IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පෝලිම් බඩුමිල ඡන්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තෝබර් මාසයේ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ තත්වය යටතේ එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයන් මෑතකදී කළ ප්‍රකාශවලින් වැදගත්ම ප්‍රකාශය යැයි සැලකිය හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 15 වැනිදා කළ ප්‍රකාශයයි.

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් අරන් නැහැ. අපේ පක්ෂය තරග කරන්නත් පුළුවන්. නොකරන්නත් පුළුවන්’’යනුවෙන් ඔහු එදින තලවතුගොඩ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති රැස්වීමක් අවසානයේදී ජනමාධ්‍යවේදීන්  නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

මෙසේ පවසන්නේ අනෙකකු නොව වත්මන් ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් නායකයාය.

ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් අඩු තරමින් තමන්ට ප්‍රබල තරගයක් හෝ දිය හැකියැයි සිතන දේශපාලන පක්ෂයක් තවත් මාස කිහිපයකින් පැවැත්වීමට  නියමිත එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙවැනි අවිනිශ්චිතතාවක සිටින්නේ නැත.

මේ පක්ෂය පිහිටුවා වසර තුනකින් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත් පක්ෂයක් ඉන්පසු ජනාධිපතිවරණයකින්ද පෙර නොවූ විරූ විශාල ජයග්‍රහණයක් ලබා වසර හතරක් ගත වන්නටත් පෙර වැටී ඇති තත්වයයි. රාජපක්ෂ මහතා කළේ තමන් ඕනෑම මැතිවරණයකට සුදානම් යැයි පොදුජන පෙරමුණේ නායකයන් මෑතකදී කළ සියලු ප්‍රකාශ අවලංගු කරන තරමේ බරපතළ ප්‍රකාශයකි.

අනෙක් අතට මෙය උපක්‍රමික ප්‍රකාශයකැයිද කිසිවකුටත් තර්ක කළ නොහැකිය. මන්දයත් මෙය වත්මන් ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වශයෙන්  2022 වසරේ රට තුළ ඇතිවූ දේශපාලන අර්බුදයත් හමුවේ කේඩෑරී වී ගිය බව පෙනුණු පොදුජන පෙරමුණේ ඉතිරි වී සිටින ආධාරකරුවන්ද දැඩි ලෙස අධෛර්යයට පත් කරන ප්‍රකාශයක් වන හෙයිනි.

පොදුජන පෙරමුණට මෙරට ශක්තිමත්ම පක්ෂය යැයි පක්ෂ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාත් පක්ෂයේ  නිර්මාතෘ වශයෙන් ඔහුගේ සොහොයුරු හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් ප්‍රකාශ  කළ පක්ෂයේ දෙවැනි ජාතික සම්මේලනය පැවැත්වී හරියටම මාසයකදී හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමද විශේෂත්වයකි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දැනට පාර්ලිමේන්තුවේ විශාලම විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත්  ප්‍රේමදාස මහතාත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි නායක අනුර කුමාර  දිසානායක මහතාත් තරග කරන බව එම පක්ෂ නිවේදනය කොට තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බවක් තවමත් ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය නොකළද ඔහු තරග කළ යුතුයැයි එජාප ගාලු බල මණ්ඩලය යෝජනාවක් සම්මත කොට තිබේ. එසේම වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ සියයක් (කෝටියක්) ගෙන ජයග්‍රහණය කරන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු එම පක්ෂයේ නායකයෝ කියමින් සිටිති.

 ඊට අමතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කරන බව  පැවසෙන අතර ප්‍රකට ව්‍යාපාරිකයන් වන දිලිත් ජයවීර, ජනක රත්නායක හා ධම්මික පෙරේරා යන අයද තරග කරන්නට සුදානම් බවක් පෙනේ. ජයවීර මහතා හේමකුමාර නානායක්කාර මහතා විසින් ආරම්භ කරන ලද මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට ඉකුත් සැප්තැම්බර් මාසයේදී පත්විය. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් විය හැකියැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය දිනෙක පැවසුවද දැන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවන්නටද පුළුවන් බවයි. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ  සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු දා සිට තමන්ද ජනාධිපතිවරණයට තරග කරන බව ජනක රත්නායක  මහතා පවසයි.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල, විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය දකුණේ කිසිදු අපේක්ෂකයකුට නොලැබෙන තත්වයක් උදාවෙමින් තිබේ. ඒ එහි ජනාධිපතිවරණය වර්ජනය කරනවාද නැතහොත් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද යන තියුණු විවාදයක් කෙරෙමින් පවතින හෙයිනි. උතුරේ දෙමළ ජනතාව මින් කුමන තීරණයක් ගත්තද ඉන් කියවෙන්නේ එම ජනතාව මෙවර දකුණේ කිසිදු අපේක්ෂකයකුට සහාය නොදී සිටිනු ඇත යන්නයි.

