IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පාතාලය සුද්ද කිරීම ජාතික ආරක්ෂාවේ පියවරක්

ගොනා කෝවිලේ රාජා වශයෙන් හඳුන්වනු ලැබූ, සංවිධානාත්මක අපරාධකරුවකු බවට පොලීසිය සඳහන් කරන රාජා විමලධර්ම නම් පුද්ගලයා පසුගිය දිනක පොලීසිය මගින් තබන ලද වෙඩි පහරකින් මරුමුවට පත්විය. ඔහු දැනට සති දෙකකට පමණ ඉහතදී රත්මලානේ සොයිසාපුර හෝටලයකට පහරදී වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් නම සඳහන් වී සිටි තැනැත්තාය.

පොලිස් වෙඩි පහරින් අපරාධකරුවකු මියගිය පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අපරාධ ලෝකයේ තෝරු මෝරු ප්‍රමාණයේ පාතාල නායකයකු පොලීසිය මගින් හඹාගොස් වෙඩි තබා ඝාතනය කෙරුණේ සෑහෙන කාලයකට පසුවය. ඝාතනය නොවුණානම් මේ සැකකරු නවතින්නේ විදෙස් රටක වීමට ඉඩ තිබූ බවද ප්‍රකාශ වී තිබිණි. ලංකාවේ අපරාධකාරයන්ට සුපිරි නවාතැන් බවට පත්ව තිබෙන රටවල් ගණනාවක්ම තිබෙන බැවින් ඒ කතාව බොරුවක් යැයි බැහැර කළ නොහැක.

ඒ සමඟ කිවයුත්තේ මෙතුවක් කාලයක් බන්ධනාගාර නිලධාරීන්ට ‘තහනම් කලාපයක්’ බවට පත්ව තිබූ බව කියන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියට කඩාපැන තහනම් බඩු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් නිර්භයව ඉදිරිපත් වීමය.

සංවිධානාත්මක අපරාධවලදී සිරගෙවල්වල සිට ක්‍රියාත්මක කෙරෙන ස්මාර්ට් දුරකතනය යනු ‘බර අවියක්’ තරමට භයානක උපකරණයකි. ඒවා අත්අඩංගුවට ගැනීම නිසැකවම බන්ධනාගාරය තුළ සිට ක්‍රියාත්මක කෙරෙන පාතාලයට වැඩක් දීමකි.

ගොනා කෝවිලේ රාජා නම් අපරාධකරු හඹාගොස් ඝාතනය කිරීමද ඒ ආකාරයේම පාතාලයට වැඩක් දීමකි. මේ කරුණු දෙක එකිනෙකට සම්බන්ධයක් නැත. එහෙත් බන්ධනාගාරය තුළ සිට සහ එළියේ සිට ක්‍රියාත්මක වන පාතාල ක්‍රියා මැඬපවත්වන්නැයි තදින්ම නියෝග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා සිදුකළ කතාවෙන් පසුව මේ ක්‍රියා සිදුවීම සුවිශේෂය.

බන්ධනාගාර අභ්‍යන්තර කටයුතු විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවැති අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා තිබුණේ රටේ බොහෝ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරවල සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු තමන් සතු බවය. මෙය වැළැක්වීමේ පියවරක් වශයෙන් බන්ධනාගාර තුළ ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කළයුතු බවද රාජපක්ෂ මහතා කියා තිබිණි. කංජිපානි ඉම්රාන්ගේ සිරකුටිය බන්ධනාගාර නිලධාරීන් අතින් සුද්ද වෙන්නේ එම කතාවෙන් පසුවය. ගොනාකෝවිලේ රාජා පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකදී ඝාතනය වන්නේද ඒ එක්කමය. පාතාලය මර්දනයට ආරක්ෂක අංශ වහාම වැඩ අරඹා ඇති බව මේ සිදුවීම් දෙක කිසියම් සංඥාවක් ලබාදී තිබේ. සාමකාමීව විනයගරුක ලෙස ජීවත්වීමට කැමැති මෙරට සියලු‍ මහජනතාවට මේ සංඥාව පවා කිසියම් අස්වැසිල්ලකි.

