පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් මතු කළ අතර එවකට තහනම් කර තිබූ එම පක්‍ෂයේ නායක රෝහණ විජේවීර මහතාගේ පටිගත කළ හඬපටයක් රටපුරා රහසිගතව යැවුණි. මෙහි පළවන්නේ 1987 ඔක්තෝම්බර් 27 වැනිදා විජේවීර නිකුත් කළ එදා රටට රහසක් වූ එම හඬ පටයෙන් උපුටා ගත් කොටසකි.
අපේ පීතෘභූමිය එහි මෑත ඉතිහාසයේ මුහුණ පෑ භායානකම විපත්තියට ගොදුරු වී සිටින මේ සාතිශය දුෂ්කර අවස්ථාවේදී දේශපේ‍්‍රමී රටවැසියන් සියලූ දෙනා තනිතනිවත් සාමූහිකවත් ඉටු කළ යුතු අපේ පීතෘභූමියේ නිදහස යළි දිනා ගැනීමත් රැකගැනීමත් සඳහා ඉටු කළ යුතු අපේ දරු මුණුපුරු පරම්පරාවත් ඉන්දීය අධිරාජ්‍යයේ වහලූන් බවට පත් නොකිරීම සඳහා ලාංකීය ජාතිය වහල් බවින් මුදා ගැනීම සඳහාත් ඉටු කළ යුතු භාරධූර කර්තව්‍ය පිළිබඳ කරුණු සැකෙවින් පැහැදිලි කිරීමටයි, අද මෙසේ ඔබ අමතන්නේ.
සහෝදර රටවැසියනි,
අවුරුදු ගණනක් තිස්සේ අපි දිගින් දිගටම කියාපු දේවල් දැන් ඇස් පනාපිට සත්‍ය වෙලා තිබෙනවා. අපි කිව්ව වගේම දැන් ජයවර්ධන අපේ උදාර පීතෘභූමිය ඉන්දියන් අධිරාජ්‍යයේ පිළිකන්නක් කරලා හමාරයි. අපේ පුංචි ලාංකීය ජාතිය ඉන්දියන් අධිරාජ්‍යයේ වහලූන් කරලා හමාරයි. තමුන්නාන්සේලාට මතක ඇති 1972 දී විතර ජයවර්ධන යූ.ඇන්.පී යේ නායකත්වයෙන් විතරක් නොවෙයි මුළු පක්‍ෂයෙන්ම තල්ලූවෙලා යන තැනට වැඩ සිද්ධවෙමින් තිබුණ බව. එදා යූ.ඇන්.පියේ හිටපු නායකයා ඩබ්ලි සේනානායක මහත්තයා ජේ.ආර්.ව පක්‍ෂයෙන් පන්නන්න හදනවා කියලා ජයවර්ධන උසාවියේ නඩුවක් දැම්මා. ඒකට උත්තර බඳිද්දී ජයවර්ධන මහා බොරුකාරයෙක් කියලා ඩඞ්ලි උසාවියේදීම කිව්වා. මේ විදිහට ඩඞ්ලි - ජේ.ආර් ගැටුම උච්චතම අවස්ථාවෙ තියෙද්දී ජයවර්ධන යූඇන්පියෙන් පන්නල දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී හදිසියේම ඉතාමත් සැක කටයුතු විදිහට ඩඞ්ලි මළේ. ඊට ටික දවසකට පස්සෙ එයාගෙ දෙවැනිය හිටපු කෘෂිකර්ම ඇමැති. එම්.ඞී. බණ්ඩත් මළා. ඒ එක්කම වී.ඒ සුගතදාස, යූ.බී. වන්නිනායක, ඊරියගොල්ල, සී.පී.ද සිල්වා වගේ ඩඞ්ලි පිලේ පතාක යෝධයෝ ඔක්කොම හදිසියෙම මළා. කොහොම සිද්ධ වුණත් මෙන්න මේ නිසයි ජයවර්ධනට යූඇන්පියේ නායකත්වයට ඇවිල්ලා බලය තහවුරු කරගන්න පුළුවන් උනේ.
ජයවර්ධනගෙ යූඇන්පී නායකත්වය සේනානායකලගෙ නායකත්වයට වඩා ඉඳුරාම වෙනස්, දේශද්‍රෝහියො, පල්හොරු, දේශපාලන පාදඩයො, ලැජ්ජා නැති බොරුකාරයො, අධිරාජ්‍යවාදී ඒජන්තයො භයානක මීනිමරුවො මේ සොර නඬේ තමයි ධර්මිෂ්ඨ හැවක් ඇතුළට රිංගලා ධර්මයෙන් රට කරනවාය කියල බොරු පොරොන්දු දීල ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගී කරගෙන මහජනයාගේ ඇස්වලට වැලිගහලා 1977 බලයට ආවෙ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නෙ නෑ කිව්ව පාර්ලිමේන්තුවෙ කාලෙ දික්කරන්නෙ නෑ කිව්වා.
ඉන්දියන් ධනේශ්වර පාලකයො එදා කියල තිබුණෙත් මීට මුළුමනින්ම සමාන දෙයක්, ඉන්දියන් ධනේශ්වර පංතියේ දේශපාලන නායකයා, ජවහල්ලාල් නේරු 1944 දී ලියපු ‘‘ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා’’ ඉන්දියාව සොයා ගැනීම කියන පොතේ 569 වන පිටුවේ මේ විදිහට කියනවා.
