IMG-LOGO

නිවාඩුව ගෙවන්න ලංකාවට එන සුපිරි හොලිවුඞ් සිනමාකරුවා

 

ස්පිල්බර්ගේ පෞද්ගලික යාත‍්‍රාව


ස්පිල්බර්ග් ලෝක සිනමාව ගැන දන්නා කිසිවකුට අමුත්තකු නොවේ. ලෝක සිනමාවේ විප්ලවීය වෙනසක් කළ මහා නිමැවුම්කරුවා ඔහුය. ඊටි, ජෝස්, ජුරාසික් පාක්, ලින්කන්, මියුනිච්, රේඩරස් ඔෆ් ද ලොස්ට් ආක්, සේවිත් ප‍්‍රයිවට් රයන්, ෂින්ඞ්ලර්ස් ලිස්ට් යන චිත‍්‍රපට ඊට කදිම නිදසුන් වේ.

ලෝකයේ  ඕනෑම නළුවකු හෝ නිළියකගේ ලොකුම සිහිනය ඔහුගේ චිත‍්‍රපටයක රඟපෑම විය හැකිය.  ඕනෑම පේ‍්‍රක්ෂකයකුගේ රුචිකත්වය වන්නේ ඔහුගේ චිත‍්‍රපටයක් නැරැුඹීඹ විය හැකිය. ස්පිල්බර්ග් යනු සිනමාව වෙතින් එලෙස ලෝක ජනතාවට සමීපවූ චරිතයකි. ලෝකය ස්පර්ශ කළ චරිතයකි. මේ මහා සිනමාකරුවා ලෝකයේ කවර හෝ රටක සංචාරයකට යන්නේ නම් ඒ පුවත අසා බොහෝ දෙනා බලා සිටින්නේ ඔහු දැක ගැනීමටය. එය හරියට රාජ්‍ය තාන්ති‍්‍රකයකු දැක ගැනීමට ඇති ආසාවකට එහා ගිය එකකි. නමුත් මේ අසහාය බව නිසාම නිදහසේ ඔහුට ජනයා අතර ගැවසෙන්නට අවකාශය ඇහිරී තිබේ. එහෙත් ඔහු ලෝකය සැරිසැරීමට ගවේෂණයට මහත් පි‍්‍රයතාවයක් දක්වන්නෙකි.

අද ස්පිල්බර්ග් ගැන ලෝකයේ බොහෝ දෙනා කතා වන්නේ ඔහු සතු අධි සුපිරි යොට් යාත‍්‍රාවේ නැගී ලෝකය වටේ සංචාරයක නිරත වන්නේ යැයි යන ප‍්‍රවෘත්ති ආරංචිය නිසාය. එලෙසින් ලෝකය වටේ යාමට සූදානම් වන ස්පිල්බර්ග් විටෙක ලංකාවටද පැමිණ තිබේ. ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ චන්දන් රත්නම්ගේ ඇරයුමකට අනුව ඔහු එලෙස පැමිණියේ මීට වසර කීපයකට පෙරදීය. තම සුපිරි යොට් යාත‍්‍රාවේ නැගී ලෝ පුරා යාමට නියමිත මෙම අලූත් සංචාරයේ යෙදෙන අතර වාරයේදී නැවත ලංකාවට පැමිණෙන බවට ආරංචියක් තිබේ. එලෙසින් මේ ලෝක සිනමාකරුවා ගැන ලෝකය කතාවන මොහොතක එදා ඔහු ලංකාවට පැමිණි කාලය ගත කළ අන්දම ගැන විස්තර චන්ද්‍රන් රත්නම් වෙතින් දැන ගන්නා අතරේ ලෝ ප‍්‍රකට මේ ස්පිල්බර්ග් ලෝකය වටේ යාමට සූදානම් වන සුපිරි යොට් යාත‍්‍රාව මොන වගේද කියා අප විස්තර සොයා බලමු.

