බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරය පසුකර කිලෝ මීටර් 7ක් දුර වැල්ලවාය දෙසට යන විට මහා මාර්ගය අසලම නෙත ගැටෙන සුවිසල් දිය ඇල්ල රාවණා දිය ඇල්ල හෙවත් බඹරගල ඇල්ල ලෙස හැඳින්වෙයි.
දියඇල්ල පසුබිම් කරගත් අක්කර දහස් ගණනක් පුරා පැතිරුණ පර්වතය හා ඒ අවට පරිසරය පුරා රාවණා රජු හා බැදුණු ඉතිහාස කතා අසන්නට ලැබේ. එමෙන්ම එම කතා බොහොමයක් සනාථ කළ හැකි සාක්කිද ඇතැයි කියැවේ.
රාවණා ඇල්ලට නුදුරින් පිහිටි රාවණා රජ මහා විහාරස්ථානය ද ඊට නුදුරින් පිහිටි රාවණා රජුගේ වාසස්ථානයක් ලෙස සැලකෙන ගල් ගුහාවද ඉතිහාස කතාවලට සාක්කි සපයයි.
රාවණා රජතුමා සීතා දේවිය පැහැරගෙන විත් මෙම ගුහාවක සැඟවු බවටද ජනප්‍රවාදයකි.

මෙම පර්වතය යටින් සැතපුම් විශාල ගණනක් දුරට විහිදුණු උමං මාර්ග කීපයක්ම තිබූ බව සඳහන්වෙයි .
රාවණා ඇල්ල ගුහාවෙන් නුවරඑළියේ ශිත එළියෙන් බෝගොඩ රජමහා විහාරය අසලින් හා දෝව රජමහා විහාරය අසලින් මෙම උමං මාර්ග විහිදී තිබුණ බවට එම ස්ථානයන්හි අදත් දැකිය හැකි උමං කටවල්. සාක්කි දරන බවටද මතකයකි.
මීට අමතරව මතුපිට සිට අඩි සියගණනක් යටින් තවත් ප්‍රදේශ කීපයකට යා හැකි ලෙස උමං මඟ සැකසී තිබූ බවටද විශ්වාසයක් පවතී.
උමාඔය බහුකාර් සංවර්ධන ව්‍යාපෘතියේ උමඟ කැනීමේදී මේ ඉසව්වේම උමං දොරක් මතුව තිබුණි.
ඒ තුළ සිංහාසනයක් හා ඔටුන්නක් ඇති බවටද, රාවයක් පැතිර ගියේය. කෙසේ නමුත් මේ උමඟට ඇතුළුවීම තහනම් කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේද ආරක්ෂාව යටතේ එම උමං කට වසා දැමුණු නිසා ඉන් ඔබ්බට අනාවරණයක් නොවීය. කෙසේ නමුත්,
එවන් අපුරු උමං මගක් අපට 2012 වසරේ දෙසැම්බර් මාසයේ අප කළ ගවේෂණයදී හමුවිය. රාවණා ඇල්ල පසුකර වැල්ලවාය මාර්ගයේ තවත් කිලෝ මීටර් 3ක් පමණ ගිය පසු කරඳගොල්ල 10 කණුවෙන් හැරි බණ්ඩාරවෙලට විකල්ප මාර්ගයක් වන මාර්ගයේ කිලෝමිටර් 3ක් පමණ ගොස් මාර්ගයට පහළින් පිහිටි වන රොදක් ඔස්සේ ගමන් කර ගම්වැසියන්ගේ සහයෙන් අපි එම උමඟ සොයා ගතිමු.එම උමඟ සහ ඒ තුළ වු අති විස්මිත නිල්දිය පොකුණ පිළිබඳව වූ විශේෂාංග ලිපිය මුල්වරට ඉරිදා ලංකාදීපයෙන් අනාවරණ කළෙමු. ඉන්පසු විවිධ ජනමාධ්‍ය ඔස්සේ මෙම උමඟ ගැන කතා කළේය.
රාවණා රජු මෙහි වාසය කළ අතර ඔහුගේ අන්තඃ පුරයක් මෙම ගුහාව තුළ තිබූ බවත්, උමං මාර්ගයෙන් විවිධ ප්‍රදේශවලට යා හැකිව තිබු බවටත් ගම්වැසියන් තුළ ජනප්‍රවාද පවතී.
ඒ ඉතිහාස කතා අබිබවා මේ දිනවල කතා බහට ලක් වන්නේ මෙම උමඟ තුළ සිහිසුන්ව සිටිනා බව කියන රාවණා රජතුමා නඟා සිටුවිම සදහා මොරටුවේ සිට පැමිණි ස්ත්‍රියක් ගැනය.
