ඒ වෙනුවෙන් සමහරු නොකරන දෙයක් නෑ. ශරීරයට වැහෙනවා, අපට අණවිණ කොඩිවිණ කරලා, මේක හූනියමක් යක්ෂ, පෙරේත දෝෂයක්, බන්ධනයක්, අපේ ගෙවල් දොරවල් දේපල විනාශ වෙන්න දෙයක් කරලා. මේ අපි නිතර අහන දේවල්. මේවා ඇත්තද? බොරුද? ඇත්ත වෙනවා නම් ඇත්ත වෙන්නෙ කොහොමද? අපි අද පටන් ගැඹුරින් සාකච්ඡුා කරමු. විවිධ මාධ්‍ය තුළින් සාකච්ඡුාවට පැමිණි මාලඹේ රොබට් ගුණවර්ධන මාවතේ සිතුමිණ ශාන්ති පූජායතනයේ පූජක, ජ්‍යොතිෂවේදී එම්. බණ්ඩාර මහතා සමඟ අපි කතා කරමු.
බුදු දහමට අනුව ගතහොත් පුද්ගලයාට ග‍්‍රහණය වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංච ඉන්ද්‍රිය අරමුණු සීයට සීයක් ඔබ විඳිනවාද? ඔබ එසේ සිතන්නට පුළුවන. එහෙත් රූපයක් අනුව සැලකුවත් ශබ්දයක් රසක්, ගන්ධයක් අනුව සැලකුවත් ඔබට දැනෙන, හැෙඟන, විඳින, විඳවන දේ හි සීමාවක් පවතී. එම සීමාවෙන් ඔබ්බට පවතින ලෝක ස්වභාවය සුළු පටු නැත. මුහුදු වෙරළේ ඇවිද යන ඔබට සිප්පි කටුවක් හමුවේවි. ඒ සිප්පි කටුව අතට ගෙන මුහුදේ ඇත්තේ මේවා යැයි තීරණය කිරීම නිවැරදිද? එසේම අපට දැනෙන කිසිම අරමුණකින් එය සම්පූර්ණ ලෝක ස්වභාවය යැයි කිසි ලෙසකත් තීරණය කළ නොහැක. එයට හේතුව අපට නොපෙනෙන ලොවක් අප ඉදිරියේ පැවතීමය.
කෙනෙක් තමන් පිළිබඳව වන අවතක්සේරුව, සැමියා, බිරිඳ, මවුපියන් හෝ දරුවන්ගෙන්, තමන්ට නොලැබෙන ආදරය, තමන්ට තමන් ගැන පවතින අවිනිශ්චිතභාවය නිසා බොහෝ අය සලිත වී, ඔලූව හොල්ලා, මියගිය අයගේ නම් කියා කතා කළාට ඒවා භූත ආත්ම කාරක වන්නේ නැත. මළ ගිය ආතා, සීයා, අම්මා, තාත්තා වැනි අය ඇඟට වැහුණා කියා දොඩවන අයගෙන් වැඩිදෙනාට ඒ කිසිම මළගියෙකු ශරීරයට ඇතුළුවී නැත. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ට අනෙකාගෙන් නැතිවූ අවධානය, ආදරය මෙන්ම පෞරුෂයක් ගොඩනගා ගැනීමටය. බොහෝවිට දීර්ඝ කාලයක් තමා පිළිබඳ වන මානසික පසුබෑමෙන් දුර්වලවී මෙවැනි තත්ත්ව ඇතිවේ. මෙය මානසික ස්වභාවයකි. එමනිසා භූත කාරක ඇතුළු වූවායි කියන වැඩිදෙනෙක් මානසික වෛද්‍යවරුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ඔස්සේ සුවපත් කළ හැකිය.
ඒ හැර කෙනෙකුගේ අන්ත දුප්පත්කම, ප‍්‍රශ්නවලින් දිගින් දිගටම මිරිකීම නිසා වන අසරණභාවය, අන්‍යයන්ගේ නොසැලකුම් ආදිය නිසා යමෙක් එම ප‍්‍රශ්නවලින් මුදවීමට භූතකාරක (භූත ආත්ම* ශරීර ගතවීමක් සිද්ධවේ. මේ අතර කිසිම හේතුවක් නැතිව ශරීර ගතවන ආත්ම කාරකයෝද සිටී. ඉහත කාරණා අනුව යම් ශරීරයකට කෙනෙක් ආරූඪ වූවායි කියන ස්වභාවය යම් සම්භාවිතාවක් පමණි. සීයට පනහක් පමණම මානසික රෝග තත්ත්වයකි.
