IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය බාබරා මෝරි

 

 

ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රොෂාන් පසුගියදා හදිසියේම රෝහල් ගත කෙරුණි. ඒ, මොළයේ ලේ කැටියක් සිරවීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහු සැත්කමකට ද භාජනය කෙරුණු බව පැවැසිණි. රොෂාන්ගේ බිරිය ඇතුළු පවුලේ අයත් යහළුවනුත් ඔහු අසලම සිටි අතර, ෂාරුක් ඛාන් වැනි බොලිවුඞ් සුපිරි තරු ඔහුගේ සුවදුක් බැලීමට ද පැමිණියහ. රිතික්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කළ දෙස් විදෙස් රංගන ශිල්පිනියන් අතර මෙක්සිකෝ නිළියක් ද සිටින්නීය.

ඇය බොලිවුඩයට ද ආගන්තුක නොවේ. ඒ වෙන කවුරුවත් නොව, මීට වසර කිහිපයකට පෙර, එනම් 2010 දී ‘කයිට්ස්’ චිත‍්‍රපටයේ රිතික්ගේ පෙම්වතිය ලෙස

රංගනයෙන් දායක වූ සුරූපිනි බාබරා මෝරිය. ‘කයිට්ස්’ චිත‍්‍රපටය මෙරට සිනමාහල්වල ද තිරගත විය. පිළිකා රෝගියකුව සිට ප‍්‍රතිකාර ලබා එම පිළිකාව පරාජය කිරීමට සමත් වූ ඇය රංගන ශිල්පිනියක වී ජීවිතය ජය ගත් තැනැත්තියක යැයි කීවොත් එහි ද වරදක් නැත. ඇය දිරිය කාන්තාවකි.

බාබරා මෝරි ඔචෝවා, උපන්නේ 1978 වසරේ පෙබරවාරි දෙවැනිදා ය. ඇය උරුගුවේ, ජපන් හා මෙක්සිකන් සම්භවයක් ඇත්තියකි. ඇගේ මිත්තණිය ජපන් ජාතික කාන්තාවකි. බාබාරාට සොහොයුරියක හා සොහොයුරකු සිටින අතර ඔවුහු ද මේ වනවිට රංගනයට පිවිස සිටිති.

බාබරාගේ මවත් පියාත් ධනවත් නොවූහ. එහෙත් බාබරාටත් ඇගේ සොහොයුරියට සහ සොහොයුරාට නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඔවුහු වෙහෙසුණහ. බාබරා වයස අවුරුදු 14 දී, පාසල අවසන් වී අවන්හල් සේවිකාවක ලෙස රැුකියාව කළාය. දිනක් අහම්ඹෙන් මෙන් ඇය සේවය කළ අවන්හලට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ, මෝස්තර නිර්මාණ ශිල්පී මාකස් ටොලේඩෝය. ඔහු පැමිණ සිටියේ තවත් සුරූපී යුවතියන් දෙදෙනකු ද සමඟය. ඔවුන්ට සංග‍්‍රහ කිරීම පැවැරුණේ බාබරාටය. කුඩා කල සිටිම සුරූපී යුවතියක වූ බාබරා ගැන මාකස් උනන්දුවක් දැක්වීය. රංගන ශිල්පිනියක වීමට බොහෝ කලකට පෙර, මෝස්තර නිරූපිකාවක ලෙස ඉදිරියට පැමිණීමට බාබරාට අවස්ථාවක් උදා වූයේ ටොලේඩෝ නිසාය.

