IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නැව් ගිලින පාසිකුඩාව

Pasikudha-wreck-01

 

යුද්ධය අවසන්වීමත් සමග ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන්ට වැඩ අධික වී තිබිණි. එදා මෙදාතුර දශක තුනකට වැඩි කාලයක් කිසිදු ආකාරයකින් ගවේෂණය නොකළ විශාල මුහුදු ප‍්‍රදේශයක සැ`ගවී ගිය පුරාවිද්‍යා උරුමය සොයා යාම ඔවුන්ගේ අපේක්ෂාව විය.


ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ නැගෙනහිර පළාතේ ති‍්‍රකුණාමලයේ සිට පොතුවිල් දක්වා ප‍්‍රදේශයයි. කායන්කේනි ප‍්‍රදේශයේ නවාතැන් ගත් මුහුදු පුරාවිද්‍යාඥයෝ එතැන් සිට තොරතුරු සොයමින් ගවේෂණ කටයුතු ආරම්භ කළහ. ඒ 2012 වර්ෂයයි.


සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේත් එම අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදුවිය.


පාසිකුඩා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදේ නැව් දෙකක් ගිලී ඇති ස්ථානයක් තිබෙන බව මුලින්ම කීවේ. ජගත්ලාල් මහතා විසිනි. ඔහු වසර ගණනාවකට පෙර මේ නැව් දෙක දැක එතැන කිමිදුණු බව පවසා ඇත. ඔහු සමග එම ස්ථානය සොයා යාම මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමේ අපේක්ෂාව විය.


කායන්කේනි සිට පාසිකුඩා දක්වා වූ කිලෝ මීටර 15ක් දුර ගෙවා එහි ගිය ගවේෂකයෝ කිමිදුම් කටයුතු ස`දහා සූදානම් වුව ද විශාල ගැටලූවක් පැණ නැගී තිබිණි. ජගත්ලාල් මහතාට නැව ගිලී ඇති ස්ථානය සොයාගත නොහැකි විය. ඔහුට වසර ගණනාවකින් මේ ස්ථානයේ කිමිදී නොමැති බැවින් ඔහුට ස්ථානය සොයා ගැනීමට නොහැකි වී ඇත.


ජගත්ලාල් මහතා නැව් ගිලීගිය ස්ථානය සොයා වෙහෙසෙද්දී ඔවුන්ගේ පිහිටට පැමිණියේ ධීවරයන් පිරිසකි. මුහුද පත්ලේ නැව් ගිලී ඇති ස්ථානය සොයා ගත් ඔවුහු ගවේෂණ කටයුතු ආරම්භ කළහ. නමුත් පැය ගණනක් වෙහෙසෙමින් නැව ගැන සොයා බැලූව ද පළමු උත්සාහය සාර්ථක වූයේ නැත. එසේ වුව ද තවත් දිනක් එහි පැමිණි ගවේෂකයෝ මුහුදු පත්ලේ කිමිදෙන්නට සූදානම් වෙද්දී දුටුවේ සංචාරකයන් පිරිසක් බෝට්ටුවකින් පැමිණ මුහුදේ කිමිදෙන ආකාරයි.


සංචාරකයන් බොහෝ විට මුහුදේ කිමිදෙන්නේ ගිලූණු නැව් ඇති ස්ථානවල බව දන්නා පර්යේෂකයෝ ඔවුන්ගෙන් අසා දැනගත් තොරතුරු අනුව එතැන කිමිදුනහ. උත්සාහය සාර්ථක විය. පාසිකුඩා වෙරළේ සිට කිලෝ මීටර තුනක් ඈතින් නැව ගිලී ගිය ස්ථානය ඔවුන්ට සොයාගත හැකි වූයේ ඒ ආකාරයෙනි. එතැන කිමිදෙමින් සිටිය දී ඔවුන් දුටුවේ මීටර 50ක් පමණ ඈතින් තවත් නැවක් ගිලී ඇති ආකාරයයි. මේ දෙකම වාෂ්ප නැව් බව පැහැදිලිව හ`දුනාගැනීමේ හැකියාව ඇත. ඒ නැව් දෙකම මීටර 100ක් පමණ දිගැති බව ඔවුන්ගේ මූළික පරීක්ෂණ වලින් තහවුරු විය.