බුදු දහමට අනුව ඊළඟ ඉපදීමට හෙවත් ප‍්‍රතිසන්ධිය සඳහා අවසන් චුති සිත ප‍්‍රබල බලපෑමක් කරයි. ජීවත් වන කාලය පුරාම පින් රැස්කළ කෙනෙක් මරණාසන්න මොහොතේ පින් සිතිවිල්ලක් පහළ කර ගත හොත් හෙතෙම මරණින් මතු දිව්‍ය, මනුෂ්‍යාදී සුගතිගාමී උපතකට යයි. චුති සිතෙහි පාපයක් ඉපදී විඤ්ඤානය පාපී අන්දමින් නිරුද්ධ වී නම් ඊළඟ ප‍්‍රතිසන්ධිය යක්ෂ භූත පේ‍්‍රත ආදී දුගතිගාමී ආත්මයකට වැටීමට පුළුවන.
එමනිසා මරණාසන්න සිත සැමවිටම පිරිසිදු භාවයට පත් කර ගැනීමට පසුබිම නිර්මාණය විය යුතුය. සතර පෝයටම සිල් සමාදන් වුවත්, කුරා කූඹියකුට තරම්වත් හානියක් නොකළත් මැරෙන අවස්ථාවේදී සිත තුළ ද්වේශයක්, තරහවක්, තණ්හාවක්, වෛරයක්, කෑදරකමක් ඇති වී නම් එය දුගතිගාමී ප‍්‍රතිසන්ධියකට හේතුවේ.
කොයිතරම් පින්කම් කළත් සමහරු මරණයට පත්වන්නේ, ”අනේ මගේ ගේ දොර...” ”මගේ ලොකු කෙල්ල තවම බැඳල නෑ.. කවුද ඒකිව බලාගන්නෙ...” ”මේ ගේ දොර ලොකු එකා විකුණල නැති නාස්ති කරාවි...” ”බැංකු පොතේ ලක්ෂ පහක් තියනවා” ආදී සිතිවිලිවලින් මත්වීමට පුළුවන.
ඇතැම්විට මරණාසන්නයට දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගයක් තිබෙන්නට පුළුවන. ඔහුගේ රෝගී තත්ත්වය නිසා දරුවන්ගෙන් සීනි අධික තේ කෝප්පයක් ඉල්ලූවොත් එය නොලැබී යයි. ”අනේ අම්මට හොඳ නෑනෙ..” යි කියා දරුවෝ රෝගියාව අස්වසන්නට පුළුවන. නමුත් මරණාසන්නය ”තේ කෝප්පය නිසාම දරුවෝ කෙරේ වෛර බඳිති. දරුවන්ට ද්වේෂය මුදා හරිති. ”උඹල පෙරේත පැටවු ටිකක්” යනුවෙන් පවසමින් තේ කෝප්පයට ලෝබය බැඳ එයින්ම අපිරිසිදු සිතින් මරණයට පත්වෙති. මෙවැනි අය බොහෝ විට පේ‍්‍රතයන්, පේ‍්‍රතියන් හැටියට මරණින් මතු උපත ලබති.
උදාහරණයක් හැටියට තේ කෝප්පයට ලොබ බැඳි පේ‍්‍රතයාට, එවැනි දෙයක් ලැබෙන තුරු දරුවන්ට, ගෙදරට නොයෙක් කරදර සිද්ධ වේ. ස්වාමීන් වහන්සේලා හත්නම, දොළොස් නම, විසිනම වැඩම කරවා මහ දන් දුන්නත් ඉහත කී පේ‍්‍රතයෝ අදාළ තැන් හැර යන්නේ නැත.
ගෙදරට දොරට, ඉඩමට ලොබ බැඳ මිය ගිය ඇතැම් අය සාංඝික දානයක් දුන් පමණින් ග‍්‍රහණය වූ තැනින් පිටවෙන්නේ නැත. මළගිය කෙනාගෙන් ගෙදරට, නිවැසියන්ට කරදර වන බව දැනෙන විට ඇතැම් අය පේ‍්‍රත තටු හෝ යක්ෂ තටු හදා, එයට රා, අරක්කු, සුරුට්ටු, බුලත් පුවක්, පලතුරු දමා මස් මාංශ පුච්චා, දොළ පිදේනි දී කුකුල් හෝ සැවුල් බිල්ලක් දී සොහොනක තබා යම් යම් දෑ කරනු ලැබේ. මෙය පුරාතනයේ සම්ප‍්‍රදායානුකූලව කරනු ලැබූවකි. නමුත් බෞද්ධ ප‍්‍රතිපදාව අනුව යක්ෂ, පේ‍්‍රතයන් ඉවත් කිරීමට මෙවැනි දේ අවශ්‍ය නැත.