පසුගිය කාලයේ දෙමළ ජනතාව සෑම විටම ඡන්දය දී ඇත්තේ රාජපක්ෂ විරෝධි කඳවුරටය. ඒ අනුව ඔවුන් මෙවර ඡන්දය දෙන්නේ නම් දෙනු ඇත්තේ සමඟි ජන බලවේගයට හෝ ජාතික ජනබල වේගයටය. බොහෝ විට සමඟි ජනබලවේගයටය. ඒ අනුව උතුරේ අලුත්ම තත්ත්වයෙන් වැඩිම අවාසිය අත්වන්නේ සජබටය.

මෙරට මුස්ලිම් ජනතාවද මේ වනවිට බෙදී ගොස් සිටින්නේ ජාතික ජන බලවේගයට හා සමගි ජනබලවේගය යන පක්ෂ දෙක අතරය. මහ මැතිවරණයකදී මුස්ලිම් නායකයන්ට ජාතික ජනබලවේගයට වඩා සමඟි ජනබලවේගයෙන් අපේක්ෂකත්වය ලබාගැනීම පහසු විය හැකි හෙයින් ඔවුන් බොහෝ දුරට සමඟි ජනබලවේගය සමඟ සිටිනු ඇත.

මේ තත්වය යටතේ තමන්ට ඉදිරියේදී අත්විය හැකි ඉරණම ගැන සිතා බොහෝ දේශපාලනඥයන් දැන් පිල් මාරු කිරීම් වැනි ක්‍රියාමාර්ග වලට යොමු වනු පෙනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දකුණු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ශාන් විජයලාල්ද සිල්වා මහතා මේ වසර ලබනවාත් සමඟම ජනවාරි 1වැනිදා සජබට එක් විය. ඔහු දැන් සජබ අම්බලන්ගොඩ සංවිධායකයාය.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ්‍රිත තිසේරා මහතාද ජනවාරි 4 වැනිදා සජබට එක්විය. ඔහු දැන් සජබ නාත්තන්ඩිය සංවිධායකයාය. පොදුජන පෙරමුණෙන් ඉවත් වී හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් නිදහස ජනතා සභාව  නම්වූ පක්ෂය පිහිටුවා ගත් හිටපු ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා හා ඩිලාන් පෙරේරා යන තිදෙනාද එදිනම හෝ ඒ ආශ්‍රිත දිනෙක සජබ ජනමාධ්‍ය හමුවක පෙනී සිටියහ. අලුතින් එක්වන සැමට සංවිධායක ධුර පිරිනැමීම දැනට සිටින නිල හා නොනිල සංවිධායකයන් කෝප ගැන්විය හැකිය.

මේ පිල්මාරු පුදුම වීමට කරුණක් නොවේ. මෙම කැඩී වෙන්වීම් හා එක්වීම් ප්‍රතිපත්තිමය පදනමකින් සිදුවන දෑ නොවේ. නිදහස ජනතා සභාවේ හෝ විමල් වීරවංශ මහතා නායකත්වය දරන උත්තර ලංකා සභාගයේ  හෝ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කාණ්ඩායමේ හෝ කිසිවෙක් ප්‍රතිපත්තිමය කරුණු මත පොදුජන පෙරමුණෙන් ඉවත් වූයේ නැත. ඔවුන් සියලු දෙනාටම බැසිල් රාජපක්ෂ මහතාගෙන් කුඩාම්මාගේ සැලකිල්ල ලැබීම ඔවුන් ආණ්ඩුවෙන් හා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට හේතුවිය.

දෙවරක්ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විශාල ජනමාධ්‍ය මෙහෙයුමක් කළ ඩලස් අලහප්පෙරුම මහතාට අසාධාරණයක් වන අයුරින් පොදුජන පෙරමුණ නිපුන රණවක මහතා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනය සඳහා යෙදවීම  අලහප්පෙරුම මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමට මූලික හේතුව වන්නට ඇත.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි  සමාගමට විකිණිම විවේචනය කිරීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 මාර්තු 3 වැනිදා විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල  මහතා ඇමැති ධුරවලින් ඉවත් කළේය. එහෙත් එම මාසයේ 31 වැනිදා ඒ දෙදෙනාත් වාසුදේව  නානායක්කාර මහතාත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගන්නට අර්බුදයක  ගිලී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ කරවා ගත්හ. එහිදී කෙරවලපිටියේ ගිවිසුම අහෝසි කිරීමේ එකඟතාවක් නොවීය. අරගලය නිසා අවුල් නොවී  එම  සර්ව පාක්ෂික ආණ්ඩු වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වූයේ නම් ඇතැම් විට ඔවුන්ද අද සිටිනු ඇත්තේ වත්මන් ආණ්ඩුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි කණ්ඩායම් එක්ව කටයුතු කළ යුතුය. යන පදනමින් තමන් ජාතික ජන බලවේගය සමඟ කටයුතු කිරීමට සුදානම් බව වාසුදේව නානායක්කාර මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණි. එහි දේශපාලන අරමුණක්ද තිබෙන බව සිතුණු නිසාදෝ ජාතික ජනබලවේගයේත් ජවිපෙත් නායකයකු වන ලාල් කාන්ත මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුවේ සිටි ඩලස් අලහප්පෙරුම හා විමල් වීරවංශ වැනි අය ජාතික බලවේගයට ඇතුල් කර නොගන්නා බවයි.

