2012 සැප්තැම්බර් 02 | ප.ව. 12:28
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
මිනිස් සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ඉර-හඳ-තාරකාවලට වන්දනා මාන කර ඇත. අනතුරුව ඔවුන් ගස්-ගල්-සතා-සිවු පාවුන්ට වන්දනා මාන කර ඇති බවත් කියති. ඉන් පසු මිනිසා දෙවිවරුන් ලෝකය පාලනය කරන බව සිතා ඔවුනට වන්දනා මාන කිරීම අරඹා ඇත. මෙම තත්ත්ව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් පළ කළ හැකි වූවත් මේ හැම දෙයක්ම මිනිසා තුළ පහළ වන සිතුවිලි පදනම් කරගෙන සිදුවන බව නම් කීම සත්‍ය වෙයි. ඒ කෙසේ වෙතත් මිනිසුන් දෙවියන් කෙරෙහි දැඩි බැතියක් දක්වනුයේ ඔවුන් මෙම විශ්වයේ ජීවත්වූ බව විශ්වාස කරමිනි.
මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ.
|
හින්දු ආගම අනුව එහි මුදුන් මල් කඩ වනුයේ ඊශ්වර නොහොත් සිව දෙවියන්ය. සිව දෙවියන්ගේ භාර්යාව පාර්වතී නොහොත් අම්මා දෙවියන් බවට දැඩි විශ්වාසයක් හින්දුන් අතර පවතී. එම යුවළට දරුවන් වශයෙන් පුතුන් දෙදෙනකු සිටි අතර ඒ ගණදෙවියන් හා කතරගම දෙවියන් යයි කියති. මේ දේව පවුලින් හින්දුන් මෙන්ම වෙනත් ලබ්ධිකයින්ගෙන් ද දැඩි ගෞරවයක් ලබා ඇත්තේ මහා භද්‍රකාලි දේවිය යයි කීම මුසාවක් නොවනු ඇත.
ඇයට ගෞරවයට වඩා හැම බැතිමතකුම දක්වනුයේ දැඩි බියකි. ඊට හේතුව ඇය කෝපය-වෛරය-පළිගැනීම සඳහාම ප‍්‍රසිද්ධ නිසාය. හින්දු ආගම අනුව මේ කාලි මාතාව යනු පාර්වතී නොහොත් අම්මා දෙවියන්ම බවට විශ්වාසයක් පවතී. කාලි පාර්වතී අවතාරය යයි ද කියති.
මේ අනුව කාලි මාතාව වටහා ගැනීමට අසීරු චරිතයක් වී ඇත. මහා භද්‍රකාලී දේවත්වය තරම් වටහා ගැනීමට දුෂ්කරවූත් අවුල් සහගත තත්ත්වයක් මුළු හින්දු දේව පරපුරේම නොවූ බව එවකට මෙරට සිටි සුප‍්‍රසිද්ධ ගත් කතුවරයකු වූ ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා 1974 මාර්තු මස 14 වන දින පළ වූ එක්තරා පුවත් පතකට ලියා ඇති ලිපියක දැක්වේ.
පත්තිනි මෑණියෝ නොහොත් අම්මා දෙවියන් හෝ පාර්වතී යන නමින් හඳුන්වන්නේ කරුණාව-දයාව හා සෞම්‍ය චරිතයකි. ඇය වෙනුවෙන් ප‍්‍රදර්ශනය කර ඇති ප‍්‍රතිමා-රූප හෝ චිත‍්‍ර ද ඒ අනුව දර්ශනීය සළු පිළියෙන් සම්පූර්ණ කර දක්වා ඇත. ඇගේම අවතාරයක් වන මහා භද්‍රකාලි ඊට පරස්පරව නිරූපනය කරවයි. ඇය අත ඇත්තේ කඩු, කිණිසි, යගදා වැනි යුද්ධය සඳහා වූ ආයුධයි.
ඇත්තටම මේ මහා භද්‍රකාලී යනු කවුද?
සුර අසුර යුද්ධය අවස්ථාවේදී කාලිමාතාවන් ඊට එක්වූ බවත් බොහෝ දෙනා විශ්වාස කරති. ඒ ඊශ්වර දෙවියන්ගේ සහය ඇතිවයි. ඒ නිසා පරාජය හමුවෙහි සිටි සුරයන්ට ජයගත හැකි වූ බව කියති. කාලි හා ඊශ්වර අතර මේ අනුව දැඩි සම්බන්ධයක් පවතින බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම ස්ථානයක ඊශ්වර කෝවිලක් ඉදිකරනුයේ නම් ඊට ආසන්නයේම මහා භද්‍රකාලි මෑණියන් නමින් ද දේවාලයක් ඉදි කිරීම හින්දු ආගමික සම්ප‍්‍රදායකි.
