ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් වූයේය. ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවසානයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළාය. එනමුදු මේ වනතුරු ඔහු ගැන හරි හැටි හෝඩුවාවක් දැනගැනීමට නොහැකි විය.
ඒ අතර ඔහුගේ අතුරුදන් වීම ගැන විවිධ පාර්ශවයන්ට විවිධ හැඩගැන්වූ චෝදනා එල්ලවීම ඇරඹුණේය. ප‍්‍රථමයෙන් ප‍්‍රබල ලෙස ඇඟිල්ල දික්වූයේ වර්තමාන පාලක ආණ්ඩු පක්ෂයටය. ආණ්ඩු පක්ෂයේ හා එම විෂයට සම්බන්ධ රාජ්‍ය නිලධාරිහු ද ඊට සමගාමීව විවිධ මත ප‍්‍රකාශයට පත් කළහ. එහෙත් එම ප‍්‍රශ්නය අරබයා සතුටුදායක පිළිතුරක් සොයාගැනීමට වර්තමාන පාලකයන් ද අසමත්වී ඇත්තේය. එසේ වුව ද එම වගකීමෙන් බැහැර වීමට ඔවුන්ට ද සදාචාරාත්මක අයිතියක් නොමැති බව මානව හිමිකම් පූජණීයත්වයෙන් සලකන රටවැසියකුට වුව ද අවබෝධ වන කරුණකි.
මෙලෙස හෙළිනොවූ අතුරුදන් වූවන්ගේ කථා අතරට එක්නැලිගොඩ කතා පුවත ද අතීතයට එක් කරමින් සිටි අවදියක ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප‍්‍රංශයේ ජීවත් වන බවට පුවතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ජන මාධ්‍ය මගින් ලාංකික ජන සමාජය තුළ කතිකාවක් ඇති කෙළේය.
කතානායකයා වයඹ පළාතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දුය. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රී තුමාගේ මව, බාල සොහොයුරා සහ නැඟණිය ජීවත්වන්නේ ප‍්‍රංශයේ අගනුවර පැරීසියට නුදුරු නගරයකය. ඔවුන්ව මුණගැසීමට අරුන්දික බොහෝ විට පැරීසියට පැමිණේ. 2012 ජනවාරි මස දෙමාපියන් හමුවීම සඳහා ඔහු සිය පවුල සමග පැරීසියට පැමිණියේය. පසුගියදා අරුන්දික මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තු සභා ගර්භයේ කළ එක්නැලිගොඩ කථා වස්තුව ඇරඹෙන්නේ ඉහත දිනයෙන් පසුවය.
ඔහුගේ කථා පුවතට අනුව උප කතානායක මංජුල වෙඩිවර්ධන නම් මාධ්‍යවේදී මිතුරා හමුවීමට ඔහුගේ බාල සොහොයුරු හා හිතවතෙක් සමග පැරීසියේ සිට කි.මි. 400ක් පමණ දුර පිහිටි ප‍්‍රංශයේ ගමකට ගියෝය.
සොයුරා හා හිතවතා වාහනයේ නවතා අරුන්දික මන්ත‍්‍රීවරයා පමණක් වෙඩිවර්ධන නිවෙසට ඇතුළු වූයේය. එහිදී මංජුල මිතුරා විසින් අරුන්දික මිතුරාට ප‍්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් හඳුන්වා දුන්නේය. මිතුරු හමුවෙන් පසු නිවසින් පිටවූ මන්ත‍්‍රීතුමා පැරීසියට පැමිණ ඉන් ටික දිනකට පසු මව්බිමට පය තබා ඉන් අවුරුද්දකටත් වැඩි කලක් ගෙවී යන කල්හී පසුගිය දිනක විවිධ සංස්කරණ වලින් පසු ඉහත ජේම්ස් බොන්ඞ් තිර රචනාව පාර්ලිමේන්තුවේදී එළි දැක්වූයේය. දැන් එය කරළියේ රඟ දක්වමින් රටවැසි පේ‍්‍රක්ෂකයෝ නරඹමින් සිටින්නෝය.
