IMG-LOGO

බලන් සිරිය යාල්දේවි යාල්පානමේ

 2  

යාල්දේවී දුම්රියේ නැග ජනාධිපති තුමන් යාපනය දුම්රිය ස්ථානයෙන් බැසීමෙන් පසුව රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු

 

1905 වසරේදී උතුර දකුණ යා කෙරෙමින් මෙරට දීර්ඝතම හා විවිධත්වයෙන් අනුණ වූ චාරිකා විදහා දක්වමින් ඇරඹී කොළඹ යාපනේ දුම්රිය සේවාවට නව ජීවයක් එක්වන්නේ 1956 වසරේ අපේ‍්‍රල් 23 වනද උපත් ලත් ‘ද ක්වීන් ඔෆ් ජෆ්නා’ විරුධාවලිය ලත් යාල් දේවි දුම්රිය සේවාව ඇරඹීමෙනි.


සංස්කෘතික අනන්‍යතා දෙකක් හා කාලගුණික අනන්‍යතා දෙකක් සහ භාෂා අනන්‍යතා දෙකක් එකට කැටි වූ යාල් දේවිය කොළඹ සිට ආඩම්බර ලීලාවෙන් ගමන් ගත්තේ දීර්ඝ ඉතිහාසයක්ට නෑකම් කියමිනි.


1956 උපත ලත් යාල් දේවියට වසර 29කට පසුව 1985 වසරේත් ඉන් වසර 5කට පසුව 1990 වසරේත් එල්.ටී.ටී.ඊ.ය බෝම්බ තබන්නේ උතුරු දකුණූ ජනතාවගේ හදවත් සබැඳියාවට නැවතීමේ තිත තබමිනි.

 

3

යාපනය දුම්රිය ස්ථානය යුද සමයේදී අබලන් පැවති අයුරු

 


මෙය යාල් දෙවියගේ ඉතිහාසයෙන් බිඳකි 1990 වසරේදී යාපනේ නැවතුනු යාල් දේවියට බොහෝ අත්දැකීම් නැතුවා නොව ආණ්ඩු වෙනස් වීම් හා සටන් විරාමයන් හා යුද්ධය ආරම්භ වීම් මෙන්ම යුද්ධය අවසන් වීම මේ අතරින් අමතක නොවන අත්දැකීම් විය.


නැවතත් වසර 24කට පසුව පසුගිය 13 වැනිදා (ඔක්තෝබර්* යාපනයට රැුජිනක් වූ යාල්දේවියගේ ආගමනය සිදුවන්නේ මේ සියලූ අත්දැකීම් අතැතිවය අලූත් එන්ජින් අලූත් දුම්රිය මැදිරි අලූත් දුම්රිය මාර්ග හා එක්වුනු නව සන්නිවේදන පද්ධති වලින් හැඩ වැඩවී තිබුණද යාල් දේවි නාමය එදා මෙන් අදටත් එයමය.
2009 වසරේ ජුනි 06 වැනිදා තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයද පසුව 2011 මැයි 27  ඕමන්ත දුම්රිය සථානයන්ද පසුගිය වසරේ (2013) සැප්තම්බර් මස 14වනදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින්  ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා දුම්රිය ගමන්ද අරඹන්නේ යෝධ පියවරක් ඉදිරියට තබමිණි  අනතුරුව 2014 මාර්තු මස 04 වනදා කිලිනොච්චි සිට පලෙයි දක්වා දුම්රිය ගමන් වාර ඇරඹුනු අතර පසුගිය 13 වනදාද ජනාධිපති තුමන් අතින් ඓතිහාසික වූ යාපනය දුම්රිය ස්ථානයද ජනතාසතු කරවිය දැන් ඉතිරව ඇත්තේ යාපනයේ සිට කන්කසන්තුරෙයි දක්වා යාල් දේවිය ගමන් කරවීම පමණකි.


පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා මනමාලියක් ලෙසින් සැරසී මංගල ගමන ඇරඹු යාල් දේවි සමග රටේ නායකයාද ගමන් ගත්තේ ඉමහත් ප‍්‍රීතියකිනි මේ සතුට යාල් දේවිට කියාගන්න නොහැකි වුනත් ඒ සියල්ලක්ම එදා යාල් දේවි සමඟ ගිය අයගේ මෙන්ම යාල් දේවි ගමන් කරන අයුරු බලාගැනීමට පැමිණි යාපනේ යාල්දේවිගේ පැරණි සහෘදයින්ගේ ප‍්‍රතිචාර විලින් දිස්වුණි.


