මවු සෙනෙහස ගැන ලියැවුණු කව් ගී අපමණය. ඒ එකකින්වත් අම්මා සතු සෙනෙහස කියා නිම කරන්නට බැරිය. වරදක් ඇතත් නැතත් දරුවකුට කරදයක්, හිංසාවක්, පීඩාවක් වූ සැණින් අම්මාගේ හදවත වෙඬරු පිඩක් සේ උණු වී යයි. දරුවකුට වන්නට ගිය කරදරයක් උහුළා ගැනීමට නොහැකිව මවක මිය ගිය කතා පුවතක් වාර්තා වූයේ මිනුවන්ගොඩිනි.
![]() |
වසන්තා පත්මිනී මාතාව |
දිනය පෙබරවාරි 18 වැනිදාය. මිනුවන්ගොඩ බොරගොඩවත්තේ පදිංචිකරුවකු අසල් වාසියකුගේ පහර දීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබිණි. ඒ පිළිබඳව පොලිසිය විමර්ශන ඇරැුඹීය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාද වෙතියි පැමිණිලි කරුවෝ ද තරමක් නෝක්කාඩු වූහ.
සැකකරු සිටින නිවෙස ගැන තොරතුරු අනාවරණය කරගත් අතර ඔවුන් සිටියේ පැමිණිලිකරුවන් සිටින නිවෙසට මීටර 10ක් 12ක් ඈතිනි. එම නිවැසියන් ගැන සොයා බලද්දී එහි වරෙන්තුකරුවන් දෙදෙනකු සිටිනා බවද හෙළි විය. සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන මිනුවන්ගොඩ පොලිසිය කෙරෙහි වැරදි දැක්මක් ඇති වෙතියි සිතූ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලූඩවයික් මහතා මිනුවන්ගොඩ බොරගොඩවත්තේ නිවෙසට ගොස් වරෙන්තුකරුවන් දෙදෙනා හා පුද්ගලයකුට පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන අය අත්අඩංගුවට ගන්නැයි පොලිස් ජංගම රථයට දැන්වීය.
ඒ අනුව 19 වැනි දා අලූයම 2.15ට පොලිස් ජංගම රථයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් එම නිවෙසට ගියහ.
නිවෙස අසළට ගොස් කතා කරද්දී ඔවුන් අවදි වුවත් කිසිවෙක් දොර විවර නොකළහ. අනෙක් පසින් ගොස් පිටුපස ලෑල්ල තල්ලූ කරද්දී එය විවෘත විය. ඒ සමගම නිවෙස තුළ සිටි දෙදෙනා පොලිසියෙන් අල්ලා ගත්හ.
ඔවුන්ගේ මව එය දුටුවාය. තම දරුවන්ට කුමක් වන්නට යන්නේදැයි මවට සැකයක් ඇති වන්නට ඇත. දරු දුක ඉවසා ගත නොහැකි වූ ඇය පපුව අල්ලාගෙන වාඩි වූවාය.
අපේ අම්මාට පපුවේ අමාරුව තියෙනවා. යැයි කී දරුවෝ වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කළහ.
ඒ සමගම සැකකරුවන් අත්හළ පොලිසිය මව පොලිස් ජීප් රියෙන්ම මිනුවන්ගොඩ රෝහලට ගෙන අවේය. ඇයට ජීවත් විය හැකි වූයේ තවත් නොබෝ වේලාවක් පමණි. රෝහලට ඇතුළත්කර මිනිත්තු 20ක් යන්නටත් මත්තෙන් මව මිය ගියාය.
එලෙස මිය ගියේ වසන්තා පත්මිනී නම් මවකි. ඇය ලබන මාසයේ හෘද සැත්කමකට ලක්කිරීමට නියමිතව සිටියාය.
සිද්ධිය සැලවූ සැණින් පොලිස් ස්ථානාධිපති ටී. ලූඩවයික් මහතා ප‍්‍රමුඛ නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කළහ. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති සහ ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා මිනුවන්ගොඩ පොලිසියත් සිද්ධිය වූ ස්ථානයටත් පැමිණ විමර්ශන සිදු කළහ.
ඒ සමගම බී 298/14 අංකයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කෙළේය. මිනුවන්ගොඩ හදිසි මරණ පරීක්ෂක සුනිල් ශාන්ත මහතා මෘත දේහය පරීක්ෂාකර සිද්ධිය වූ ස්ථානය ද නිරීක්ෂණය කෙළේය. ඉන් පසු ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. පී. ඒ. හේවගේ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
මරණයට ආසන්න හේතුව හෘදයාබාධයක් බවත්, මෘත දේහයේ තැලීම් සීරීම් නොමැති බවත් තීරණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එනම් මරණයට ස්ථිර හේතුව ප‍්‍රකාශ නොකළ අතර රසපරීක්ෂකගේ වාර්තා ආපසු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මිනුවන්ගොඩ බොරගොඩවත්තේ නිවෙසක සිටි නිවැසියන් බිය ගන්වමින්, බලෙන් විවෘත කරන ලද දොරකින් එම නිවෙසට ඇතුළු වී නිවෙස තුළ සිටි ඩබ්ලිව්. එම්. කමල් ප‍්‍රදීප්ට අතින් පයින් හා පොල්ලකින් පහරදීම සහ එහිදී ඇතිවූ තැති ගැනීමකින් පහර කෑමට ලක්වූ අයගේ මව හෘදයාබාධයකින් මියයාමේ චෝදනා සම්බන්ධයෙන් එම නිවෙසට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ හා පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් කරන ලෙස ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා නියෝග කළේය.