ඊට අමතරව වෙඩිවර්ධනගේ ප‍්‍රකාශයක් හා ප‍්‍රශ්න පත‍්‍රයක් ද මාධ්‍යයට නිකුත් කරමින් අරුන්දික මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශය මංජුල වෙඩිවර්ධන විසින් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය ද ප‍්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් ප‍්‍රංශයේ නොමැති බව ප‍්‍රකාශ කරමින් නිවේදන නිකුත් කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙම පරිසරය තුළ වෙඩිවර්ධන ප‍්‍රශ්න පත‍්‍රයේ සාධාරණ ප‍්‍රශ්න කිහිපයක් අතැතිව මේ ගැන ලූණු ඇඹුල් ඇතිව දැනගැනීමේ ආශාවෙන් අරුන්දික මන්ත‍්‍රීවරයාගේ මෑණියන්, සහෝදරයා හා නැඟණිය හමුවී ඔවුන් සමග සාකච්ඡුා කළෙමි. අරුන්දිකගේ මියගිය පියා මෙම ලියුම්කරුගේ කළණ මිතුරෙකි.
එබැවින් එම පවුලේ සියලූදෙනා හොඳින් හඳුනන්නෙමි. පැය දෙකක් පමණ සාකච්ඡුාව ගලා ගියේය. තර්ක විතර්ක ප‍්‍රශ්න හා පිළිතුරු, ආදී ලෙස ගෙවී ගිය කථාව ලිවීම අනවශ්‍යය. පිටු පිරවීමක් වන බැවින් සාකච්ඡුාවේ අති පීඩන සාරාංශය ඔවුහු සියල්ලෝම මන්ත‍්‍රී වරයාගේ කථාව සනාථ කරති. දශක තුනකට ආසන්නව ප‍්‍රංශයේ වෙසෙන මන්ත‍්‍රීතුමාගේ සහෝදරයාවත් වෙඩිවර්ධන නිවස්නය පිහිටි ගමේ නම නොදන්නේය. ඒ ගැන ඇසූවිට ගමනාන්තය දක්වා ඔහු නිදි සුවය වින්ද බැවින් ගිය තැනක් මතක නැත. නමුත් ප‍්‍රංශයේ ගමකට ගොස් වෙඩිවර්ධන හමුවී ඇත්තේය. ලිපිනයක් නොදැන ප‍්‍රංශයේ පමණක් නොව ලංකාවේ වුවද සැරි සැරීමට සිදුවුවොත් ප‍්‍රතිඵලය කුමක්වේද? යන්න කියවන පාඨකයන් අවබෝධ කරගැනීම වටින්නේය.
ඒ අතර මන්ත‍්‍රීතුමා හැර ඔහුගේ පවුලේ කිසිකෙනෙක් එක්නැලිගොඩ ඇස් දෙකට දැක නොමැත. ෆොටෝ වලින් දැකඇත්තේය. තම පුතාගේ කථාව හරි හෝ වැරදි වුවද එය වැරදි යැයි කියන්නේ මොන ඥාතියා ද? ඒ අනුසාරයෙන් මන්ත‍්‍රී පුතාව රැුකගත් මෑණියන්ගේ කථාවක් ලෙසට ඉහත සාකච්ඡුාව සැලකීම වඩාත්ම යෝග්‍ය වේ.
මෙම හමුවීමට අමතරව සොයා ගත් තොරතුරු මත වෙනත් තුන්වැනි පාර්ශ්වයක් හමුවීමට උත්සාහ කළ ද අනපේක්ෂිත කරුණු මත ඔවුන්ව මුණගැසීම සිදු නොවුණත් ඔවුන් හා දුරකථනයෙන් කරුණු විමසීමට අවස්ථාව ලබා දුන් හෙයින් ඉහත එක්නැලිගොඩ මාතෘකාව ගැන විමසීමට අවස්ථාවක් ලබාගත්තෙමි.
