IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


දූෂිත රාජ්‍ය සේවයේ තවත් අධම ක්‍රියාවක්

මෙරට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉකුත් දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කිසියම් සඳහනක් කළේය.

ඒ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබිය හැකි වුවද මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් කියැවුණු දේ සත්‍යයක් ලෙස පිළිගැනීමට හැකියාවක් තිබේ. ඒ මෙරට රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා දූෂිත සේවයක් වී ඇති බව ප්‍රදර්ශනය වන හෙයිනි.

කාර්යක්ෂම හා අදූෂිත සේවයක් බවට රාජ්‍ය සේවය පත් කිරීම සඳහා නිශ්චිත දියුණු වැඩපිළිවෙළක්ද නැත. එහෙයින් රාජ්‍ය සේවයට එක්වන බොහෝ දෙනෙක් එහි පහසුම ගොදුර බවට පත් වෙති. සියලු විකෘතිවල ආකෘතිය බවට පත්ව ඇති රටක ඒ සම්බන්ධයෙන් විමතියක් ඇති කර ගත යුතුද නැත. 

නීතිඥ ලලිත් ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය. රාජ්‍ය සේවයේ දූෂිත බව පිළිබඳ අපූරු සිදුවීමක් ඉකුත් දා ඔහු හෙළිදරව් කළේය. ආණ්ඩුකාරවරයා අනාවරණය කර තිබුණේ නිවාස සැලසුමක් අනුමත කරවා ගැනීම පිණිස මහනුවර මහ නගර සභාවේ සේවකයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවය. 

මිනිස්සු වුවමනාවෙන්ම නරක් නොවෙති. ඔවුන් ජීවත් වන සමාජ වටපිටාවද ආර්ථික පරිසරයද එයට හේතු සාධක සපයයි. මහනුවර මහ නගර සභාවේ සේවකයා රුපියල් ලක්ෂයක පගාවක් ඉල්ලන්නට ඇත්තේ මේ තිබෙන දුෂ්කර සහ පීඩිත ආර්ථික පසුබිම තුළ මාසික වැටුපෙන් ජීවත්වීමට නොහැකි නිසා විය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වගකීම වන්නේ සමාජයේ මෙම ඇත්ත තත්ත්වය ඉහළට දැනුම් දීමය. හොඳට හිටපු මිනිසුනුත් දැන් දැන් නරක් වේගෙන එන බව ඉහළට කීමය. මෙම අයහපත් වාතාවරණය තුරන් වනු ඇත්තේ මේ ඇත්ත තත්ත්වය තේරුම් ගෙන එයට උචිත විසඳුම් සැපයීමෙනි. එය අතුරු කතාවකි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අනාවරණයෙන් රාජ්‍ය සේවයේ ඇත්ත තත්ත්වය වටහාගත හැකිය. ඔහු පවසන්නේ මහජන නියෝජිතයකුගෙන් එසේ මුදල් ලබා ගන්නේ නම් සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැති බවය. සැබැවින්ම ඒ බව දන්නේ මහජනතාව පමණි. නිවාස සැලසුමක් අනුමත කර ගැනීමට නොව ඉඩම උගසට තබා ණයක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමේදී කී දෙනකුට දොළ පිදේනි පිදිය යුතුද බව දන්නේ ජනතාවයි. 

පගාව ගැනීම පහසු නැත. එයට ආරක්ෂාකාරී පරිසරයක් තිබිය යුතුය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එම පරිසරයද අනාවරණය කර තිබේ. ඔහු පවසන්නේ වසර පහකට වැඩි කාලයක් එකම ස්ථානයේ සේවය කළ පුද්ගලයන්ට මාරුවීම් ලබාදෙන ලෙස පළාත් රාජ්‍ය සේවා කොමිසම දැනුම්දී තිබියදී එය ක්‍රියාත්මක නොවීම දූෂණ සහ වංචා ඉහළ යාමට හේතුව බවය. රාජ්‍ය සේවා කොමිසමේ නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට තරමට රාජ්‍ය සේවයේ දූෂිත චෞර වළල්ල බලවත්ය.

පළාත් පාලන ආයතනවල ඇතැම් සේවකයන් සහ නිලධාරීන් වසර 10ක් 15ක් එකම ස්ථානයේ සේවය කරන බැවින් ඔවුන්ට මාරුවීම් ලබාදීමට යාමේදී නොයෙක් බලපෑම් එල්ලවන බවත් ප්‍රකාශ කර ඇති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළපුරුදු සේවකයන් මාරු කළ විට පළාත් පාලන ආයතනවල කටයුතු අඩාල වන බවට පළාත් පාලන ප්‍රධානීන් ප්‍රකාශ කරන බවද අනාවරණය කර තිබේ. ආණ්ඩුකාරවරයාගේ අනාවරණය තුළින් මෙම දූෂිත දාමය කෙසේ ක්‍රියාත්මක වන්නේ දැයි ඉඳුරාම පැහැදිලිය. ඇතැම් නිලධාරීහු හා සේවකයෝ රාජ්‍ය ආයතන තම නින්දගම් බවට පත්කරගෙන සිටිති. ඒවා හසුරුවන්නේ ඔවුන්ට වුවමනා පරිදිය.

සැලසුම් අනුමත කර ගැනීමට යාමේදී පළාත් පාලන ආයතනවල නිලධාරීන් මහජනතාව පීඩාවට පත්කර මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවට බොහෝ පැමිණිලි ලැබී ඇතැයිද අනාවරණය කරන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හොර පාරෙන් සැලසුම් අනුමත කර ගැනීම නිසා අනවසර ඉදිකිරීම් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දෙයි.

මේ රට හැදිය යුතු බව හැමෝම කියති. එහෙත් දූෂිත හා අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් රට දියුණු කළ හැකිද යන ප්‍රශ්නය මඟහැර යා යුතු නැත. අප පැමිණ තිබෙන්නේ විනාශකාරී මාවතකය. මේ ඒ විනාශකාරී මාවතේ අන්තය වේ. රට හදන්නට නම් අලුත් ගමනක් ආරම්භ කළ යුතුය. එයටත් දැන් කල් පමා වැඩිය.



අදහස් (1)

දූෂිත රාජ්‍ය සේවයේ තවත් අධම ක්‍රියාවක්

dickie bird Saturday, 15 January 2022 09:47 PM

ලංකාවේ ලොකුම කරුමය දුෂීත රාජ්‍ය සේවයයි .රාජ්‍ය සේවය බල්ලා බල්ලාව කා දමනවා වැනි තත්ත්වයකි.මහජනයාට අබ සරණයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site