ආර්ථික වියවුලෙන් රට ගොඩට ගැනීමට සහ ජනතාව පෙළමින් සිටින බරපතල ගැටලුවලට පිළියම් යෙදීමට මහා පරිමානයේ භාරකාර සන්ධානයක් තනාගැනීම අරබයා ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්විණ. මෙම සාකච්ඡා සාර්ථක අවසානයක් දුටුවහොත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හිස් කෙරෙනු ඇති අගමැති පුටුව හිමිවනු ඇත්තේ මහින්ද රාජපක්ෂටය. කෙසේවුවද, ඒ දක්වා දිගු ගමනක් යෑමට ඇත.
දෙපාර්ශවය දරන මතවාදයන් සම්බන්ධයෙන් මෙම පළමු සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වූ අතර, පුළුල් සන්ධානයක් ඇති කරගැනීමට නම් ස්ථාපිත කළ යුතුව තිබෙන පරාමිතීන් පිළිබදව ද සාකච්ඡා කෙරිණ. එය සාර්ථක වනු ඇති බවට පෙර ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත.
ජනපති සිරිසේන තනිව පැමිණ සිටියේ වුවද, බැසිල් රාජපක්ෂද සාකච්ඡාවට එක්ව සිටීම එයට වැඩි වැදගත්කමක් ආරූඪ කළේය. ලොස් ඇන්ජලිස් නුවර සිට කොළඹ බලා පැමිණ සිටි ඔහු, මෛත්‍රී හා මහින්ද අතර පැවැති හමුවට එක්ව සිටීම පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද පාර්ශවයට අතදිගු කරන ලද පෙර අවස්ථාවලදී දැඩිව විරෝධය දැක්වූ අයෙකි.
පැරණි තත්ත්වය එසේ වුවත් මෙවර දෙදෙන අතර සාකච්ඡාවට ඔහුද දායකත්වය සැපයීම ඉතාම වැදගත් විය. ඒ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වන ජනපති සිරිසේන මහතා ඉදිරියේ නැගී තිබූ මහා බාධකයක් අවසානයේ ඉවත් විය. සිය දේශපාලන කියැවීම සහ මූලෝපායිකව කටයුතු කිරීමේ කුසලතාවය නිසාම ඇගයීමට ලක්ව සිටින බැසිල් රාජපක්ෂ මහතා යෝජිත වැඩබලන සන්ධානයේ පුලුල් භූමිකාවක කටයුතු කිරීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අරබයා සකස් විය යුතුව තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් පැහැදිලි කළේය.
යෝජිත සන්ධානයේ ස්වාධීන සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනු ඇති බවත්, සන්ධානයට එක්වන ලෙස අනෙක් පාර්ශවයන්ට ආරාධනා කළ හැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත අත්වැල් බැඳගැනීමක් සිදුනොවන බව ඔහුගේ අදහස් දැක්වීමෙන් මනාව පැහැදිලි වූ නමුත්, වැදගත් ගැටළු අරභයා ඇතිකරගන්නා එකඟතාවයන් මත මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව පෙනී ගියේය. වැඩබලන මහා සන්ධානයේ සාමාජික පක්ෂවලට ඉදිරියේ එන ජනපතිවරණයට සහ පාර්ලිමෙන්තු මැතිවරණයට ස්වාධීනව තරග කිරීමටද හැකියාව තිබෙන බව බැසිල් පැවසුවේ ය.
ජනපති සිරිසේන මහතා සහ රාජපක්ෂ දෙසොහොයුරන් අතර සාකච්ඡාව පැවැත්වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයන් 15 දෙනාගෙන් අයකු වන හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාට අයත් අංක 1070-2 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, යන ලිපිනයේ පිහිටි නිවසේදීය. සාකච්ඡාව අතරතුර දී වරින් වර ජනපති හා රාජපක්ෂවරුන් අතරට පැමිණියද දිසානායක මහතා මුලු සාකච්ඡාවටම සහභාගීවූයේ නැත.
දිසානායක මහතා සති කිහිපයකට ඉහත ඔහු හිටපු ජනපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයටද ලක්විය. නොසැළකිලිමත් ලෙස අදහස් දක්වමින් දිසානායක හැසිරෙන්නේ යැයි ඔහු විපක්ෂයේ තම හිතවතුන් කිහිපදෙනෙක් හමුවේ කෝපාන්විතව අදහස් දක්වා තිබිණ. එවක් පටන් දිසානායක මහතා නැවත වරක් තැරුව්කරුවාගේ භූමිකාව රඟ දැක්වීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමයේදීද දිසානායක මහතා කටයුතු කළේ මේ අයුරින්මය.
ජනපතිවරයා දැඩි දේශපාලනික තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවත්, කැබිනට් සංශෝධනයක් ද සිදුවීමට ඉඩ තිබෙන බවත්, පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවෙන් අනාවරණය කෙරිණ. මේ අරබයා ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව හිමිවන්නේ ඉහළ ප්‍රමුඛතාවයකි.