යම් ආත්ම කාරකයකු ඉඩමට, ලොබ බැඳ සිටී නම් ඔහුට දොළපිදේනියක් වැනි දේකින් තාවකාලිකව වෙනත් තැනකට පිටකළ හැකිය. නමුත් ඔහු ඉඩමෙන් පිටත් වූවාට පේ‍්‍රත, යක්ෂ ආත්මයෙහි වෙනසක් නොවේ. ඇතැම් විට ඉඩමෙන් පිටකිරීම ගැන වඩා කෝප වී තවත් කරදර ඇති කිරීමට පුළුවන. එහෙත් මේ ආත්ම කාරකයාට බෞද්ධ සිද්ධස්ථානයක දේවාලයක ආවතේව කරන්නට පසුබිම හදා දිය යුතුය. එමඟින් ආත්ම කාරකයා එයින් පින් සිදු කොට ගෙන චුති සිතේදී වූ වැරදි හදා සුගතියකට එන්නට සිතක් ඇති කර ගනී. ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධයෙන් ඈත්වේ. පුණ්‍ය ස්ථානවලට වී පින් සිදුකර ගනී.
සුසානයක, තුන් මංසලක, දොළක ඔහු තනි කළොත් ආත්ම කාරකයා තුළ පැහැදිලි, ප‍්‍රසාදී සිතුවිලි පහළ වෙන්නේ නැත. එබැවින් යක්ෂ පේ‍්‍රත දෝෂ තියන අය කළ යුත්තේ මින් කවරක්ද යන්න වඩා කල්පනා කළ යුතුය.
මෙය උදාහරණයකින් දක්වමු. ඔබ නිවස ඉදිරියේ දැඩිසේ අසරණ, දුගී දුප්පත් යමෙක් නවාතැන් ගෙන සිටී නම් ඔබ නිවසේ කලඑළියට, පිරිසිදුකමට එය බාධාවකි. ඔබ මේ අසරණයාට බලපෑමක් කළොත් ඇතැම් විට ඒ අසරණයා ඔබට වෛර කරනු ඇත. ඔබ ඔහුට වඩා සුදුසු තැනක් සකස් කරදී, සුවසේ සිටින්නට පසුබිම හදාදී පිටමන් වෙන්නැයි කීවොත් ඔහු මුලින් අකමැති වුණත් පසුව කැමති වී පිටවීමට පුළුවන. ඔහු යන තැන තමන් දැන් සිටින තැනට වඩා ප‍්‍රියජනක නම් පිටවන්නාගෙන් කරදරයක් නැත. නමුත් තමා පිටමං කරන්නේ අකමැති තැනකට නම් එයින් බොහෝ ප‍්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
නොපෙනෙන ලෝකයේ විශ්මිත වැඩ
වීරසිංහ වෙදආරච්චි Tuesday, 24 February 2015 02:12 PM
මිනිස්සු මුලා කරන්නෙ නැතිව පදික වේදිකාවක හිගා කනවකො. පට්ටපල් බොරු කෙලින්නෙ නැතිව ඒක නම්බුකාරයි. පෙරේතයත් යක්ෂයත් අසරණ මිනිස්සු ගසා කන එකා තමයි. මිනිස්සුන්ටත් ලැජ්ජා නැහැ මහින්ද රාජපක්ෂවත් නැති කළේ මේ අය තමයි. (අ)
ප්‍රභාත් Saturday, 14 February 2015 06:03 PM
අනේ! 2015 වෙලත් තාම ලංකාවේ මිනිස්සු ඕවා පස්සේ දුවන හැටි. තමන් කරන දේ විශ්වාසයෙන් කරනවා නම් වරදින්නේ නැහැ. (නි)
වසන්ත Monday, 18 January 2016 07:18 AM
පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ ලෝකය තුළ ක්‍රියාත්මක වන බව සත්‍යයකි.අපේ ඇසට පෙනෙන දෙයට වඩා සුනඛයෙකුගේ ඇසට හා කණට පෙනෙනව හා දැනෙනවා. සෑම ජීවියෙකුටම පෙනෙන හා ඇසනෙ දැනෙන දේ වෙනස් . ඒ නිසා අප මෙවැනි දෑ නැතැයි ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් නොවිය යුතුයි.(ම)
කසුන් Friday, 27 February 2015 05:52 AM
තමන්ගේ හිතේ තියෙන ශක්තිය හැම දේටම වඩා බලවත් කියල මම විශ්වාස කරනවා (බ)
දුමින්ද Saturday, 14 February 2015 07:22 AM
ප්‍රශ්නේ අපේ අය යක්ෂයන්,ප්‍රේතයන් විකුණගෙන කන එකනේ (අ)
හරේන්ද්‍ර Monday, 16 February 2015 02:36 AM
අනේ! දැන්වත් හරි දෙයක් කරමුද..? (නි)