මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්ෂයින්ගේ අවතාර යොදාගෙන ඇත. මේ සන්නි යකුන්ට එක් එක් සන්නි රෝගයේ දැක්වෙන රෝග ලක්ෂණ ආරෝපණය කැර තිබේ. කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල් නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ. සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
මළ කඳ ඇතුලෙන් ඉපදුන | කුමරෙකි |
උණද සෙලෙස්මා වෙන් එක | ගොල්ලකි |
වායු, පිතෙන් එහි හට ගත් | සෙනගකි |
අතුරු නහරයෙන් හටගත් | සෙනගක |
ඉසේ ලෙඩට පස් දෙනෙක් සද | ගති |
කඳේ ලෙඩට අට දෙනෙක් සදා | ගති |
සන්ධි වලට දහ අටට බෙදා | ගති |
දවසට දහසක් මිනී මරා | ගති |
එන කල දුන්න ගෙන සුරතට දුන්න | ලෙසින් |
වන කල සන්නියකු හට අතු කඩා | දෙමින් |
වන කල සියළු ලෙඩ පිරිපත දුරැර | හරින් |
ගිනිමරු සන්නි යකු මෙපුදට විගස | වරෙන් |
බස්ගොළු ඇස් දෙක ඇඳිරි | කරන්නේ |
මුකයේ කෙළ කැටි ගලිටු | කරන්නේ |
සීනෙන් අගනන් තොස කර | වන්නේ |
අමුක්කු සන්නිය නමැයි | කියන්නේ |
තඩි අරගෙන තුන් මන්සල | ඉන්නේ |
උල්කර මුගුරක් සුරත | දරන්නේ |
ගඩු නංවා ඇග සලිත | කරන්නේ |
වෙඩි සන්නිය පුද ඉල්ලා | එන්නේ |
කණ යට ගෙඩි කර සැරවයි | එන්නේ |
මූණේ ගිනිජල් නිබඳ | කරන්නේ |
දෑතේ දෙපයේ දාඩිය | එන්නේ |
වෙඩි සන්නිය කළ ලෙඩ දැන | ගන්නේ |
වන පිළිකා ඉසරද කකියන් | නේ |
තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන් | නේ |
අනුහසයෙන් සෝබිත මුනිඳුන් | නේ |
කණ සන්නිය පුද ඉල්ලා එන් | නේ |
ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරි | වන්නේ |
ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පා | වන්නේ |
කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙ | මින්නේ |
නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැන | ගන්නේ |
පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස් | අගවන |
දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූ | පොරණ |
දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහ | සයෙන |
වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැක | භෝජන |
දුර සිට බැල්මේ දිස්ටිය | හෙලමින |
කොරකොට අත්පා ඔත්පොල | කරවන |
වෙරකොට ආතුර මරම් සිතා | ගෙන |
කොර සන්නිය එයි පුද ඉල්ලා | ගෙන |
පැණි රස කෑ මට විරුද්ධ | වේයා |
සෙම් පිත් නාඩිය පටලව | තේයා |
වාත නාඩි සීඝ්‍රව ගම | නේයා |
මුර්තු සන්නි කළ ලෙඩ අප | තේයා |
බඩ හෝ ගාමින් වමනේ | එන්නේ |
රුජා ද ගනිමින් කැවිලි | නොකන්නේ |
පිළිමුසු පැණිරසමයි ඌ | කන්නේ |
ගුල්ම සන්නි ලෙඩ ඉන් දැන | ගන්නෙ |
ඔක්කාරය සහ වමනය | වන්නේ |
තිස්පැය ඇගපළු නිබඳ | ගැසෙන්නේ |
උත්තිල බඩ ලෙඩයෙනි පණ | යන්නේ |
ජල සන්නිය ලෙඩ ඉන් දැන | ගන්නේ |
ගිනි සැර කොන්තා යුද අර | ගන්නේ |
ඉසිවර දුන් කැද ගොටුදෙක | දෙන්නේ |
මක්කම සමනල අණ දැන | ගන්නේ |
අග්නි සන්නි කළ ලෙඩ හැර | යන්නේ |
ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන් | නේ |
වැදූ ගෙයක් මෙන් බලා සිටින් | නේ |
වෙව්ලූම් ඇගගති තොර නොකරන් | නේ |
වාත සන්නි ලෙඩ ඉන් දැන ගන් | නේ |
පිත් නාඩිය හිරි වැටී සිටින් | නේ |
වාත නාඩි පෙරළි වැටෙමින් | නේ |
සෙම් නාඩිය සැංගි වැටෙමින් | නේ |
බූත සන්නි කළ ලෙඩ ඒ දන් | නේ |
තෙප් කොන්තය මෙන් කෙළ ඇවිදින් | නේ |
තිස්පැය සීනෙන් අනුවම එන් | නේ |
අග්නි මන්ද යන ලෙඩ කර වන් | නේ |
පිත් සන්නිය ලෙඩ ඉන් දැන ගන් | නේ |
ගමකට බැල්මෙහි පාළු කරන් | නේ |
නේ | |
ඒ ගම ඇර ගිය කෙනෙකි දිනන් | නේ |
දේව සන්නි ලෙඩ ඉන් දැන ගන් | නේ |
කෝළ වෙලා උඩබිම බලමන් | නේ |
ලීල නොකර බඩ ලෙඩ කරවන් | නේ |
දෑල උගුරේ ගෙඩි දෙක හට ගන් | නේ |
කෝළ සන්නි පුද ඉල්ලා එන් | නේ |
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
![]() |
|
![]() |
![]() |
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දහ අට සන්නිය
රෝහිනී Saturday, 19 November 2011 12:38 PM
මෙම විස්තරය ඉතා අගනේය. මා මෙන්ම දහඅට සන්නිය ගැන නොදන්න බොහෝ දෙනාගේ දැනගැනීම සදහා ඉතා ප්රයෝජනවත්ය. බොහොම ස්තුතියි.