මෙරට තුළ සිදුවන මහා පරිමාණ කුඩු ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ බන්ධනාගාර තුළ සිට මෙහෙයවනු ලබන බවට කාලයක් තිස්සේම චෝදනා නැඟිණි. මේ වනවිට බන්ධනාගාරගත අපරාධකරුවන් සහ ගෝලබාලයන් පිරිසක් විසින් මේ අපරාධ මෙහෙයවනු ලබන බවත් ඒ සඳහා ඔවුන්ට උපකාර වන ස්මාර්ට් දුරකතන සහ සිම්පත් බන්ධනාගාර ඇතුළේම තිබෙන බවත් සුප්‍රකට රහසකි. ඒවා ඇතුළට යන්නේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් සහ උසාවිවල රාජකාරි කරන ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් හරහා බවත් නොදන්නා කෙනකු නැත. මේ සංවිධානාත්මක ජාලය තුළ රැඳී සිටින නිලධාරීන්ට මහත් වාසි, නොයෙක් දොළපිදේනි ලැබෙන බවද ඒ සමඟ කියැවේ. කොතරම් උත්සාහ කළත් මේ ජාලය කඩා බිඳ දැමීම පහසු නොවන්නේ මේ දූෂිත ක්‍රියා සහ ඔවුන්ට ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ගේ සහාය ලැබීම හේතුවෙනි. ඒ සබඳතා කඩාදැමිය හැකි නම් බන්ධනාගාරය ඇතුළේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක ජාවාරම්ද අහෝසි කළ හැකිවනු ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රවේශය වැදගත් වන්නේ මේ අවස්ථාවේදීය. මෙයට පෙර මෙරට සිටි බොහොමයක් නායකයෝ පාතාලය වනසා දමන බවටත් බන්ධනාගාර තුළට දුරකතන ගෙනයාමට තිබෙන අවස්ථා නැතිකරන බවටත් ප්‍රතිඥා දුන්හ. එහෙත් ඒ කිසිවකුටත් එය ඉටුකර ගත නොහැකි විය. අදටත් කංජිපානි ඉම්රාන්ලා සිටින සිරකුටි ඇතුළේ ස්මාර්ට් දුරකතන රැඳෙන්නේ මේ හේතුවෙනි. එහෙත් අපේ ඉතිහාසය තුළ මෙරට ජාතික ආරක්ෂාවට ප්‍රබලම අභියෝගය එල්ල වූ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද දායකත්වය මෙරට පොදු මහජනතාවට හොඳින්ම මතක තිබේ. සිරගෙවල්වල සිට මෙහෙවන අපරාධ නැතිකිරීමට රාජපක්ෂ මහතා දරන උත්සාහය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළින්ම රැඳී තිබෙන්නේද ඒ හේතුවෙනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාලය විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ සංවිධානාත්මක අපරාධ ජාලය අපේ රටේ ජාතික ආරක්ෂාවටද එල්ල කර ඇත්තේ මහත් පීඩනයකි. පාතාලය මර්දනය කිරීම ජාතික ආරක්ෂාව එම පීඩනයෙන් ගලවා ගැනීමකි.



අදහස් (6)

පාතාලය සුද්ද කිරීම ජාතික ආරක්ෂාවේ පියවරක්

ravi Thursday, 11 June 2020 07:19 AM

පාතාලයයි, කුඩුකාරයෝයි.. ජයගන්න කිසිම රජයකට බැහැ... මේක දැන් ඒ ඒ විදිහට මුල් ඇදලා, අල බැහැලා අපේ රට, අපේ ජාතිය තුළ පිළිකාවක් වගේ වර්ධනය වෙලා හුඟක් කල්..!!!

:       7       17

Siri send Thursday, 11 June 2020 07:20 AM

ලංකා බුද්ධි අංශ, පොලිසිය, STF... මෙයාලා දක්ෂබව ඔප්පුවෙලා ඉවරයි. එහෙම නම් මේවා අල්ලන්න ප්‍රමාදය හෝ වැළැක්වීම වෙනත් කරුණක්, සාධකයක් නිසා සිදුවන බව අපට සිතෙයි...

:       0       103

kusal02Saturday, 13 June 2020 09:00 AM

චීන්නු මෙවගේ ප්‍රශ්න සදහටම ජයගත්ත ජාතියක්.. අහලා බලන්න කොන්දෙ බැදපු චීනෙක්ගෙන්... කොහොමද මෙවගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්නේ කියලා..

:       0       0

බද්රානි Thursday, 11 June 2020 07:35 AM

ගරු ජනාධිපතිතුමාට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට අපගේ ගෞරවාන්විත ආචාරය!!!

:       1       29

Saman Thursday, 11 June 2020 07:56 AM

ඡන්දෙට කුණු අපුල්ලනවා වගෙයි...

:       189       239

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 12:06 PM

පාතාලය නැමැති භයානක ලෙඩේ සුව කිරීමට මෙතෙක් හරි හමන් වෙදෙක් හමුවුනේ නැහැ. හැබැයි.. දැන්දැන් මේ ලෙඩේට නිවැරදි ආකාරයට බෙහෙත් ලැබෙනවා වගෙයි පේන්නේ.. කියමනක් තියෙනවා " වෛද්‍යවරයාට හරි හැටි නිවැරදිව ලෙඩේ හඳුනා ගන්න පුළුවන් වුණොත්, ලෙඩේ නිට්ටාවට සුවකරන එක වෛද්‍යවරයාට එතරම් දෙයක් නොවේ" කියලා. අපට හිතෙන්නේ දැන් නම් නියම වෛද්‍යවරයා හමුවෙලා වගෙයි කියලා...

:       63       220

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site