තෙවසරක කාලයක් පුරා ආසන්නට දකින්නට ලැබුණේ දුක්බර පුවත්ය. ජීවිතය කලකිරවන සිදුවීම්ය. මනුෂ්‍යත්වයේ අසරණකම හදවතේ ගැඹුරුම තැනට දැනෙන වදින දේය. මේ තරම් වද විඳ විඳ ජීවත්වන්නේ කුමකටදැයි යන ප්‍රශ්නය පොදුවේ සියලු දෙනාගේම ප්‍රශ්නය වේ. එබඳු දුක්ඛිත පරිසරයක ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අලුත් කරවීමට සමත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේවපුරන් මහතා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ශක්‍රයා තබා ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කළ නොහැකි බව පසුගිය සමයේ ප්‍රකාශ විය. ආර්ථික විද්‍යාත්මක මිණුම් දඬුවලට අනුව සැබැවින්ම බඩු මිල පහත හෙළීමට උත්සාහ දරනවාට වඩා වෙහෙසිය යුත්තේ ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව දියුණු කිරීමටය. එනම් ජනයාගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීමය.
එහෙත් ගෙවා දැමෙමින් තිබෙන ශාපලත් පරිසරය තුළ එවැන්නක් ගැන සිහිනයෙන් හෝ සිතිය නොහැකිය. ජීවිත මළ සොහොන් පාළුවකින් පිරී තිබෙන්නේ එහෙයිනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු ලෙස පහත බැස ඇත යන ප්‍රවෘත්තිය පුරවැසියන්ගේ සිත් සතන් උද්දාමයෙන් පුරවාලීමට සමත් වන්නේ ඒ අනුවය.
අප ප්‍රවෘත්තියට අනුව රුපියල් 600ක්ව පැවැති පරිප්පු තොග මිල රුපියල් 410ක් දක්වාත් රුපියල් 330ක්ව පැවැති සීනි තොග මිල රුපියල් 270 දක්වාත් රුපියල් 215ක්ව පැවැති අර්තාපල් තොග මිල රුපියල් 150 දක්වාත් රුපියල් 600ක්ව පැවැති සුදුලූනු තොග මිල රුපියල් 420 දක්වාත් රුපියල් 180ක්ව පැවැති ලොකු ලූනු තොග මිල රුපියල් 130 දක්වාත් රුපියල් 1990ක්ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300දක්වාත් මිල පහළ බැස ඇත.
සැලකිය යුතු තොග මිල අඩුවිමකි. අඩුවී ඇත්තේ තොග මිලය. සාමාන්‍ය පරිභෝගිකයාට වඩාත් වටින්නේ සිල්ලර මිලය. තොග මිලෙහි පහළ බැස්ම ගමේ සිල්ලර කඩේ බක්කියටද ආ යුතුය. 2019 දී බලයට පත් රජය පැමිණි විගසම පනවා තිබූ බදු සෑහෙන ප්‍රමාණයක් අහෝසි කළේය. එයින් රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 1800ක පමණ මුදලක් අහිමි විය. එය එසේ වුවද නිලධාරින් ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයාට බදු සහන දුන් විට එහි වාසිය පාරිභෝගික ජනයාට ගලායන බවය. එහෙත් එය එසේ සිදුවූයේ ද යන්න ජනතාව දනිති.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකියයුතු ප්‍රමාණයකින් පහත බැසීම සිල්ලර මිලට කාන්දු වී ඇද්දැයි සොයා බැලිය යුතුය. පාරිභෝගිකයාගේ ආරක්‍ෂාව පිණිස මහජනයාගේ බදු මුදලින් නඩත්තු කෙරෙන පාරිභෝගික සේවා අධිකාරියට මේ මොහොතේ බරපතළ වගකීමක් පැවරේ. මෙම පාරිභෝගික සේවා අධිකාරිය නිරන්තරයෙන් චෝදනාවට ලක් වන්නේ ඔවුන්ගේ වගකීම නිසි රිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙනි. එය යථාර්ථයක් බවට පත් කෙරෙන මාධ්‍ය සංදර්ශන විගඩම් මෙන්ම ජනයාගේ හාස්‍යයට ලක් කෙරෙන තීන්දු තීරණ ගත් බව නම් සැබෑවකි.
පොල් ගෙඩියේ වට ප්‍රමාණය කිරා මැන මිල තීරණය කිරීමේ ක්‍රියාව එක් නිදසුනක් පමණි. එහෙයින් එබඳු විහිළු සැපයීම් නොකර තමන්ගේ වගකීම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනාගෙන පාරිභෝගික සේවා අධිකාරිය සෘජුවම ජනතාවගේ පැත්තේ සිටගත යුතුය. අප එසේ අවධාරණය කරනු ලබන්නේ ඉතා සැහැසි ලෙස ක්‍රියාත්මක වන වෙළඳ මාෆියාවක් ද තිබෙන හෙයිනි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු මට්ටමෙන් පහත බැසීමට හේතුව ලෙස පිටකොටුව වෙළඳ සංගමය අවධාරණය කරනු ලබන්නේ ඩොලරයේ මිල ස්ථාවර වීම, බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම බවය. එමෙන්ම මෙසේ තොග මිල අඩුවීම අනුව විවෘත වෙළෙඳ පොළේ මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල ගණන් අඩු විය යුතු බවත් මිල අඩුවීමේ වාසිය සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතු බවත් එම සංගමය අවධාරණය කරයි. සැබැවින්ම සිදුවිය යුත්තේ එයය. වෙළෙන්දාගේ අධික ලාභය නොව සාමාන්‍ය ජනයාට සැලසෙන සෙත දෙස බැලීම බලධාරින්ගේ වගකීමය.
(***)
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බඩුවල තොග මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලබාදෙන්න