කවුරුද මේ ස්ත්‍රිය
නිරාශා ලක්ශානි සිල්වා, 24 හැවිරිදි දෙදරු මවක වන මෙම කාන්තාව මීට දින කීපයකට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා හමුවීමට පැමිණ සිටියේ සිය සැමියා සහ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සේවකයකු ඇතුළු කණ්ඩායමක් සමගිනි. තමන්ගේ නම නිරාශා ලක්ශානි සිල්වා බවද මොරටුවේ සිට ඉතා වැදගත් කාරණයක් සඳහා අවසර ගැනීමට පැමිණි බවද ඇය දිස්ත්‍රික් ලේකම් වරයාට පැවසුවාය.
“කරඳගොල්ලේ උමඟක් තියෙනවා. රාවණා රජ්ජුරුවෝ එම උමඟ තුළ සිහිසුන්ව සිටිනවා.
රජතුමා නැගිට්ටොත් රටට මහා විනාශයක් වෙනවා.
ඒ නිසා නැගිටින්න කලින් අවදි කරවා ඔහු සතු ශක්තිය ගෙන රටට මහා ශාන්තියක් ලබාදී අපේ රටට ඉතා හොඳ කලක් උදාකළ හැකියි.
ඒ සඳහා ගුප්ත බලයක් මට ලැබි තිබෙනවා.”
ඇය එසේ පවසද්දී දිස්ත්‍රික් ලේකම්වරයා තෘස්නිම්භුතව බලා සිටියේය.
ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නොපැකිළ උත්තර දුන් ඇයගේ චතුර කතා විලාසයද දිස්ත්‍රික් ලේකම්වරයාට අමුත්තක් විය. ඇගේ කතා විලාසය අනුව කිසියම් ශක්තියක් ඇය සතු බව මෙවැනි දෙයක් කරනවා නම් නිසි අවසරයක් ලබා ගෙන.
ජනමාධ්‍යවේදීන්, පුරාවිද්‍යා නිලධාරින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්, ආරක්ෂක අංශවල අය සහභාගිකරව ගත යුතු බව දන්වා සිටියේය.
එතැනින් නොනැවතුණු දිස්ත්‍රික් ලේකම්වරයා, ජනමාධ්‍යවේදීන්, ආරක්ෂ අංශ හා පුරාවිද්‍යා බලධාරින් දැනුම්වත් කිරීමටද පියවර ගත්තේය.
මේ අතර මෙම කණ්ඩායමේ සම්බන්ධිකරණ කටයුතු කළ පුද්ගලයෙක් බදුල්ලේ හයිටෙක් ෆයර් ඇන්ඩි රෙස්කියු සිස්ටමි නමැති ජීවිතාරක්ෂක ආයතනයට ගොස් එහි අධිපති අනුර කුමාරද සිල්වා මහතා හමු විය.

දෙවියන්ගේ බලයෙන්, අශිර්වාදයෙන් ආරක්ෂාව පෙන්නුම් කිරීමෙන් රාවණා රජතුමා නිදා සිටින රාවණා රඡතුමා නැගිටුවන්න බලයක් ඇති කාන්තාවක් පැමිණ සිටින බව සම්බන්ධිකාරක පවසා සිටියේය.
උමඟ දිගේ යන කොට සමහර වෙලාවට ඔක්සිජන් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අනතුරුදායක තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා ඔබ ආයතනයට මේ ගමන සඳහා සහභාගිවෙන්න පුළුවන් දැයි ඔහු විමසුවේය.
එම කාන්තාවගේ උත්සාහය සාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම විශ්ව කීර්තියට පත්විය හැකි බව සිතූ අනුර කුමාරද සිල්වා මහතා මුදලක් අය නොකරම මේ සදහා ජිවිතාරක්ෂක කණ්ඩායමක් ලබාදීමට කැමැති විය.
ඇතැම් මාධ්‍යවේදීන් මේ තොරතුර කන වැකුණු සැණින් මෙම ස්ත්‍රිය ප්‍රමුඛ කණ්ඩායම නතරවී සිටි හුණුකැටිය ප්‍රදේශයේ ගෙස්ට් හවුස් එකටම ගොස් වැඬේ පටන්ගත්තේය.
රාවණා නැගිටුවීමේ ක්‍රියාන්විතය පිළිබදව කනින්-කොනින් ලැබුණු ආරංචි අනුව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඉකුත් 29 වන දා හිමිදිරයේ සිටම කරදගොල්ල වතුපිටිය රාවණා උමග අසලට එක් රොක්ව සිටියහ.
අදාෂ්‍යමාන ශක්තියක් ඇති බව පැවසෙන නිරාශා, මෙම කටයුත්ත සඳහාම කැටුව ආ පුද්ගලයන් 8 දෙනකු හා මාධ්‍යවේදින් පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණියාය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාට රාජකාරි බහුලවීම නිසා ඔහු නියෝජනය කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂ ටියුෂන් මහතා සහ පුපුරන ද්‍රව්‍යපාලක ඇතුළු නිලධාරින් පිරිසක් එවා තිබුණි.
අනුර කුමාර ද සිල්වා මහතා ප්‍රම්‍රඛ ජීවිත ආරක්ෂක කණ්ඩායම කඹ, ලණු ඉණිමං, ආරක්ෂක බඳ පටි පමණක් නොව ඔක්සිජන් ඇතුළු කළමනාද රැගෙන පැමිණ සිටියහ.