වයස අවුරුදු 17 වෙද්දී, බාබරා වෘත්තීය නිරූපිකාවක ලෙස රැුකියාව කරන්න වූවාය. මෙක්සිකන් ජනපි‍්‍රය නළු සර්ගියෝ මේයර් සමඟ පෙමින් වෙළෙද්දී, බාබරාගේ වයස අවුරුදු 19 කි. වසර ගණනාවක් ඔවුහු පෙම්වතුන් වී සිටිය ද විවාහ නොවූහ. 1998 වසරේ දී ඇය, පුතකු බිහි කළාය. සර්ගියෝ මේයර් සමඟ සිටිද්දී බාබරා පැපොරාසී කැමරා ශිල්පීන්ගේ ඇසට නිරන්තරයෙන් ලක් වූවාය. මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරනවාට වඩා ලොකු ජනපි‍්‍රයත්වයක් ඇයට නොමිලේම හිමිවිය. ඇය රංගනයට උනන්දුවක් දැක්වූයේ එම අවස්ථාවේදීය.

රංගන ශිල්පිනියක ලෙස බාබරා, මෙක්සිකෝවේ ඇස්ටෙකා නාළිකාවේ රූපවාහිනී මාලා නාටකයකට සම්බන්ධ වූවාය. ඇය රසික හදවත් දිනා ගනිමින් ජනපි‍්‍රය වූයේ 2004 වසරේදී ‘රූබි’ නමැති ටෙලි කතා මාලාවට සම්බන්ධ වීමෙනි.

ආදායම් වාර්තා බිඳ හෙලූ මෙක්සිකෝ චිත‍්‍රපටයක් වන ‘ල මුජේ දෙ මි හර්මානෝ’ චිත‍්‍රපටයේ රඟපෑමට 2005 වසරේ ඇයට වාසනාව උදා වූයේ රූපවාහිනිය හරහා රසික හදවත් දිනා ගැනීමට සමත් වූ නිසාය.

‘ල මුජේ දෙ මි හර්මානෝ’ චිත‍්‍රපටයේ ඇය කළ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. එපමණක් නොව, ඇයට චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය දිනා ගැනීමට ද හැකිවිණි. මේ අතර බොලිවුඞ් චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක් ද සිටී. ඒ, ‘කයිට්ස්’ චිත‍්‍රපටයේ නිෂ්පාදක රාකේෂ් රෝෂන් ය. රිතික් රොෂාන් යනු රාකේෂ් රෝෂන්ගේ පියා ය. තම පුතු රිතික් රෝෂන් සමඟ ‘කයිට්ස්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන නටාෂාගේ චරිතය සඳහා බාබරා තෝරා ගැනුණේ 2007 වසරේය. 2008 වසරේ ජූලි මස අගදී ‘කයිට්ස්’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුණි. ඒ, ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ, ලාස් වේගස් සහ ලොස් ඇන්ජලීස් යන නගරවලදී ය.

”කයිට්ස් චිත‍්‍රපටයට මාව තෝරා ගැනීමට මට ලොකු සතුටක්. බොලිවුඞ් සිනමාව ගැන මා කිසිවක් දැන සිටියේ නැහැ. මුලින් මා බොලිවුඞ් සිනමා නිර්මාණ කිහිපයක් නැරැුඹුවා. ඒවායේ නැටුම් ගැයුම්වලට සුන්දර ආදර කතාවලට මා වශී වුණා. බොලිවුඞ් සිනමාවේ මෙන් නැටුම් ගැයුම් හොලිවුඞ් චිත‍්‍රපටවල නැහැ. රිතික් හඳුනාගත්තාට පස්සේ ඔහු මට ඔහු රඟපෑ බොලිවුඞ් චිත‍්‍රපට ඞී.වී.ඞී. ගෙනත් දුන්නා. මා ඒ හැම චිත‍්‍රපටයක්ම ආසාවෙන් නැරඹුවා.” යැයි බාබරා ඉන්දියාවේ ‘ෆිල්ම්ෆෙයා’ සඟරාව සමඟ පවසා තිබුණි.