ඒ අනුව අසූව දශකයේ යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන දශක තුනකට ආසන්නව ප‍්‍රංශයේ ජීවත් වෙන, වයස අවුරුදු 65 ක් පමණ වයසැති එක්නැලිගොඩගේ මස්සිනා සමග දොඩමලූ වීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ බිරිඳ, එක්නැලිගොඩ නැඟණිය ජයන්ති එක්නැලිගොඩ හා දොඩමලූ වීම දුෂ්කර කාර්යයක් වූයේය. ඔවුන් හා සංවාදයේ සාරාංශය මෙසේය.
ප‍්‍රගීත්ගේ එක් පිරිමි දරුවෙක් පියා නැති සොවින් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත් එවැනි දරුවෙක් බැලීමටවත් නොපැමිණෙන පියෙක් මේ ලෝකේ සිටී දැයි ඔවුන්ගේ ප‍්‍රශ්නයයි. අපේ ජාතිය, නැති මිනිහා විකුණාගෙන කෑමට දක්ෂ ජාතියක් බවත් මෙය අරුන්දිකගේ සම්පප‍්‍රලාපයක් බවත් කීවේය. තව බොහෝ දේ ඔවුහු කීහ. එනමුදු බාහිර සමාජයට අකමැතිව එක් ආගමකට කොටුවී දැහැමින් අසරණ ජීවිතයකට ඔවුහු හිමිකරුවෝ වී ඇත.
ඉහත දැක්වූ අරුන්දික සංචාරය තුළදී පැරීසියේ කළාප අංක 02 හි කැත්ර සැප්තැම්බර් නම් පාරේ අංක 11 හි පිහිටි, ඒ දවස ශ්‍රී ලාංකික හිමිකරුවෙක් විසින් පවත්වා ගෙන ගිය ආපන ශාලාවකදී එක්නැලිගොඩ ප‍්‍රබන්ධයට පෙර අරුන්දික මන්ත‍්‍රීවරයා සඳහා සුහද හමුවක් පැවැත්වූයේය. ඒ 2012 ජනවාරි මස 05 වැනිදා සවස 08 ට පමණය. පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පිරිසක් හා හිතවතුන් පිරිසක් සැඳෑවේ පුරෝගාමීන් වූවෝය. එම හමුවට මෙම ලියුම්කරු ද පැය දෙකක් පමණ කාලයක් වැයකළේය. එදින හමුවට පැමිණ සිටි ඉතාමත්ම සුළු පිරිස අතර වැඩි පිරිසක් මා හොඳින් දන්නා හඳුනන මිතුරෝය. එවැනි පරිසරයක ප‍්‍රගීත් එක්නැලිගොඩ තට්ටය ගාගෙන එදින අරුන්දික සැඳෑවට පැමිණ සිටි බව අද පැරීසියේ කටකථා පුවත්වලට එක්වී ඇත්තේය.
පුවත් මැවුම්කරුවන්ට අනුව ප‍්‍රගීත් එක්නැලිගොඩ තට්ටය ගාගත් ප‍්‍රංශයේ දේශපාලන රැකවරණකරුවෙකි. ප‍්‍රංශයේ සිටි ඔහු පසුව ස්විට්සර්ලන්තයටත් ඉන් අනතුරුව එංගලන්තයටත් ගොස් ඇත්තේය. නමුත් ඔහු පණ පිටින් දැකපු කෙනෙක් සොයාගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කරය. එබැවින් පැරීසියේ දී තට්ටය ඇති සිංහලයෙක් දකින හැම මොහොතකම විමසිලිමත් වන අතර එක්නැලිගොඩ අවතාර කථාව සිහියට නැෙඟන්නේය.