දැනුම් දීමක් සිදු කර තිබුණත් පුරාවිද්‍යා බලධාරින් කිසිවකු පැමිණ සිටියේ නැත.
ආරක්ෂාවට සිටියේ පොලිස් නිලධාරින් තිදෙනෙක් පමණි.
උමං කට අසලදී නිරාශා පැවසුවේ තම කණ්ඩායමේ අට දෙනාට අමතර උමඟට ඇතුළුවීමට අවසර ඇත්තේ මාධ්‍යවේදින්, ජීවිතාරක්ෂක කණ්ඩායම, රාජ්‍ය නිලධාරින්ට පමණක් බවය.
උදෑසන 9-00ට පමණ එකිනොකා පිටුපසින් උමංකටින් මේ පිරිස උමඟට ඇතුළුවේද්දී ප්‍රදේශවාසිහු උමඟ අසල පිටතින් සිට බලා සිටියහ.
ඉන්පසු දිගින්දිගටම ගමන දුෂ්කර විය ඇතැම් තැනක බඩ ගාමින්ද, ඇතැම් තැන් දණ ගාමින්ද, සීරුවට මාරුවට ගමන් කළෙමු.
ගල් දෙබොක්කාවන් අතරින් ගොස්, අඩි 20 ක් පමණ වු ප්‍රපාත ස්ථානයන්ට බැසිය යුතු තැන්වලදි ආත්මාරක්ෂක කණ්ඩායම ලබා දුන් කඹ, ඉණිමං මහෝපකාරී විය.
අඳුරු උමං මඟට එළිය දුන්නේ විදුලි පන්දම්ය.
වසර මිලියන ගණනක ඉතිහාසක් ඇති බව හැඟෙන හුණුගල් තට්ටු එහි දැකිය හැකි විය.
මීටර් 100ක් පමණ පහතට ගමන් කළ පසු හමු වු දැවැන්ත ශාලාවක් වැනි ලෙන තුළ තුන්සීයකට පමණ පිරිසකට ඉඩ කඩ පවතී. ගල් පියස්ස අඩි 40ක් පමණ උඩින් පිහිටියේය.

අපිවිඩාව නිවා ගැනීමට විනාඩි කීපයක්ම එහි ගත කළෙමු.
මීටර් 20ක් පමණ ප්‍රපාතාකාර ස්ථානයෙන් බැසීමද ඉතා අසිරු කටයුත්තක් විය.
ආත්මාරක්ෂක කණ්ඩායමේ උදව්වෙන් ලණු ඉනිමං හා කඹ දිගේ ප්‍රපාතකට බැස ගතිමු. මේ වන විට ඇඟපත වේදනාව දැනුණද මෙහි ඇති ශීතල සැපදායී කාලගුණ තත්ත්වය මහත් අස්වැසිල්ලකි.
සීතල දිය පිරි නිල්දිය පොකුණ මෙහිදි දැකගැනීමට හැකි වීම කාගෙත් ආනන්දයට හේතු විය.
ජලය ගලන ස්ථානය හෝ පිටවෙන ස්ථානයක් හෝ නොපෙනන මේ අපුරු ජල තටාකයේ දිය විනිවිද පතුල පෙනන තරමටද පැහැදිලි පිරිසිදු, ලානිල් පැහැති ජලයෙන් පිරි තිබුණි.
ජලය ගලන දිසාවක් නොපෙනුණත් භූගතව ජලය ගලායන හඩ ඇසිණ.
අන්තංපුර බිසෝවරුන් ජල කෙළියේ යෙදුණේ මෙම තටාකයේ විය නොහැකිදැයි සිතිණ.
සමහරු දෝතට සීතල දිය ගෙන පානය කළහ. තවත් සමහරු බෝතල්වලට ජලය දමාගත්හ.
නිරාශා මාධ්‍යවේදීන් හමුවේ මෙම උත්සාහය පිළිබඳ දැනුම්වත් කළේ මෙසේය.
“මම නිශාරා. මම ආවේ මොරටුවේ ඉදන් මගේ පුංචි අවධියේ ඉඳන්ම මට තේරෙන කාලේ ඉදන්ම, දෙවියන් එක්ක අභාෂයක් තිබුණා. ඒක අපේ පවුලේ අය, අපේ පවුලෙන් පිට කොහෙටවත් රැගෙන ගියේ නැහැ.
පවුලේ අයටම තමයි ඒ හැම සත්‍ය සිදුවීමක්ම සිදු වුණේ. විශ්වාසයක් ගොඩනැඟෙන විදිහට ගොඩාක් හේතුන් මගේ පුංචි කාලේ ඉඳලම සිදු වුණා.
මට දැන් වයස විසි හතරක් වෙනවා. ඒ විසිහතරක් දක්වා ගොඩාක් අදෘශ්‍යමාන දේවල් සිදු වුණා.