‘‘ලෝක පාලන මධ්‍යස්ථානය වශයෙන් අත්ලාන්තික් කලාපයට හිමි තැන නුදුරු අනාගතයේදී පැසිපික් කලාපය විසින් හිමිකර ගනු ඇතැයි සිතිය හැකිය. සෘජු ලෙසම පැසිපික් රාජ්‍යයක් නොවුනද ඉන්දියාව නොවැළැක්විය හැකි ලෙසම එහි වැදගත් බලපෑමක් කරනු ඇත.
ඉන්දීය සාගර කලාපයේ්්ත් ගිණිකොණ දිග ආසියාවේත්, මැදපෙරදිග දක්වාත් ආර්ථික හා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයේ මධ්‍යස්ථානය වශයෙන් ඉන්දියාව සංවර්ධනය වනු ඇත. නුදුරු අනාගතයේදී ලොව වේගයෙන් සංවර්ධනය වන්නට තිබෙන කොටසක ඇය ආර්ථික හා යුද්ධෝපායික වැදගත්කමක් ගනු ඇත. ඉන්දියාව දෙපැත්තෙන්ම ඇයව මායිම් වන රාජ්‍යයන්ගේ - ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලංකාව, බුරුමය, මලයාව, සියම, ජාවාය යනාදී කලාපීය ගොනුවීමක් වේ නම් වත්මන් සුළුජාතික ප‍්‍රශ්න එක්කෝ නැති වී යනු ඇත. නැතිනම් අඩු ගණනේ සාකල්‍යයෙන්ම වෙනස් වූ සන්දර්භයක් තුළ සැළකිල්ලට ලක් කිරීමට සිදු වනු ඇත.
මගේ පැත්තෙන් ගත් කල ලෝකය විශාල උත්තර් ජාතීය රාජ්‍යයන් කිහිපයකට බෙදීම ගැන ඒවා කිසියම් බලසම්පන්න ලෝක බැම්මකින් නොබැඳේ් නම්x මගේ කිසිම කැමැත්තක් නැත. නමුත් ලෝක එක්සත්කමක්, ලෝක සංවිධානයක් ඇතිවීම වැළක්වීමට තරම් ජනතාව මුග්ධවේ නම් ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යයක් සහිතව තනි යෝධ රාජ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වන මෙබඳු එක් එක් අති විශාල උත්තර් - ජාතීය කලාපයක් හැඩ ගැසීමට බොහෝසෙයින් ඉඩ ඇත. එහෙයින් කුඩා ජාතික රාජ්‍යය මැකී යනු ඇත. ඒවාට පැවතිය හැක්කේ ස්වාධීන දේශපාලන ඒකක වශයෙන් නොව සංස්කෘතික ස්වාධිපත්‍යයක් ඇති ප‍්‍රදේශ වශයෙනි. ඉන්දියාවට සිය බලපෑම් කළ හැකි වේ නම් කුමක් සිදුවුවද ලෝකයට යහපත් වනු ඇත.’’
ඉතින් මේක කියන විදියට එදා නේරුට අවශ්‍ය වෙලා තිබුණුදේ ඉටුකරලා දෙන්න, ඒ කියන්නෙ නේරුව හාම්පුතු සැටියට පිළිගන්න, ඉන්දියාවෙ ආධිපත්‍යයට යටවෙන්න, අවුරුදු හතළිස් සයකට එහා ඉඳලා ජයවර්ධන ලෑස්තිවෙලා ඉඳලා තියෙන බව කාටත් තේරුම් ගන්න පුළුවන්.
ඉන්දියන් ධනේශ්වර පංතිය එසේ පාලක පංතිය බවට පත් වූ දා ඉඳලම ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්ති, උපායමාර්ග, උපක‍්‍රම, ක‍්‍රියාමාර්ග සේරම සකස් කළේ ඉන්දියාව ඉස්සර වෙලා කලාපීය බලවතා කරලා දෙවනුව ලෝක අධිරාජ්‍ය බලයක්, සුපිරි අධිරාජ්‍ය බලවේගයක් කරන ඉදිරි දැක්ම ඇතිවයි. ඉන්දියන් ධනේශ්වර පංතියේ ආර්ථික, දේශපාලන, යුදමය, විදේශ කියන මේ සෑම ප‍්‍රතිපත්තියකම ඒවායේ යටින් දුවපු අරමුණ ඒකයි.
අපි දන්නවා ජර්මනියෙන්, ඉතාලියෙන්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව සිද්ධ වුණේ පමා වෙලා. මේ නිසා ඒ රටවල්වල තිබුණු කුඩා කුඩා වැඩවසම් රාජධානි එකතු කරලා ජාතික රාජ්‍යයක් බිහිකරන්න පමා වුණා. මේ නිසා ඉතාලිය, ජර්මන් ධනපතියන්ට අල්ලගන්න යටත්විජිත ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ මොකද ඒගොල්ල නැගිටලා එනකොට අනිත් අය ඔක්කොම අල්ල ගෙන ඉවරයි. මෙන්න මේ නිසා ලෝක ජනතාවට සිද්ධ වුණා ලෝක යුද්ධ දෙකට මුහුණ දෙන්න. ලෝක යුද්ධ දෙකම පටන් ගත්තේ මේ දෙන්නා. ඒ වගේ ඉන්දියාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ වුණෙත් බොහොම කල් ගිහිල්ලා. මේ විදිහට ප‍්‍රමාද වෙලා. බහුජාතික රාජ්‍යයක් වුණු ඉන්දියාවේ ධනේශ්වර පංතිය තමන්ගෙ පසුගාමීත්වය ඉක්මණින්ම මගහරවා ගන්න යොදාගත්තෙත් ජර්මනියෙ බිස්මාක්ල, ඉතාලියෙ කවුර්ල යොදාගන්න රාජ්‍ය ධනවාදී පිළිවෙතමයි.
