නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය ලොව මුළින්ම හඳුනාගත් මාංශ භක්ෂක ශාකයයි. සතුන් ආහාරයට ගන්නා මෙම ශාඛය ලංකාවට ආවේණිකය. වැලක් ලෙස වර්ධනය වේ. සතුන් ගොදුරු කර ගැනීම සඳහා කෙණ්ඩියක ආකාර විශේෂ වර්ධනයක් මෙම ශාකයේ දක්නට ලැබේ.
එකම වැලෙහි සෑදෙන කෙණ්ඩි ආකාර තුනකි. එක් ස්වරූපයකදී කෙණ්ඩියේ පහළ සිට ඉහළට ගමන් ගන්නා සතුන් ඇතුළට වැටෙන ආකාරයට අනුවර්තනය වී ඇත. තවත් කෙණ්ඩියක් ශාකයේ පහළට ගමන් කරන සතුන් වැටෙන ආකාරයට අනුවර්තනය වී ඇත. එමෙන්ම සුළඟට ගසා ගෙන එන හෝ පියාඹා එන හෝ කුඩා කෘමි සතුන් පමණක් අල්ලා ගැනීම සඳහා අනුවර්තනය වූ කෙණ්ඩිද මෙම එකම ශාකයක දැකිය හැකිවේ.
කොළ පැහැති හෝ රතුපැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය, කන්නෙළිය වැනි වැසි වනාන්තරයන්හි දී හමුවෙයි. රෝස පැහැති වූ විශේෂයක් මුතුරාජවෙල ප‍්‍රදේශයේ ඇත.
බාඳුරා කෙණ්ඩියේ පියන විවර වීමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සට ද වඳ බව නැති කිරීමටද ගනිතියි කියති.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනා ලිපියක්
සොඳුරු පරිසරයේ අපූරු නිර්මාණයකි (ස)