ඉහත සඳහන් කළේ පැරීසියේ ඥානකථාකාරයන්ගේ එක්නැලිගොඩ සංචාරක කථා පුවතය. මෙය අරුන්දික කථා පුවතේ අතුරු පලයකි. පාසල් සමයේ එවැනි කථා ඥානකථා ලෙස හැඳින්වීමට අපි පුරුදුවී සිටියෙමු. එදා ඥානකථා යනු සිනි තැවරූ බාගයට තැම්බූ පිටි ගුලියකි. එවැනි පිටි ගුලි මේ දිනවල පැරීසියේ විකිණීමට ඇත්තේය. කැමති කෙනෙකුට ගිල දැමිය හැක්කේය. නමුත් බොහෝදෙනෙක් කුණු බක්කියට විසි කරති. එබැවින් මේ දිනවල පැරීසියේ කුණු බක්කි පිටි ගුලි වලින් පිරී ඇත්තේය. ඉහත කතා පුවතට අනුව කථානායක අරුන්දික මන්ත‍්‍රීවරයා පමණක් ප‍්‍රගීත් එක්නැලිගොඩ දුටු බව කියන්නේය. එහි උප කථා නායක මංජුල වෙඩිවර්ධන මාධ්‍යවේදියා එවැන්නෙක් නොපෙන්වූ බව කියන්නේය. අවසානයේ අන්තෝ ජඨා බහිජඨා ප‍්‍රශ්නාර්ථයක් සමග එක්නැලිගොඩ කථා පුවත වායු තලයට එක්වී ඇත්තේය.
සුනිල් ආනන්ද පැරීසියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රරත්න, ඔය ප්‍රගීත්ගේ ලිපි කියවල නැතුව ඇති.ඔබ මේ වගේ දේවල් කියලා ඔහුගේ දරුවන්ගෙනුත් පලිගන්න හදන්න එපා.ඔහු විවේචනය කළේ රජය සහ එහි නායකයාව.ඔබට කියන්න පුලුවන්ද ලන්ඩන් වලින් පස්සේ ඔහු යන්නේ මොන රටටද කියලා?. (නි)
කව්ද මෙයා මාධ්‍යවේදියෙක් කියන්නේ. කුණු වෙබ් එකක් කරන කෙනත් මාධ්‍යෙව්දියෙක්ද? මෙයා මොන පත්තරේටද ලියල තියෙන්නේ. මොන නාලිකවේද වැඩ කරලා තියෙන්නේ. අපි මෙයා ගැන ඇහුවෙත් ඔය අතුරුදන් වුනා කිව්වට පස්සේ අද මෙයාව විකුණන තරම බැලුවම මෙයාගේ බිරිද ජිනීවා වලට ගිහින් රටට ද්‍රෝහෝහි වෙන හැටි. එයාව මෙහෙයවන හැටි දැක්කම මෙතන යන ගේම් එක් අපිට හොදට පැහැදිලියි.(නදී)
ප්රගීත් එක්නැලිගොඩ ලියපු ලිපි මමත් කියවලා තියෙනවා. ඒත් ඒ එක ලිපියක් වත් සමබරව මාධ්‍ය සදාචාරයක් ඇතිව ලියපු ඒවා නොවෙයි. සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත්කිරීමේ පරම චේතනාවෙන් සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ලියපු ඒවායි. මටනම් ඔහු මාධ්‍ය වේදියකු නොව දේශ ද්‍රෝහියෙකි. ප්‍රංශය කියන්නේ සරණාගතයින්ගේ දේශය ලෙසින් තමන්වම හඳුන්වා ගන්නා රටක්. හොඳට රඟපාන්න බොරු කියන්න පුළුවන් අයට ලේසියෙන්ම දේශපාලන රැකවරණ ලබාගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ සිංහල දෙමල විතරක් නොවෙයි මුස්ලිම් බර්ගර් අයත් තමතමන්ගේ බොරු කීමේ දක්ෂතාවය මත දේශපාලන රැකවරණ ලබාගෙන හොඳ සුවපහසු ජිවිත ගත කරනවා. සමහර