ඉන්දිය රාජ්‍ය ධනවාදය අද රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කලාපීය රටවල් සම්බන්ධයෙන් දැඩි ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දකින්න පුළුවන්.
ඉන්දියන් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා පසුගාමී ඉන්දියන් ධනවාදයට මෙන්ම ඒකාධිකාරීන්ගෙ නිෂ්පාදන වලට අවශ්‍ය විදියට ඒ තරමට දේශීය වෙළෙඳපොළ පුළුල් කරගන්න බැහැ. ඒ නිසා ඉන්දියන් බැංකුකාරයන්ට, කර්මාන්තකාරයින්ට තමන්ගෙ රටින් පිටත වෙළෙඳපොළ සොයන්න සිද්ධ වෙලා තියෙනව. මෙතනදී ඒ ගොල්ලන්ට දියුණු ධනපති රටවල් එක්ක හැප්පෙන්න බැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ස්වභාවිකවම නැඹුරුවෙලා තියෙනවා අසල්වැසි අපි වගේ දුබල රටවල් වෙතට. ඉන්දියාවේ ‘‘ආධාර’’ වෙළෙඳ ප‍්‍රතිපත්ති, තාක්‍ෂණය, හුවමාරු, විදේශ ආයෝජන, කොන්ත‍්‍රාත් බැංකු මේ ඔක්කොම මුළු මහත් විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනැගිල තියෙන්නෙ ඒ අරමුණ මතයි.
ලෝක ජාතීන් අතර අසමානතාව වර්ධනය කෙරුවෙ, සූරාකෑම් වර්ධනය කෙරුවෙ ජාත්‍යන්තර ධනවාදය විසින්ම බව අප දන්නවා. ඒක දැන් ආයෙත් තුන්වැනි ලෝකයේම වඩා දියුණු රටවලූයි, අඩු දියුණු රටවලූයි අතරෙ පුනරුත්පාදනය වෙලා.
ඉන්දීය උප මහාද්වීපයෙන් විශාල කොටසක රාජ්‍ය බලය තමන් අතට ගත්ත ඉන්දියන් ධනේශ්වර පංතිය තමන්ගෙ දේශපාලන දර්ශනයක්, ප‍්‍රතිපත්තිත්, උපාය උපක‍්‍රමත් ගොඩනැගුවේම බි‍්‍රතාන්‍ය අධිරාජවාදීන්ගෙ සපත්තුවට බැහැල. බි‍්‍රතාන්‍ය ධනේශ්වර පංතියේ ආභාසයෙන් සැදුණු වැඩුණු ඉන්දියන් ධනපති පංතියක් එහෙම කරන එක පුදුමයක් නොවෙයි. මේ විදියට ඉන්දියන් උප මහාද්වීපයෙන් තදාසන්න ප‍්‍රදේශවලත් බි‍්‍රතාන්‍ය යටත් විජිතවල, අර්ධයටත් විජිතවල තමන්ගෙ අණසක පිහිටුවන එක තමයි දැන් ඉන්දීයන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තියෙ පරමාර්ථය වෙලා තියෙන්නෙ. මෙතනදී බි‍්‍රතන්‍යයන්ගෙ සපත්තුවට බැහැලා ඒ රටවල්වලට රිංගාගෙන හිටපු නොයෙකුත් ඉන්දියන් ජාවාරම්කාරයොත්, අනික් සංක‍්‍රමණික ඉන්දියානුවොත් මේකට යොදාගන්න ඔවුන්ට පුළුවන් වුණා. අද මලයාව, සිංගප්පූරුව, සියම, ලංකාව, මොරීෂිස් වගේ රටවල්වල ඉන්න ඉන්දියන් සංක‍්‍රමණිකයො ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගෙ ඒජන්තයන් සැටියට ඉතාමත් සකී‍්‍රයව මේ කටයුත්තට යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙන්නේ.
ඉන්දියන් ධනපති පංතිය තමන්ට උපායමාර්ගිකව වැදගත් තැන්වල මේ උපාය මාර්ගය වඩාත් තහවුරුව ක‍්‍රියාවට නංවලා තියෙනවා. භූටානය, බංග්ලාදේශය, කාශ්මීරය, ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරපු ප‍්‍රතිපත්තිය මේකට හොඳම නිදර්ශන.
දැන් ආයෙත් ඉන්දියන් අධිරාජ්‍යයේ බලය කලාපයේ සුපිරි බලය හැටියට ඉස්මතුවෙලා තියෙන තත්ත්වය යටතේ අවස්ථාව අනුව කරණම ගසලා ඉන්දියන් අධිරාජවාදය හාම්පුතා හැටියට පිළිගන්න ඉදිරිපත්වෙලා.