 


කවුද මේ ස්පිල්බර්ග්
ස්ටීවන් ඇලන් ස්පිල්බර්ග් නමින් ඔහු උපත ලබා ඇත්තේ 1946 දෙසැම්බර් 18 වැනිදා ඇමරිකාවේ ඔහායෝ ප‍්‍රාන්තයේ සින්සිනාට්හිදීය. වත්මනෙහි ඔහුගේ වාසස්ථාන පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේය. සරටොගා උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලද ඔහුගේ සරසවි භූමිය වූයේ කැලිෆෝනියා ප‍්‍රාන්ත සරසවියයි. අමෙරිකානු ජාතික ඔහු යුදෙව්වෙකි. ඔහුගේ මව ලීහ් ඇඞ්ලර්, අවන්හල් හිමිකාරියක සහ පියානෝ වාදන ශිල්පිනියක වූවාය. පියා වූ ආනල්ඞ් ස්පිල්බර්ග් පරිගණක සංවර්ධන අංශයේ විදුලි ඉංජිනේරුවකු විය. මව සහ පියා දික්කසාද වීම නිසා කුඩා කාලයේ ස්පිල්බර්ග් හට ජීවිතය ගෙවා දැමීමට සිදුවූයේ පියාගේ භාරකාරත්වය යටතේය. ඔහුගේ සහෝදරියන් තිදෙනා මව සමග වෙනම වාසයට ගොස් ඇත. යුදෙව් ජාතිකයකු වූ නිසා පාසල් අධ්‍යාපනය ලබන අවස්ථාවලදී විටෙක පුංචි ස්පිල්බර්ග් අනෙක් ළමුන් අතර සමච්චලයට ලක්වූ බව සඳහන් කරයි.”මට ඒ පාසල් කාලය සතුටකට කාරණයක් වුණේ නැහැ” යන්න විටෙක ඔහු ආවර්ජනය කර තිබේ.

කැලිෆෝනියාවට සේන්දුවීමත් සමග කැලිෆෝනියා දකුනු සරසවිය වෙතින් සිනමාව වේදිකාව හා ටෙලිවිෂන් කලාව ගැන එක්වර ඉගෙනීමට උත්සාහ කළද එය අසාර්ථකවී තිබේ. ඒ වනවිට ඔහු කැලිෆෝනියා දිස්ති‍්‍රක් සරසවියේ සිසුවකුද විය. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ ලෝ ප‍්‍රකට යුනිවර්සල් කලාගාරය වෙත බැඳීමත් සමගය. සංස්කරණය පිළිබඳව පුහුණුව ලබා ගත් හේ ඉන්පසු ප‍්‍රකට වූවේ යුනිවර්සල් ස්ටුඩියෝ (කලාගාරය) වෙතින් ගෞරව උපාධියක් ලද නිසාය. ඉන් පසුවද හේ උසස් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන ගියේය.

යුනිවර්සල් ස්ටුඩියෝහි සිටින අතරවාරයේ කළ කෙටි චිත‍්‍රපටය සමග ඔහුගේ සිනමා දිවිය ආරම්භවී ඇත. රූපවාහිනි වැඩ සටහන් නිර්මාණයටද දායකවී ඇත. 1985 දී ඇම් අර්වින් සමග විවාහවූ අතර ඒ විවාහය පැවැතියේ වසර හතරක් පමණි. ඇයගෙන් දික්කසාද වූ හේ 1991 දී කෙට් කැප්ෂව් සමග විවාහ විය. ස්පිල්බර්ග් දරුවන් සය දෙනෙකුගේ පියෙකි. සැබැවින්ම ස්පිල්බර්ග් මහා සිනමාකරුවකු සේම ඔහුගේ ජීවිත කතාවද මහා සිනමා කතාවක් මෙනි. එයින් අප සඳහන් කළේ එක් පරිච්ඡේදයක් පමණි. වත්මනෙහි ඔහු සතු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (3.2) ක් ලෙස 2012 වාර්තා මගින් ප‍්‍රකාශවී ඇත.

