මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය
පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන ගිය ඇවන්ට් ගාඞ් මැරිටයිම් සර්විස් සමාගම වැනි පෞද්ගලික සමාගමක් ස්ථාපිත කිරීම ස`දහා අනුමැතිය ලබාදීමට ඔබ දායක වූයේ කෙසේද?
පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යෑම ස`දහා පෞද්ගලික සමාගමක් ස්ථාපිත කිරීමට මා අනුමැතිය ලබාදුන් බව පැවසීම වැරදියි. මා එවැනි කි‍්‍රයාවකට කිසිවිටෙක අනුමැතිය ලබා දී නැහැ. එය දීර්ඝ කථාවක්. එය ඔබට කෙටියෙන් පවසන්නම්. සෝමාලි මුහුදුකොල්ලකරුවන් ඉන්දියානු සාගරයේ සහ අරාබි මුහුදේ සිදුකළ මංකොල්ලකෑම් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළා. ඔවුන් නැව්වලට පහර දුන්නා. නෞකා සහ නාවිකයන් පැහැරගත්තා. ඇතැම් නාවිකයන් ඝාතනය කළා. මංකොල්ලකරුවන්ගෙන් තම නෞකා නිදහස් කර ගැනීමට ඒවා අයත්ව තිබූ රාජ්‍යවලට අති විශාල කප්පම් මුදලක් ගෙවීමට සිදුවුණා. මෙම මුහුදු කොල්ලකරුවන්ට එරෙහි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ට අවශ්‍ය වුණා. එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය යටතේ හා වෙනත් සම්මතයනට අනුව මෙය මැ`ඩපැවැත්වීම ස`දහා කිසියම් අයුරකින් සහය ලබාදිය හැකිදැයි ඔවුන් සාමාජික රටවලින් විමසා සිටියා.
මුහුදු මුර සංචාර පවත්වාගෙන යෑම ස`දහා බි‍්‍රතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල නාවුක හමුදාවන්ගේ සම්බන්ධීකරණය යටතේ නාවුක කාර්යසාධක හමුදාවක් නිර්මාණය කිරීමට ඔවුන් පියවර ගත්තා. සෝමාලි මුහුදු කොල්ලකරුවෝ වෙළෙ`ද නෞකාවලට නොනවත්වා ප‍්‍රහාර එල්ල කිරීම මත තම නෞකාවලට නාවුක මාෂල්වරුන් පත්කර ගැනීමට නැව් සමාගම් කටයුතු කළා. ඒ ස`දහා ලොව පුරා පවත්නා විවිධ නාවුක ආරක්ෂක සමාගම්වලින් පිරිස බ`දවා ගත්තා. නාවුක මාෂල්වරුන් බ`දවා ගැනීමත් සමඟ මුහුදු කොල්ලකරුවන්ගේ කි‍්‍රයාකාරකම් ශූන්‍ය වන තරමට පහත වැටුණේ එම ක‍්‍රමවේදය මුහුදුකොල්ල වැළැක්වීම ස`දහා වඩාත් උචිත ක‍්‍රමය බවට සනාථ කරමින්.
නෞකාවලට දැඩි අනතුරක් එල්ලවන ප‍්‍රදේශ හ`දුනාගෙන එය දැඩි අනතුරු සහගත කලාපයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන් පියවර ගත්තා. මේ අනතුරුදායක කලාපයේ එක් කෙළවරක් වූයේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයයි. වෙළෙ`ද නෞකාවලට ආරක්ෂක භටයන් අවශ්‍ය වූයේ දැඩි අනතුරුදායක කලාපය පසුකරන තෙක් පමණයි. ආරක්ෂක භටයන් කැටුව නෞකාවේ ගමනාන්තය දක්වා යාමට සිදුවුවහොත් ඒ ස`දහා විශාල පිරිවැයක් දැරීමට නැව් සමාගම්වලට සිදුවුණා. එමෙන්ම තම අඹුදරුවන්ගෙන් ඈත්ව බොහෝ කලක් නෞකාවල සේවයේ නිරත නාවුක මාෂල්වරුන්ට කෙටි නිවාඩුවක් ලබා දීමද අවශ්‍යයි. එහෙයින් දැඩි අනතුරුදායක කලාපය පසුකළ විගස මෙම ආරක්ෂක නිලධාරීන් නෞකාවෙන් ගොඩබැස්සවීම ස`දහා කිසියම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට නැව් සමාගම්වලට අවශ්‍ය වුණා.