අය තමන්ගේ නම වෙනුවට වෙනත් අයගේ නම් පාවිච්චි කරලයි මේ රැකවරණ ලබාගන්නේ. පැරිසියේ ඉඳන් ලොක්කෙක් වගේ ලියන තවත් කෙනෙක් ඉන්නවා එයත් ප්‍රංශයේ ඉන්නවද කියලා ප්‍රංශ ආණ්ඩුවෙන් ඇහුවොත් එයාල කියාවි "අනේ මෙහේ එහෙම කෙනෙක් නැහැනේ කියලා." හේතුව එයා දේශපාලන රැකවරණ ලබාගෙන තිබෙන්නේ ලංකාවේ ඇත්තටම ප්‍රශ්න රැසකට මැදිවෙලා ඉන්න පුද්ගලයෙකුගේ නම යොදා ගනිමින් වීම. ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා ඇති සිංහලයින්ගෙන් බහුතරයක් තමන් ජ.වි.පෙ. සාමාජිකයින් බව පවසමින් තමයි එය ලබාගෙන තිබෙන්නේ. හැබැයි ඒ අයගෙන් වැඩි දෙනෙක් ජ.වි.පෙ. ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. අරුන්දික ගේ පවුලේ අය අපිත් හොඳට අඳුනනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් බොරු කියනවා අපට විශ්වාස කරන්න අමාරුයි. නමුත් මේක දැන් දේශපාලන ප්‍රශ්නයක් වී ඇති නිසා සමහර කරුණු එලි කිරීමට අකමැති ඇති.(නදී)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ නේද? නමුත් මේක බොරුවක් වෙන්න බැහැ කියලයි මගේ අදහස. (දී)
ඔක්කොමල නාට්ටි රඟපානවා ,,,,, අපි කට ඇරගෙන බලාගෙන ඉදල අවරුදු හයකට සැරයක් ගිහින් කතිරේ ගහනවා (අ)
ෂෙරිෆ්, රිචඩ් සොයිස මහතා ලංකාවේ හිටපු ඇති දක්ෂ මුළු ලංකාවම දන්නා උගත් මාධ්‍යවේදියෙක්. ඔහු හා එක්නැලිගොඩ සමාන කිරීම මම අනුමත නොකරමි. අද මාධ්‍ය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන බොහෝ දෙනෙක් එකල රිචර්ඩ් සොයිසා මහතාව මරපු වෙලේ සද්ද නැහැ (නි)
අපේ ලංකාවේ රජය පෙරලීමත් රට අස්ථාවර කිරීමටත් මඩ වෙබ් අඩවි බොහෝ ඇත. විදේශ මුදල් ලබමින් ඉතා සුඛෝපබෝගී ජිවිත ගත කරමින් බොරු මවා පා ලියන මඩ වෙබ් අඩවි බොහෝය. රටට වැඩක් කරන සේවයක් කරන වෙබ් අඩවි පුවත්පත් බොහම අමාරුවෙන් කරගෙන යන්නේ. ඒවාට ඇගයීම කරන අය ඉතා දුර්ලබය. මේ ලංකාදීපය මගේ එකම සිංහල පුවත් පතය. මම මෙයට සැමදා ගරු කරමි. ලංකාදීප කතු මඬුල්ලට ස්තුතිවන්ත වෙමි (නි)
විරුද්ධ දේශපාලන නෙමෙයි සම්පත් මෙයා වැඩ කලේ ලංකා ඊළාම් නිව්ස් එකට.(නදී)
අපි පොළොවේ පය ගහලා ඉන්න බත් කන මිනිස්සු හැටියට ප්‍රගීත්ට වෙච්චදේ ගැන අවදියෙන් ඉන්නේ.ප්‍රගීත්ගේ ලිපි කීපයක් මම කියවලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නය ප්‍රගීත් ජීවතුන් අතරද නැද්ද යන්නයි. මානව හිමිකම් සම්බන්දයෙන් ඔහුට වී ඇතිදේ ගැන කතා කිරීමට ඔහුගේ බිරිඳට ඇති අයිතිය රට පවා දීමක්ද? ඔබගේ සහෝදරයව අතුරුදහන් කලොත් ඔබ ගන්න පියවර කුමක්ද?රටේ සිටින කිසිවෙකුට අප රටට උඩින් ඉන්නට නොහැක.රට අංක එක මිස ආණ්ඩුව අංක එක නොවේ. (නි)