|
|
ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළ මොහොත |
ඉන්දියන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාව වටේ රටවල් ඔක්කොම සතුරු කර ගෙනයි සිටියෙ. එහෙම ඉන්දැද්දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව චීනයත් එක්ක, පකිස්ථානයත් එක්ක මිත‍්‍ර වුණු එක ඉන්දියන් ධනපති පාලකයින්ට රිස්සුවේ නෑ. චීන නැව්වලට මිත‍්‍ර නැව් හැටියට ලංකාවෙ වරායවලට ඇතුළු වෙන්න ඉඩදුන්නු එක ගැන ඉන්දියාව උරණ වුණා. ඒ වගේම 1971 දී නැගෙනහිර පකිස්ථාන් ප‍්‍රශ්නෙ වෙලාවේ පකිස්ථාන් ගුවන්යානාවලට බටහිර පකිස්ථානෙ ඉඳලා කටුනායක හරහා ඩැකාවලට සෙබළු අරන් යන්න, ඉඩදීපු එක ගැනත් උරන වුණා. මගේ මතකයේ හැටියට 1972 ජූලි මාසෙදී, සමහරවිට අගෝස්තු සැප්තැම්බර් වෙන්නත් පුළුවන්. ඒ කාලෙ අපි වැලිකඩ සිරගෙදර, ඉන්දිරා ගාන්ධි ලංකාවට ආව. ඇවිත් සිරිමා බණ්ඩාරනායක නෝනත් එක්ක උපදේශකයන්ගෙන් තොරව කතාකරන්න ඕනෙයි කිව්වලූ. කියලා සාකච්ඡුාවක් කරලා චීනයත් පකිස්ථානයත් එක්ක තියෙන හිතවත්කම ගැන තදින් දොස් කිව්වලූ’’ මගේ ආරක්‍ෂාව මට වැදගත්. ඒ හින්දා බලාගනින්’’ කිව්වලූ. මේක, පස්සෙ බණ්ඩාරනායක නෝනා මෛත‍්‍රීපාල සේනානායක මහත්තයත් එක්ක කියල එයා වෙනත් අයට කීව නිසා අපටත් ආරංචි වුණා. ලංකාව ස්වාධීනව කෙළින් ඉන්නවට, ඉන්දියාව කැමති නැති දේ කරනවට ඉන්දියන් ධනපති පංතිය කවදාවත් කැමති වුණෙ නෑ.
මේ විදියට චීනx ලංකා මිත‍්‍රත්වයටත්, පකිස්ථාන් - ලංකා මිත‍්‍රත්වයටත් ලංකාවෙ ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියටත් ඉන්දියාව තදින්ම විරුද්ධ වුණා. ඒ විරෝධය උඩ ඉන්දියන් ධනපති පාලකයො එතෙක් ලංකාව ගිලගන්න සෙමින් සෙමින් අනුගමනය කරපු ක‍්‍රියාමර්ග වෙනුවට වේගවත් ආක‍්‍රමණශීලී අලූත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන්ගත්තා.
මෙතනදී සම්ප‍්‍රදායානුකූල වැඩවලින් ඈතට ගිහිල්ලා එතෙක් ඒගොල්ලම මැදිහත් නොවුණු උතුරු නැගෙනහිර ජාතික ප‍්‍රශ්නයට අත පොවලා, ඒක තමන්ගෙ වුවමනාවක් සඳහා යොදාගන්න බැලූවා. මේකට අලූත් සජීවී අත්දැකීමක් බංග්ලාදේශයෙන් ලැබිලා තිබුණා. මොකක්ද? පකිස්ථාන් බෙංගාලි ජාතික ගැටලූව නොවිසඳී තිබුණ නිසයි, ඒ ජාතික ප‍්‍රතිවිරෝධතාව පාවිච්චි කරලා තමන්ගෙ සම්ප‍්‍රදායික සතුරා වුණු පකිස්ථානය දෙකඩ කරලා දුර්වල කරන්න පුළුවන් වුණේ ඒ වගේ ලංකාවෙන් නොවිසඳී නියත ජාතික ප‍්‍රශ්නය ඒ ගොල්ලන්ට යොදාගන්න පුළුවන් බව දැක්කා.
මේ සොර ගිවිසුම ලංකාවෙ මහජනයාට විතරක් නොවෙයි, ජයවර්ධනගෙම එක්සත් ජාතික පක්‍ෂයටත්, ඒකෙ නායකයන්ගෙන් බහුතරයටත්, ඇමැති මණ්ඩලයටත්, කොටින්ම අගමැතිටත් සොරෙන් කරපු කුමන්ත‍්‍රණයක්. ජයවර්ධනලගෙ, ගාමිණී දිසානායකලගෙ කුමන්ත‍්‍රණයක්. ඒක කෙරුණේ ඒ තරම්ම රහසිගතව. ඒක සමස්ත ලාංකීය ජනතාවටම විරුද්ධව කරපු භයානක කුමන්ත‍්‍රණයක්. ඒකෙ ආදීනව බොහොම අය සිතනවට වඩා ඉතාම භයානකයි.
ජයවර්ධන තමන් මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න වෙනවා කියලා එයාගෙ පක්‍ෂයෙම කෘත්‍යාධිකාරී සභාවට දැන්නුවෙත් අගමැති ජපානයෙ සංචාරය කරමින් ඉන්නැද්දී. අවසානයේ දී ජයවර්ධන එතැනදී කිව්වා කෘත්‍යාධිකාරී සභිකයන්ට ඔබලාට රජීව් ගාන්ධි විශ්වාස නැත. මම එය දනිමි. එනමුදු මට ඔහු විශ්වාසයි. කවුරු විරුද්ධ වුණත් තමන් මේ ගිවිසුමට අත්සන් කරනවා කියලා. තවත් කිව්වා මේ ගිවිසුමෙන් පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න ඉන්දීය යුද්ධ ආධාර ගන්න පුළුවන් කියලා. ඒ නිසා කවුරුත් මේකට කැමති වෙන්නෙයි කියලා.