හැකි ඉක්මනින් නව අගවිනිසුරුවරයකු පත්කිරීමද ජනපතිවරයා අපේක්‍ෂාකරන වෙනස්කම් ලැයිස්තුවේ ඉහළින්ම තිබේ. ආගාධයට ගොස් තිබෙන රටේ නීතිය හා සාමයේ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහුගේ දැඩි අවධානය යොමුව ඇත.
වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ වෘත්තිකයකුට නුසුදුසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව සිටින ජනපති සිරිසේන මහතා ඔහු වෙනුවට වෙනත් පොලිස්පතිවරයකු පත්කිරීම විමසුමට ලක්කරමින් සිටී. ඒ සදහා සුදුස්සෙකු ඔහු දැනටමත් ලකුණු කරගෙන සිටින බව දැනගැනීමට ඇත.
ජනපතිවරයාගේ වුවමනාව එය වුවද, එක්සත් ජාතික පක්ෂයේ එක්තරා කණ්ඩායමක වුවමනාව වන්නේ වත්මන් පොලිස්පතිවරයාව එම තනතුරේ දිගටම තබා ගැනීමය. ඒ සදහා හේතුව පැහැදිලි නැත. මෙම ගැටලු ද්විත්වය මුල් කරගෙන ඇතැම් අමාත්‍යවරු ජනපති සිරිසේනට මහතාට එරෙහිව ව්‍යංගාර්ථව යුද ප්‍රකාශ කර තිබෙන අතර, ඒ පිළිබදව වැඩිදුර තොරතුරු ඉදිරියට හෙළි කෙරෙනු ඇත.
අගමැති වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම තමාට අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්වෙමින් තිබෙන බව කියමින් ජනපති සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාව ආරම්භ කළේය. කණස්සලු ස්වභාවයක් ඔහුගේ මුහුණේ රැඳී තිබිණ.
තමන් ගන්නා උත්සාහයන් එතැනම ලොප් කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කියා සිටි ජනපතිවරයා ආර්ථිකය කඩා වැටීමට සහ දැනටමත් අධික බරක් උසුලමින් සිටින ජනතාව තවත් පීඩාවට ලක්වීමට පෙර, වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් විය යුතුව තිබෙන බවද පැවසුවේ අදිටන් සහගතවය.
පවත්නා තත්ත්වය පැහැදිලි කිරීම සදහා ඔහු උදාහරණ ගණනාවක් ද ගෙන හැර දැක්වූයේය.
ගෙවී ගිය සති කිහිපය සැළකීමේ දී ජනපති සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා අතර සබදතාවය ඉතාම දරුණු ලෙස පරිහානියට පත්වීමට තුඩුදුන් අවස්ථා කිහිපයක්ම සනිටුහන් වූ බව සියලු දෙනාම හොදින් දනිති. කොටින්ම, පසුගිය මස පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවේදී, ගෙවී ගිය වසර 3 ක කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති සබඳතාවය විවරණයට ලක්කිරීම සදහා උප කමිටුවක්ද පත් කෙරිණ.
බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් ඇමතූ එස්. බී. දිසානායක මහතා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත්විය යුතුව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වැඩබලන රජයක් තනාගැනීම සදහා යොමුවිය යුතුයැයි ඔවුන් නිර්දේශ කරන බවද පැවසුවේය. මැතිවරණක් පැවැත්වෙන තෙක් එවන් එකඟතාවයකට සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා පවා සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කිවේය.
නෝර්වේ සහ බි්‍රතාන්‍යයේ නිල සංචාරයක් සදහා අගමැති වික්‍රමසිංහ මහතා අඟහරවාදා රාත්‍රියේ දිවයිනෙන් බැහැර විය. නෝර්වේහි ගතකිරීමට යන දින 3 ක කාලයේ ඔහු එරට ප්‍රමුඛපෙලේ නිෂ්පාදන සමාගමක් යටතේ ක්‍රියාත්මක කෙරෙන පරිගණක ගතකර උසස්ම තත්ත්වයෙන් පවත්වා ගැනෙන ගබඩා පහසුකම් නිරීක්ෂණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ මිතුරියක ලෙස සැළකෙන නෝර්වේ අගමැතිනී එමා සෝල්බර්ග් හමුවීමටත් නියමිතය. මෑතක දී ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ දේශනය කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව තමන් ඇදබැඳ තබාගෙන සිටින බවය.
අගමැති වික්‍රමසිංහ මහතා සිය බි්‍රතාන්‍ය සංචාරයේ දී ඔක්ස්ෆර්ඞ් සංසදය අමතමින් ඉන්දියා සාගර කලාපයේ භූදේශපාලනය මැයෙන් දේශනයක් පවත්වනු ඇත. එය යෙදී තිබෙන්නේ අද (සඳුදා) ටය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නොපෑහෙන දීගයේ තිත්ත ඇත්ත ගැන කතා
max Monday, 08 October 2018 07:37 AM
ඉදිරි පරම්පරාවට විතරක් නෙවෙයි වර්තමාන පරම්පරාවටත් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.