 


කෝටි ගණනක් වටිනා සුපිරි යොට් නෞකාවේ (යාත‍්‍රාවේ) හිමිකරුවා වීම
ලෝ ප‍්‍රකට මේ සිනමාකරුවා තමාගේ පුද්ගලික පරිහරණය සඳහා සුපිරි බෝට්ටුවක් මිලදීගත් බව 2010 ජනවාරි මාසයේදී ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත වාර්තා කළේය. ඇල්බ්ලැසර්ඩෑම්හි  ඕෂන්කෝ නෞකාංගණයේදී ඔහු සඳහාම නිම කරන ලද මෙම සුපිරි යොට් යාත‍්‍රාව වෙනුවෙන් යුරෝ මිලියන 150 ක් පමණ වැය කිරීමට ඔහුට සිදුවිය. මෙය නිමකළ අයුරු සහ එහි ඇති සුපිරි බව ගැන සමාගම අදහස් විස්තර හෙළිදරව් නොකිරිමට වගබලා ගත්තද මෙහි පෞද්ගලික හෙලිකොප්ටරයක් නවතා තැබීමට ස්ථානයක් මෙන්ම හෙලිකොප්ටර් යානයක්ද තිබේ.

මේ යාත‍්‍රාව තැනීම සඳහා සුපිරි අමු ද්‍රව්‍ය භාණ්ඩ සහ තාක්ෂණය යොදාගත් බව සඳහන්වේ. ඉහත මාලයේ පිහිනුම් තටාක දෙකක් නිමවා ඇත. මෙම එක් පිහිනුම් තටාකයක් සඳහා අවශ්‍ය විටෙක ජලය බහාලන අතර එය වියලී නැතිනම් හිස් බවට පත්කොට හෙලිකොප්ටරය නවතා තැබීමටද උපයෝගී කරගනී. ඩ‍්‍රයි සිනමා සහ වෙට් සිනමා නමින් චිත‍්‍රපට නැරැඹීමේ ස්ථාන දෙකක් තිබේ. වෙට් හෙවත් ජලය මත ඇති සිනමා තිරය යොදාගෙන ඇත්තේ ඔහු පිහිනුම් අවස්ථාවල යෙදෙන විට චිත‍්‍රපට නැරැඹීම සඳහාය. ඇතුළත අලංකරණ නිමැවුම් සඳහා තේක්ක සහ රෝස්වුඞ් යොදාගෙන තිබේ.

ආහාරපාන ගැනීම සඳහා ඇති මෙම ස්ථානය පුංචි සාදයකට මෙන්ම රාති‍්‍ර භෝජන සම්භාෂණ සඳහා කදිම තැනෙකි. මෙම රාති‍්‍ර භෝජන ශාලාව වර්ග මීටර 250කින් සමන්විතය. මෙහි අමුත්තන් දොළොස් දෙනෙකුට පමණ ඉඩකඩ ඇත.

මීට අමතරව පුද්ගලික ඩෙක් හෙවත් තට්ටුව වෙන්ව ඇත්තේ ස්පිල්බර්ග් හට විවිධ දේ ගැන අධ්‍යයනය කිරීමට ඉගෙනීමට මෙන්ම කියවීම ආදි දේ සඳහාය. 26 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙහි සේවයට එක්ව සිටිති. ”සෙවන්සීස්” නමැති මේ සුපිරි යොට් යාත‍්‍රාව ඇත්තේ මේ ලෝ ප‍්‍රකට සිනමාකරුවාගේ පරිහරණය සඳහා පමණක්ම නොවේ. එක්තරා කාල සීමාවක් සඳහා  ඕනෑ නම් මෙය වෙනත් සංචාරකයින්ටද වෙන් කරවා ගත හැකිය. සතියක පරිහරණය හෙවත් වෙන්කරවා ගැනීම් සඳහා යුරෝ මිලියනයක මුදලක් ගෙවිය යුතුය. මෙහි සුපිරි බව සහ මෙම හිමිකරුවාගේ සුපිරි බව නිසා මෙලෙස මිලක් නියම වන්නට ඇත. ලොව පුරා සිටින සුපිරි මිනිසුන්ගේ සමීපයට යාමට උත්සාහ ගන්නා සුපිරි ධනවතුන්ට මෙය නම් කදිම අවස්ථාවකැයි එකත් අතකට සඳහන් කළ හැකිය.