ඒ අනුව අවුරුදු තුනක වගේ කාලයක සිට රාවණා රජ්ජුරුවන් හා මගේ පවුලේ අයට සම්බන්ධ කම් තියෙන පිරිසක් ඉන්නවා කියලා මට පෙනුණා.
ඒ පේනකොට විෂ්ණු දෙවි හමුදුරුවනුත් හැමදාම පේනවා. මේ මිහිකත දේව මාතාවත් ඊට අමතරව ආරක්ෂාව සඳහා තියලා තියෙන නාග දේව මාතාවත් බැල්ම හෙළුවා.
ඒ අයගේ පිහිටෙන් ඒ අයගේ ඉල්ලීමක් අනුව, ඒ අය කරන්න කියපු දෙයක් පුංචි කාලේ ඉඳන් ඒ තියෙන සත්‍යත් එක්ක ඇවිල්ල මේ වගේ අපි දන්නේ නැති පැත්තක මේ රාවණා රජතුමා ඉන්න සීමාව මේ නිල් දිය පොකුණෙන් එහාට යන මාර්ගය පෙන්වා තියෙනවා.
ඒ කරන්න උවමනා ක්‍රීයාදාමයන් කියා තිබෙනවා. ඒ අනුව මමත් ඒ රාවණා පවුලට සම්බන්ධයි. මමත් මගේ මහත්තයත් වෙනම සම්බන්ධකම් තියෙන ලෝකයකින් මෙහෙට ඇවිල්ලා තියෙනවා කියලා තමයි මම පුංචි කාලේ ඉඳන් දැනුම්වත් කරලා තියෙන්නේ.
දැන් ඉදිරියට ඒ රාවණා පවුලේ දී සම්බන්ධ කම් තියෙන ප්‍රාණ තියෙන මනුස්සයන් ආත්ම ගණනාවක් තිස්සේ සැරි සරලා, සරලා, ඒ ප්‍රාණත් එක්ක මනුස්සයන් විදිහට එක එක අය විදිහට ඉපිදිලා.
මේ ආත්මේ මම ඉපදුණ ආත්මේදී ඒ අට දෙනාම මගේ ළඟට ළං කරලා මගේ පවුලේ අය බවට පත් කරලාත් තියෙනවා. මේ අය වෙන වෙන ප්‍රදේශවල වුණත් මම නොදන්න අය මේ අන්තිම මොහොතේ හම්බ වුණු අයත් ඉන්නවා.
ඒ අයවත් එක්කගෙන තමයි මේ ගමන යන්න කියලා තියෙන්නේ ඒ අයගේ ජිවිත ආරක්ෂා කරන්න අපි එන්න කළින්ම ඒ කරන්න උවමනා පුජාවල් කරන්න කියපු දේවල් රහසිගතව ඒ අකාරයෙන් අපි ඉෂ්ට කළා.
මොකද, මේ දේ ඒ අවස්ථාවේ ප්‍රසිද්ධ කරන්න බැරි හේතුව නිසා මේ අවස්ථාවෙදිත් මේ නිල්දිය පොකුණ ගාවට වෙන කම් විතරයි මේ ප්‍රමාණයට මේ දන්නා කාරණා කියන්නේ.
ඉන් එහා තියෙන්නේ අපි නොදන්න පැත්තක් මට මාර්ගයක් පෙන්නලා තියෙනවා රාවණා රජතුමා ඉන්න විදිහ, රාවණා රජතුමාගේ ඇස්දෙක, නහය රාවණා රජතුමාගේ අතේ තියෙනවා බල ශක්තියක්, ලොකු වස්තුවක් ඒ වස්තුව කියන්නේ මුතු මැණික්වත් රත්තරන්වත් ඒ වගේ දේවල් නොවෙයි. ඊට වඩා අපේ පරණ තාක්ෂණයෙන් පරණ යන්ත්‍ර මන්ත්‍රවලින් පරණ දේවල්වලින් ඔප නැංවෙච්ච ප්‍රධාන ලොකු බලවේගයක් ක්‍රීයාත්මක කරන්න පුළුවන් දෙයක්.
ඒ දේ අද අපිට මේ ගල් ගුහාවක් ඇතුළේදි ලබා ගැනීම බොහොම අපහසුයි .
මේ වගේ තැනකට ඇවිල්ලා මම මොරටුව වගේ පරිසරයක ඉන්න කෙනෙක් මේ වගේ පරිසරයකට මුහුණ දිලා නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා බොහෝ විට මේ කියන දේ අනුව මෙතැනින් එහාට අපිට රෑ දෙකක් හෝ යන්න කියන මාර්ගයෙදි ගත කරන්න වෙයි.
අපිට ඉතිං හමුවන දේවල් අපේ යහපතත් යන අටදෙනාගේ ජිවිත රැක දීලා එළියේ ඉන්න අයගේ ජිවිතත් රැකදීලා ලෝක වාසි සියලු සත්ත්වයාට පිහිටක් සරණක් යහපතක් සිද්ධ වෙන්න ඕනි හින්දා තමයි දෙවියන්ගේ ඉල්ලීමක් මත මේ දේ කරන්න පෙළඹුණේ.