අගමැති පේ‍්‍රමදාස ලංකාවට ආවට පස්සෙ පවත්වපු ඇමැති මණ්ඩල රැුස්වීමේදී ගිවිසුම ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණා. ඉන්දියන් මහ කොමසාරිස් ඇමැති මණ්ඩලය ගෙන්නෙව්වා. ඇමැතිවරුන්ට ගිවිසුම ගැන කරුණු පැහැදිලි කරන්න. ලංකාවට ගිය කල එයින්ම පේනවා නේද? ඇමැති මණ්ඩලය තීරණයක් නොගෙනම විසිරිලා ගියා. ඊට පස්සෙ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ගිවිසුම අත්සන් කරන්න. අවෙ ඇඳිරි නීතිය පනවලා, ආපු ගුවන් යානය ආරක්‍ෂාවට හෙළිකොප්ටර්වලින් වට කරගෙන ඇවිල්ලා කටුනායකට බැහැලා. එතන ඉඳලා ගෝල්ෆේස් එකට හෙළිකොප්ටර්වලින් ඇවිල්ලා, එතනින් වෙඩි නොවදින කාර් එකෙන් ජනාධිපති මන්දිරයට රිංග ගත්තේ හරියට සොරකමකට ආපු සොරෙක් වගෙයි.
ඇඳිරි නීතිය දාලා පාරවල් වලට බසින්න තහනම් කරලා තියේ්ද්දීත් දේශපේ‍්‍රමී මහජනයා තුන් පැත්තකින් මහා ජන ගංගාවක් වගේ කොළඹට ඇදුණා. පෙළපාළිවලින්, පොලීසිය ලව්වා වෙඩි තිබ්බා සිය ගණන් මැරිලා වැටුන. මේ වෙලාවේ අගමැතිවරයාත් ඇමැතිවරුන් ගණනාවකුත් රජීව් ගාන්ධි වර්ජනය කළා. අන්තිමට තෑගි ඔප්පුව ලියවගත්තු රජීව් ගාන්ධි දේශපේ‍්‍රමී ජනතා පුත‍්‍රයකු වූ විජිත රෝහණ නාවුක භටයාගේ තුවක්කු බදින් පාරක් කාලා ගියා. ඒ වෙන කොටත් ගිවිසුම් උඩ ඉන්දීය ආක‍්‍රමණකාරී හමුදාව ලංකාවට ගොඩබස්වමින් තිබුණා. මේ හමුදාව ලංකාවට ගේන්න දකුණු ඉන්දියාවෙ හමුදා කඳවුරුවල කළින්ම ලෑස්ති කරලා තිබුණා. රජීව් ගාන්ධිට ඇවිත් ගිිවිසුම අත්සන් කරන්නත් කලින් ජූලි 28 වැනිදා පත්තරවල ඒ ගැන තිබුණා. උතුරට නැගෙනහිරට ඉන්දියන් හමුදා එව්වට පස්සෙ කොළඹ වරායටත් නැව් තුනක් භටයො ගෙනාව, ජයවර්ධනලගෙ ආරක්‍ෂාවට.
මේ ගිිවිසුම රටට හානිකර නැත්නම් ඇයි ඒක කුමන්ත‍්‍රණකාරී විදිහට සකස් කෙරුවේ? ඇයි ඒක අත්සන් කරන්න කලින් රටට ඉදිරිපත් නොකළේ? ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ? ඇයි ඉන්දියන් හමුදා ගෙන්නන බව කලින් නොකිව්වේ? ඇයි ඒක හැංගුවේ? මේවා අසන්න ඕන ප‍්‍රශ්න නෙවෙයි. කාටත් තේරෙන දේවල්. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.
ජයවර්ධනත් රජීව් ගාන්ධීත් අත්සන් කරපු මේ කුමන්ත‍්‍රණකාරී ගිවිසුමට දෙමළ ඊළාම් ත‍්‍රස්තවාදී සංවිධාන එකක්වත් හවුල් කර ගෙන නෑ. ඔවුන් මේකට අත්සන් කරලා නෑ. ඒ ඒකත් ලාංකීය ජනතාවට විරුද්ධව කරපු භායනක කුමන්ත‍්‍රණයක්. මේ නිසා තමයි දෙමළ එක්සත් විමුක්තිය පෙරමුණවත්, දෙමළ ඊළාම් කොටිවත්, අනෙක් දෙමළ ඊළාම් සංවිධානවත් කිසිම කොන්දේසියට යටත් නැත්තේ. අම්ර්තලිංගම්වත් ප‍්‍රභාකරන්වත් මේ ගිවිසුමට අත්සන් කරලා නෑ. ඒගොල්ල කිසිම ගිවිසුමකින් බැඳිලා නෑ.
ඊළඟට මේ ගිවිසුමෙන් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක, ලංකාවෙ දෙවැනි හා තුන්වැනි විශාල පළාත් දෙක, ඒ කියන්නේ ලංකාවෙ මුළු බිමෙන් තුනෙන් එකක් දෙමළ ජනයාගෙ නිජබිම් කියලා, ඓතිහාසික නිජබිම් කියලා පිළිඅරන් තියෙනවා. ඒ කියන්නෙ දෙමළ ජන කොටසේ පමණක් භූමිය කියලා පිළිඅරන් තියෙනවා.
