IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බින්ලාඩන් ඝාතනය හොලිවුඞ් චිත‍්‍රපටයකට

ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීමේ සිදුවීම පදනම් කැර ගනිමින් ඇමරිකාවේ නිපදවා ඇති ‘‘සීරෝ ඩාර්ක් තර්ටි’’ නමැති චිත‍්‍රපටය මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. මෙය එළිදැක්වීමට සූදානම් කිරීමත් සමගම ඇමරිකාවේ දේශපාලන ක්ෂේත‍්‍ර වලින් දැඩි විරෝධතාවක් එල්ල වී ඇති අතර එය 2012 දෙසැම්බර් අවසානය දක්වා කල් දැමුව ද ඇතැම් පාර්ශව කියා සිටින්නේ මෙම චිත‍්‍රපටය ඇමරිකාවේ ජනාධිපතිවරණයට බලපෑමක් විය හැකි බැවින් එය 2014 දක්වාම කල් දැමිය යුතු බවයි. මාර්ක් බෝල් විසින් තිර රචනය කරන ලද චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කැර ඇත්තේ කැතරින් බිගෙලෝ  විසිනි. කැතරින් බිගෙලෝ, කොලින් විල්සන්, ග‍්‍රැග් ෂැපිරා, ටෙඞ් ශිපිලර්, මෙගර් එලිසෝ යන පිරිස මෙහි සම නිෂ්පාදකවරු වෙති. මෙම චිත‍්‍රපටය ඇමරිකාවේ පැවැත්වෙන මැතිවරණයට පෙර තිරගත වීමට නියමිතව තිබුණ ද එය ජනාධිපති බැරැක් ඔබාමාට වක‍්‍රාකාර ප‍්‍රචාරයක් වනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂය චෝදනා කිරීමෙන් පසු තිරගත කිරීම කල් දමන ලදී. චිත‍්‍රපටය තිරගත කිරීම කල් දැමුව ද චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය දැන් එළි දක්වා තිබේ. චිත‍්‍රපටයේ ඇති වඩාත් ශෛලීගත කොටස් තෝරාගැනීමෙන් නිපදවා ඇති මේ පූර්ව ප‍්‍රචාරක පටය චිත‍්‍රපටය වඩාත් ජනපි‍්‍රය කරන්නටත් එය ජනතාව අතට වඩාත් සංවේදී ආකාරයෙන් ගෙන යන්නටත් හේතුවනු ඇතැයි විචාරකයන්ගේ මතය වී තිබේ. ඇමරිකාවේ රහස් ඔත්තුසේවා ඒකකයේ යුද මෙහෙයුම් කාමරයක සිට නරඹන ආකාරයෙන් මේ පූර්ව ප‍්‍රචාරක පටය නිපදවා තිබේ. ප‍්‍රචාරක පටයේ ස්ථාන දෙකකදී ඔසාමා බින් ලාඞ්න් ගැන සඳහන්ව ඇතත් ඒ කිසිදු ස්ථානයක බැරැක් ඔබාමා ගැන සඳහන්ව නැත. මේ චිත‍්‍රපටයේ තිර රචකයා ඇමරිකාවේ සගරාවකට පවසා තිබුණේ චිත‍්‍රපටයේ ද බැරැක් ඔබාමා ගැන සඳහන් කැර නොමැති බවයි. තිර රචක මාර්ක් බෝල් ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ කියා තිබේ. ‘‘ඇමරිකාවේ දේශපාලනය නිසා අපිට මේ චිත‍්‍රපටය නිසි පරිදි තිරගත කිරීමට අවස්ථාව නොලැබුණත් මේ චිත‍්‍රපටයේ කිසිදු ස්ථානයක ජනාධිපති ඔබාමා ගැන සඳහන් වන්නේ නැහැ. ඔහු ගැන වචනයක් හෝ සඳහන් නොකර මේ චිත‍්‍රපටය නිපදවා ඇති ආකාරය ගැන බොහෝ දෙනෙක් විශ්මයට පත්වේවි’’ බෝල් එසේ පවසා තිබේ. පසුගිය ගී‍්‍රෂ්ම සෘතුවේදී සිදුවූ වොෂින්ටනයට පක්ෂග‍්‍රාහී මෙහෙයුමක් මේ චිත‍්‍රපටයට තේමාවී ඇත. ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පවසා ඇත්තේ රටේ ආරක්ෂාව පිළිබඳ ඇති නීති රීති වලට පිටින් යම් දෙයක් මේ චිත‍්‍රපටයේ අඩංගු වන්නේ දැයි විමර්ශනය කරන බවයි. ඇමරිකාවේ චිත‍්‍රපට නිෂ්පාදකයන්ට සී.අයි.ඒ. සංවිධානය වැඩි නිදහසක් ලබාදෙන බවට ද ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි. මේ චිත‍්‍රපටය පිළිබඳ මූළික පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇමරිකා රහස් ඔත්තු සේවාවේ නිලධාරීන් මෙන්ම පෙන්ටගනයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් වරයා ද සහභාගී වී තිබේ. විශේෂ යුද උපක‍්‍රම, තාක්ෂණික ක‍්‍රමෝපායයන්, හෝ මෙහෙයුම් කි‍්‍රයාපටිපාටිය පිළිබඳ වූ රහස් තොරතුරු චිත‍්‍රපටයේ නිෂ්පාදකයන්ට ලැබී තිබුණේ ද යන්න සොයා බැලීම ඔවුන්ගේ පරීක්ෂණයේ අරමුණක් වී තිබිණි. ඔවුන් පවසන්නේ මේ විමර්ශන වලින් අනාවරණය වන්නාවූ තොරතුරු අනුව චිත‍්‍රපට නිෂ්පාදකයන් හා ඇමරිකාවේ පාලකයන් භයානක තත්ත්වයන්ට ගොදුරු වන්නේ ද නැද්ද යන්න පිළිබඳ සොයා බලන බවයි. චිත‍්‍රපට නිෂ්පාදකයන්ට සහ ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට විධිමත්ව ලබාදෙන දත්ත වලට පටහැනි කිසිවක් මෙම චිත‍්‍රපටයේ අඩංගුව නැතැයි ධවල මන්දිර නියෝජිතයන් පවසා තිබේ. පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු චිත‍්‍රපටයේ තිරගත වීම පිළිබඳ අවසන් තීරණය ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම්දෙනු ඇත.

සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
චිත‍්‍රපටයේ දර්ශනයක් රූගතකිරීම් අතරතුර අධ්‍යක්ෂවරියගෙන් උපදෙස් රූගත කරන අතරතුර අධ්‍යක්ෂවරිය නඑ නිලියන්ගේ ඇඳුම් සකස් කරමින් අධ්‍යක්ෂිකා කැත්රින් බිගෙලෝ තිර රචක මාර්ක් බෝල්



අදහස් (0)

බින්ලාඩන් ඝාතනය හොලිවුඞ් චිත‍්‍රපටයකට

නිශාන්ත Friday, 14 September 2012 07:33 PM

ප්‍රභාකරන් මැරුව හැටිත් චිත්‍රපටියකට නැගුවොත් හොදයි. (නි)

:       0       0

සහන් දසනායක Saturday, 15 September 2012 07:32 PM

නිශාන්ත ඔයා හරි.. ඇමරිකාව වගේ රටවල් තමන්ගේ වීර වික්‍රම උපරිමයේන අගය කරනවා.. දැං මිනිසුන්ට තිබ්බ යුද්ධය අමතකයි.. ඒක නිසා යුද්ධෙ සම්බන්ධ කරලා ලංකාවෙ තවත් චිත්‍රපට නිපදවන්න අපේ රටේ නිශ්පාදකවරු පෙළඹෙනවා නම් හොදයි.!(නු)

:       0       0

රිශාඩ් Saturday, 15 September 2012 09:41 AM

ඔසාමා බින් ලාඩන්ව ත්‍රස්තවාදියෙක් කලේ ඇමෙරිකාව ,එයාලට වන්දි ගෙවන්න වෙයි හැම දේටම....(ස)

:       0       0

ෂෆ්නි Saturday, 15 September 2012 11:33 AM

බින් ලාඩන්ලා තව බිහිවෙලා ඉවරයි... ෆිල්ම් කොච්චර ගත්තත් වැඩක් නෑ. ඇමරිකාවේ අයට තේරෙන්නෑ ඕවා...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site