පදනම් වූ නවීන විද්‍යාවෙන් මුලූමනින්ම ප‍්‍රතික්ෂේප වී ඇත. නමුදු එනිසාම මළවුන්ගෙන් මෙලොවට සිදුවන බලපෑම් පිළිබඳ පොදු මානව චින්තාවලියේ එන විශ්වාසයනට නවීන විද්‍යාත්මක චින්තනයෙන් සැලකියයුතු බලපෑමක් සිදු වී ඇති බවක් නොපෙනේ. එංගලන්තය ඇතුළු යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් අමනුෂ්‍ය විශ්වාසයන් පිළිබඳව කෙරුණු සියලූ ජනමත සමීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇති පොදු නිගමනය නම් වැඩිහිටි පරපුර තුළ පැවැති හොල්මන් අවතාර ආදිය පිළිබඳ විශ්වාස සංනිවේදන තාක්ෂණය ප‍්‍රධාන පුරුෂාර්ථයක් කොටගත් නූතන පරපුර තුළ එපමණකින්ම හෝ ඊටත් වැඩි ප‍්‍රමාණයකින් රඳා පවත්නා බව ය. එනිසාම මෙම විෂය පථය තේමාකොට ගත් සිනමාකෘති, ටෙලි නාට්‍ය සේම සාහිත්‍ය කෘතීන් පවා ශීඝ‍්‍ර ජනපි‍්‍රයත්වයකට පත්වනු දැකිය හැක. මිනිසුන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීම් සහ එබඳු සංවේදීතාවන් මුල්කොට මළවුන්ගෙන් මෙලොවට කිසිදු බලපෑමක් එල්ල නොවේය යන තාර්කික නිගමනයන් හි එල්බ ගැනීමට බොහෝ දෙනෙක් අකමැති වෙති. මිනිසුන් තුළ සහජයෙන් පවත්නා ආත්ම සංජානකත්වය  (Self Consciousness)මත එම විශ්වාස කෙරෙහි මිනිසා ස්වභාවිකව යොමුවෙයි. දහඅට වැනි සියවසේ අගභාගයේ ලොව ඇති වූ කාර්මික විප්ලවයත් සමග ලොවපුරා පැතිර ගිය භෞතික විද්‍යාත්මක දියුණුවට නතු නොවන විශ්වීය බලවේග රැසක් ලොව පුරා සැරිසරන බවත් අනාගතයේ බිහිවන විද්‍යාවේ නව මානයන් ඔස්සේ එ්වා අනාවරණය කර ගත හැකි බවත් විශ්වාස කරන්නෝ ද අප අතර වෙති. එමෙන්ම ඒතාක් නූතන විද්‍යාවේ මානයන් ඔස්සේ හොල්මන් අවතාර ග‍්‍රහණය කර ගැනීමට වෙර දරන්නවුන් පිළිබඳව ද ලොව නන් දෙසින් අසන්නට ලැබේ. ජපානයේ අධිවේගී මාර්ගවල රිය අනතුරු බහුල ස්ථාන ආශ‍්‍රිතව සවිකොට ඇති සීසීටීවී කැමරා වල පැහැදිලිව හඳුනාගත නොහැකි රූප, සටහන් වූ අවස්ථාවන් එ්වා පිළිබඳ අධීක්‍ෂණය කරන්නවුන්ගේ අවධානයට ලක්ව තිබේ. හඳුනාගත නොහැකි සියලූම පියාසර වස්තූන් පිටසක්වල යානා ලෙසින් සේම හඳුනා ගත නොහැකි මෙබඳු රූප සටහන් හොල්මන් අවතාර ලෙසින්  හැඳින්වීම ලොව පුරා බොහෝ විට සිදුවන්නකි. නමුදු මේ සම්බන්ධයෙන් තාර්කිකව කරුණු විමසා සිටින බොහෝ දෙනකු නඟන පැනයක් තිබේ. එ් හඳුනාගත නොහැකි වූ පමණින් මේවා මෙලොවින් බැහැර දේවල් වශයෙන් හඳුන්වනුයේ කුමන පදනමකින් ද යන්න ය. එහෙත් බුද්ධිමය වශයෙන් විසඳා ගත නොහැකි දෙයකට අද්භූතවාදී අර්ථකථනයක් දීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. අතීත