තිම්පු සාකච්ඡාවලදී දෙමළ ඊළාම් සංවිධාන ඔක්කොම එක දිගටම ඉල්ලූවේ උතුරු නැගෙනහිර ඒ ගොල්ලන්ගේ භූමිය කියලා පිළිගන්න කියලයි. ඒක කිසිසේත්ම කරන්න බැරිය කියලා මේ ආණ්ඩුවම එදා මහ උජාරුවෙන් කිව්වා. තමුන්නාන්සෙලාට මතක ඇති. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.
(මතු සම්බන්ධයි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේවීර උරුමය දිවිපුදා හෝ රැකගන්නෙමි. ආදරණිය ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා!(නදී)
ධනුෂ්ක ට ලියමි. නිතරම ඇත්ත තිත්තය. නුගත්කම මහා මුදලිකමට වඩා ඉහළය ඔබගේ. මෙතනින් නවතිමි. ඔබට දිර්ගායුෂ පතමි (නි)
ඔබ වැනි තුන්කල් නුවණැති නායකයෙක් බිහිවෙනතුරු අපි බල සිටින්නෙමු. එදා කිව්ව දේ තේරුම් නොගත් ගොඩක් අය දැන් ඔබව තේරුම් ගනිමින් සිටිනවා. (නදී)
ආසියාවෙන් බිහිවූ විශිෂ්ටතම බුද්ධිමතෙක් වගේම අව්‍යාජ විප්ලවවාදියෙක්. ඔහු කියූ හැම දෙයක්ම ඇත්තක් වෙනවා. ඔබ මියගියද ඔබ නැගූ හඩ සදා නොමියෙනු ඇත. ඔබ නැවත නැවතත් මේ මවු බිමේ ඉපදේවා! (නි)
ඔබතුමා විසිවන සියවසේ ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයා. ඔබේ අඩුව අදට වඩා අපට හෙට දැනේවි. (නි)
අදත් සුලුසුලු අඩු පාඩු තිබුනත් ජවිපෙ මෙරටේ නොතිබුනා නම් මෙරට දේශපාලන කාන්තාරයක් . (නි)
විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හැදුවට දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විජේවීර නෙමෙයි. ඒකයි වෙනස. විජේවීරගේ දේශපාලන ඥානය ගැන දැන් ඉන්න ජේ.වී.පියේ අය තවත් කාලාන්තරයක් තිස්සේ ඉගෙනගන්න වෙයි. එතකොට ජාතියට වෙන්න ඕනේ විනාසය වෙලා ඉවරවෙලා තියෙවී.(නදී)
ටෙනිසන් මහතාට ලියමි. සෝවියට් දේශය චීන කොමියුනිස්ට් ලෝකයම අද නැති වෙලා. එහි තේරුම එය ලෝකෙට ගැලපෙන්නේ නැතිකමයි. ජර්මනිය බෙදා ඊස්ට් සහ වෙස්ට් කියා පාලන දෙකක් තිබුණා. ඒකත් කඩා හැලුනා. ලෝකයට ඔය කියන මාක්ස් වාදය ලෙනින් වාදය ගැලපෙන්නේ නැහැ කියලා ඒවායේ පාලනය වුන මිනිසුන් එය ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මා දන්නා හැටියට විජේවීරගේ සේවය ලැබුනේ ධනපති පන්තියේ අවශ්‍යතා ඉටු කර ගැනීමට. එදා තිබුන ලංකාවේ වාමාංශික පක්ෂ දිය කර දමා, ලංකාවෙන් වාමාංශික පක්ෂ අතුගා දැමිමක් එයා නිසා ඇති වුනේ. ඔබට ආපසු රිදෙන්න පුළුවන් මෙයට (නි)
විජේවීර මහතා අන්තිම කාලයේ ගතකල ජීවිතය ධනපති පන්තියේ එකක්. ඔහුට කැමති අයට ඔහු උත්තමයෙක්, විප්ලවවාදියෙක්. අපි කාටවත් ආවැඩීමෙන් වැලකි සිටිමු (නි)
ටෙනිසන් මහත්තයෝ, විජේවීර 1971 කැරැල්ල කරන කාලේ තිබුනේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමාජවාදී ආණ්ඩුවක්. ඒ කාලේ මැතිනිය රට ධනපති ක්‍රමයෙන්,සමාජවාදී ක්‍රමයට හරවමින් සිටියේ. ඒ දේශීය නිෂ්පාදන වලට මුල්තැන දෙමින්. එයට විරුද්ධ දානපතියන් මට වැටහෙන ආකාරයට බටහිර සහ දේශීය දානපති ක්‍රමය විජේවීරව පාවිච්චි කරලා උඩු යටිකුරු කරලා. නුවනින් ඇස් අර බලන්න එදා එයින් වුන ප්‍රතිපල අද අපි බුක්ති විඳින්නේ. මම මේ දෙයට මේකේ විවාද කරන්න කැමති නැහැ. නුවණැති කවුරුත් දන්නවා මේවා (නි)
ලෝකයෙන් කොමියුනිස්ට් වාදය විප්ලවවාදීන් ප්‍රතිප්ෂේප වෙන කාලයක , අප වැනි 3 වන ලෝකයේ රටක මෝඩයන් ගේ කරපිටින් සමහරුන් ගමන් කරනවා (නි)
අමතක කරන්න එපා ජේ.වී.පී එක ප්‍රචන්ඩත්වයට යොමු උනේ පක්ෂය නිරපරාදේ තහනම් කරලා සිවිල් සමාජයෙන් එලවලා දාපු නිසා බව. ඒ සත්‍ය අමතක කරපු සමහර අය පක්ෂයට දොස් කියනවා. තවත් එකක් 2005 ජනාධිපතිවරණයෙදි මේ ආන්ඩුව දිනන්නේ නැහැ ජේ.වී.පි එක නොතිබෙන්න. ඒත් ඒ සත්‍ය අමතක කරල 89 ප්‍රචන්ඩක්‍රියා ඉස්මතු කරන්නේ කුහක කමට.(නදී)