මෙරට කාලි දේවාල අතුරින් හින්දුන් මෙන්ම අනෙකුත් ලබ්ධිකයින්ගේ ද විශේෂ ගෞරවයක් දිනාඇත්තේ හලාවත මුන්නේශ්වරම් ශ්‍රී මහා භද්‍රකාලී දේවාලයයි. ඈත අතීතයේ පටන් එම දේවාලය වෙත විවිධ පිරිස් පැමිණ ඇත. අනෙකුත් ඕනෑම දේවාලයකට ගොස් එයට අරක් ගත් දෙවියන්ගෙන් පිහිටාධාර ඉල්ලා සිටියත් භද්‍රකාලි අම්මාන් දේවාලයක් වෙත එනුයේ පලිගැනීම් හෝ දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමිනි. කිසිවකුට විනාශය අත් කර දෙන ලෙස ඉල්ලමින් බොහෝ දෙනෙක් කාලි මෑණියන් වෙත යාතිකා කරති.
කිසියම් වස්තුවක් සොරා ගැනීමේදී බොහෝ දෙනෙකු පොලීසියට යන්නා සේ ම බොහෝ දෙනෙක් තමන්ට එම අලාභය හෝ හානිය කළ අයට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් යනුයේ මෙම ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයටය. තම ප‍්‍රාර්ථනය ඉටු වූවහොත් සත්ව බිලි පූජාවක් කරන බවටත් ඔවුහු පොරොන්දු වෙති. ඒ අනුව එම බැතිමත්හු එළුවකු හෝ කුකුළකු ගෙනැවිත් බිලි පූජාව කරති. කාලි මාතාව යකින්නක යන විශ්වාසය මත මෙම බිලි පූජාව කරන බව ද කියති.
මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලය ආරම්භ කළ දිනයක් ගැන මෙතෙක් හෙළි වී නැත. එහෙත් ඊශ්වර දේවාලයක් ආශි‍්‍රතව කාලි අම්මාන් කෝවිලක් ද තිබිය යුතු බවට පවතින මතය අනුව මෙම දේවාලය ද මුන්නේශ්වරම් ඊශ්වර මහා දේවාලය තරම්ම පැරණි බව පිළිගත හැකිවේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස භුක්ති විඳිය හැකිය. ඒ අනුව ඒ ඒ ආගම් වල සම්මත අනුව බිලි පූජා කළ හැකි බවට මතයක් වත්මන් සමාජය තුළ අතීතයේ පටන් ක‍්‍රියාත්මක වී ඇත. එහෙත් මෑතක පටන් ආගමික කටයුතු සඳහා කිසිම සත්වයකුගේ පණ නැසීම පාපයක් බවට මතයක් ද මේ වන විට සාමාජය තුළ කථා බහට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් ස්වාමිවරයා මෙසේ කීය.
‘‘මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මන් දේවාලය ඉදිකර ඇති නිශ්චිත කාල වකවානුව කිව නොහැකියි. එහෙත් ඊශ්වර මහා දේවාලය ඉදිකර ඇත්තේ රාම රාවණා යුගයටත් පෙර සිට බවට විශ්වාසයක් තියෙනවා. අප පරම්පරාවේ 13 වැනි ප‍්‍රධාන පූජකවරයා මමයි. අපේ පරම්පරා 13ම මෙම කාලි අම්මන් කෝවිලේ තේවා කටයුතුවල නිරතව සිටිනවා.
මෙම පරම්පරා 13ම මෑණියන් වෙනුවෙන් කළයුතු හැම රාජකාරියක්ම කර තියෙනවා. මෙම දේවාලයේ ප‍්‍රධානම රාජකාරිය තමයි මෑණියන් පිනවීමට බැති මතුන් විසින් සතුන් බිලිදෙනු ලැබීම. මතක ඇති කාලයක පටන් මෙම සත්ව බිලි පූජා කර ඇත. පසුගිය යුද සමයේදී දකුණේ සිංහල පවුල් වල බොහෝ අම්මලා මෑණියන් හමුවට ඇවිත් යුද්ධයට ගොස් සිටි තම පුතාලගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියහ. යුද්ධය ඉවර වූ පසු එම අම්මලා තාත්තලා තම පුතුන් සමග ඇවිත් මෑණියන් පිනවීම පිණිස විවිධ ආකාරයට කුකුළන් හෝ එළුවන් යොදා ගෙන සත්ව බිලි පූජා පැවැත්වූවා.