රෝම ජනයා අකුණු ගැසීම් හඳුනා ගත්තේ ජුපිටර් දෙවියන් එවන ගිනි බෝල ලෙසිනි. ඒ කෙසේ හෝ අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන තැන් මුල්කොට නවීන විද්‍යාත්මක නිරීක්‍ෂණයන් සිදු කිරීම ද මිනිසා තුළ පවත්නා මේ සහජත්වය මත පදනම් වූවකි. විද්‍යුත් චුම්බක ක්ෂේත‍්‍ර මාපක උෂ්ණත්ව මාපක, සූක්‍ෂම පටිගත කිරීමේ යන්ත‍්‍ර අධෝරක්ථ කැමරා ආදී විද්‍යාත්මක උපකරණ යොදා ගනිමින් අමනුෂ්‍ය පරිගෘහිත ස්ථානයන් හි භෞතික නියාමයන් ඉක්මවන සංසිද්ධීන් සහ විචල්‍යතාවයන් සිදුවේ දැයි සියුම් නිරීක්‍ෂණ සිදුකිරීම සඳහා වන නොයෙකුත් වැඩසටහන් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක වේ. නමුත් මේ වන විටත් ඉන් සැලකිය යුතු ප‍්‍රතිඵල අත් වී ඇති බවක් වාර්තා වී නැත. එසේ යමක් වාර්තා වූ පමණින් ලොව ආන්දෝලනයක් ඇති කිරීමට යුහුසුළු වන ජනමාධ්‍යයන් ද තවමත් මුනිවත රකිනුයේ එම ප‍්‍රතිඵල රහිත තත්ත්වයන් යටතේය. මගේ වැටහීම අනුව කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේ දී සාමාන්‍ය කැමරාවකට හසු වූ භූත ඡුායාරූප ලෙස යමක් දක්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අභියෝග කළ ඇදුරා දෙස මහාචාර්යවරයා ‘අනේ අනිච්චං’ සෙයියාවෙන් බලා හිඳින්නට ඇත්තේ ද ඉහත සඳහන් පසුබිම දන්නා නිසාම විය යුතු ය. ශී‍්‍ර ලාංකික අපට අරුමයක් අහම්බයක් වුවද භූත දඩයම යුරෝපාකරයේත් ඇමෙරිකාවේත් සමහරුන්ගේ විනෝදාංශයකි. අමනුෂ්‍ය පරිගෘහිත ස්ථාන වශයෙන් සැලකෙන ඉසව් වෙත ගොස් එම අද්භූත අත්දැකීම්වලින් කිසියම් රසයක් විනෝදයක් ලැබීම එහිදී සිදු කෙරේ. මේ සඳහා ලොව ඇතැම් රටවල භූත දඩයම් සවාරි ද සංවිධානය කෙරේ. ස්කොට්ලන්තයේ සවුත්බි‍්‍රජ්වෝල්ට් හි පෞරාණික ගොඩනැගිලි අතීතයේ භූත ගුහා වශයෙන් සැලකුණු අතර කලක් ජනශූන්‍යව පැවැති එ්වා අද වන විට භූත දඩයම්කරුවන්ගේ මාහැඟි දඩමංපෙත් බවට පත්ව තිබේ. හොල්මන් සහ අවතාර ගැවසෙන බවට අතීතයේ පටන් විශ්වාස කෙරුණු එම ගුහා ආශි‍්‍රතව භූත දඩයම් සවාරි සංවිධානය කිරීම අද වන විට මහා පරිමාණයේ ව්‍යාපාරයක්ව පවතී. මෙය අප රටේ වෙසක් පොසොන් ආදී උත්සව සඳහා ගම්බද ප‍්‍රදේශවල ඉදිකෙරෙන ‘භූත ගුහා’ හොල්මන් ගුහාවලට වඩා අතිශයින් සජීවී ලෙස බිහිසුණු එහෙත් විනෝදාත්මක අත්දැකීම් ලබාගත හැකි ස්ථානයන් ය. මළවුන්ගේ යළි පිබිදීම් සම්බන්ධ සිදුවීම් වලින් ලොව බොහෝ සාහිත්‍යයන්සේම අපගේ සිංහල සාහිත්‍යය ද අතිශය පොහොසත් ය. මූලික බුදු දහම වටා ගොඩනැගුණු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථවලට