IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නොනවතින බැංකු කොල්ලය

 


 

මෑතක සිට සිදුවන කොල්ලකෑම් රැුල්ලට තවත් එක් කොල්ලකෑමක් එකතු වූයේ පසුගිය බදාදා (23)ය.  ඒ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකිනි. එදිනම කිරුළපනේ බැංකු කොල්ලයක් වැරදී ගියේ බැංකු ආරක්ෂකයා වෙඩි තැබූ නිසාය.

කාලයක සිට සිදුවන කොල්ලකෑම් රැුල්ල නිසා ව්‍යාපාරිකයන් බියට හා චකිතයට පත්ව සිටියත් ඔවුන්ගේ ඇසට වැලි ගසා කොල්ලකෑම් දිගින් දිගටම සිදු කරන්නට කොල්ලකරුවෝ සූක්ෂම වී සිටිති.

එකම දිනක දෙපැයක් ඇතුළත කොල්ලයක් සිදුවීමත්, තවත් කොල්ලයක් වැළැක්වීමත් සිදු විය.

දිනය අපේ‍්‍රල් 23 වැනි දාය. ස්ථානය මොරටුවේ කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකි. වේලාව පස්වරු එකට පමණ ඇත. සේවිකාවෝ පස් දෙනෙක් හා ගනුදෙනුකරුවෝ හතර දෙනෙක් එම බැංකුවේ සිටියහ.

ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි දෙදෙනකු බැංකුවට ඇතුළු වූයේ අවි අමෝරාගෙනය. සේවකයන් දෙසට පිස්තෝල එල්ල වෙද්දී එහි සිටියෝ බියෙන් ඇළලී ගියහ. වැඩි වේලාවක් ගියේ නැත. බැංකුවේ කවුන්ටරයෙහි ලාච්චුවල තිබූ මුදල් එකතු කරගන්නට වූහ. ඒ සැණින් යතුරුපැදිවල නැගී කොල්ලකරුවෝ පළා ගියහ.
ඊට මීටර සියයක් දෙසීයක් දුරින් පොලිස් ජංගම රථයක් නවතා තිබුණත් බැංකුවේ සයිරන් නළා ක‍්‍රියා නොකිරීම නිසා පොලිසියට පණිවුඩය දීමට ප‍්‍රමාද විය. ඒ මොහොතේම බැංකුව කොල්ලකෑ බවට පොලිසියට දුරකතන ඇමතුමක් දුන් අතර කොල්ලකරුවන් සොයා පොලිස් රථය   ගියත් කොල්ලකරුවන් සොයා ගැනීමට නොහැකි විය.

පසුව කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ බැංකුවේ තිබූ රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් සොරා ගෙන ඇති බවයි.

ඒ සමග තවත් වැරදුණු කොල්ලයක් ගැන ආරංචි පැතිර ගියේ කිරුළපන බැංකුවකිනි. මහ දවාලේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ආ දෙදෙනකු බැංකුව තුළට යෑමට උත්සාහ කරද්දී බැංකු ආරක්ෂක විසින් ඔවුන් වළක්වා දොර වසා ඇත. ඒ සමගම කොල්ලකරුවන් දෙදෙනා වීදුරුවලට පහර දෙමින් ඒවා කඩා දමද්දී බැංකු ආරක්ෂකගේ වෙඩි තැබීම හමුවේ කොල්ලකරුවෝ පළා ගියහ.



බැංකු ආරක්ෂකගේ වෙඩි තැබීම  හමුවේ තමන් ආ යතුරුපැදිය ගැනීමට නොහැකි වූ කොල්ලකරුවන් පළා ගියේ ඒ අසල තිබූ වෙනත් යතුරුපැදියක් පැහැරගෙනය. කොල්ලකරුවන් හැර දමා ගිය යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී හෙළිවූයේ එය ටික දිනකට පෙර සොරා ගත් යතුරුපැදියක් බවයි.
මෙවැනි කොල්ලකෑම් රැුසක් පසුගිය වකවානුවේ වාර්තා විය.

2013 දෙසැම්බර් 25 වැනි දා සිට 2014 අපේ‍්‍රල් 25 වැනි දා දක්වා කොල්ලකෑම් 14ක් සිදුව ඇති බවත්, ඉන් තුනක සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

2014 අපේ‍්‍රල් 17 වැනි දා මීගමුවේ සාප්පුවක් කොල්ලකා රුපියල් ලක්ෂ 135ක පමණ රන් ආභරණ සහ රට සල්ලි පැහැර ගත්තේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳගෙන ආ පිරිසකි. හෙල්මට් නැතිව ආ කොල්ලකරුවෙක් ද එහි සිටියේය. කොල්ලය සිදුවී සති දෙකකට ආසන්න වන අතර සැකකරුවන් හමුදා සාමාජිකයන් බවට හඳුනා ගත්තත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

රුපියල් ලක්ෂ 18ක තේකොළ ලොරියක් කොල්ලකෑවේ අපේ‍්‍රල් 05 වැනි දා අලූයමය. ඒ බදුල්ලේ සිට කොළඹ බලා එද්දී හල්දුම්මුල්ල ඌවතැන්නේදී ය. රියදුරු සහ සහයක බැඳ දමා තේකොළ පැහැරගෙන තිබිණි.

අපේ‍්‍රල් මස පළමු වැනි දා මතුගම ලීසිං සමාගමකට අයත් රුපියල් පනස් ලක්ෂයක් පැහැර ගත්තේ මහ දවාලේ බොහෝ දෙනකු බලා සිටියදීය. වෙනත් ශාඛාවක සිට මතුගම ශාඛාවට සල්ලි ගෙන ගියේ පෞද්ගලික සේවයක් මගිනි. එහි ආරක්ෂාවට යොදවනු ලැබ සිටියේ  එම සේවාවෙනි. රුපියල් පනස් ලක්ෂය පැහැරගෙන යන තුරු එහි සිටි ආරක්ෂකයා ආයුධයක් අතැතිව කිසි දෙයක් නොකර බලා සිටියේය.

සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර එහි දී අනාවරණය වූයේ ආරක්ෂකයා ඇතුලූ පිරිසක් හවුල් වී එම කොල්ලය සැලසුම් කළ බවයි. පැහැරගත් බව කියූ ලක්ෂ පනස්හයෙන් ලක්ෂ හතළිස් හතක් එම වෑන් රියේ තිබියදීම සොයා ගැනීමට පොලිසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් හතක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මාර්තු 31 වැනිදා සීදුව රත් වූයේ එම ප‍්‍රදේශයේ ආයතනයකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් කළමනාකරුට පිහියෙන් ඇන රුපියල් ලක්ෂ 14ක් පැහැරගෙන යාමත් සමගය. එම කොල්ලයට ෆුල්ෆේස් හෙල්මට් පැළඳගෙන හතර දෙනකු පමණ එන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

දඹුල්ලේ සාප්පුවකට ආ කොල්ලකරුවන් පිරිසක් සේවිකාවන් කාමරයකට දමා රුපියල් පන් ලක්ෂයක් පැහැරගෙන ගියේ මාර්තු 17 වැනිදාය.
මහව පොල්පිතිගම දී රුපියල් දෙලක්ෂ හැට දහසක් කොල්ලකෑවේ 2014 මාර්තු 11 වැනි දාය.

මාර්තු මාසයේම ගම්පහ අස්ගිරියේ වෙළෙඳසලක් කොල්ලකන්නට ආ පිරිසක් 18 හැවිරිදි පාසල් දරුවකු වෙඩි තබා මරා දමා පළා ගියහ.
මාර්තු හතර වැනි දා නුගේගොඩ රන් භාණ්ඩ අලෙවිහලකට කඩා වැදුණු කොල්ලකරුවෝ එහි තිබූ රන් ආභරණ සහිත පෙට්ටි අටක් රැුගෙන පලා ගියහ.
කොහුවල බැංකුවකින් රුපියල් ලක්ෂ 15ක් කොල්ලකෑවේ පෙබරවාරි 24 වැනි දා ය.
 

පෙබරවාරි 12 වැනි දා පාදුක්ක රන් බඩු උකස් ආයතනයකට කඩා වැදුණු කොල්ලකරුවෝ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න රන් අභරණ පැහැර ගත්හ.  ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න ඇතුළු නිලධාරීහු මුලින්ම රුපියල් කෝටියක රන් බඩු සොයා ගත් අතර ආබාධිත සෙබළුන් දෙදෙනකු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත්හ.  ඉන් අනතුරුව කොල්ලයට අවිය සැපයූ බව කියන අලව්ව රණවිරු ඇපරල්හි ලූතිනන්වරයකු ද අත්අඩංගුවට ගනු ලැබීය. කොල්ලය සැලසුම් කර තිබූණේ එහි සේවිකාවකගේ ළඟම ඥාතියකු විසිනි.

මාර්තු 20 වැනි දා මතුගම බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවෝ පිරිසක් රුපියල් ලක්ෂ නවයක් කොල්ලකෑහ.

මෑතක දී රටේ වඩාත්ම කතා බහට ලක්වූ කොල්ලය වූයේ පෙබරවාරි 17 වැනි දා මහා දවාලයේ සිදුවූ මීගමුවේ විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ කොල්ලයයි. කෝටි දෙකකට ආසන්න විදෙස් මුදල් හා රන් ආභරණ කොල්ල කා තිබිණි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳගෙන ආ දෙදෙනකු තත්ත්පර 80ක දී කොල්ලය සිදු කර පළා යද්දී පසුපසින් පොලිස් නිලධාරියකු ලූහුබැඳ ගියත් කොල්ලකරුවන් අත ගිනි අවි තිබූ නිසා පොලිස් නිලධාරියාට මඟ නවතින්නට සිදුවිය.

කෙසේ වෙතත් සති දෙකක් ඇතුළත දී ඊට සම්බන්ධ සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයකු වන රෝයිස් ප‍්‍රනාන්දු මහතා මේ කොල්ලයේ සැකකරුවකු වීම වැඩි කතා බහකට ලක්විය. ඒ සිද්ධියේ දී පොලිසියේ හැසිරීම ඇතැමෙක් විවේචනය කළත් පොලිසිය එම විවේචන ප‍්‍රතික්ෂේප කළේය.

ඉහත සඳහන් කළේ මෑතක දී සිදු වූ කොල්ලකෑම්වලින් කිහිපයක් පමණි.
 

සිද්ධි රැසකට පොදු කරුණක් දැක ගත හැකි විය. ඒ කොල්ලකරුවන් ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන ඒමයි. කොල්ලය සීසීටීවී කැමරාවල සටහන් වුවද කොල්ලකරුවන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටි නිසා ඔවුන් හඳුනා ගැනීමට නොහැකි විය.

 



අදහස් (0)

නොනවතින බැංකු කොල්ලය

අශාන් Wednesday, 30 April 2014 01:27 PM

අයි අර කාලයක් කරා වගේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්ඩ බැරි ? (ස)

:       0       0

සිංහාලි Sunday, 04 May 2014 12:42 PM

එතකොට බුර්කාව හොදයිද? (ස)

:       0       0

ඩොන්ස් Monday, 28 April 2014 05:44 PM

ෆුල් ෆේස් හෙල්මට් තියෙන්නේ ලංකාවේ විතරද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site