කයිට්ස් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක අනුරාග් බාසු සහ රඛේෂ් රොෂාන් කයිට්ස් චිත‍්‍රපටයේ නටාෂාගේ චරිතය සඳහා මෙක්සිකෝ නිළියක් සෙවීම සිදු කළේ රංගන පරීක්ෂණ කිහිපයක් ද පවත්වමිණි. සුරූපී මෙන්ම ප‍්‍රසිද්ධ නිළියන් කිහිප දෙනකු එම පරීක්ෂණයට සහභාගි කරවා ගැනුණු අතර, සුපිරි හොලිවුඞ් නිළි පෙනොලපී කෲස් පවා ඊට සම්බන්ධ වූ බව ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාව වාර්තා කර තිබුණි. ”චිත‍්‍රපටයට මාව තෝරා ගෙන සිටියා ද කියලාවත් එදා මා දැන සිටියේ නැහැ. ඒ බව ඔවුන් මට දැනුම් දෙන තුරු මා දැන සිටියේ නැහැ” යැයි බාබරා ෆිල්ම් ෆෙයාර් සඟරාවට පවසා තිබුණේ ඉතා නිහතමානීවය.
බාබරා මෝරි ගැන ඉන්දියානුවන් උනන්දු වූයේ ‘කයිට්’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹීමටත් පෙර සිටය. බොලිවුඞ් සුරූපිණියන්ට වඩා ඇය ගැන කාගේත් උනන්දුවක් ඇති වූයේ අන් කිසිම හේතුවක් නිසා නොව රිතික් රෝෂන් සමඟ රංගනයෙන් දායක වීමය. රිතික් සහ බාබරා ගැන  ඕපාදුප කටකතා ඇරඹුණේ ඔවුන් චිත‍්‍රපටයේ පමණක් නොව සැබෑ ජීවිතයේදී පවා සමීපව ඇසුරු කිරීමත් සමඟය. මේ සම්බන්ධයෙන් බාබරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රිතික්, රිතික්ගේ බිරිය සුසෑන්, රිතික්ගේ මව පින්කි හා පියා රාඛේෂ් ඇතුළු රොෂාන් පවුලට සමීප වෙන්න ලැබීම ඇයට ගෞරවයක් බව ය. ඇය රොෂාන් පවුලේ හොඳ මිතුරකු වූ බවය.

‘කයිට්ස්’ චිත‍්‍රපටය තවත් පැත්තකින් ඉතා වැදගත් චිත‍්‍රපටයක් බවට පත් විය. රාකේෂ් රොෂාන් එය නිර්මාණය කළේ බොලිවුඞ් රසික රසිකාවියන් ඉලක්ක කර ගනිමින් පමණක්ම නොවේ. චිත‍්‍රපටය ජාත්‍යන්තර පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගන්නවා දැකීම ඔහුගේ අරමුණ විය. අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ මිනිත්තු 130 ක් දිග කයිට්ස් චිත‍්‍රපටයේ බොලිවුඞ් පිටපතට අමතරව ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් හොලිවුඞ් පුරවරයෙන් වෙනම කයිට්ස් පිටපතක් නිර්මාණය කර තිබේ. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ හොලිවුඩයේ ජනප‍්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන බ‍්‍රැට් රැට්නර් ය. කයිට්ස් චිත‍්‍රපටයේ එම ඉංගී‍්‍රසි පිටපත මිනිත්තු 90 කට සීමා විය.

බටහිර රටවල ජනපි‍්‍රය වුවත්, ඉන්දියාවේ ‘කයිට්ස්’ චිත‍්‍රපටය එතරම් සාර්ථක වූයේ නැත. ඒ, හින්දි බස කතා කළත්, රිතික් රෝෂාන් ප‍්‍රධාන චරික නිරූපණය කළත්, එහි බොලිවුඞ් සිනමාවේ අනන්‍යතාව නොතිබීම නිසා යැයි විචාරකයෝ පෙන්වා දෙති.

