IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නිල්වලාවට දරුවන් බිලිදුන් අපූරු තාත්තා

දැරියන් දෙදෙනාගේ දිවි බේරාගත් යුද හමුදා සාමාජිකයින් පිරිස.


මාතර නගරය මැදින් ගලා බසින සුන්දර නිල්වලා ගංකොමළිය කාගේත් සිත් ගත්තකි. මහානාම පාලම මතින් ගමන් කරන  ඕනෑම කෙනෙකු ගඟ දෙස බලන්නේ එහි සිටින කිඹුලන් බැලීමටය. ඊට අමතරව ඔරු පාරුද පාලම යටින් ගමන් කරන අයුරු දැක ගතහැකිය.

දිනය ඉකුත් 24 වැනිදාය. වේලාව උදෑසන 11.00 පමණ විය. මහානාම පාලම මතින් ගමන් කළ සියලූ දෙනාටම දැක ගත හැකි වූයේ කුඩා දැරියන් දෙදෙනෙකු නිල්වලා ගඟ මැද ගිලෙමින් සිටින අයුරුය.

ගෙඟ් සිටිනා කිඹුලියගේ පැටියා මිනී නොකන බවට ප‍්‍රසිද්ධ ජන කවියක් තිබුණද ඒ කිසිවකුත් දැරියන් බේරා ගැනීමට ගඟට නොපැන්නේ මිනීමරු කිඹුලන් නිල්වලා ගෙඟ් සිටින බව හොඳින් දන්නා නිසාය. ඔවුන් සියලූදෙනාට කළ හැකිව තිබුණේ අත් උස්සමින් මහ හඬින් කෑ ගැසීමය.

අනේ දරුවෝ දෙන්නෙක් ගඟට දමලා. බේරා ගන්න කියමින් ඔවුන් මර ලතෝනි දුන්නේ මාතර නගරයම කම්පාවට පත් කරමිනි. තවත් කාන්තාවන් හිසට අත ගසාගෙන ක්ලාන්තය සෑදුනාක් මෙන් ගල් ගැසී බලා සිටියේ එය මහ පොළොව නුහුලන දර්ශනයක් නිසාය.

ජනතාවගේ කෑ ගැසීම ඒ අසළ පිහිටි යුද හමුදා කඳවුරේ නිලධාරීන්ටද ඇසුණි. ක්ෂණයකින් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු නිල්වලාවට පැන්නේ රැුස්ව සිටි පිරිස මවිතයට පත් කරමිනි. ඔවුන් වහා ගඟ මැදට පිහිනා ගොස් දැරියන් දෙදෙනා දෑත්වලින් අල්ලා ගෙන ගොඩට රැුගෙන ආවේ මහානාම පාලම මත සිටි පිරිසේ දෑස්වලට කඳුළු එක් කරමිනි.

යුද හමුදා කඳවුරේ සිටි සෙසු සාමාජිකයෝ පිරිස බේරාගත් දැරියන් දෙදෙනා ඉක්මනින් මාතර මහරෝහල වෙතයැවීමට ක‍්‍රියා කළහ. ඒ ආකාරයට දිවි බේරාගැනීමට සමත් වූයේ රත්මලේ ප‍්‍රදේශයේ පදිංචි සිව්හැවිරිදි සහ දෙහැවිරිදි කුඩා අක්ක නගෝ දෙදෙනෙකි.

 

රැස්වූ පිරිසෙන් කොටසක්


ඔවුන් ගඟට විසි කළ පියා මාතර නගරය දෙසට දුව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. කෙසේ වෙතත් සිය ජීවිත ගැන නොසිතා දෙවිවරුන් මෙන් එම දැරියන්ගේ ජීවිත බේරා ගැනීමට ක‍්‍රියා කළෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගැමුණු හේවා බළඇණියේ ලාන්ස් කෝප‍්‍රල් එස්.එස්. මානගේ, සාමාන්‍ය සෙබළුන්වන කේ.එල්.ඒ.සී. මධුශංක, ද සිල්වා හා 10 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබළ පුෂ්පකුමාර යන මහත්වරුය.

3 වැනි ගැමුණු හේවා බලඇණියේ නිලධාරී අණදෙන එම්.කේ. තුෂාර හා මාතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මේජර් සමන් බාලසූරිය යන මහත්වරුන් ඔවුන්ට සිය ප‍්‍රශංසාව පළකර සිටියේ කිසිත් නොතේරෙන දැරියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ක‍්‍රියා කළ නිසාය.
කෙසේ වෙතත් දැරියන් දෙදෙනා ගඟට විසි කළ සැකකාර පියා කරණවෑමියකු ලෙස රැුකියාව කරන්නෙකි. ඔහුට හා බිරිඳට අවුරුදු 12 ක් වයසැති පුතෙකුද සිටී.

