IMG-LOGO

බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී

sdgh

 

dffh 

 

මෙයට වසරකට පෙර මහනුවර බෝගම්බර සිරගෙදර වසා දැමීමෙන් පසුව, සාමාන්‍ය මහජනතාවට සිර ගෙදර නැරඹීමට මාසයක පමණ කාලයක් ඉඩ ලබා දී තිබිණ.

 


අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප‍්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය.


යම් යම් අවසරයන් මත ලැබුණු තීන්ත පැන්සල් ආදිය උපයෝගී කරගෙන කර තිබූ නිර්මාණයන්ද එහි දක්නට ලැබිණ. ඒවා අතර විශිෂ්ට ගණයේ නිර්මාණද විය.


ලියා තිබූ ඇතැම් කවි, වැකි කියවා ගත හැකි තත්ත්වයේ නොතිබිණ. ඇතැම් කවි, වැකි කියවා ගැනීමට හැකිවූයේ දැඩි අසීරුවෙනි.
එහි තිබූ විවිධ නිර්මාණ සිරකරුවන්ගේ සිතුම් පැතුම් පිළිබිඹු කරන කැඩපතක් වැනිය.

21-Page-01-Nim-4


එයින් කිහිපයක් ඔබගේ රස වින්දනය හා විමර්ශනය පිණිස මෙහි පළකරමු.

 

සිනාසෙන්න බැහැ කඳුළැලි හැලෙන      නිසා
අඬන්නට බැහැ යහලූවෝ සිනහා වෙන   නිසා
කියන්නට බැහැ කවුරුත් අහන් නැති     නිසා
ලියන්නම් මෙවන් අසරණ අම්මා ගැන     සිතා

 

අන්සතු වෙලා සිටියත් ඇය    හැමදාම
දුකින් පිරුණු ජීවිතයක මම     මෙහෙම
හිතට දුකක් දැනුණා ඇය මිය     යාම
හිත හැඬුවා මට නොදැනිම මුළු     රෑම

 

කුඩා කලම මව් සෙනෙහස දුරස්    විය
අයාලයේ නොසිතු දිවි ගමන     ගිය
හොඳ හා නරක මිතුරන් ඇසුරේ   සිටිය
අවසානයේ සිර කුටියම උරුම    විය

                                                              H 20460

 

     

සිිපිරි ගෙදර හුදකලාව මට දැන්     හුරුවෙලා
දිවා රැයේ කල්ගෙවනවා කුටියක     තනිවෙලා
මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම්     වෙලා
දිවි ඇතිතෙක් සිපිිරිගෙදර බත් කන්නට     වෙලා

          

අම්මා ගියා අප රැකගන්නට    එතෙර
මල්ලී ඇඬුවා කිරි ඉල්ලා හැම විට     නිතර
නංගී ඇඬුවා අම්මා සිහි කර කර     නිතර
නිල් කොළ වටින්නේ නැහැ අම්මේ ඔබ     විතර

                                             J+K+D

 

 

බලන බලන හැම අතකම කඳු     වැටිය
බහිරව කන්දේ බුදුරුව නුවරට     සිරිය
බෝගම්බර සිපිිරිගෙට කොටු වී මා විඳිනා     සිරිය
අද අවසන් හුස්ම හෙලයි බෝගම්බර සිපිරි ගෙය

                                                  2014-01-14" H 20460

 

 

දළදා සමිඳු වැඩ සිටිනා මේ     මහනුවර
ඉන්න උනත් දිවි ඇතිතෙක්     හිරගෙදර
කොපමණ කල් බත් කන්නද     හිරගෙදර
යන්නට දිනක් මට නැතිවද මගෙ     ගෙදර

 

සිපිරි ගෙදර මිය යන්නට කලින්    මට
යන්න ලැබේවා මට මෙඟ පුතු     ළඟට
ඒ සිහිනය ඉටු වේදැයි     හිතන්නට
දිවි ඇති තෙක් කොටුවෙලා සිපිරි     ගෙට
   
නිහඬව ඇයි පුතුනි, වදනක්     දොඩාපන්
සුරතල් වෙවී මගේ පාලූව    මකාපන්
තනිව ඉන්න මගේ දුක     නන්
කිිරි පුතේ නුඹ මට    වාසනාවන්

                                                         පන්විල මාමා

 

 

සල්ලි ඇති එකාට මොළේ    නැත
මොළේ ඇති එකාට සල්ලි     නැත
සල්ලියි බලයයි ඇති එකා ළඟ මනුස්සකම     නැත
මනුස්සකම ඇති එකා ළඟ හොඳ හිත     ඇත

                                                               H 20460

 

මකුණන් මදුරුවන් අපේ ලේ ටික     බොනවා
පනුවන් සමඟ බටු මෑ අපි දෙනවට     කෑවා
හිරගෙට ඇවිත් මැල්ලූම එක්ක තණකොළ    කෑවා
ඒ බතත් මුන් ටික ටික හොරාට     කනවා

 