මෙය තනතුරු අපේක්ෂා කරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ප්‍රතිපත්තියක් වුවත් වෙනත් අය සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි ප්‍රතිපත්තියකි. මන්දයත් ජාතික ජන බලවේගය ශක්තිමත් විය හැක්කේ මෙතෙක් වෙනත් පක්ෂවල සිටිවුන් එක්වීම නිසාම පමණකි.

ජාතික ජන බලවේගයේ නායකයෝ වෙනදා මෙන් නොව ඉදිරි මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටිති. එම පක්ෂය මෑතකදී දකුණේ පැවැත්වූ සාර්ථක කාන්තා සමුළුව නිසාදෝ අන් කවරදාවත් නොවූ අයුරින් එම පක්ෂය බලයට පත්විය හැකියැයි අනෙක් ප්‍රධාන පක්ෂද සිතන බවක් පෙනේ. ජා.ජ.බ බලයට පත්විය නොහැකි යැයි කියා නොව එම පක්ෂයට ආණ්ඩු කළ නොහැකි  යැයි  ද දේශපාලනයේදී අත්හදා බැලීම් නොකළ යුතු යැයිද ඔවුන් ජනතාවට කියන්නේ ඒ නිසාය. ජාජබට රටේ ප්‍රශ්න විසඳිය  හැකිද යන්න කෙසේ වෙතත් අලුත් පක්ෂ බලයට පත් නොකළ යුතුයැයි කීම මෙතෙක් රට අගාධයට ඇදගෙන ගිය පක්ෂවලටම යළි බලය දිය යුතු යැයි කියන අතිශයින්ම ප්‍රතිගාමි අදහසකි.

පවතින  තත්වය අනුව එජාපය හා පොදුජන පෙරමුණ එක්වීම හැර එම පක්ෂ දෙකට වෙනත් විකල්පයක් නැත. එජාප නායකයන් පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ සියයක්  ගත හැකිනම් ඔවුන් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට මෙතරම් බිය වන්නේ නැත. තමන්ගේ ප්‍රකාශය පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් ඇත්නම් ඔවුන් කළ යුත්තේ දැන්ම පළාත් පාලන මැතිවරණ පවත්වා ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කොට තබා ගැනීමය.

වික්‍රමසිංහ මහතා රට ගොඩ දැමූ බව ජනතාවට පවසන එජාප නායකයන් නොදකින හෝ නොදකින බව පෙන්වන මහ පොළොවේ යථාර්ථය නම්  පෝලිම් නැති වුවත් එම  ජනතාවට අරගලය පුපුරා ගිය 2022 වසරේ සිටියාට වඩා ආර්ථික වශයෙන් දරුණු දුෂ්කරතාවට පත්වී  කර කියා ගන්නට නොහැකිව සිටිතියි යන්නයි. මර්දනයට ඇති බිය නිසා නොවේ නම් මේ තත්වය මේ වනවිට දේශපාලන වශයෙන්ද  ප්‍රකාශයට පත්වන්නට ඉඩ තිබිණි. ආණ්ඩුව ඉක්මන් ප්‍රතිකර්මයක් නොකළහොත්, එය ඉදිරි මැතිවරණවලදී ප්‍රකාශයට පත්වනු ඇත.

කෙසේ වෙතත් කෙතරම් බඩුමිල ඉහළ ගියත් එය දරා ගත හැකි  සිහින බිඳ නොවැටුණු සුළු පිරිසක්ද  රටේ සිටිති. පෝලිම් නැති නිසා ඔවුන් වත්මන් තත්වය රට ගොඩදැමීමක් ලෙස සලකන්නට ඉඩ තිබේ. ඔවුන්ගේ සහාය නම් නිසැකවම වික්‍රමසිංහ මහතාට බොහෝ දුරට  ලැබෙන්නට ඉඩ තිබේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

පෝලිම් බඩුමිල ඡන්ද

sam Sunday, 21 January 2024 06:58 AM

රටේ පුරවැසියන් පාලන පක්ෂයේ වෙනසක් නොව සමස්ත දේශපාලන ක්‍රමවේදයේම සැබෑ වෙනසක්, දේශපාලන පරිවර්තනයක් ඉල්ලා සිටිනා අවස්ථාවක පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයින් පසුගිය දශක ගණනාවක් ඔවුන්ගේ පාලන කාලයේ සිදුවූ වැරැදි නිවැරැදි කරගැනීමට යලිත් බලය ඉල්ලා රටේ පුරවැසියන් වෙත යාමට හැකිද? පුරවැසියන් ඔවුන් විස්වාස කර නැවත ඔවුන්ට ඡන්දය ලබාදේවිද?

:       0       0

fairoos Tuesday, 23 January 2024 07:32 PM

මාරුවෙන් මාරුවට හොරාකාපු අයට නම් මෙදාපාර ඡන්දෙ ලැබෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 255 1

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 319 1

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 3359 3

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 292 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1297 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 393 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site