මීට මාස තුනකට පමණ ඉහතදී බිරිය ශාස්ත‍්‍රයක් ඇසීම සඳහා බතීගම ප‍්‍රදේශයේ යකදුරෙකු හමුවීමට ගියාය. ඒ ශාස්ත‍්‍රයට කියැවුණේ තමන් පදිංචි නිවසට කොඩිවිනයක් කර තිබෙන බවයි.

ඒ අනුව තමන්ගේ දියුණුවද ප‍්‍රමාද වන නිසා පුද පුජාවක් පවත්වා කොඩිවිනය ඉවත් කරමුයි ඇය සිය සැමියාට කීවාය. සැමියා ගුරුකම් පිළිබඳව එතරම් විශ්වාසයක් නොතිබූ අයෙකි. සිය බිරිඳගේ ඉල්ලීමට ඔහු ඉඩ දුන්නේය.

ක‍්‍රමයෙන් යකදුරා එම නිවසට යාමට හා ඒමටද පටන් ගත්තේය. ඒ නිසා සැමියාගේ සිත තුළ බිරිඳ පිළිබඳ සැකයක්ද ඇතිවී තිබුණි. වෙනදා ඉඳහිට මත්පැන් පානය කරන ඔහු දිනපතා මත්පැන් පානය කර නිවසට පැමිණෙන්නට පටන් ගත්තේය. ඊට අමතරව බිරිඳට ගුටිබැට දෙන්නට ද පටන් ගන්නා ලදී.
ඒ වනතෙක් ඒ පවුල ඉතා සතුටින් සාමයෙන් සිටියේය. අවුරුදු 18 වූ විගස එම තැනැත්තිය ඔහු තම බිරිඳ කරගෙන තිබුණේ පේ‍්‍රම සම්බන්ධතාවයක් මතයි. ඔහු බිරිඳට මෙන්ම සිය දරු දෙදෙනාටද පණමෙන් ආදරය කළේය. සැලකුවේය.

එහෙත් ඔවුන්ගේ පුංචි කැදැල්ල යුද පිටියක් බවට පත් කළේ කපුවෙකු නිවසට යාමට හා ඒමට පටන් ගැනීමත් සමගය. සිය සැමියාගෙන් සිදුවන ගුටිබැට එන්න එන්නම වැඩිවූ නිසා බිරිඳ ඉකුත් 21 වැනි දින රාත‍්‍රී දික්වැල්ල පොලිසිය වෙත ගොස් සැමියාට විරුද්ධව පැමිණිල්ලක් කළාය.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් එම දෙදෙනාගෙන් දික්වැල්ල පොලිසියේ පොතේ සටහන් වු පළමු පැමිණිල්ල එය විය. පැමිණිල්ල විභාග කිරීම සඳහා එම දෙදෙනාටම ඉකුත් 24 වැනි දින දික්වැල්ල පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කිසිදාක තමාට විරුද්ධව පැමිණිල්ලක් නොදැමූ සිය බිරිඳ ඒ ආකාරයට ක‍්‍රියා කිරීම පිළිබඳව සැමියා තුළ දැඩි කළකිරීමක් ඇති වී තිබුණි. ඒ නිසා ඔහු ඊට පෙර දිනද බිරිඳ සමග රණ්ඩු කළේය.

24 වැනි දින උදාවිය. ඔවුන්ගේ වැඩි මහල් දරුවා උදෑසනින්ම පාසල වෙත පිටත්ව ගියේය. ”දැරියන් දෙදෙනා පොලිසියට එක්ක ගිහින් රස්තියාදු කරන්න  ඕනෑ නැහැ. මම ඒ අය පුංචිලාගේ ගෙදර නවත්තලා පොලිසියට එන්නම්. ඔයා පොලිසිය ඉදිරිපිටට වී ඉන්න” කියමින් සැමියා සිය දියණියන් දෙදෙනා කැටුව නිවසින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව බිරිඳද සූදානම් වී දික්වැල්ල පොලිසිය අසලට ගොස් සිය සැමියා එන තෙක් බලා සිටියාය. ඇයගේ ඉල්ලීම වූයේ තමාට පහර නොදෙන ලෙසට සිය සැමියාට පොලිසිය මගින් අවවාදයක් කරවීමයි.
 