යාල් දේවි පලෙයි සිට ගමන් අරඹා මද දුරක් යාපනය දෙසට යන විට දුම්රිය මාර්ගය අසල තණ බුදිමින් සිටි ගවයින් හා එළුවන් දුම්රිය දුටු විගස එක් වරම ඔළුව හැරුනු අතේ දුවන්නට වූවෙත් දුම්රිය මාර්ගය අසල නැවත පදිංචි වැසියන් තම දූ පුතුන් ගෙන විත් යාල් දේවියට තටු දුන්නේ එම වැසියන් කෙදිනක හෝ දුම්රියක් දැක තිබුණද ඔවුන්ගේ දූ දරුවන් එවැන්නක් දැක නොතිබූ නිසාවෙනි.

 

1

මුහමාලෙයි ප‍්‍රදේශයේන් එ-9 මාර්ගය හා දුම්රිය මාර්ගයන් දෙකම එකට වන ස්ථානයක්

 


දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙක් උතුරේ පැවති කිසිදු උත්සව අවස්ථාවක් සඳහා සහභාගී නොවුණද ඔවුන් කාටත් හොරා යාල් දේවි යාපනයට පැමිණි අයුරුනම් බලන්නට ඇති බව නම් සිකුරුය එය මනාව දිස් වුනේ බහුතර උතුරේ වැසියන්ගේ නායකයන් සහභාගි නොවුණද දේශපාලනික බවකින් තොරව පොරකමින් මංගල ගමනින් පැමිණි යාල් දේවි බැලීමට පැමිණි යාපනයේ විශාල ජනතාවක් දකීමෙනි.


මුල් කාලයේ නිවසක් ආකාරයට ඉදිවුනු යාපනය දුම්රි ස්ථානය පසුව ඉතා මනරම්ව ඉදිවූ අතර අද වන විට උතුරු පළාතේ විශාලතම දුම්රිය ස්ථානයද වෙයි.
යාපනය දුම්රිය ස්ථානයට පැමිණි යාල් දේවි බැලීමට පැමිණි වැසියන් සමහරෙක්ගේ අදහස් මෙලෙස විය.


”අද අපි මෙතෙන්ට ආවේ වැඩියෙන්ම අපේ දරුවන් වෙනුවෙන් අපි යාපනේ ඉඳන් යාල් දේවිත් එක්ක කොළඹට ගිහින් තිබුණත් අපේ දරුවෝ කවදාවක් කෝච්චියක් ටීවී එකෙන් දැකල තියනවා ඇරෙන්න ළඟකටවත් දැකලා නැහැ දැන් ඉතින් හැමදාම ආශාව ඉවර වෙනකම්ම මේ ස්ටේෂන් එකට ඇවිත් කෝච්චිය බලයි ඇත්තටම අද අපිටත් සතුටුයි ආයෙ කවදාවත් ගමේ ඉඳන් කාච්චියක යන්න ලැබෙන්නැති වෙයි කියල හිතපු අපිට මැරෙන්න ඉස්සෙල්ලා ආපහු යාල් දේවිත් එක්ක කොළඹ යන්න පුලූවන්.


”මේ වගේ කාර්යකදී අපට දේශපාලනයෙන් වැඩක් නැහැ. අද උතුරේ තියෙන්නේ වෙනම දේශපාලනයක් කවුරු කවුරු වෙනුවෙන් ඇනකොටා ගන්නවද කියලා දැන්නම් අපිට තේරුම් ගන්න අමාරුයි.