අනාගතයට බාර දෙමු (අ)
විජේවීර සහෝදරයා අපේ රටට වටිනා උතුම් කෙනෙක්. (නි)
විජේවීර කියන පුද්ගලයා සාමය වගකීම කියන වචන වල තේරුම් දැනගෙන හිටියා නම් මීට වඩා වටිනවා. සමාජවාදය ධනවාදය ට වඩා අපේ ක්‍රමයක් අපි හදා ගන්න වුවමනායි. දුර දිග බලන නායකයෙක් දැන් ලංකාවට පත් වෙලා තියෙන හින්දා සැනසෙන්න පුළුවන් (නි)
දම්මික මහතාගේ කතාව මමත් අනුමත කරනවා(නි)
මේකේ තියෙන අදහස් කියවද්දිත් දුක විතරයි ඇති වෙන්නේ. ලංකාවේ ඉන්නේ බහුතරයක් මෝඩ, එදා වේල ගැන විතරක් හිතන මිනිස්සු. පුදුම වෙන්න දෙයක් නැහැ, විජේවීරගේ වටිනාකම හඳුනා ගන්න හැකි බුද්ධිමත් මිනිස්සු හිටියා නම් හා ඉන්නවා නම් රට මේ තත්වයට පත් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට ඕනෑ කරන විදිය වගේ කට්ටිය තමයි අද රටේ ඉන්‍නේ. ඉතින් සතුටින් ඉඳපල්ලා. (නි)
බල තණ්හාවෙන් දේශද්‍රෝහි වූ නායකයෙක් අපේ රට ඉන්දියාවට විකුණුවා.(නදී)
මගේ රට එදත් අදත් උගත් බුද්ධිමත් මිනිස්සු නොසලකා තමයි කටයුතු කරන්නේ. රෝහණ විජේවීරට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුනෙත් ඒ නිසි. මිනිස්සු අමතක කරලා දානවා වෙනුවට වැදගත් අදහස් රටේ යහපතට යොදාගන්නවා නම් මේ රට ඉදිරියට යයි.නමුත් අදටත් අපි එහෙම දෙයක් පේනතෙක් මානයකවත් නැහැ.හරිම කණගාටු දායකයි (නි)
ඔබ අනාගතය දුටු, රටට ආදරය කළ මිනිසෙකි (නි)
විජේවීර සොයුරා, කොතරම් දුර දක්නා බුද්ධිමතෙක් ද කියා තේරුම් ගැනීමට මෙම ලිපියම ප්‍රමාණවත්. රටේ අවාසනාවට කී දෙනෙක් මෙම සත්‍ය තේරුම් ගෙන තිබෙනවද ? (නි)
යථාර්තය හරියට තේරුම් ගන්න එදා ටික දෙනෙක් හරි හිටියා. අද එයාලත් නැහැ. මොකද එදා එයා ලග හිටපු මිනිසුන්ම තමා පාවලා දුන්නේ. විජේවිර මහත්යා විශ්වාස කලා ඇරෙන්න දැන්නම් හරියට මුකුත් කියන්න බැහැ. මොකද ඔය පොත කියවපු අනෙක් අයට උගන්වපු අය ධනවාදයේ සිසිල විදිමින් තවදුරටත් මිනිස්සු රවටන සුරංගනා කතා කියමින් පිටියේ රැදී සිටිනවා. (නි)
ඉතා හොදයි (නි)
මේ රට කණ්නෙ කළු සුද්දො. විජේවීර සහෝදරයා ලංකාවේ චේ ගුවෙරා.(නදී)
සමහරුන්ට විජේවීර ශ්‍රේෂ්ටයෙක්. සමහරුන්ට විජේවීර ත්‍රස්තවාදියෙක්. ඒ තමන් සිටින දේශපාලන පසුබිමේ සිට බලන ආකාරයට පෙනෙන හැටි. ඔහු උගත් මනුස්සයෙක්. එහෙත් ඔහුගේ උගත්කම දක්ෂකම රටේ යහපතට හරවා ගත්තා නම් වඩා හොඳ මනුස්සයෙක්. සමහරුන්ට මෙයට රිදෙන්න පුළුවන්. එහෙත් තිත්ත ඇත්ත මෙයයි (නි)
අද ලංකාවේ නියම වාමාංශික පක්ෂයක් නැහැ. බහුතර විප්ලවවාදී පක්ෂ අද යැපෙන්නේ විදෙස් රාජ්‍ය නොවෙන සංවිදාන වලින් ලැබෙන මුදල් මත. එහි අදහස මේ විප්ලවවාදීන් කටයුතු කරන්නේ අපේ රටට නොව එම මුදල් ලබාදෙන රට වලටය. (නි)
දම්මිකට ලියමි. ආත්මාර්තකාමිත්වයේ සීමාවක් තියාගත්තොත් හොදයි. (නි)
ඔය විප්ලව වාදීන් කියා සටන් කරන සෑම දෙනෙක්ම විප්ලව වාදීන් නොව බඩගෝස්තර වාදීන්ය. දැන් පේනවනේ අපේ ජ වී පෙ එක. එල්ලෙන්න වැලක් සොයන විට ඕනෙම එකක් හොඳයි කියනවා. එහි සිටි මුල් කාලයේ ලොකුම නායකයන් අද දනපති පන්තියේ අවශ්‍යතා ඉටු කරමින් මැති ඇමති කම් ලබා කොටසක්. සමහරු තානාපති සේවයේ. සමහරු නිහඬව විශාල වශයෙන් මුදල් උපයමින් සිටිති. එහි සිටි පහල මට්ටමේ උදවිය කොටසක් විප්ලව එපාවී එය දමා ගොස්ය. තව කොටසක් නමින් තවමත් විප්ලව වාදීන් කියා හඳුන්වා දෙමින් බටහිය රාජ්‍ය නොවන සංවිදාන වලින් ලෙබෙන මුදල් වලින් යෙපෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටිති. අප හොඳින් ඇස් ඇර බැලුවේ නැතිනම් අප මුලාවේ මොවුනට.(නදී)
විශිෂ්ට නායකයෙකුගේ දුර-දක්නා නුවණක මහත. අනේ එවන් ශ්‍රේෂ්ටයන් මරපු අයට මොනවද වෙන්න ඕනේ.(නදී) .