සිතාරා Tuesday, 23 August 2016 05:05 AM
මෙම වටිනා විස්තර සැපයීමට ස්තූතියි (නි)
බන්දුල Saturday, 09 March 2013 07:45 AM
මේ අදහස් නූතන පරපුරට ඉතාම වටිනවා. ඉපැරැණි දේවල් අභාවයට යන නිසා මේ ලෙසින් ඉදිරිපත් කිරීම මම ඉතා අගය කරමි.(නදී)
අශේන් ප්‍රියදර්ශන Monday, 27 February 2012 07:39 PM
අපි වගේ සිංහල ඉතිහාසය පිළිබදව සොයන ළමයින්ට මේ වගේ විස්තර ගොඩක් වටිනවා. ස්තූතියි.
සුගන්ධිකා Saturday, 10 November 2012 04:46 PM
අතීතය,පැරණි සංස්කෘතිය,ජන කලාවන් ගැන තිබුණ අල්ප වූ දැනුම අළුත් කර ගැනීමට සාර්ථක ඒක් මාර්ගයක්. මේ වගේ විස්තර ගොඩක් වටිනවා. ස්තූතියි.(නු)
ඩිල්ෂාන් Saturday, 11 July 2015 03:41 AM
මේ ලිපිය සැකසීමට උදව් උපකාර කළ සියළු දෙනාට පින්! ධර්ම ඥාණය ලැබේවා! (නදී)
දිස්නා Monday, 10 July 2017 05:41 AM
මේ ලිපිය සැපයු ඔබට ස්තූතියි... අවශ්‍ය කරුණු රාශියක් අන්තර්ගත කොට ඇතී නිසා ශිෂ්‍ය පරපුරට මහගු අත්වැලක්... (දිලානි)
Manula Pamuditha Satharasinghe Thursday, 28 June 2018 11:05 AM
ස්තූතියි. මා හට පාසලේ දැනුම මිනුම සංගමයෙන් ලබා දුන් තොරතුරු රැස් කිරීමට මෙය මහඟු අත් වැලක් විය.
නදිෂා Friday, 31 July 2020 05:14 AM
ඔබට ස්තුතියි..!!!
නිරාෂ් ලක්ෂිත වෙත්තසිංහ Friday, 20 August 2021 09:23 PM
දේශීය සාම්ප්‍රදායික, පාරම්පරික වෙස්මුහුණු කලා කර්මාන්තය මගින් උපදවන 18 සන්නි මුහුණු ගැන වටිනා විස්තර ඇතුළත් මෙම ලිපිය සියලු දෙනාහට කියැවීමට... දැනුම වර්ධනය කරගැනීමට අප වෙනුවෙන් සකස් කිරීම සම්බන්ධව ලංකාදීප ප්‍රධානීතුමා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලු මහත්වරුන් මහත්මියන් සැමට මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි.
හංසි දිව්‍යාංජලී හේරත් Thursday, 23 December 2021 10:45 AM
බොහොම ස්තූතියි මෙවන් ලිපි පළ කිරීම සම්බන්ධව.. නොදන්න බොහෝ කරුණු දැනගැනීමට මෙය අප වන් ඉගෙනගන්නා බොහෝ දෙනාට මහැඟි පිටුවහලකි..