 

4

යාපනය දුම්රිය ස්ථානයට දුම්රිය මැදිරි කිහිපයක් පැමිණි ඇති අයුරු

 


”ජනාධිපති තුමන් පොරොන්දු වෙච්ච විදිහටම අපට යාල් දේවිගේ යන්න අවස්ථාව දුන්නා එදා යුද්දෙ නොතිබුණානම් අද අපි කොයි වගේ තත්ත්වයක ඉන්නවද කියල අපි විතරයි දන්නේ යුද්දෙ මෙහෙම හරි ඉවර වුනු එක ගැන අපට ලොකු සතුටක් අදටත් එදා යාල් දේවි දුම්රියට බෝම්බ තියපු වෙලේ ගමන් ගිය අය කොච්චියේ යන්න බයයි ඒ අය කොච්චර බය වෙලාද කියනවනම් අද මේ යාල් දේවි කොච්චියවත් බලන්න ආවේ නැහැ නමුත් ඒඅ ය කවදා හරි ඉක්මනින් මේ යාල් දේවි කෝච්චියෙන්ම කොළඹට යයි කියලා ලොකු විශ්වාශයක් තියනවා මොකද ඒ අය දන්නව  අයේ කවුරුත් යාල් දේවිට බෝම්බ තියන්නවත් ආයේ යුද්දයක් පටන්ගන්න කවුරුත්වත් නැහැ කියලා


වව්නියාවේ සිට යාපනය දක්වා පැයට කිලෝමීටර් 100ක 120ක තරම් වේගයකින් යාල දේවියට ගමන් කරන්න පුලූවන් විදිහට තමයි මේ වතාවේදී ඉන්දියාවෙන් රේල් පීලි දාලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කරන විට විවිධාකාර ශබ්ද නැගුනද වව්නියාවේ සිට යාපනය දක්වා ගමන් කරන විට දැනෙන්නේ අමුතුම හැගීමකි. දුම්රිය මැදිරි සෙලවෙන්නේ නැත. ශබ්ද නැත. ඇති එකම ශබ්දය අප්පා අම්මා අන්නා අක්කා වාංග පෝංග යන අප දමිළ සහෝදරයන්ගේ වදන් පමණි.


උතුරු මිතුරු සහෝදරත්වයේ පවුර වූ යාල් දේවි නම් වූ රුජිණිය උතුරු කරේ ගමන්ගන්නා විට බෝම්බ තැබු ප‍්‍රභාකරන්ගේ අවතාර ඒ දෙස බලා සිටිමින් අයියයියෝ කියන විට උතුරේ නැවත පදිංචි සහෘද ජනතාවම එකම හඩින් කියන්නේ ”හප්පා ආඩවනේ රෝම්බ ෂන්තෝෂම්”(අනේ දෙවියනේ බොහෙම ෂතුටුයි).යනුවෙන්ය.


m



අදහස් (0)

බලන් සිරිය යාල්දේවි යාල්පානමේ

ධම්ම Tuesday, 21 October 2014 12:38 PM

යාපනය, යාලප්පානම් හරි..මොකක්ද මේ ජැෆ්නා? (නදී)

:       0       0

ශාන්ත කුමාරණ Saturday, 25 October 2014 10:05 AM

උතුරේ පළාත් සභාව තනිකරම එල්.ටී,ටී අදහස් දරන ආයතනයක්. නැතිනම් මේ තරම් සංවර්දන වැඩ කරන්නේ ජනදිපතිතුමාට ගෙදර අරන් යන්න නෙමෙයිනේ. (නදී)

:       0       0

චින්තක Thursday, 30 October 2014 10:47 AM

මේවා දකිනකොට සමහරුන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

තාරක Thursday, 23 October 2014 04:07 AM

මේක සිංහල රටක්.(හේ)

:       0       0

කේ. සිරි Tuesday, 21 October 2014 07:59 PM

ජයවේවා! අති විශිෂ්ටයි. ඇත්තටම දමිල නායකයෝ කොහොම නොපැමිණ හිටියද මේ උත්සවයට? ඕක තමයි කුහකකම. මටත් එක යෝජනාවක් තියෙනවා. දමිල ජනතාව වැඩියෙන් ඉන්න පළාත්වල නාම පුවරු වල ඉහළින්ම ලිවිය යුත්තේ දමිල භාෂාවෙන් බවයි මගේ හැඟීම. ඒක ඒ අය‍ට කරන ගෞරවයක්. (නි)

:       0       0

අරුණ Thursday, 23 October 2014 08:38 AM

සිරිගේ අදහසට මමත් එකඟයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 8534 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 250 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 190 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site