නැත්නම් මෙච්චර කාලෙකට මේ කිසිම දෙයක් පවුලෙන් පිට ගෙනිච්චේ නැහැ ඇත්තටම කියනවා නම් තව විශේෂ දෙයක් කියන්න ඕනි. රාවණා රජ්ජුරුවන් කියලා මීට අවුරුදු තුනකට මනුස්සයෙක් වශයෙන් එයාගේ ප්‍රාණය දිලා තියෙනවා කියන එක තමයි විෂ්ණු දෙවි හමුදුරුවොත්, භූමී මාතාවත් කියලා තියෙන්නේ.
මේදේ දැනගෙන මම අවුරුදු තුනක් විතර වෙනවා ඊට අමතරව දෙවියන්ගේ ආභාසය දෙවියන්ගේ රැකවරණය යටතේ යම් යම් දෙවල් සිද්ධ උනත් රාවණාගේ විස්තර කිසියම් දෙයක් කියලා තිබුණේ නැහැ.
මම ඉස්කෝලේ ගිහින් නැහැ. මට අරුඪයක් වත් මන්ත්‍රයක් වත් දන්නේ නැහැ. දහම්පාසලේ ගිහිල්ලා ඉගන ගත්ත දේට වඩා වෙන කිසිම දෙයක් දන්නේ නැහැ.
ඉතිං මේ යන ගමනේදි හරි මාර්ගය හරි සත්‍ය අපි අට දෙනාට පෙන්වා තිබෙනවා. ඒ අට දෙනාට ඒක දැනෙනවා. ඒක විශ්වාසයක්. ඒ සත්‍ය පිළිබඳව විශ්වාසයක් අපට තියෙනවා. ඒකේ විශ්වාසයේ බලයෙන් අපි හැමදෙනාම දෙවියන්ගේ රැකවරණයෙන් මේ ගමන ගිහිල්ලා අපේ යහපත් අරමුණ ඉෂ්ටකරගන්න සියයට කෝටියක් තියෙන විශ්වාසය අනුව කොහොම හරි ඉෂ්ට කරගෙන එනවා කියලා තමයි උඩ ගුහාවේ ඉඳන් මේ දක්වා ආවේ. මෙතනින් එහාටත් කොහොම හරි ධෛර්යයෙන් අපිට ලැබෙන අවශ්‍යතාවත් එක්ක මේ දේ කර ගෙන අපි එළියට එනවා. අද බැරි උනොත් ලබන බදාදා එළියට එනවා සමහරවිට සතියක් යන්නත් පුළුවනි. ඊට පස්සේ ආවේ නැති නම් අපි ගැන සොයන්න එපා
මෙතැනින් එහාට ඔය අයට යන්න අවසර නැහැ.
දැන් කරුණාකරලා උමඟින් පිටවී යන්න.
එම ඉල්ලීමට අවනතවෙමින් ඇය රැගෙන ආ කණ්ඩායම හැර ආරධනාවෙන් පැමිණ අනෙක් අය සියළු දෙනාම උමඟෙන් පිටවුහ.
ගිය ගමනේදී ලද විවිධ දුෂ්කරතා යළි විඳිමින් ගුහාවෙන් එළියට පැමිණිමටද පැය 3කට අධික කාලයක් ගත විය.
ඒව වන විට එම ස්ථානයේ රැඳී සිටි ප්‍රදේශවාසින් ගණන දෙතුන් සීයක් පමණ දක්වා ඉහළ ගොස් තිබිණ.
කෙසේ නමුත් මේ වන විට ගමේ තරුණයෝ කීපදෙනෙක් උමඟට ඇතුළුවී ගල්වලට මුවාවී උමඟ තුළ සිදුවන දේ බලා සිටි බව කියති.
උමඟ කට ළඟ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සිදු වන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව නොඉවසිල්ලෙන් බලා සිටියහ.
පැය 8කට පමණ පසු සිදු වුයේ විස්මිත දෙයකි.
නිරාශා පුමුඛ පිරිස වෙනත් දෙසකින් ගුහාවෙන් එළියට පැමිණ තිබුණි.
ඔවුන් පිටවු ස්ථානය ප්‍රදේශවාසීන් කිසිවකු මෙතෙක් නොදත් ස්ථානයක් වීම වඩාත් විස්මය දනවන්නක් විය.
උමග තුළ සිට කව්දෝ කෑ ගසමින් බාධා කළා. මෙනිසා උත්සාහය අසාර්ථක වුණා අපිට පෙන්වා දුන් රහස් උමඟකින් අපි ආපසු ආවයි නිරාශා පවසද්දී එම කතාව තවත් විස්මය ජනක විය.
ඒ සමඟම ප්‍රදේශවාසීන් දැඩිසේ නොසන්සුන්ව කලහකාරී ලෙස හැසිරෙනවාත් සමඟ නිරාශාගේ කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත්ව ඔවුන් නැවති සිටි ගෙස්ට් හවුස් එකට ගියහ.