ගමනාන්තය කරා ගොස් ආපසු පැමිණීමේදී දැඩි අනතුරුදායක කලාපය පසුකර යෑමට ඔවුනට සිදුවන හෙයින් නාවුක මාෂල්වරු නැවත සේවයේ යෙදවිය යුතුයි. ශ්‍රී ලංකාව පිහිටා තිබුණේ නාවුක ගමනාගමනයේ සුවිශේෂී ස්ථානයකයි. එහෙයින් මෙම නාවුක මාෂල්වරුන් නෞකාවලින් ගොඩබැස්සවීමට හා නැවත නංවා ගැනීම ස`දහා සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව ලෙස මෙම රටවල් හ`දුනාගෙන මෙම කාර්යය ඉටු කළ හැකිදැයි අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසා සිටියා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් බැවිනුත්, ජාත්‍යන්තර සමුද්‍ර නීතියට අත්සන් තබා ඇති හෙයිනුත්, මෙම කාර්යය ස`දහා සහය දැක්වීම අපගේ වගකීමක් වුණා. මෙම කාර්යය නවමු අත්දැකීමක් වුවද අභියෝගය භාර ගැනීමට තීරණය කළා. නාවුක මාෂල්වරුන්ට ගොඩබැසීමට අවශ්‍ය පහසුකම් සපයනමෙන් අප නාවුක හමුදාවෙන් ඉල්ලා සිටියා. මාෂල්වරු ගොඩබැස්වීමට හා අවිආයුධ ගුවන් මගින් නැවත ඔවුන්ගේ මව් රටවලට යැවීම දිගු කි‍්‍රයාවලියක් මගින් සිදුවිය යුතු කාර්යයක් මෙන්ම නාවුක හමුදාවට වියදම් සහගත කාර්යයක් වුණා. මාෂල්වරු ශ්‍රී ලංකාවට ගොඩබට විට තම අවි ආයුධ මෙහි තබා යෑමටත් නැවත නැවු නඟින විට ඒවා රැුගෙන යාමටත් සිදුවූ හෙයින් ශ්‍රී ලංකා නාවුක හමුදාව යටතේ ගාල්ලේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දුන්නා. ශ්‍රී ලංකා රේගුව හරහා පැමිණෙන අවිආයුධ දක්ෂිණ නාවුක ක`දවුර සතු අවිගබඩාවේ තැන්පත් කෙරුණා.
මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙමින් පවතින අතරතුර විවිධ ගැටලූ පැන නැඟුණා. අවි ගබඩාව කරා විශාල වශයෙන් ගලා එන අවි ආයුධ මෙහෙයවීමේ අවදානමක් අපට මතුවුණා. ඇතැම් මාසවල තුවක්කු දහසකට අධික ප‍්‍රමාණයක් ලැබුණා. මෙම අවි විවිධ වර්ගවලට අයත්වූ අතර වරාය තුළට හා ඉන් පිටතට රැගෙන යාම ආරක්ෂාවට තර්ජනයක් බව අපට පැහැදිලි වුණා. එමෙන්ම ඇතැම් අවිආයුධවල අවසන් හිමිකරු පිළිබ`ද තොරතුරු ව්‍යාජ ඒවා බවට අනාවරණය වුණා. ඇතිවිය හැකි අවදානම සලකා එම මෙහෙයුම නතර කිරීමට අපට අවශ්‍ය වුණා.