 


ස්පිල්බර්ග් ලංකාවට ආ ගමන
චන්ද්‍රන් රත්නම්ට අවශ්‍යව තිබුණේ ස්පිල්බර්ග්ගේ ”ඉන්දියානා ජෝන්ස්” චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව ඊට වඩාත් සුදුසු තෝතැන්නක්ය යන්න වටහා දීමටය. ඒ වෙනුවෙන් ඔහු ස්පිල්බර්ග් හමුවන්නට දැරු ප‍්‍රයත්නය ගැන මීට පෙර අප ඉරිදා ලංකාදීපයෙන් චන්ද්‍රන්රත්නම් හා කළ පිළිසඳරකදී සටහන් කළෙමු.

කෙසේ වෙනත් ස්පිල්බර්ග් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කාලයක සිට ඒ සඳහා ඔහුට වෙහෙස මහන්සි වීමට සිදුවිය. මේ ලෝක සිනමාකරුවා එදා ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ ප‍්‍රයත්නයේ ඵලයක් ලෙසිනි. ඉන්දියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩුම් චිත‍්‍රපට සඳහා පසුතල සොයා බැලීම සඳහා ඔහු එලෙස පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණි ඒ ගමනේදී ස්පිල්බර්ග් බෙහෙවින්ම සතුටට පත්ව ඇත. ”ඇත්තටම ඔහු ශ්‍රී ලංකාවේ පරිසරය සහ සුන්දරත්වය ගැන මා එක්ක වර්ණනා කළේ ඉතා සතුටින්. සුපිරි දේ  ඕනෑය කියා හෝ අහවල් ආහාර තමයි  ඕනෑ කියා කිසිම විශේෂිත ඉල්ලීමක් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ බොහෝ ආහාර පානවලට ඔහු බොහෝ සෙයින් පි‍්‍රය කළා. ඒ වගේම ලංකාවේ බොහෝ තැන්වලට කැමැති වගත් පැවැසුවා.” එදා ස්පිල්බර්ග් ලංකාවට ආ ගමන ගැන සිහිපත් කරමින් රත්නම් ඒ සියල්ල ආවර්ජනය කළේ එලෙසිනි. ස්පිල්බර්ග් ඔබ සමග ලොරියක් මත නැගී සිටින අවස්ථාව මොකක්ද යන්නද අපි රත්නම්ගෙන් විමසීමු.

ස්පිල්බර්ග් ශ්‍රී ලංකාවට ආ අවස්ථාවේ
චන්ද්‍රන් රත්නම් සමග

”එය ඉන්දියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩුම් චිත‍්‍රපට රූගත කිරීම් සඳහා මෙහි ආ අවස්ථාවේ රූගත කිරීම් අතරේ ලද විරාමයකදී ගත්ත පිංතූරයක්.”
එලෙසින් එවැනි අවස්ථාවලට මුහුණ දෙමින් මේ අපූරු සිනමාකරුවා තැනට සුදුසු ලෙස හැඩ ගැසී ජීවිතය ගෙවා දැමීමට මැළි නොවන අයෙකු බවද විශේෂයෙන් සඳහන් කළ හැකිය. එදා චන්ද්‍රන් රත්නම්ගෙන් සහ ශ්‍රී ලංකාවෙන් සමුගෙන යාමට පෙර ස්පිල්බර්ග් කියා ඇත්තේ යළි දිනෙක ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. දැන් ඒ මතකය අලූත්වී ඇත්තේ ඔහු සතු සුපිරි යාත‍්‍රාවේ නැගී ලෝකය වටා සංචාරයේ නිරත වනවාය යන ආරංචිය නිසාය. මෙලෙසින් ලෝකය වටේ යන සංචාරයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණේද? මෙම සංචාරයේ අරමුණ කුමක්ද? ඔබටත් ආරාධනා කළේ නැද්ද මේ සංචාරයට එක්වන්න යැයි අපි චන්ද්‍රන් රත්නම්ගෙන් විමසීමු.