තිදෙනාම එකෙකි
වැරදි කරන්නේ මිනිසාය
දඬුවම් දෙන්නේ මිනිසාය
දඬුවම් විඳින්නේ මිනිසාය
මිනිසාට මිනිස්කම අමතකද?
සල්ලිත් නැහැ සනීපත් නැහැ
ළඟ හිටිය යාලූවොත් නැහැ
සෙවණැල්ල වුවද අපට සිටින්නේ
ආලෝකයේදී පමණි

උතුම් ධර්මය     සිහිකොට
සසර ගංගා තරණ    කොට
එඩිතර නුවන්     දැඩිකොට
දිවි මඟ ගමන් නිම     කොට

අප වේදනා විඳිය යුත්තේ
මිතුරෙකු අමනාප වීම ගැන නොව
ඔහු හඳුනා ගැනීමට නොහැකි වීම ගැනය

 

                                                               මහින්ද

 

පුතුට ආදරේ ඇය         හට
ලබා දුන්නා වී        තුරුලට
සමු දුන්නෙමු ආදරේට
මගේ ජීවිතේම වැනසීමට

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ
බෝගම්බර
නිධානයකි... හෙට...

දුක පැකට් කරලා විකුණනවානම්
අදටත් අපි මිනිස්සු අයියා

 

                                                සුදේව

 

අය මං වැරදි කරන් නෑ

ආත්ම විස්වාසය
ආත්මාවබෝධය
ආත්ම ශක්තිය විසින්
මුවහත් කරනු ලැබූ
මට  ඕනෑම දෙයක්
කළ හැකිය.

සෙනෙහස ආදරය දයාව කරුණාව
ජීවිතයේ දුෂ්කරමකාරිය
මිනිසා අඳුනා ගැනීමයි
ලෙඩා මිය ගියත්
ලෙඬේ මිය නොයයි

 

                                                    Art by Deepal

දළදා සමිඳු පිහිටයි  

                                            Mahesh Buddika
                                            Eny time Eny where

 

සිනාවෙන් හෝ කථාවෙන් බැහැ - මනින්නට මිනිසා

ආදරණීය
සුමනක්කේ
චමිලා කුමාරි
ආපසු එන්නේ නෑ

 ඕනෑම දෙයක්  ඕනෑම කෙනෙකුට
 ඕනෑවට වඩා  ඕනෑම නැහැ

ජනපතිතුමාගේ නිසි අවසරය පිට
එල්ලා මරණ දඬුවම ඇත නියම කොට
මේවා වළක්වන්න බැහැ කිසි කෙනෙකු හට
මේ... (ඉතිරි කොටස කියවිය නොහැකිය)
සියලූ ආශාවන් දුකත් සමඟ පටලැවී ඇත

නිතරම මතක් වෙයි අම්මේ ඔබ    මාගේ
වින්දේ කටුක දුක් බෝගම්බර සිපිරි    ගේ
පදවැල් බඳිමි මගේ නංගෝ ආලේ    මගේ
ඇයි දැයි කියන්නකෝ අහිමි රැජින    මගේ

Niro Kalu Ampitiya

 

 

සිදුවුණු සෑම දෙයක්ම
සතුටින් බාරගැනීම නම්
කවර  අවාසනාවක හෝ
ප‍්‍රතිඵල ජය ගැනීමේ
ප‍්‍රථම පියවරයි

Disa පිළිමතලාව

 

 

මිනිස් ජීවිතය සුන්දර වන්නේ
බුදුරජාණන් වහන්සේ නමකගේ
ශ්‍රී සද්ධර්මය මුණ ගැසීමෙන් පමණි

Your Pain will beSoonly

 

 

 

m

 



අදහස් (0)

බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී

දුමින්ද Tuesday, 24 February 2015 03:37 PM

අප සියලු දෙනා කෙලෙස් මරුගේ සිර කරුවන් වෙමු.මහින්දගේ කවිය හරිම සමීප බවක් දැනෙනවා (අ)

:       0       0

සන්තුෂ් Wednesday, 25 February 2015 10:09 AM

ඇත්තටම දුක්බර කතාවක්.(හේ)

:       0       1

ඇසළ Wednesday, 25 February 2015 10:09 AM

හරියට හිර ගෙදර බාසාවෙන්ම කියනවා නම් අදහස් බොක්කෙන්ම ආපු දේවල්. හිරේ නොගිහින් හිටියා නම් කවදාවත් මේවා ලියන්න බැහැ.(හේ)

:       0       0

ජනක Sunday, 01 March 2015 12:12 AM

ගොඩක් අය සමාජගත වෙනකොට හැදිලා තමා එළියට එන්නේ (නි)

:       0       0

ජානකී Friday, 27 March 2015 09:59 AM

මිනිසුන්ට මෙන්ම සිරකරුවන්ටද සමාන අයිතිවාසිකම් ඇත.(දිල්) .

:       0       0

සමාධී Friday, 27 March 2015 10:00 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය (දිල්)

:       1       1

රසික පුෂ්ප කුමාර Monday, 23 February 2015 10:51 AM

මොනවා කරන්නද ? ගොඩක් දුක හිතෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10970 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 275 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 200 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site