එහෙත් ජාතියක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට සහය දැක්වීම අපේ වගකීමක්. මෙම ගැටලූව නිරාකරණය කර ගැනීම ස`දහා රජය සතු සමාගමක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම සමඟ සාකච්ඡුා කළා. ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම මගින් ගාල්ලේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කළ යුතුය යන යෝජනාව ඔවුන් ගෙන ආවා. මගේ ප‍්‍රධානතම අරමුණ වූයේ ආරක්ෂාවට එල්ලවන අවදානම වළක්වාලීමයි. ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවේ ඇති වැදගත්කම මට තේරුම් ගිය හෙයින් ශ්‍රී ලංකා නාවුක හමුදාවේ අධීක්ෂණය යටතේ රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම මගින් මෙම අවි ගඩඩාව පවත්වාගෙන යෑමට තීරණය කෙරුණා. කලින් පැවැති අවි ගබඩාව ස`දහා ශ්‍රී ලංකා නාවුක හමුදාව නෞකාවලින් මුදල් අය කළා. පෞද්ගලික පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම මත රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන බවට මතයක් පැවතුණා. මෙය සාවද්‍ය වැටහීමක්. අවි ගබඩාව අධීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා නාවුක හමුදාවට පෙරට වඩා ආදායමක් උපයා ගතහැකි වුණා. රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව එක්ව විශාල ආදායමක් ඉපැයූවා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම අලූත් අත්දැකීමක් වුණා. මා මේ පිළිබ`දව එක්සත් ජාතීන්ගෙන් විමසූ විට ඔවුන් ප‍්‍රකාශ කළේ මෙය අලූත් සංකලපයක් බවයි.
ගාල්ලේ පාවෙන අවි ගබඩාව කලාපයේ ඇති එකම අවි ගබඩාව නොවෙයි. විවිධ රටවල් මගින් පවත්වාගන යනු ලබන පාවෙන අවි ගබඩා 30-40 පමණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක වැඩ සටහනට සහය දැක්වීම ස`දහා ඉදිරිපත් වී සිටිනවා. අප කිසිදු වැරදි සහගත කි‍්‍රයාවක් හෝ අපරාධයක් හෝ සිදු නොකළ බව පැහැදිලිව කිව යුතුයි. සියල්ල කළේ නීත්‍යානුකූලව හා යහපත් චේතනාවෙන්.
ටෙන්ඩර් පරිපාටියකින් තොරව මෙය සිදු කළේ මන්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරනවා. මෙය වාහනයක් මිලදී ගන්නවා වැනි කි‍්‍රයාවක් නොවෙයි. මින් ඉහත මෙවැනි අත්දැකීමක් අපට නැහැ. වෙනත් ආයතනයක යෝජනාවක් සම්බන්ධයෙන් ටෙන්ඩර් කැ`දවීමක් සිදු කරන්නේ කෙසේද? මෙම යෝජනාව කළේ ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගමයි. කෙනෙකුට චෝදනා නැඟිය හැකියි. එම ගැටලූවට මුහුණ දීමට සිදුවන්නේ තීරණ ගන්නා නිලධාරියාටයි. අප කි‍්‍රයා කළේ කලින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වූ ආකාරය අනුවය. අවි ආයුධ සමඟ වාණිජ නෞකා අපේ කලාපයට පැමිණි විට එම නැව් සමාගම් නැවේ තිබෙන අවි ආයුධ ප‍්‍රමාණය පිළිබ`ද තොරතුරු ස`දහන් ලිපියක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට එවනවා. එම ආයුධ පරීක්ෂා කොට මුද්‍රා තබන ලෙසට අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා රේගුවට දැනුම් දෙනවා. එම නැව් නැවත යන විට රේගු අධීක්ෂණය යටතේ එම ආයුධ නිදහස් කරනවා. පාවෙන අවි ගබඩා සංකල්පය මෙම කි‍්‍රයාවලියේ වර්ධිත සංකල්පයක්.
කලක් මුළුල්ලේ ශ්‍රී ලංකා රේගුව මෙම කාර්යයේ නිරත වූවානම් ඉදිරියටත් ඒවා මෙහෙයවීම රේගුවට හෝ නාවුක හමුදාවට හෝ ලබා නොදුන්නේ මන්ද?