පොලිස් අධිකාරී මාසිංහ විසින් එම චෝදනාවන්ට පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම් කළත් පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුවක් නොදී විවෘත තීන්දුවක් දී ඇති තත්ත්වයක මවගේ මරණයට හේතුව තැති ගැනීම බවට නිගමනය කළේ කෙසේදැයි පොලිසියේම ඇතැමෙක් ප‍්‍රශ්න කරති.
වරෙන්තුකරුවන් හා සැකකරුවන් ඇල්ලීමට නිවෙසකට යෑම වරදක්දැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ එය වරදක් නොවන බවයි. මින් මතු නිවෙසක සැකකරුවන් සැඟව සිටීනම් පොලිසිය ඔවුන් අත්අඩංගුවට නොගෙන ආපසු හැරී
එන්නේ දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පැවසුවේ එලෙස හැරී නොඑනා බවයි.
පොලිසියේ වරදක් ඇත්ද යන්න හෝ නැද්ද යන්න නිසි බලධරයන් විසින් තීරණය කරනු ඇත.
මේ සමස්ත සිද්ධියෙන්ම ගම්‍ය වන්නේ එක් දෙයක් පමණි. ඒ අන් හැමදේකටම වඩා මවකගේ ඇති දරු සෙනෙහස තීව‍්‍ර බවයි. වසන්තා පද්මිනී මහත්මිය සෙනසුරාදා (20) බොහෝ පිරිසක් හඬවමින් අවසන් ගමන් ගියේ මවකගේ ඇති දරු සෙනෙහසක මහිම තවත් වරක් කියා පාමිනි.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පුතාට ගහද්දී පපුව පැලී මියගිය අම්මා
මාලනී Tuesday, 04 March 2014 06:28 PM
මේ මව්තුමියට නිවන් සුව ලැබේවා (දිල්)
චින්තා Monday, 03 March 2014 04:06 PM
බලෙන් ඇතුලු වෙන්න පුලුවන් නීතියට අනුව. ඒත් අවම බලය පාවිච්චි කරන්න ඕනි.(නදී)
ආරියසේන Monday, 03 March 2014 07:16 AM
කෝ මේවට හියුමන් රයිට්ස්, ගෙයක් සොදිසි කිරීමට හෝ ගේකට ඇතුල් වීමට නම් අනිවාර්යෙන්ම යම් ක්‍රම වේදයක් තිබිය යුතුය. වැරදි කාරයෙක් හිරකාරයෙක් වුනත් ඔහු මනුස්සයෙක්. සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මිනිසුන් පෙළගැසිය යුතු කාලය එළඹී ඇත.(නදී)
ගුණවර්ධන Thursday, 27 February 2014 07:32 PM
යමෙක් අත් අඩංගුවට ගන්න තමා පොලිසිය සුදානම් වී ඉන්නේ නමුත් කෙනෙකුට තාඩන පීඩන කරන්නට පොලිසියට කිසිම අයිතියක් නැහැ.මේවා දිගටම දැන් ලංකාවේ සිදුවෙනවා ,(අ)
ළහිරු Monday, 03 March 2014 09:30 PM
පොලිසියේ සමහරක් හොදටම බීල බීල ඔය වගේ ගිහින් අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා ගෙවල්වලට ඇවිත් කුණුහරප කියල කෑගහනවා.(නදී)
සුභාෂිනී Monday, 03 March 2014 11:48 AM
අධිකරණ නියෝගයක් නැතිව බලෙන් ගෙදරකට ඇතුලුවන්නට පොලිසියට බැරි බව දන්නේ නැද්ද? (නදී);
මඩු Tuesday, 04 March 2014 10:04 AM
මිනි මරුවෙක් උනත් පොලිසියට බෑ අමානුෂික ලෙස පහර දෙන්න එකට යම්කිසි පිළිවෙලක් තියනවා (දී)
ප්‍රභාෂ් එම් සුරියගොඩ Monday, 03 March 2014 12:36 PM
පොලීසිය ගැන තියෙන ආකල්පය වෙනස් කරගන්න අමාරු වෙයි තවදුරටත්.(නදී)
නයනී නිසංසලා Monday, 03 March 2014 01:32 PM
නිවසකට බලෙන් ඇතුලු වීම ලොකු වරදක්.(නදී)
අමිල Monday, 03 March 2014 01:36 PM
මොනවා උනත් තමන්ගේ පුතා වැරැද්දක් කලා කියල අම්ම දැනගත්තනම් එයාට තිබුන පුතා උනත් බාරදෙන්න. මොකද වැරැද්ද වැරැද්දම තමා. ඒ අය අතින් පහර කෑමට ලක්වෙන්න ඇත්තේ තවත් අම්මා කෙනෙක්ගේ පුතෙක් නේ.(නදී)
කුමාරි Friday, 28 February 2014 11:41 AM
කතාවටත් කියන්නේ උනහපුලුවාට උගේ පැටියා මැණිකක් කියල. හොරෙක්,මිනිමරුවෙක් උනත් අම්ම කෙනෙක්ට ඒ තමන්ගේ පුතා. අහිංසක මවට නිවන් සුව හා ඒ පුතු මෙය ආදර්සේට අරන් හොඳ මිනිසෙක් වේවා! (දී)