IMG-LOGO

බෝම්බ - වෙඩි හඬ තිබුණු දා සිටම තන්තිරිමලේ ආලෝකවත් වුණා

(*** රඹෑව-මනුල වික්‍රම)

බෝම්බ වෙඩි හඬ මැද විජය පුවත්පත් සමාගම 2004 ආරම්භ කළ පොසොන් ආලෝක පූජාවෙන් තන්තිරිමලේ පුදබිම මෑත ඉතිහාසය තුළ ආලෝකවත් වූ බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.    

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව වෙනුවෙන් කැපවූ පිරිසට පිං අනුමෝදනා කරමින් නාහිමියෝ මෙ බව පැවැසූහ.
විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත මඟින්  තන්තිරිමලේ පුද බිමේ 17 වැනි වරටත් සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව ඉකුත් පොසාන් පොහෝ දිනයේත් පසු දිනයේත් (6) පැවැත්විණි.

පළමු දිනයේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අලෝක පූජාව පැවැත්වුණු අතර, දෙවන දිනයේ විලච්චිය ප්‍රදේශීය ලේකම් මංජිරිකා සී. චන්ද්‍රදාස මහත්මියගේ හා උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙවර ආලෝක පූජාව වෙනුවෙන් කැපවූ පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමට එදින අනුශාසනාව සිදුකළ නාහිමියෝ, බිහිසුණු සමයක විජය පුවත්පත් සමාගම ගත් තීරණය අගය කළහ.

‘‘2004 වසරේ බෝම්බ වෙඩි හඬ මධ්‍යයේ මුලින්ම මේ පිංකම කරන්න ලැබුණේ. විල්පත්තුව තිබෙන්නේ මේ පුදබිමට ආසන්නයේ. මන්නාරම සෙට්ටිකුලම දෙසින් ත්‍රස්තවාදින් ගම්මානවලට පහර දෙද්දී ඒ සියල්ල අමතක කර විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම තීරණය කළා මේ ස්ථානයේ විදුලි ආලෝක පූජාවක් ආරම්භ කර, ප්‍රදේශයම, රටම ආලෝකමත් කරන්න කියලා. එදා මෙදාතුර නොයෙකුත් හැල හැප්පීම්වලට භාජනය වෙමින් ඉතාම උත්කර්ෂවත් අන්දමට මේ විදුලි ආලෝක පූජාව අඛණ්ඩව සිදුකළා. රටේ පවතින  තත්ත්වය තුළ මේ ආකාරයට සාම්ප්‍රදාය කඩ නොකර කෙසේ හෝ මෙවරත් මේ පිංකම පැවැත්වීම ඉතාම පැසසුම් කටයුතුයි. එහි දී විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය තමන්ගේ තත්ත්වය හා පෞද්ගලික කටයුතු පවා පසෙකදමා මේ කටයුතුවලට යෙදුණා.

පොලිසියත් විශාල කැපවීමක් කළා. විලච්චිය ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයත් රජයේ නිලධාරිනුත් විශාල මෙහෙයක් ඉටුකළා. අපේ දායක සභාව ඇතුළු ඒ හැමදෙනාට මා පිං අනුමෝදනා කරනවා. විශේෂයෙන් අපගේ කල්‍යාන මිත්‍ර  විලච්චිය ප්‍රදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පේමඩුවේ සුමංගල නායක හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නයට ද මා ආශිර්වාද කරනවා’’ යනුවෙන් ද නාහිමියෝ පැවැසූහ.


එහි දී ස්තුති කතාව කළ ප්‍රදේශීය ලේකම් මංජිරිකා සී. චන්ද්‍රදාස මහත්මිය:
‘‘මීට වසර දාහතකට පෙර යුද ගැටුම් මැද ආරම්භ කළ මේ ආලෝක පූජාව මෙවර පවත්වද්දී ඊටත් වඩා වෙනස් ආකාරයක මහා අභියෝගයකට මූණ දීමට විජය පුවත්පත් සමාගමට මෙන්ම නායක මාහිමියන්ට ද අපටද සිදුවුණා. අවසාන මොහොත දක්වාම සිටියේ දෙගිඩියාවෙන්. ඒත් රංජිත් විජයවර්ධන මහතාගේ සිතේ ඇති භක්තිය නිසාම දාහත්වන වරටත් ආලෝකය රටට අවශ්‍යම යුගයක තන්තිරිමලේ සිට මුළු මිහිතලයටම පොසොන් ආලෝකයේ ආශිර්වාදය මුදාහරින්නට හැකිවුණා. එය අප ලද භාග්‍යයක්. එතුමා විසින්ම 1962 වසරේ මිහින්තලේ ආරම්භ කරන ලද ආලෝක පූජාවත් අද දක්වාම නොකඩවා පැවැත්වෙනවා. එය ද මේ මොහොතේ සිහිපත් කිරීම අපගේ යුතුකමක්.     මෙම පිංකමට සහාය දුන් රාජ්‍ය නිලධාරීන්, පොලිසිය හා සෞඛ්‍ය අංශවල සේවය මා අගයනවා.’’ යැයි පැවැසුවා ය.

විජය පුවත්පත් සමාගම වෙනුවෙන් එහි  සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලීන් නිවුන්හැල්ල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.



අදහස් (1)

බෝම්බ - වෙඩි හඬ තිබුණු දා සිටම තන්තිරිමලේ ආලෝකවත් වුණා

Cisco Monday, 08 June 2020 09:28 AM

සාදු සාදු සාදු!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site