2011 වසරේ දී පරම්පරා 13ක් පවත්වාගෙන ගිය මෙම සත්ව බිලි පූජාව හලාවත අධිකරණය විසින් පනවනු ලැබූ තහනමක් මත නිසි අයුරින් කළ නොහැකි වූවා. ඒ අතර මෙම සත්ව බිලි පූජාවන් නතර කරන ලෙස ඉල්ලා පැවරූ නඩු අධිකරණ මගින් ඉවත දමා තියෙනවා.
මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ. අපට ආරංචි වුණා එතුමා එම සතුනට කළ දෙය. ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා මෙම බිලි පූජාව නොපවත්වන ලෙස. අප එයට ගරුකර පූජාව නැවැත්වූවා යැයි ද පූජකවරයා කීය.
මෙම සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව සත්ව හිංසනය වැළැක්වීමේ සර්ව ආගමික එකමුතුව පසුගිය ඉරිදා (26) දා මුන්නේශ්වරම් කාලි දේවාලය ඉදිරි පිටදී සත්‍යක‍්‍රියාවක යෙදුණි. එයට භික්ෂූන් වහන්සේලා පිරිසක් හා දකුණෙන් ආ පිරිසක් එක්ව සිටියහ.
එම විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ 1979 ජූනි මස කැබිනට් තීරණයක් මත මෙරට සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කර ඇති බවයි. අනෙක් අතට සිංහල බෞද්ධයන් මෙම සිද්ධියේ දී දැඩි ලෙස කම්පනයට පත්වන බවත් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට ගෙනැවිත් ප‍්‍රදර්ශනය කරන අතර තුර කාලි දේවාලයෙහි සත්ව බිලි පූජා සිදුකිරීම අගෝචර බැවින් මෙය නතර කරන ලෙසටත් ඔවුහු ඉල්ලූහ.
මෙහිදී ගම්වාසීන් පිරිසක් එම විරෝධතාකරුවන් හා ගැටුමක් ඇති කරගැනීමට ගියත් හලාවත පොලීසියේ නිලධාරින්ගේ ස්ථානෝචිත ප‍්‍රඥාව මත එම ගැටුම නතර කර ගැනීම විශේෂ වේ.
බිලි පූජා පැවැත්වීමෙන් ඊට විරුද්ධ මත දරන්නන් හා ගැටුමක් හට ගැනීමට ඉඩ ඇති බව කී හලාවත පොලීසිය 2011 වසරේදී සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කරන ලෙස කළ ඉල්ලීම මත හලාවත අධිකරණය එය ලබා දුන්නේය. එහෙත් පසුගිය වසරේ සත්ව බිලි පූජාව නවතන ලෙස ඉල්ලූ හලාවත පොලීසිය මේ වසරේ විරෝධතා පැවැත්වීමෙන් බිලි පූජා පවත්වන්නට නොහැකි වන බව කියා විරෝධතා තහනම් කරන ලෙස හලාවත අධිකරණයෙන් ඉල්ලා සිටීමේ ප‍්‍රතිඵලයක් මත කිසිදු විරෝධතාවක් පැවැත්වීම අධිකරණය තහනම් කර ඇත.
මර්වින් සිල්වා ඇමතිවරයාගේ නමින් කාලි දේවාලයේ පූජකවරුනට මරණීය තර්ජන දුරකතන මඟින් එල්ල වන බැවින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ද එම පූජකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ඉඩ නොදිය යුතුය..!!(නු)
පදනම රහිත, මූලාශ්‍රයක් නැති, ඉතිහාසයක් මතක නැති හුදෙක් විශ්වාසයන් ආගම් යැයි කිව නොහැක..!!(නු)
සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා...කියන්න පුළුවන්නම් කෑගහල කියයි එයාලා...(ස)
දෙවියන් සතුටු කරන්න අහිංසක සතුන් බිලිදෙන එක වැරදියි (නි)
මිත්‍යා මත..(ස)