 

 

”චිත‍්‍රපටය නරඹද්දී හින්දි උපසිරැසි කියවලා මගේ දෑස් රිදෙන්න ගත්තා. ඒකට හේතුව බාබරා, මෙක්සිකන් තරුණියක් වීමයි. ඇය රඟපාන නටාෂාගේ චරිතයත් මෙක්සිකන් තරුණියකගේ චරිතයක්. ඒ නිසා ඇය කතා කරන්නේ ස්පාඤ්ඤ බසින් මිසක් හින්දියෙන් නොවේ. චිත‍්‍රපටයේ ඇයට හුඟක් දෙබස් තිබෙනවා. ඒ හැම දෙබසක්ම තේරුම් ගත්තේ හින්දි උපසිරැුසිවලිනුයි.” යැයි එම අවදියේදී බොලිවුඞ් සිනමා විචාරකයෝ බොහෝ දෙනෙක් චෝදනා කළහ.

”ඉන්දියාවේ ඉන්නේ ඒකාකාරී චිත‍්‍රපට රසික රසිකාවියන් පිරිසක්. ඔවුන්ට ඉඳලා හිටලා බුරියානි දෙන්න මා උත්සාහ කරනවා. ඒවා තමයි ‘ඩූම්2’ සහ ‘කි‍්‍රෂ්’. මේ වතාවේ මා උත්සාහ කළේ ඔවුන්ගේ රස වින්ඳනය උදෙසා අලූත් දෙයක් දෙන්නයි. වෙනසක් කරන්නයි. ඒ වෙනස තමයි කයිට්ස්. මේ වතාවේ මා ඔවුන්ට දුන්නේ බුරියානි නොවේ පාස්ටා” (පාස්ටා යනු මෙක්සිකෝවේ රස කෑමකි) යැයි රඛේෂ් රෝෂන් කයිට්ස් චිත‍්‍රපටය ගැන අදහස් දක්වමින් ෆිල්ම් ෆෙයාර් සඟරාවට පවසා තිබුණි.

2011 වසරේ දී බාබරා කි‍්‍රයාදාම රූපවාහිනී කතාමාලාවක් වූ ‘වියෙන්ටෝ එල් කොන්ට‍්‍රා’ හි ප‍්‍රධාන චරිතයට පණ පෙව්වාය. මෙම කතා මාලාව ද අතිශයින් ජනපි‍්‍රය විය. කොතරම් ජනපි‍්‍රයත්වය ලැබුවත් තමා කළක් පිළිකා රෝගියකුව සිටි බව බාබරා අමතක නොකළාය.

පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට පවා ඇය කැප වූවාය. ඇය ඒ වෙනුවෙන් විශේෂ අරමුදලක් ද පිහිටුවා ඇත. ඇය ආ ගමන් මඟ පිළිබඳව වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කළාය. ඒ යුනිග්ලෝබල් චිත‍්‍රාගාරය සමඟ එක් වීමෙනි. ඇගේ එම වාර්තා වැඩසටහන ‘1 අ මිනියුත්’ නම් විය. එය ඉංගී‍්‍රසි සහ හින්දි බසින් ඇමෙරිකාවේත් ඉන්දියාවේත් රූපවාහිනී නාළිකාවල විකාශය කෙරුණි.

ෆිල්ම් ෆෙයාර් ඇසුරිනි

 

ලූසිත ජයමාන්න

 

හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්

ජර්මනියේ හැනා නිට්ෂේ



අදහස් (0)

පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය බාබරා මෝරි

තරක Wednesday, 21 August 2013 09:13 AM

රිතික් රොෂාන් යනු රාකේෂ් රෝෂන්ගේ පියා ය. තම පුතු රිතික් රෝෂන්.........මේ මොකද.(අ)

:       0       0

ජගත් Friday, 16 August 2013 02:01 PM

ඉතා හොදයි. සුභ පැතුම්! (නි)

:       0       0

තරූ Sunday, 25 August 2013 08:20 AM

අයියෝ රාකේෂ් රොෂාන් යනු රිතික් රොෂාන්ගේ පියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 136 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 321 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 852 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 551 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 434 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1762 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site