අමතරව මෙබඳු අද්භූත අත්දැකීම් තහවුරු කෙරෙමින්  සිංහලයෙන් ලියැවුණු සහ සිංහලයට පරිවර්තනය වූ නූතන කෘතීන් ද බොහොමයක් තිබේ. නමුදු මෙවන් හොල්මන් අවතාර වැනි විශ්වාසයන්වලට මූලික බුදු සමයෙන් සැලකිය යුතු අගැයුමක් හිමිකොට නොමැතිවීම ද වෙසෙසින් සැලකිල්ලට ගත යුතු ය. එමෙන්ම මෙම විශ්වාස පිළිබඳව හේතුවාදී දෘෂ්ඨියක් පළ කරමින් සිංහලයෙන් පළ වී ඇති පොත පත අතිශය විරල ය. ශී‍්‍ර ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ භූත දඩයම් සම්ප‍්‍රදායේ පුරෝගාමීයා ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් ය. භූත දඩයම් විෂය කර ගනිමින් ඔහු විසින් ඉංග‍්‍රීසියෙන් ලියන ලද පොත් පත් කිහිපයක් පසු කලෙක සිංහලයට නංවන ලදී. ඒ පසුව ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සභාපති ධුරය හෙබවූ එච්.එස්. ධර්මපාල සේනාරත්නයන් විසිනි. ඒබ‍්‍රහම් ටී කොවුර් විසින් ප‍්‍රකාශිත ඉංගී‍්‍රසි පොත පතෙහි අනුවාදයන් හැරුණු කොට සිංහලයෙන් ලියා පළ කෙරුණු ප‍්‍රථම හේතුවාදී කෘතිය තිලක් සේනාසිංහයන් විසින් 2001 වසරේ මුල්වරට එළි දක්වන ලද ‘ජනකාන්ත මිථ්‍යා මත’ කෘතියයි. ඉන්පසුව එම ගවේෂණ මංපෙත් ඔස්සේ තවදුරටත් ගමන් කළ ඔහු 2002 කෙම්මුර තැන්න හා 2009 වසරේ දී මනරංජන මිථ්‍යා කතා යන කෘතීන් ද්විත්වය ලියා තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ විසින් 2002 වසරේ ලියා එළිදැක්වූ ‘දොස්තර විස්තර’ හුදු හේතුවාදී ගවේෂණ කෘතියක් නොවේ. එහෙත් එහි පරිච්ඡේද කිහිපයක් හේතුවාදී ගවේෂණ සඳහා වෙන්කොට තිබීම විශේෂත්වයකි. එ් හැරුණුකොට ධර්මපාල සේනාරත්නයන් විසින් 2009 ලියා පළ කරන ලද ‘එලොවින් ආ ජීවකයා සහ වෙනත් ලිපි’ යන කෘතිය හැරුණු කොට භූත දඩයම් හෙවත් හේතුවාදී ගවේෂණ කෘති වශයෙන් නම් කළ හැකි එකම පොතක් වත් සිංහලයෙන් පළ වී ඇත. එ් කෙසේ හෝ ඉහත සඳහන් කෘතීන් කිහිපය මගින් ඉදිරිපත් කෙරුනු මතවාද හැරුණුකොට භූත දඩයම මුල්කොට ගත් ප‍්‍රබල සමාජ කතිකාවක් අද වන තුරුත් අප සමාජයේ ඇරඹී නැත. එසේ ඇතිවූයේ නම් ශ‍්‍රී ලාංකීය හේතුවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර්ගේ ජ්‍යෙෂ්ඨ අනුගාමිකයකු සහ වත්මන් ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙතට ඉහත සඳහන් අන්දමේ ඊනියා භූත රූප ඇල්බමයක් යොමු වන්නේ නැත, එමෙන්ම එ්වා භූත ඡායාරූප නොවන බව ඔප්පු කළහොත් මම මගේ කාර් එක ඔබතුමන්ට තෑගි කරනවා යැයි කීමට තරම් යකැදුරකුගේ බොළඳ අවිචාරවත් බව මුවහත් වන්නේ ද නැත.

ජනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

කැමරා උපක‍්‍රම තිලක් සේනාසිංහ



අදහස් (0)

භූත දඩයම

පුබුදු Thursday, 20 September 2012 09:49 PM

මේ වගේ ඡායාරූප මමත් දැකලා තියෙනවා, ගොඩක්. ඒවා බොරු ඒවා තමයි. (නි)

:       0       0

හෂාන් Thursday, 20 September 2012 09:28 AM

ඇත්තටම ගොඩක් හොදයි..!(නු)

:       0       0

නදුන් Thursday, 18 October 2012 06:23 PM

ලංකාවේ විතරයි මේ මහසෝන්නු, රීරි යක්කු හැම එකාම ඉන්නේ (නි)

:       0       0

ශාමි Monday, 24 September 2012 10:45 PM

බුදු දහමේත් තියෙනවනේ අමනුස්ස ලෝක ගැන (නි)

:       0       0

ලලිත් Saturday, 22 September 2012 08:30 AM

අනේ මන්දා

:       0       2

රුවන් Tuesday, 08 December 2015 05:44 PM

කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි. මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. (ස)

:       0       0

තරංග කුමාරසිරි Saturday, 22 September 2012 09:43 AM

භූතයෝම දැකලා හැමෝම භූතයෝ වගේ පේන්නේ..!(නු)

:       0       0

රෝහිත Tuesday, 18 September 2012 11:39 PM

පළමුවැනි ඡායාරූපයේ නම් ඉන්නේ ලස්සන භූතියක්. (නි)

:       0       0

නෙරංජන් Friday, 21 September 2012 08:33 AM

අනේ මන්දා, මේ ඡායාරූප හදපු ඒවා වගෙයි. (නි)

:       0       0

රංජිත් Tuesday, 18 September 2012 11:26 AM

දිනක් මාගේ සාමාන්‍ය සේයාපටල යොදන කැමරාවකින් බිරිදගේ ඡායාරූපයක් නිවස තුළ ගත් අතර අතර එහිදි බැටරි බැස තිබූ නිසා ප්ලෑෂ් එක වැඩ කළේ නැත. එබැවින් වෙනත් බැ‍ටරි දෙකක් යොදා මාගේ පුතා හා බිරිද සමග නිවසේ ඉදිරිපිට තවත් ඡායාරූපයක් ගන්නා ලදී. සේයාපටලය මුදණයට බාර දී ලැබූ පිටපත් වල පුතා හා බිරිදට අමතරව පසෙකින් බිරිදගේ ඡායාවක් වැනි දෙයක් එහි විය. ඊට හේතුව දන්නා මා එය නොපෙන්වා විනාශකර දැමීය. ඕනැම අයෙකුට මේ ආකාරයේ හොල්මන් සහිත ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැක. තවද මෙහි 4වැනි කළු සුදු ඡායාරූපය එවැනි එකක් විය හැක. එහි මිනිස් රුවෙහි පරිමාණය වැරදිය. අන්තර්ජාලයේ ඇති ඡායාරූප හා වි‍ඩියෝ ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇති බව පෙනේ. (නි)

:       0       1

ඉමේෂ් Wednesday, 19 September 2012 11:21 AM

හොඳයි..........

:       0       0

සරත් Tuesday, 13 November 2012 12:07 AM

මම භුතයන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මෙම ලිපියේ සඳහන් පරිදි විද්‍යුත් උපකරණ මගින් භූත ඡායාරූප පටිගත කළහැකි වුවත් එවැනි සාර්ථක පරීක්‍ෂණ ගැන නම් තොරතුරු නැතිතරම්. කෙසේ වෙතත් ලිපියේ අවසාන ජේදයේ ව්‍යංගයෙන් කර ඇති ඉල්ලීම නම් හොදයි. ලිපිය සැකසීමේදී රැස් කරගෙන ඇති තොරතුරු ඉතා අගය කරමි. (නි)

:       0       0

පද්මා Sunday, 23 September 2012 12:24 PM

මම නම් භූතයන් ගැන විශ්වාස කරනවා. (නි)

:       0       0

පද්මා Sunday, 23 September 2012 12:31 PM

මම නම් භූතයින් ගැන විශ්වාස කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 139 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 71 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 259 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 532 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 2010 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 357 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2335 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2001 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site