මම හිතුවේ නැහැ අරුන්දික මන්ත්‍රීතුමා මේ තරම් පහත් කෙනෙක් කියලා. මේ කතාව බොරු නම් ලබන පාර ඡන්දයේදී ඔබට බඩු හරි මහත්තයෝ.(නදී)
කියන්න තියෙන්නේ එක දේයි ලියුම් අපි හොඳින් දන්නා පාවා දෙන්නෙක් .එක්නෙලි ගොඩ කියන්නෙත් මේ වගේම අයෙක් (අ)
අමිල මෙයාට ලන්ඩන් වල සිට තව ඕනෙම රටකට යන්න පුළුවන් ලංකාවට විතරක් නැතුව. දේශපාලන රැකවරණ ලබා ගත් අයට දෙන ගමන් බල පත්‍රය කරදරයක් නැතුව ආරක්ෂා කාරීව බටහිර යුරෝපයේත් එක්සත් ජනපදයේත් ගමන් කිරීමට හැකියාව ඇත. ලංකාවට විරුද්ධව මඩ ගසන මාධයකරුවන් හමුදා නිලදාරීන් වෙනුවෙන් මෙම රටවල් වලට ලොකු සේවයක් කරනවා. ඔවුන්ගේ මාර්ගයෙන් ලංකාවේ රජය පෙරලා බටහිරට ගැති සහ ඔවුන් කියන අන්දමට කරන රජයක් ඇති කිරීමට.(නදී)
ඈත අතීතයේත් අපේ ලංකාව විදේශිකයන්ට පාවා දුන් අය අප ඉතිහාස පොත් වල කියවා ඇත.නම්බු නාම, ලොකු ඉස්කෝල, මුදල්,හොඳ රැකියා ගන්නට රට පාවා දුන්නා සේම ආගම පාවා දුන්න අයද එමටය. රුපියල් සත වලට ඩොලර් වලට යුරෝ වලට පවුම් වලට විකිනෙන ශ්‍රී ලංකාවේ අප අද ජිවත් වෙමු (දී)
අපි නම් දන්නේ නැහැ
සත්‍යපාල උදේ පාන්දර අසත්‍යක් කියල වගේ. මඩ වෙබ් වලට කඩේ යන්න එපා සත්‍යපාල. අපි මෙයා ගැන ඇහුවෙත් නැති උනා කිව්වට පස්සේ. මෙයා මඩ වෙබ් අඩවියක් කරපු කෙනෙක් විදේශ මුදල් වලට.(නදී)
සදුනි ඔයාගේ කතාව හරි. 100% ක්ම එකගයි.(නදී)
මෙයා මඩ වෙබ් එකක. මෙයාගේ බිරිඳත් රට යන්න වෙන්න ඇති හදන්නේ. රට පාවා දෙන මේ වගේ අය ලංකාවෙන් පිට වෙන එකම තමා හොඳ. ඔය මනුෂ්‍යව රට ඇරියේ විරුද්ධ පක්ෂයේ සහයෙන්ද? ඔවුන් නිහඩව මොහුගේ නමින් බොර දියේ මාළු බානවා වගේයි නේද?(නදී)
මට මාධ්‍යවේදි රිචඩ් ද සොයිසා මහත්මයා මතක් වුනා.(නදී)
ප්‍රගීත්ට වෙච්චදේ ජනාධිපතිතුමා දන්නවා ඇති නේද?(නදී)
එක්නෙලිගොඩ අද ප්‍රන්සයේ නැතිවුනට පසුගිය කාලයේ හිටිය. ඔහු ළමයි ගැන හෝ පවුල ගෙන හැඟීමක් නැති සල්ලි වලින් ජීවත් වන කෙනෙක්. ඕන හොරෙකුට ඕන ජරා වැඩක් කරලා ඇවිල්ලා ප්‍රන්සයට ඇවිල්ලා දේශපාලන රැකවරන ලභාගන්න පුළුවන් නිසා. ඔහු හොර නමකින් ඉන්නේ . මේදිනවල ලන්ඩන් වල ඉන්නේ . (දී)