මෙය පොලොව නුහුලනා අපරාධයකි..!!(නු)
මේවා කරවන අයට සහ අනුබලදෙන අයට ආත්මයක් නැත...!!(නු)
සත්ව හිංසනය නතර කිරීම රටට ජාතියට හොදයි..!!(නු)
පිස්සු නැත්නම් හොදයි (දී)
වසල ගති ඇති මේ හැම අපාගත වෙයි.. (නු)
මේවා කරවන අය ම්ලේච්ඡයෝ..ආගමටත් නිගාවක්..!(නු)
ආගමේ නමින් කලත් මේ ඇත්තටම මානසික රෝගීන් කොටසක් . (ස)
ඇයි මේ මිනිසුන් මෙච්චර පවට බර? මේ සියල්ලන්ම කවදා හෝ දිනක ආගමේ නමින්ම පවු ගෙවාවි. (නි)
ප්රසිද්ධ ස්ථාන වල මෙහෙම මරනවා නම් වෙන තැන්වල කොහොම මරනවා ඇද්ද? (නි)
අදහන ආගම මොකක් වුණත් සත්ත්ව ඝාතන එපා (නි)
ඇත්තටම මේමිනිස්සු ජීවත්වෙන්නෙ තවමත් ම්ලේච්ච යුගයේ නෙවෙයිද. (ස)
මගේ අදහසනම් ආගම් ජාතීන් අතර සහයෝගය උදෙසා ඒ ඒ අයට තමන්ගේ ආගම ඇදහීමට ඉඩ දිය යුතුයි. ඒ ජාතීනුත් අනික් ආගම් සමඟ ඝට්ඨනයක් ඇති නොවන ආකාරයට ක්‍රියා කලයුතුයි. උදාහරණ වශයෙන් බෞද්ධයන්ට වැදගත් පොහොය ආදී දිනවලින් ඔය ක්‍රියාවලින් මීදී සිටිය යුතුයි. අනික ඔය සත්තු මරලා විසිකරන්නේ නෑනි. කනවනී. ඔය පාරේ ඉඳගත්ත බෞද්ධයන්ගෙන් කීයෙන් කීදෙනාද සම්පූර්නයෙන් නිර්මාංස? සමහරවිට ගෙදර එන ගමන් කාපු බත් පතේ හිටපු කුකුල් දණ්ඩා ඔය කෝවිලේ බිලිදීපු එකෙක් වෙන්න ඇති. උම්බලකඩ කෑල්ල, කරවල කෑල්ල එන්නේ කොහෙන්ද කියලත් හිතාබලන්න. බුදුහාමුදුරුවොත් මේවායේ ආදිනව ඒ අයට පැහැදිලි කලා මිසක් බලහත්කාරකම් කරන්න ගියේ නෑ. .(ස)
මම නම් කැමති නැහැ අහිංසක තිරිසන් සතුන්ව මේ ලෙස මරණළයට පත් කිරීම ගැන.. බෞද්ධයන් වූ අපට මහත්වූ පිලිකුලකින් මේ පව්කාර ක්‍රියාව ප්‍රතික්ෂේප කරනවා..
මේගොල්ල ඇත්තටම පූජකයෝද? බලන්න මෙයාලගේ මුහුණුවල ඇති වියරු බව..!(නු)
මිත්‍යා ඇදහිලි. (ත)
මේවා විවිධ ආගම් වල අයිතීන් (නි)
පාපය කවුරු කළත් පාපයමයි. නමුත් අප පාපය හදුනා ගත යුතුවනවා ඇත. පුරාණයේ පටන් නොයකුත් ආගම් වල මතිමතාන්තර හා විශ්වාස මත බිලිපුජා කළා. දැනටත් ආගම්වලට අයත් නොවුණත් යම් ගුරුකම් වලට බිලිපුජා කරනවා. ඒවා මිනිසුන්ගේ අඩුමානසික විශ්වාස මත සිදුවෙන දේවල්. නමුත් ඇත්තටම අප පාපය හදුනාගත යුතු වනවා ඇත. මවු කුසයෙන් උපන් දරුවා මහපාරේ දමා යාම,තමා ජාතක කළ දැරිවියන්ව මුදලට විකිණීම, එම දැරිවියන් දුෂණය කිරීම, අප පරපුර මත් උවදුරට යොමුකිරිම, කාන්තා දුෂණය, නොදරුවන්ව වැසිලිළී වළ වලට ළිං වලට මරලා දැමීම... මේවා තමයි මුලින්ම නතර කළ යුතු දේවල්. බිලිපුජාවට සතුන් දහස් ගණන් අවුරුද්දකට එකපාරක් මැරුවත් මිනිසුන්ගේ ආහාර සදහා අවුරුද්ද පුරාම දසදහස් ගණන් සත්තු මැරුවත් ඒවා පාපයන් නොවේද? අප වැරදි දේවල් කරකර අනුන්ට දොස් තියන්නේ මොකටද? ලංකාවේ සම්පුර්ණයෙන්ම සතුන් ඝාතනය වළක්වන්න පුලුවන් නම් මමත් එකගයි. (නි)
බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත. පොදුවේ නුතන බෞද්ධයින්ගේ හැසිරීම, බුදුන්වහන්සේ විසින් පන්සාලිස් වසරක් තිස්සේ දේශනා කළ දහමට කෙතරම් පටහැනිද යන්න දැනගැනීමට මෙය කදිම සාක්ෂියකි. අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය නුතන බෞද්ධ චින්තාව මෙහෙයවන ප්‍රධානතම සාධකය බවට පත්වී ඇති බව නිතර පුවත් පත් මගින් දැනගන්නට ලැබෙන කරුණු අනුව මනාව ඔප්පු වන්නේය. අපගේ කාරුණික ආරාධනය අවංක බෞද්ධයින් මෙවන් අන්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බවයි. එසේ නොවුයේ නම් ඉතාම අල්පයක්වූ මෙම කළහ කාරීන් හැරෙන්නට අන් සියළු බෞද්ධයින් තම දහමින් දුරස්තවන කාලය වැඩි ඈතක නොවේ. (නු)
කාලි අම්මා කියන්නේ කාටවත් හිරිහැර කරදර කරන කෙනෙක් නෙමෙයි (නි)
රජවරු කොපමණක් හිටියද කිසිම ගැටලුවක් අතිවුණේ නැහැ..!!(නු)
අපේ රටේ අනාගතය බාර ගන්නා කුඩා දරුපැටවු කී දෙනෙක් මේ සංහාරය බලා ඉන්නවාද මේ දරුවන්ගේ මානසිකත්වයට මෙය දරාගන්න පුලුවන්ද ආගමේ නාමයෙන්සතුන් මැරීම් සහ මසට මැරීම් සන්සන්දනය කරන්න පුලුවන්ද මේ කුඩා දරුවන් තුල වපුරන්නේ වෛරය මිස සාමය නම් නොවේ ධාර්මික මිනිසෙකුට කල හැකි ක්‍රියාවක්ද මේ දරුවන් ඇසින් දුටු සාක්ෂි වන්නේ...(නු)
මේ පූජාව කරන පව් කාරයෝ ඔවුන්ගේ අපාය ඔවුන් විසින්ම හදාගන්නවා.. නුවණැත්තෙක් සිටීනම් ඔවුන්ට කියන්න.. අනුකම්පා කරන්න මේ මිනිසුන්ට..!!(නු)
අප ජීවත් වන්නේ අන්තර්ජාල යුගයේ හිනිපෙත්තෙ... ගස් ගල් වලට වැන්ද මිනිස්සු බුද්ධිමත් ඒවා පෙනෙන වස්තු ඒවට වැන්ද විතරයි... මේ නොපෙනෙන දෙවියන්ට සතුන් මැරීම විහිලුවක්.. මේ මරන සත්තු ත් මස් කොක්කටම තමයි යනව ඇත්තෙ... එතකොට කවුද දන්නෙ මස් කඩ කාරයො වගෙනෙ මේ ඉන්න අයත්...(නු)
ආගමකට මුවාවෙලා කරන මහා අපරාධයක්.. අහිංසක සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න..!!(නු)
සෑම සතෙකුටම ජීවත්වීමේ අයිතිය ඇත.. එය සෑම ආගමකින්ම ආරක්ෂා කර ඇත..!!(නු)
මොනවද මේ වැඩ? (දී)
හිංදු ආගමේ අවිහිංසාවාදය පත පදනම්වූ ආගමක් කරුණාකර හිංදු ආගම මේවට සම්බන්ධ කරගන්න එපා.. මේක මුදල් ගරාගන්න කරන සත්ව ඝාතනයක්..!!(නු)
අහිංසක සත්තුන්ගේ බෙල්ල කපන්න ඉස්සෙල්ලා කපන්න ඕනේ...... (කාගේ බෙල්ලද කියලා හිතාගන්න පුලුවන්නේ) (නි)
මේවා කරවන අයට සහ අනුබලදෙන අයට ආත්මයක් නැත. (නි)
යහපතක් කරනවානම් මොකටද සත්තු මරන්නේ? (නි)
මේ සත්ත්ව ඝාතන මහා විනාශයක්. (නි)
දෙවි වරු වෙනුවෙන්ද සත්තු මරන්නේ (දී)
මේක ආගමික බිළි පූජාවක් ලෙස පෙනුනත් මේ මස් ජාවාරමක්.කොහෙතම මෙම මහ සත්ව ඝාතනය නිර්ලජ්ජිතයින්ගේ වැඩක්.කිසිම බෞද්ධයෙකුට මේ කාලි අදහන්න බැහැ.අදහනනේ නම් ඔවුන් බෞද්ධයෙක් නොවේ.බෞද්ධකම ආරම්භ වනනේ පරපන නැසීමේ ශික්සා පදයෙනුයි.(නු)