IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්...

2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීමට අමතරව අලූතෙන් සොයා ගන්නා ලද දිවා ගුහාව හෙවත් ‘‘භගවා ලෙන’’ දැක බලා ගැනීමට ද හැකි වෙනු ඇත.

වැඩි දුරක් පා ගමනින් පඩි පේලි නැග යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස ශ්‍රී පාදය සැලකේ. දිවා රැය නොබලා විවිධ ආගම් අදහන බැතිමත්හු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පුද බිම වන්දනා කරති.

මුදුහු මට්ටමේ සිට මීටර් 2243ක් උසින් පිහිටි ශ්‍රී පාදස්ථානයට පිවිසිය හැකි මාර්ග කීපයක් වේ. රත්නපුර පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, කුරුවිට මාර්ගය, මරේ මාර්ගය, මාලිබොඩ මාර්ගය ඒ අතර වේ. එයින් ප‍්‍රසිද්ධම සහ විශාල පිරිසක් ගමන් කරනු ලබන්නේ හැටන් නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල මාර්ග භාවිත කරමිනි.

මෙම පුදබිමට රත්නපුර මාර්ගයෙන් එන්නේ නම් කිලෝමීටර් හතහමාරක් මෙන්ම හැටන් මාර්ගයෙන් එන්නේ නම් කිලෝමීටර් හතරහමාරක් සමනොළ ගිර තරණය කළ යුතුය. මෙම මාර්ගවල ගල් පඩි නැගීමේ දී ලිස්සා යෑම්වලට ලක් විය හැකි බැවින් ඒ පිළිබඳව වන්දනාකරුවන් සිහි තබා ගත යුතු වැදගත් කරුණකි.

දැනට හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා වූ මාර්ගයේ පියගැට පෙළ ඉදි කිරීම් සියයට 90කින් පමණ අවසන් කොට ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කීය. එය මෙවර ශ්‍රී පාදස්ථානය කරුණා කරනු ලබන බැතිමතුන්ට වඩාත් සතුටු විය හැකි කරුණකි. මෙම මාර්ගයේ ඉතිරි ගල් පඩි සකසා නැති බැවින් පිය ගැට පෙළ සැකසූ මාර්ගයේ ගිය ආකාරයට ඒවා නැගීමට යෑම අනතුරුදායක විය හැක. එබැවින් ශ්‍රී පාදස්ථානයට යාමේ දී විදුලි පන්දමක් රැුගෙන යෑමට අමතක නොකරන්න. එය වයෝවෘද්ධ අයට පහසුවක් විය හැක.


ගිය වසරේ ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගවල අවාර කාලයේ ස්ථාන රැුසක බඹර කූඩු තනා තිබුණු අතර ඒවා ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැඩි වෙහෙසක් ගන්නා ලදී. නමුත් මෙම වසරේ එවැනි බඹර කූඩු බැඳීම් සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැත. එහෙත් වන්දනාවේ යන පිරිස් ඔබ බඹර කූඩු පිළිබඳව විශේෂ අවධානයකින් ගමන් කිරීම වටී. ඒ මන්ද යත් අනතුරක් වීමට මත්තෙන් අනතුරක් වළක්වා ගැනීම හොඳම දේ බැවිනි. චීවර පොරවාගෙන මුදල් ඉල්ලන අයත්, පිරිත් නූලක් බැඳ ගන්නේ නැති නම් හා පිරිත් අහලා ගියේ නැති නම් සිරිපා කරුණා කිරීමට නොහැකි බව පවසා බලපෑම් කොට මුදල් ගැරීමේ ව්‍යාපාරයක් මෙම මාර්ග ආශ‍්‍රිතව නිතර සිදු වේ. එබැවින් ඒවාට නොරැුවටෙන්නට ඔබ වග බලා ගත යුතුය. මෙවැනි වංචනිකව බුදු දහමට නිගා කරනු ලබන පුද්ගලයන්ගේ රැවටිලි බස්වලට හසු වෙන්න එපා යයි ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝ ද සියලූ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

මෙම මාර්ගවල ගමන් කිරීමේ දී බොහෝ ප‍්‍රදේශවල දී ජංගම දුරකතනවලට ‘සිග්නල්’ නොලැබී යෑමේ අවස්ථා වැඩිය. එබැවින් යන එන ඔබ ඒ පිළිබඳ මතකයේ තබා ගැනීම වටී. එමෙන්ම මෙම මාර්ගවල හඳුනා ගැනීමට ස්ථාන අඩුකම නිසා අතරමං වූවකු පිළිබඳව සොයා බැලීමේ දී ගැටලූ පැන නගිනු ඇත.

මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීම සියලූම බැතිමතුන්ගේ හොඳ ක‍්‍රියාවකි. එමගින් බොහෝ අනතුරු අවම කර ගත හැක. බොහෝ වන්දනාකරුවන් මාර්ගය අවහිර වන සේ නැවතී ගිමන් හරිනු නිතර දැකිය හැකි කරුණකි. එයින් වැළකී සිටීම ඔබ සතු යුතුකමක් සේම හොඳ පුරුද්දකි.

ශ්‍රී පාදස්ථානයට යෑමට සැරසෙන බැතිමතුන් හැකි සෑම විටම තමනට අවශ්‍ය කළමනාකරණ හැකි තාක් රැගෙන යන්නේ නම් එය වටී. එසේ නොමැතිව ගොස් ඔබගේ යම් කිසි අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට වෙළෙඳසලකට ගිය හොත් ඔබ නොසිතන මුදලක් එම භාණ්ඩයට ගෙවීමට ඔබට සිදු වනු ඇත.

මෙම වන්දනා ගමන යෑමේ දී හෝ ඒමේ දී මාර්ගය අවට ජලාශ, දිය ඇලි හා දිය පාරවල්වලින් දිය නෑමට යෑම අනුවන ක‍්‍රියාවකි. විශේෂයෙන්ම මෝහිනී ඇල්ල ඇතුළුව බොහෝ දිය පාරවල්වල ජල මට්ටම හිටිහැටියේම ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් දැකිය හැක.
වන්දනාවේ යෙදෙන ඔබට යම් කිසි හදිසි අවශ්‍යතාවක් සිදු වුව හොත් නල්ලතන්නිය පොලිසිය හෝ රත්නපුර පොලිසිය සම්බන්ධ කරගත යුතුය. දුරකතන අංක 0513519608 මගින් නල්ලතන්නිය පොලිසියත් දුරකතන අංක 0452222222 මගින් රත්නපුර පොලිසියත් ඇමතිය හැක.

මෙම මාර්ග අවට ඇති සියලූම කඩ සකසා ඇත්තේ ලී දඬු භාවිත කරමිනි. ඒවායේ සවි ශක්තිය සම්බන්ධව කිසිදු සහතිකයක් නොමැත. එබැවින් විශාල පිරිසක් එක වර ඒ මත හිඳීම නුවනට හුරු නොමැත.

ප‍්‍රථමාධාර කඳවුරු ගැන ඔබ වඩාත් සිහි තබා ගත යුතු අංශයක් වන්නේ විවිධ ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කරනු ලැබුව ද ක‍්‍රමවත් ප‍්‍රථමාධාර ක‍්‍රියාවලියක් මෙහි සිදු නොවන නිසාය. සියලූම ප‍්‍රථමාධාර කඳවුරු බොහෝ විට ඇත්තේ මාර්ගය ආරම්භ වන ස්ථානයේ පමණි. මෙවර සිරිපාද වන්දනා සමයේ දී හෝ උඩමළුව දක්වාම ප‍්‍රථමාධාර කඳවුරු පවත්වාගෙන යෑම කෙරෙහි ස්වේච්ඡා ප‍්‍රථමාධාර සංවිධාන විධිමත් රටාවක් අනුගමනය කළ යුතුව තිබේ.

රථවාහන ගාල් කරන ස්ථාන සම්බන්ධයෙන් ඔබ දෙවරක් සිතිය යුතු වන්නේ නාය යාමේ අවදානමක් මෙම බොහෝ ප‍්‍රදේශවල පවතින බැවිනි. ශ්‍රී පාදස්ථානයට පිවිසීමට ඇති මාර්ග ඉතා පටු මාර්ග වේ. එමෙන්ම අධික ලෙස මීදුම් සහිත තත්ත්වයත් හට ගනී. පාලම් සහ බෝක්කු කැඞී හෝ ගිලා බැස ඇති ස්ථාන එමටය. එබැවින් රිය පැදවීමේ දී නන්නාදුනන එම මාර්ග පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුය.

එමෙන්ම ශ්‍රී පාදස්ථානය අවට පිහිටි මස්කෙළිය, නෝර්වුඞ්, නෝර්ටන්බි‍්‍රජ් වැනි නගරවල පැය 24 පුරා ක‍්‍රියාත්මක ඉන්ධන හල් නොමැත. සුපර් ඞීසල් හෝ සුපර් පෙට‍්‍රල් මෙම මාර්ගවල හමුවන කිසිදු ඉන්ධන පිරවුම් හලක නොමැත. එබැවින් ඒ පිළිබඳව වාහන හිමියන් සැලැකිල්ලට ගත යුතු කරුණකි.

 



හැටන් හා මස්කෙළිය නගරවල පමණක් ඇති බැංකු ශාඛාවල දැනට ඒ.ටී.එම්. පහසුකම් ඇති අතර අනෙකුත් ආසන්න නගරවල එවැනි පහසුකම් නොමැති බව වන්දනාකරුවන් සිහි තබා ගැනීම වටී.