කෙසේ නමුත් එම ලැගුම්හල වටලා ගැමියන් විරෝධතාව දක්වමින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරද්දී එම ස්ථනයට පැමිණි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත පෙරේරා මහතා ප්‍රම්‍රඛ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නිරාශා ප්‍රමුඛ කණ්ඩායම සිය බාරයට ගනු ලැබිණහ.
ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බවත්, ඔවුන්ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබී නැති බවත් පොලිසිය සඳහන් කළේය.
කෙසේ නමුත් 24 හැවිරිදි නිරාශාගේ ආත්ම ශක්තිය ක්‍රියාකාරිත්වය හා ආගන්තුක චරියාව තුළ අසාමාන්‍ය බවක් ඇතැයි කාටත් පසක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ඉන්න උන්ට මොලේ තියෙනවා ඔය උගතුන්ට වඩා.....(ම)
ඉතාමත් රසවත් ලිපියක් (නි)
කොග්ගල නිලමේ 1 සහ 2 ගූගල් වලින් නොමිලේ බාගත හැක. සැඟවූ ඉතිහාසයක් ගැන එහි ඇත. එ්ක සාරාංශ කරන්න ගියොත් එ්ක නිකන්ම සුරඟන කතාවක් වෙලා රසයත් නැතුව යාවි. එනිසා පොත කියවලා රසවිඳින එක තමා සුදුසු. (නි)
මේ ස්ථානය සිංහලයාට වැදගත් වෙයි (බ)
මෙහෙමත් බූරුවො ලංකාවේ ඉන්නවනේ.(බ)
මෙම ලෝකයේ අප දන්නා දෙයට වඩා නොදන්නා කරුණු බොහොමයිිම අප දන්නේ අපට ඇසෙන දකින දේ පමනයිි මෙමගින් සියලූ දේ දන්නා බව හැගවීම මෝඩ කමකි (බ)
මේවා ඉතාම රසවත් සිද්ධි. මේවා හෙළාදැකලා කතා නොකර මෙවැනි දේවල් ගැන කරුණු සොයන්න (නි)
අපිට උරුම ඉතිහාසයක්.ලෝක පාලනය කළ රජෙක්. ආඩම්බරයෙන් කිව හැකියි අපි රාවනගෙන් පැවත එන හෙළයන් යන්න. මේ දෙය විශ්වාස කළ නොහැක. නමුත් අප ඉතිහාසය පිළිබදව වගකිව යුත්තෝ සොයාබැලිය යුතුය. (බ)
අපරාදේ ගිය රජය කාලේ ඔබ කොහිද හිටියේ. ඒ කාලේ මේ හීනය. දුටුවානම් ඔබට සුමනදාසටත් ඉහලින් ඉන්න තිබුනා පසුගිය රජයේ හිටපු මහා රජාණන් මේවට හරි කැමතියි. දැන් වුනත් අහල බලන්න. නැතිවුණ රජකම අරන් දෙන්නම් කියලා අනේ කෙල්ලේ. මේ රටට වෙලා තියෙන නස්පැත්තිය මදිද (බ)
මෙතන මේ ලිපිය කියෙව්ව පළියට මේක බොරුවක් කියලා ස්ථිර කරන්න බැහැ. පොඩ්ඩක් හොයලා බලන්න අතීතය. විහිළු අදහස් දාලා විහිළුවක් වෙන්න එපා. (නි)
මම නම් හිතන්නේ මේ අය අනිවාර්යෙන් එන්න ඇත්තේ කුමක් හෝ වටිනා දෙයක් සොරකම් කරගෙන යන්න. සතියක් වුණත් යන්න පුළුවන් කියපු අය, අර ගුහාව ඇතුළතින් අා ශබ්දය නැති වෙනතුරු ඉඳ බැරිවුණාද ඔය කියපු දේ කරලා එන්න. (නි)
කවුරුහරි ඇයව මනෝ වෛද්‍යවරයකු හමුවට පැමිණවීමට කාරුණික වන්න (බ)
කිසිම සොයා බැලීමකින් තොරව සිද්ධිය වාර්තාවකින් කියවලා නිගමනය කරන්න පුළුවන් සුපිරි බුද්ධීමතුන් සෙට් එකක් මෙතන ඉන්නවානේ බැලුවහම. (ම)
දැන් ඔය ගැහැණි හෙට අනිද්දට සාස්තර කියන්නත් ගනියි හොද ප්‍රසිද්ධියක් ලැබිල ඇතිනේ (බ)
මෙහෙමත් ගෝත්‍රික මිනිස්සු තවම ගල් යුගයේ ජීවත් වෙන්නේ (බ)
අපේ රටට වාසනාව උදාවෙනවා නම් කොච්චර හොඳද? (නි)