ප්රගීත් එක්නැලිගොඩ යනු ලියුම් කරු පවසන පරිදි මාධ්‍ය වේදියෙක් නොව මඩ වෙබ් අඩවියක් භාවිතා කරමින් රටට මඩ ගසමින් කොටි වෙනුවෙන් කඩේ ගිය අයෙකි. එහෙත් ඔහුටද මානව හිමිකම් සියල්ල උරුමය. ඔහුගේ ජීවිතය සෙල්ලමකට ගන්නා අරුන්දික මන්ත්‍රී වරයාට එරෙහිව නීති මගින් කටයුතු කල යුතුමය.(නදී)
හැමෝම කියන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ජිවතුන් අතර ඉන්නවාද (අ)
පුත්තලම කියන්නේ බූරුවන්ට ප්‍රසිද්ධ ප්‍රදේශයක්.(නදී)
විරුද්ධ දේශපාලන මත දරපු නිසා තමයි එතුමට මෙහෙම උනේ. මන් හිතන්නේ නැහැ තමාගේ දරු පවුල බලන්නේ නැතිව හැංගිලා ඉදියි කියලා .(නදී)
එක්නැලිගොඩ කියන්නේ මගේ මිත්‍රයෙක්.හිත හොද මිනිහෙක්.එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා චරිතයක් එයාට තිබුනා.ගොඩක් අය එයාගෙන් වැඩ ගත්තා. ඔහුගේ උදවු ගෙන පිටරට උසස් අධ්‍යාපනය ලබන මැති ඇමති දරුවෝ පවා සිටිනවා. එවැනි දක්ෂකම් ඇති ප්‍රගීත් ගැන දන්නා අය කිසිම විරෝධතාවයකදී ඡායාරූප වල නොදුටුවෙමි. (නි)
ප්‍රන්සයට පැමිණ දේශපාලන රැකවරණ ගන්න බොහෝ සිංහලයන් එම රටේදී හමුවන සිංහලයන් මුණ ගැසිමෙන් වැලකි සිටීම සිරිතකි. මොකද මෙහිදී දේශපාලන රැකවරණ විසා ගත්තා කීම ලැජ්ජාවකි. මම දන්නා අන්දමට බොහෝ සිංහලයන් මෙහි දේශපාලන රැකවරණ ගන්නේ වෙනත් අයකුගේ හෝ හොරට ගත් ගමන් බලපත්‍ර දීමෙන්ය. සමහරු ගමන් බලපත්‍ර නොමැතිව වෙනත් හැඳුනුම් පත පමණක් පාවිච්චි කරති. පැරිස් වල දේශපාලන රැකවරණ ඉල්ලන්ට උදව් කිරීමට මුදල් වලට සිංහල සහෝදරයන්ද සිටිති. මම ඔහුගේ නම සඳහන් නොකරමි. ඔහුට එය සඳහා බල පත්‍රයක්ද ඇත. ඕනෙම සිංහලෙන් හෝ දෙමලෙන් ගසපු ලිපියක් ප්‍රංස බාශාවට පරිවර්තනය කර දීමට ඔහුට ප්‍රංස රජයෙන් ලැබුන බලපත්‍රයක් තිබේ. ඔහු මුදලට ඕනෙම කෙනෙකුට තරාතිරම නොබලා දෙමල මුස්ලිම් හෝ සිංහල ඕනෙම කෙනෙකුට මුදල් වලට ඔහුගේ සහයෝගය ලබාදී කෙසේ හෝ දේශපාලන රැකවරණ පත්‍රය ලබා දෙයි. එය ලබා ගත් කෙනාට සෑම මාසයකම රජයෙන් මුදලක් ජිවත් වීමට ලැබේ. වෙනත් පහසුකම් ද ලැබේ. සාමාන්‍යයෙන් දේශපාලන රැකවරණ ගත් කෙනෙකු වෙන කෙනෙකුට හමු උනත් කියන්නේ නැහැ ඔහුට දේශපාලන රැකවරණ විසා තිබේ කියලා. එය ලැජ්ජාවක් හෝ මදි කමක් සේ සලකා එක්නැලිගොඩ ප්‍රන්සයේ ඉන්නවද නැද්ද කියා අප කවුරුත් දන්නේ නැත. යුරෝපයේ දේශපාලන රැකවරණ ගන්නා ඕනෙම කෙනෙකුට මෙහෙන් දෙන විශේස ගමන් බලපත් වලින් තමන්ගේ රටට හැර වෙන රටවල් වලට ගමන් කල හැක.(නදී)