නැව් දෙකේ ගවේෂණ කටයුතුවල නිරතව සිටි පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා තවත් අපූරු සිද්ධියක් විස්තර කළේ මේ ආකාරයෙනි.
අපි දවස් පහක් හයක් විතර වැඩ කරමින් හිටියා. මේ අතර ඔවුන්ට තවත් නැවක් සොයාගත හැකිවිය. ඒ මුල් නැව් දෙකට මීටර 350ක් පමණ දුරින් ගිලී ගිය නෞකාවකි.


ශී‍්‍ර ලංකාව අවට මුහුදු පත්ලේ කිමිදෙමින් එහි ගිලී ඇති නැව් ගැන ගවේෂණය කළ දර්ශන ජයවර්ධන මහතා රට වටා ඇති නැව් අතිවිශාල ප‍්‍රමාණයක විවිධ ඡුායාරූප ගත් පුද්ගලයෙකි. මුහුදු පුරාවිද්‍යාඥයන් සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කරන දර්ශන ජයවර්ධන මහතාට මුතුකුමාරණ මහතා තම කණ්ඩායමට හමුවූ නැව් තුන පිළිබ`ද විස්තර කීවේය.


පාසිකුඩා වෙරළ ආසන්නයේ ගිලී ඇති නැව් ගැන ඒ වනවිටත් ජයවර්ධන මහතා දැන සිටියේය. දුරකතනයෙන් කැරුණු සංවාදයේ දී නැව ගිලී ඇති ස්ථානය සම්බන්ධයෙන් ජයවර්ධන මහතා පවසන ස්ථානයත් ගවේෂකයන් විසින් සොයාගෙන ඇති ස්ථානයත් පිළිබ`ද ඔවුහු සාකච්ඡුා කළහ.
මුතුකුමාරණ මහතා ඒ ගැන මෙසේ කීවේය.


‘‘ධීවරයන්, කිමිදුම්කරුවන් හා නාවිකයන් මුහුදු පත්ලේ ඇති නැව්වල ස්ථානීය දත්ත අරගෙන ඒවා සටහන් කරනවා. අපි දර්ශන සමග අපේ දත්තත් ඔහු ලබාගෙන තිබූ දත්තත් සංසන්ධනය කරමින් සාකච්ඡුා කළා. මේ වෙලාවේ දර්ශන කියන නැවක් හා අපි කියන නැව් සම්බන්ධ පොඩි නොගැලපීමක් තිබුණා. ඒ නිසා 2012 වර්ෂය අවසන්වන විට අපිට හැ`ගී ගොස් තිබුණා දර්ශන කියන නැව තවත් නැවක් විය හැකියි කියා. ’’


ඒ වනවිට කිමිදුම් කටයුතු ස`දහා වෙන්කළ මුදල් අවසන් වී තිබිණි. 2012 වර්ෂයේ පාසිකුඩා වෙරළේ ගවේෂණ අවසන් විය. පසුව නැත 2013 දී ද මුදල් නොමැති වීම හේතුවෙන් ගවේෂණ කටයුතු සිදුවූයේ නැත.


විෂය බාර ටී.බී.ඒකනායක මහතාත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාත් 2014 වර්ෂයේ දී නැගෙනහිර මුහුදේ පුරාවිද්‍යා ගවේෂණ ස`දහා මුදල් වෙන්කිරීමට මහත් වෙහෙසක් ගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස යළි 2014 වර්ෂයේ දී පරීක්ෂණ කටයුතු ආරම්භ කැරිණි. මේ වනවිට කොරියන් සහයෝගීතා ව්‍යාපෘතියේ මානව සම්පත් හුවමාරු වැඩසටහන යටතේ කොරියන් පුරාවිද්‍යාඥයකු ද මෙහි පැමිණි සිටියේය.
ගවේණ කණ්ඩයම යළි තමන් 2012 දී සොයාගත් නැව් ගවේෂණය කරමින් සිටියේය.


මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
‘‘එදා අහස හො`දින් පැහැදිලිව තිබුණා. අපේ කණ්ඩායම ගවේෂණ කටයුතු ස`දහා යද්දී මුහුදේ සුළං ප‍්‍රවාහය ටිකක් වැඩියි. ඒ වගේම දියවැල් වේගවත්. අපේ කණ්ඩායම නැව් ගිලී ඇති ස්ථානයට ගිහින් නැංගුරම් දාලා බැහල තියෙනවා. නමුත් එතැන මුලින් දුටු නැව් තිබිලා නැහැ. මේ අය ටිකක් වටපිට සෝදිසි කරද්දී ගිලූනු නැවක සුන්බුන් හමුවෙලා. නැවත වාර්තා ගනිමින් සිටිය දී ඔවුන්ට හැ`ගී ගොස් තිබෙනවා මෙය වෙනත් නැවක් බව.’’


ඒ හතරවැනි නෞකාව සොයාගත් අහඹු ආකාරයයි. 2012 දී පළමු නෞකා දෙක සොයාගත් ස්ථානයේ සිට හතරවැනි නැවට ඇත්තේ මීටර 40ක් පමණ ඉතා කෙටි දුරකි.


රසික මුතුකුමාරණ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කීවේය.
‘‘ එදා අපි නියම තැන කියා බැහැලා තියෙන්නේ වෙනත් තැනක. ගිලූණු නැව් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ නිසා අපි වටේට පීනුවා. ටික වෙලාවකින් නැව හමුවූ නිසා අපි වාර්තා තැබීම පටන්ගත්තා. මොහොතකින් තේරුණා මේ අපිට මෙතෙක් හමුවූ නැවක් නොවන බව. ඒ නිසා වටේ ගොස් බැලූවා. පැහැදිලියි. ඒ තවත් නැවක්. එය අනෙක් නැව්වලට වඩා ආරක්ෂිතව තිබුණා. මේ නැවේ ඉදිරි කොටසට වඩා පසුපස කොටස තිබෙන්නේ වඩාත් ගැඹුරින්. මෙය තිබෙන්නේ අපි මුලින්ම සොයාගත් නැවේ සිට මීටර 15ක් පමණ දුරින් ඒ නැවට ලම්බකව. නැව් දෙකෙන් ටී අකුරක් වගේ හැදිලා තියෙන ආකාරයට ඉදිරි කොටස මිටර අටක් විතර ගැඹුරින් පිටුපස මීටර 18ක් ගැඹුරින් තිබෙන්නේ. අනෙක් නැව්වලට වඩා ගැඹුරින් තිබෙන නිසා වඩා ආරක්ෂා වී තිබෙනවා. ’’
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ නැව් හතර ඇත්තේ එකිනෙකට ඉතා සමීපව පාසිකුඩා වෙරළ ආසන්නයේ බවයි. ඒ අසල නොගැඹුරු විශාල ගල්තලාවක් පවතී. ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගය ඇත්තේ ගල්පරයට ඉතා ආසන්නයෙනි. සාමාන්‍ය නැව් වළට යා හැකි තරම් ගැඹුරු මුහුදු ප‍්‍රදේශයෙන් හිටි හැටියේ මතුව ඇතත් මුහුදෙන් උස්ව නොපෙනෙන මේ නොගැඹුරු ගල් තලාවේ හැපී නැව් හතරම මුහුදු බත් වන්නට ඇතැයි පුරාවිදයාඥයෝ විශ්වාස කරති. ගල් පරය මීටර 70 ක් 80ක් පමණ දිගින් යුක්තය.


3



අදහස් (0)

නැව් ගිලින පාසිකුඩාව

ඉෂාන් Tuesday, 14 October 2014 06:28 AM

ගිලුණු නාවික යාත්‍රා ගැනත් විස්තර පසුවට දෙන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 410 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 318 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 161 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 336 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 511 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1137 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site