අමරණීය කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා නේද අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් රාවණා රජ්ජුරුවෝ විතරක් කොහොමද අමරණීය වෙන්නේ. (නි)
මෙතන කිසිම නව සොයාගැනීමක් හෝ ගවේෂණයක් නෙමෙයි වෙලා තියෙන්නේ කියලා මට නම් හිතෙනවා. රජයේ නිලධාරීන්ගෙත් කණෙන් රිංගලා නිධානයක් හොයන්න යන්න ඇති. අනේ මෙහෙමත් ලංකාවක් ...! (නි)
මොනවා වුණත් ගමේ මිනිසුන්ට ඇහැගහගෙන ඉන්න වෙයි. දැන් පාරත් දන්නා නිසා ආයෙත් එන්න පුළුවන් (නි)
මාත් ඒකලේ ෆිල්ම් එකක් බලල හිතාගෙන හිටියෙ හිටිය රාවන් රඡු ගේ රුද්‍ර රකශය ගැන- මේ මෙයාව මනෝ වෛද්‍යවරයකු ට පෙන්වන්න (බ)
කොග්ගල නිලමේ 1 සහ 2 පොත් කියවන්න. මෙහි සත්‍යතාවය තේරේවි. ඉතා වැදගත්. මෙම උමං පද්ධතිය දුම්රිය සේවයේ නගරාන්තර උමං දුම්රිය හැටියට යොදාගන්න පුළුවන් (නි)
උගත් යැයි කියන රාජ්‍ය නිලධාරීන් පවා ගොනාට ඇන්දෙන ලංකාව කවුරු විසින් ගොඩ ගන්නද? රාවණාම ආ යුතුයැයි මට සිතේ. (නි)
මේක ඉතාමත් රසවත් ලිපියක් මෙහි ඇති කරුණු තම තම නැණ පමණින් අවබෝද කරගන්න (බ)
සොයාගත හැකිනම් රාවණා රජුගේ අතීතය, අපේ අතීතයත් අපිට ලැබේවි. එවිට දැනේවි මෝඩයා කවුද උගතා කවුද කියලා. (නි)
ඇත්තටම මේ තැනැත්තියට පහසුකම් සළසා දී අප නොදන්නා අපේ අතීතය සොයායමු (නි)
සාගර, පුලුවන්ද ඒ පොත් වල තියන දේ සාරාංශ කරලා අපිට කියන්න. ගොඩක් අය ඇති දැනගන්න ආසාකරන. (නි)
රාමායනයේ හිටි විභීෂණ, රාමා,සීතා ලක්ෂ්මන් ,හනුමාන් දෙවි කෙනෙක් උනාලු. එතකොට සක්වල ජයගත්තයි කියන රාවණා නිවන් නොදුටුවා නම් මේ වෙනකොට කොහේ ඉන්නවා ඇත්ද? (හේ)
පිස්සු හැදුන කට්ටියක්ද කොහෙද?(හේ)
මෙම උමං මඟ ගැන https://www.youtube.com/watch?v=lfO-RDIIK54 \nOne of the Underground Kingdoms of King Ravanaa තුළින් සියලු විස්තර සමඟ නැරඹිය හැක. (නි)
කට්ටිය ගුහාවෙන් පිටවුණාම පරික්ෂා කරලා බලන්න තිබුණා ,ඇතුලේ තිබිල මොනවහරි අරගන්න යන්න ඇති (ම)
අපේ රටේ සමහර මිනිස්සු හිතා ගෙන ඉන්නේ අපි හරි සුපිරි උගත්තු කියලනේ එකනේ අපිට හරියන්නේ නැත්තේ.සුද්දොත් අපි වගේ හිතුවානම් අදටත් එක ග්‍රහලෝකයක්වත් හොයා ගන්නේ නැ දැන් මෙතනත් අලුත් හොයා ගැනීමක් වෙලා තියනවනේ මිට කලින් අපි කවුරුවත් නොදන්නා ස්ථානයක් ගැන.මේවා මිත්‍යා විස්වාස කියල බැහැරකරන්න බැ.(හේ)
එ්ක නම් ඇත්තටම වටිනවා. රජවීර, සාගර බොහොම ස්තුතියි තොරතුරට. (නි)
එයාලා උමගේ තිබිලා අරන් ගිය දේ මොනවද කියලා හොයා බලන්න (නි)
තමන්ගේ දැනුම මහා ලොකු එකක් කියලා හිතන අයට තාමත් මේක විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් මේකේ ගතයුත්තක් තියනවා. මිසරයේ පිරමිඩ වල පවා රාවණා ගැන සඳහන් වෙලා තියනවා . පිරමිඩ හදලා තියන නොදියුණු ගල්යුගය යැයි කියන තාක්ෂණය අදටත් මේ ලෝකේ තියන දියුණුම තාක්ෂණයටවත් කරන්න බැරිතරම් විශ්මිතයි. දුක තමයි ලෝකයේ දියුණුම රටවල් රහසේ මේවා ගැන පරීක්ෂණ කරනකොට මේ ගැන හොඳින් දන්නා අපේ පැරැන්නන්ට අපි මිසදිටුවන් යැයි කීම. (නි)