විජේවීර සහ ජේවීපී එක තමයි කවදත් රටට නිවැරදි පාර කිවුවේ .කරුමයට ඒවා තේරෙන්නේ ටික දෙනෙකුට විතරයි. (නි)
අදිරාජ්‍යයවාදී වැඩ ඇමරිකාව කලත් ඉන්දියාව කලත් දෙකම එකයි. නමුත් මට නොතේරෙන දේ නම් ඇමරිකන් විරෝදියෝ ඉන්දියන් ව්‍යාප්තවාදේ ගැන නෑසුණු කන් ඇතිව සිටීම. එහෙම වෙන්නේ ඇමරිකන් විරෝධය නමැති සංකල්පෙට ලංකාවේ වෙළද පොලක් තිබීමද?.(නදී)
දම්මික, ඇත්තටම රිදුන නිසයි මෙහෙම ලියන්නේ.සිදුහත් කුමාරයා එදා මාලිගාවෙන් එලියට බැස්සේ බිරිදයි දරුවයි ගෙදර තියලා.මොන අඩුපාඩුවටද? ඒ ආත්මාර්ථකාමීව තම පවුල ගැන නොසිතා පරාර්ථකාමීව ලොවටම යමක් කරන්න.ඇත්තටම ඔබ කිවුවා වගේ ඔහු උගත් දොස්තර විබගය සම්පූර්ණ කළා නම් අනිවාර්යයෙන්ම රටට යම් සේවයක් වෙයි.නමුත් එය සීමා සහිතයි.එතනයි වෙනස. සෝවියට් සමූහ ආණ්ඩුව සමජවාදී මාවතෙන් පිට පැනලා නැවත ධනේෂ්වර ක්‍රමයට ඇදෙන බව දැක්ක මුල්ම කීප දෙනාගෙන් කෙනෙක් තමයි විජේවීර.ලංකාවට ආපු ඔහුට නැවත රුසියාවට යන්න බැරි වුනෙත් ඒ නිසයි (නි)
නුඹ දුටු තරම් දුර මෙරට පහළ වූ අනෙක් නායයන් දුටුවා නම් අද මෙවන් අවාසනාවන්ත යුගයක් උදා වේද මෙ සත්‍ය තේරුම් ගැනීමට අකමැති කම අප ජාතියේම අවාසනාවකි. (අ)
මෙහෙම හිතන එක් කෙනෙක්වත් දැන් ලංකාවට නැහැ. (නි)
අපිට ඔය පරන කතා හා ක්‍රම ගැන දැන් අවශ්‍ය නෑ. රටේ ආදායමට අනුව වියදම සකස් කලයුතුයි. ව්ජෙවිර මේ හැම දෙයක්ම පටන් ගත්තේ,සල්ලි තියන මිනුසුන් සමග ඇති ක්‍රෝදය නිසා. එය ඔහුගේ පුද්ගලික වෛරයක්.(නදී)
පරවී ගියත් පිබිදුනු රතු මල් සියලු පිබිදෙනු නියතමයි සුවහස් රතු කැකුළු නිදහස පතා ඔබ හෙලු ලෝහිත කදුළු හරි බව කියනු ඇත මතු දිනකදී සියලු (නි)
මෙවැනි නායකයන් අද සිටියනම්. (අ)
රටට මුළු හදවතින්ම ආදරය කල ශ්‍රේස්ට ලංකා පුත්‍රයෙක්. එය තේරුම් ගන්න තරම් එද ලාංකිකයෝ බුද්දිමත් උනේ නැහැ. එමෙන්ම එතුමා වටේ හිටපු අර්ධ ධනේස්වර අවස්ථා වාදියෝ එම පණිවිඩය හරියට රටට එත්තු ගන්නුවෙත් නැහැ. විජේවීර මුළු රටම ගැන සෙවුවා මිසක් ලග ඉන්න අවස්ථා වාදියන් ගැන හොයන්න කාලය මිඩංගු කලේ නැහැ. තමන්ගේ පණිවිඩය උන් හරියටම රට් වටේ ගෙනියනවා කියල ඔහු විස්වාස කලා. එතනයි වැරදුනේ. අද ජවිපෙ දිහා බලපුවම එය කාටත් තේරුම්ගන්න පුළුවන්. එදා වීර පුරන්අප්පු කිවුව වගේ ඔහු වගේ තව එකෙක් ඔහු සමගම මෙරටට බිහි උනානම්.රට ගොඩ.(නදී)