මාතර මහ රෝහලේ කාර්ය මණ්ඩලය දැරියන් සුරතල් කරමින්..


පැය කිහිපයක් ගත විය. සැමියා පෙනෙන්නට නොවීය. සවස් වනවිට එතැනට පැමිණියේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ප‍්‍රධාන නිලධාරීන් කණ්ඩායමකි.

”ඔයාද චමිලා කියන්නේ” වරුණි බෝගහවත්ත මහත්මිය විමසන විට ඇය ඒ අසලට පැමිණියාය. ඇය ජීප් රථයට නංවා ගත් පසු වරුණි බෝගහවත්ත මහත්මිය සිදුවූ විපත ඇයට කීවාය.

”අනේ මගේ දරුවෝ දෙන්නා” ඒ බිරිඳ මහ හඬින් හඬා වැළපෙන්නට වූවාය. මගේ සැමියාට මොකද වුණේ කියලත් ඇය විමසුවේය.
ඇය මාතර පොලිසිය වෙත කැඳවාගෙනවිත් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය ක‍්‍රියා කළේය.

ඉන් අනතුරුව ඇය මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින සිය දියණියන් දෙදෙනා ළඟට ගොස් ඔවුන් බදාගෙන හඬා වැළපුණාය.

කුඩා දැරියන් අම්මේ, තාත්තා කෝ කියා විමසුවාය. එහෙත් ඔහුට සිදුවූයේ කුමක්ද කියා මේ වනතෙක් හෙළිවී නොමැත.

ඔහු සැඟවුණාද ජීවිතයෙන් සමුගත්තාද යන්නවත් හෙළිවී නොමැත. එහෙත් ඒ කුඩා දැරියන් දෙදෙනා තමන් ගඟට විසි කළ පියා එන තෙක් මග බලා සිටින්නේ ඔහුට ඒ තරමටම ආදරය නිසාය.

සැකයක් නිසා සතුටින් සිටි පුංචි කැදැල්ලකට විසිරීයාමට සිදු වූයේ කිසිවකුත් නොසිතූ ආකාරයටය. එහෙත් යුද හමුදා සාමාජිකයින්ට පිංසිද්ධ වන්නට මල් කැකුළුවන් දැරියන් දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.

එම දැරියන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කිරීමේ වරදට චන්දන නමැති ඒ තාත්තා අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිි වැරුණි කේශලා බෝගහවත්ත, සැරයන් 55850 ජී. සුමතිපාල, 5282 චන්ද්‍රා, කොස්තාපල් 37982 චන්දන යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 



අදහස් (0)

නිල්වලාවට දරුවන් බිලිදුන් අපූරු තාත්තා

කුමාරි Monday, 28 April 2014 08:14 PM

මේ ප්‍රවෘත්තිය විවිධාකාරයෙන් මාධ්‍ය මගින් දුටුවා. එක තැනක බිරිදගේ නැගණිය ඒ ගෙදර සිට අනියම් සම්බන්දකමක් ගැන සඳහන් වුනා.මම නම් හිතන්නේ හරියටම සිදු වීම පිලිබඳ නොදැන කවුරුත් කියන දේ රටට නොකිය යුතුයි. මොකද ජිවත් වෙන අයට ඒවා බලපානවා. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 28 April 2014 03:27 PM

රටේ බොහෝමයක මෙවැනි අකටයුතුකම් වලට කපුවන් සම්බන්ධයි. සමාජය තවම පාඩම් ඉගෙනගෙන නැහැ. (ස)

:       0       0

ශ්‍රීමතී Wednesday, 30 April 2014 08:09 PM

දරුවන් ලංකාවේ දාලා කුවේට් වල දුක් විඳින අපිට මේ වගේ සිදුවීම් දරාගන්න බැහැ. දෙමවුපියන්ගේ වැරදි වලට ඇයි දරුවන්ගේ ජීවිත වලින් පළිගන්නේ? දියණියන් දෙන්නා බේරාගත් හමුදා සහෝදරයන්ට ගොඩක් පින්! (නි)

:       0       0

ලාල් Wednesday, 30 April 2014 01:07 PM

ඇත්තටම මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ කවුද (දී)

:       0       0

ශ්‍රීමතී Wednesday, 30 April 2014 08:33 PM

දෙමවුපියන්ගේ වැරදි වලට ඇයි දරුවන්ගෙන් පළිගන්නේ? (නි)

:       0       0

මාලි Wednesday, 30 April 2014 08:39 PM

අපූරු තාත්තෙක් තමයි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 234 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 190 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 139 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 250 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 417 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1044 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 994 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1434 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site