”මට නම් ආරාධනා කළේ නැහැ. ඇත්තටම ඒක එයාගේ පවුලේ අය සමග යන පෞද්ගලික සංචාරයක්. එම ගමනෙහි අරමුණ වන්නේ ඔහුගේ ඉදිරි චිත‍්‍රපට සඳහා සුදුසු දර්ශන තල සොයා ගැනීම සහ ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමටයි.”

සෙවන්සීස් නමැති තමා සතු සුපිරි යාත‍්‍රාවේ නැගී ලෝකය වටේ සංචාරය කිරීමට සූදානම් වන ඒ මහා සිනමාකරුවාගේ එම සංචාරය ගැන චන්ද්‍රන් රත්නම් අපට විස්තර කළේ එලෙසිනි. සත් සමුදුරු තරණයකොට මුහුදු හතෙන් එහා යන මේ ගමන ස්පිල්බර්ග් ඇතුළු පවුලේ අයට සොඳුරුතම අත්දැකීමක් ගෙන දෙනවාට සැක නැත. එතෙක් ඔහු කළේ මෙවැනි කතා පුවත් මවාගෙන සුන්දර චිත‍්‍රපටයක ආස්වාදය ලෝ පුරා සිනමාලෝලීන් වෙත ලබාදීමය. නමුත් සෙවන්සීස්හි නැගී ලෝ වටා යන මේ ගමන නම් ඔහුගේ සිනමා ජීවිතයටත් වඩා සුන්දර අත්දැකීමක් වේවි.

 

සඳුන් ගමගේ 

 



අදහස් (0)

නිවාඩුව ගෙවන්න ලංකාවට එන සුපිරි හොලිවුඞ් සිනමාකරුවා

මාලා Monday, 10 June 2013 10:19 AM

ඉන්ඩියානා ජෝන්ස් නම් ඒ තරම් ලස්සන නැහැ. ඒත් අනික් හැම චිත්‍රපටියක්ම වගේ පුදුමයි. මම හිතන්නේ ලංකාවේ පෙන්නුවේ ජුරාසික් පාර්ක් විතරයි. ඒ ඇයි? විශේෂයෙන්ම ඔය ශින්ද්ලර්ස් ලිස්ට්, මියුනික් වගේ ඒවා වල ඉගන ගන්න දේවල් ගොඩයි. (නි)

:       0       0

ලසන්ත Monday, 10 June 2013 10:21 AM

අනේ මහත්තයෝ, ඔක්කොටම ඉස්සරලා ජෙරුසෙලමේ වැදගත්කම මොකද්ද,ලෝක ඉතිහාසේ මොන වගේද, කාර්මික විප්ලවේ වගේ දේවල් අපේ අයට උගන්නලා ඉන්න. නැත්නම් ඔය චිත්‍රපටි මෙහෙ අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සේන Monday, 10 June 2013 01:04 AM

යුදෙවුවෝ කොහොමත් දක්ෂයෝ.ලෝකේ ප්‍රසිද්ධ චරිත ගොඩක් යුදෙවුවෝ. (නි)

:       0       0

සුධීර Monday, 10 June 2013 01:08 AM

ගස් අස්සේ නටන අල්ලපු රටේ චිත්‍රපටි දිහා බලලා එක එක ෆැන්ටසි වල පාවී පාවී ඉන්න අපේ රටේ අය මෙතුමා කවුද කියලවත් දන්නවද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 461 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 900 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site