මේ රටේ මිනිස්සු, තනිකර නටන්නෙ පිස්සු! (නි)
මෙවැනි දේ ගැන අදහස් දැක්වීමට මට නම් දැනුමක් නැත (බ)
පහත් පෙලේ මෙගා නාටක පමණක් දවස පුරා බලන,සිංහල සංස්කෘතිය පහත්කොට සලකන මිනිසුන්ට මෙය විගඩමක් වුනාට ලංකාවේ පුරාණය ගවේෂණය කරන්න යොමු වන අයට මගේ ප්‍රණාමය! (හේ)
නංගියේ ,අර ඇන්තනි කියන මහත්තයත් එකතු කරගන්න ඉතිහාසය අලුතෙන් ලියන කෙනෙක්නෙ , (බ)
අනේ මෙහෙමත් මිත්‍යා විශ්වාස පස්සේ යන මෝඩයෝ.(හේ)
මෙහෙමත් නූගත් මිනිස්සු රාවණා රජු නැවත නැගිටියිද (හේ)
ඇමෙරිකානු වාර්තා වැඩසටහනක් ගියා ආදී කාලයේ පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයන ගෙන් මෙම තාක්ෂණයන් ලැබුන බව. එහි ඔවුන් මත පලකලා රාම රාවණ යනු දියුණු පිටසක්වලයන් ලෙස. ලංකාවේ ඉන්න සියල්ල දත් කොටසට නම් මේවා නිකන්ම නිකන් මිත්‍යා මත. (හේ)
මේ ගැහැණිය ඇවිදින් තියෙන්නේ උමගෙන් යමක් හොරකම් කරන්න. ගම්වැසියන් නිකන් කුපිත වෙන්නේ නැහැනේ. නුවන්ට තමයි ඇත්ත වැටහුනේ. (නි)
ස්තුතියි රජවීර, සාගර! (නි)
මම කියන්නේ හොයන්න විමාන විමාන කියන්නේ අතීතයේ දඩුමොනරය ,යු ටියුබ් ඇතුලත් කරන්න විමාන මුලින්ම කරුණු හොයන්න .මම කියන්නේ බොරුවක් වෙන්න බැහැ .මොකද විමාන යන්ත්‍රය දැන් තියෙන ජෙට් එන්ජින් වලට සමාන නිපැයුමක් (බ)
අඥානයන් අතර ඥානවන්ත වීම ආඥානකමකි. අන්ධයන්ගේ ලෝකයේ ඇස් පෙනෙන්නා අබ්බගාතයකි. දෙවියන් පයගසන්නට බිය තැන මෝඩයෝ නටති.අදුරේ අතපත ගන්නෝ එලියට බිය වෙති.පනුවන්ගේ ලෝකයේ ශබ්ද නැත ,ගෙම්බන්ගේ ලෝකයේ රසයක් නැත(බ)
රාවණා රජුන් සෙවීම කෙසේ වෙතත්, මෙහි සඳහන් පොකුණ සහ ගුහාවන් පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කිරීම වටනේය.(බ)
එක පාරටම මොරටුවේ ඉදන් ගිහින් මෙයාල පිට වෙන්න වෙනත් තැනක් දැන ගත්තේ කොහොමද ? ඔහුන් ප්‍රදේශවාසීන් පවා නොදන්නා යමක් දන්නා බව එයින් පැහැදිලි වෙනවා.(කෞ)
විභීෂණ යනු රාවනා ගේ සහෝදරයායි.ඒ විභීෂණට දැන් කොහෙද ඉන්නේ කියා දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති. දන්නෝ රාවණට වූ දේ සොයා යති,නොදන්නෝ ඉතින් හු තියෙනවා හැර වෙන කුමක් කරනුද? (බ)
ඊයේ රැ 11 ට විතර කොල්ලුපිටියේ හන්දියේම තියන නයිට් ක්ලබ් එකේ කැසිනෝ ගහන්න ඇවිත් රාවනා රජ්ජුරුවෝ වගේ කෙනෙක් හිටිය එයාවද දන්නේ නැහැ මේ හොයන්නේ. (බ)
මනුල ගල් යුගේ වුනානම් හොදයි. එ්ත් කරුමෙට මේක යහපාලන යුගය. (බ)
ගල් යුගේ යයි අප සලකන කාලයේ විමාන, දදුමොනර නම් ගුවන් යානා තිබිල තියෙනවා, න්‍යෂ්ටික බලය පාවිච්චි කළ බවට සාක්ෂි ලැබී තියෙනවා අප්‍රිකා මහද්වීපයෙන් හා ඉන්දියාවෙන්. දැන් අපි ඉන්න කලියුගේ ට වඩා තාක්ෂණිකව දියුණු ශිෂ්ටචාර තිබු බවට සාක්කි ලැබී තිබෙනවා. පිරමිඩ වැනි දේවල් හදන්න තාම අපේ තාක්ෂණය දියුණු නැහැ. එතකොට ගල්යුගේද වර්තමාන කලි යුගේද වැඩිය දියුණු? (බ)