වන්දනාකරුවන් බහුල දිනවල දී විශේෂයෙන් මහගිරි දඹය ප‍්‍රදේශයේ දී හා අනෙකුත් බොහෝ ස්ථානවල දී කාන්තාවන්ට හිරිහැර හා අයුතු බලපෑම් කිරීමේ සිද්ධි සෑම වන්දනා සමයකම වාර්තා වේ. ඔබත් සමග යන නඩයේ කාන්තාවන් පිළිබඳව මෙන්ම අනෙකුත් ගමන් ගන්නා කාන්තාවන් හට එවැනි අකටයුත්තක් සිදු නොවීමට ඔබ වග බලා ගත හොත් එය උතුම් ක‍්‍රියාවකි.

මෙම වන්දනා ගමනේ දී සිරිපා මගේ හමුවන වැසිකිළි පමණක් භාවිත කිරීමට වන්දනාකරුවන් වග බලා ගත යුතුය. බොහෝ විට බොහෝ වන්දනාකරුවන් රක්‍ෂිත කැළෑව වැසිකිළි යෑමට ප‍්‍රයෝජනය ගන්නා අවස්ථා එමටය. එයින් ඔබේ ආරක්‍ෂාවට මෙන්ම රටේ මහජන ආරක්‍ෂාවට ද තර්ජනයකි. ඔබ එසේ කරන විට ඔබගේ අසූචි ගමට ගොස් ඔබටම ජලයත් සමග බුක්ති විඳීමට සිදු වනු ඇත. මෙහි ඇති ලොකු කුඩා ඇළ දොළවල් සියල්ලම අවසන් වන්නේ මෙරට ප‍්‍රධාන ගංගාවක් ඔස්සේ ගලා යෑමෙනි. සිරිපා පරිසරය දුෂණය කිරීමෙන් ඔබ සපුරා ඉවත් විය යුතුම වන්නේ එබැවිනි.

පරිසරයට මුදා හරිනු ලබන සියලූම අපද්‍රව්‍ය කසළ බඳුන් තුළට පමණක් බහාලීම ඔබගේ යුතුකමකි. එවැනි කසළ බඳුන් සිරිපා මාර්ගයේ ස්ථාන කීපයකම මෙවර ස්ථාපිත කොට තිබේ.

මත්පැන් පාවිච්චි කොට රිය ධාවනය කිරීම මෙන්ම අනාරක්ෂිත ජලාශ ඇළ දොළින් දිය නෑම මරුවාට අත වැනීමකි. මෙවැනි සිද්ධීන්ගෙන් සෑම වන්දනා සමයකදීම වටිනා ජීවිත කීපයක් අපට අහිමි වේ. මෙම උතුම් වන්දනා ගමන මළ ගෙයක් නොකර ගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබ අතේ පමණි. එය ද සිහි තබා ගැනීම ඔබගේ හා ඔබගේ නෑදෑයන්ගේ සතුටට හේතු වනු ඇත.

ශාන්ත චන්‍ද්‍රසිරි හුලංනුගේ

 



අදහස් (0)

බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්...

ලලිත් - කටාර් Sunday, 30 December 2012 06:52 PM

ලංකාදීප එසැණ පුවත්, ඔබට බොහොම ස්තූතියි! (නි)

:       0       0

ප්‍රියා Saturday, 05 January 2013 08:36 PM

අනේ සාධු (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 05 January 2013 08:36 PM

සැවොම කිවවියයුතු ලිපියක් (දී)

:       0       0

හමිල Thursday, 03 January 2013 12:01 PM

ඇත්තටම හොඳ ලිපියක් .නුවනට හුරු ක්‍රියාවක් කර ඇත්තේ‍ .බොහොම පින් (ස)

:       0       0

පුබුදු Monday, 31 December 2012 08:29 AM

ඉතාමත් හොද ලිපියක්. මෙහි ඇති උපදෙස් හරියටම පිළිපදිනවා නම් හොදයි. (නි)

:       0       0

සමන් Wednesday, 02 January 2013 12:03 PM

වැදගත් ලිපියක් ලෙස අගය කරනවා (ස)

:       0       0

චුලන්ත Wednesday, 09 January 2013 03:46 PM

වටිනා පුවතක්

:       0       0

ගාමිණී Friday, 04 January 2013 02:39 PM

සිරිපා ගමන වන්දනා චාරිකාවක් මිස විනෝද චාරිකාවක් කර නොගන්නා මෙන් හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි (ස)

:       0       0

මනෝජ් Friday, 04 January 2013 08:21 AM

ජාතික වටිනාකමකින් යුතු ලිපියකි. ලංකාදීප, ඔබට පින්! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 09 January 2013 06:49 PM

සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17601 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site