පෞද්ගලික අවි ගබඩා සංකල්පයේදී ශ්‍රී ලංකා රජයට කිසිදු වියදමක් දැරීමට සිදු වූයේ නැහැ. නාවුක නීතිරීතිවලට අනුකූලව නෞකාව අවි ගබඩාවක් ලෙස සකස් කිරීම ස`දහා අවශ්‍ය සියලූ කටයුතු සිදු කළේ ඇවන්ට් ගාඞ් සමාගමයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවට එවැනි කටයුතුවල නිරත වීමට බලයක් නැහැ. වෙනත් රටවලද නාවුක භටයන් නෞකා ආරක්ෂවට යොදවන්නේ නැහැ. නාවුක සෙබළුන් සාමාන්‍ය නෞකාවක සේවයට යෙදවුවහොත් එය යුද නෞකාවක් බවට පරිවර්තනය වෙනවා. මෙම මෙහෙයුම නාවුක හමුදාව යටතට පත් කෙරුනේ නම් එය නීති විරෝධී කි‍්‍රයාවක් බවට පත් වෙනවා. පිටස්තර පුද්ගලයන් මගින් මෙම මෙහෙයුම කිරීමට අවශ්‍ය වූයේ ඒ අනුවයි. වෙනත් රටවල නාවුක හමුදා මෙවැනි පාවෙන අවිගබඩා මෙහෙයවන්නේ නැහැ. සියල්ල මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික සමාගම් මගින්. කිසිදු ආයතනයක් එම අවි ගබඩා අධීක්ෂණය කරන්නේ නැහැ. අපගේ අවි ගබඩාව ශ්‍රී ලංකා නාවුක හමුදාව මගින් අධීක්ෂණය කරනු ලැබුවා. ජාත්‍යන්තර සාගර සීමාවන්හි සිදු කෙරෙන ආකාරයට ගාල්ලේ පාවෙන අවි ගබඩාවද ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පවත්වාගෙන යා හැකිව තිබුණා. ජාත්‍යන්තර සාගරයේ සීීමා පැනවීමට අපට නොහැකියි. අප සැමවිටම නීත්‍යානුකූල අයුරින් කටයුතු කළා.
දේශපාලනයට එක් නොවන බවට තිබූ ඔබේ සිතිවිල්ල වෙනස් කරමින් යම් යම් හේතූන් මත ඔබ දේශපාලනයට තල්ලූ වෙමින් සිටින බවක් ඔබ ප‍්‍රකාශ කර තිබුණා. ඔබේ වර්තමාන ස්ථාවරය කුමක්ද?
ඒ පිළිබ`දව තවම තීරණය කර නැහැ. මා හිටපු හමුදා නිලධාරියෙක් හා රජයේ නිලධාරියෙක්. මගේ සීයා, පියා, බාප්පලා සහ සහෝදරයන් ඇතුළු රාජපක්ෂවරුන් පරම්පරා තුනක් වසර 80කට අධික කාලයක සිට දේශපාලනයේ නිරතව සිටිනවා. මා දේශපාලනයෙන් ඈත්ව සිටි අතර දේශපාලනයේ නිරතවීමේ අදහසක් මට නැහැ. එහෙත් පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් මත ඒ පිළිබ`දව සිතා බැලීමට මට සිදුවී තිබෙනවා. මා විසින් ඉටු කෙරුනු කාර්යය අගයන බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිස එදා ඉටුකළ කාර්යය ඉදිරියටත් ඉටු කරන මෙන් මගෙන් ඉල්ලා සිටියා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මගේ ද්විත්ව පුරවැසිභාවය නිසා මට තරග කළ නොහැකියි. මගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හරින තෙක් දේශපාලනයට පිවිසෙන බවට ස්ථීර නිගමනයකට එළඹිය නොහැකියි.
හිටපු හමුදා නිලධාරියකු වශයෙන් දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති බව ඔබ ප‍්‍රකාශ කළා. හමුදා නිලධාරීන් දේශපාලනයට නුසුදුසුයැයි ඔබ සිතන්නේද?
ඉතිහාසය අනුව බැලූවොත් සාර්ථක හමුදා නිලධාරීන් සාර්ථක දේශපාලනඥයන් නොවූ බව පෙනී යන්නක්. මැතිවරණ ප‍්‍රචාරක කාලයේදී ඔවුන් කිසියම් ජනපි‍්‍රයත්වයක් ප‍්‍රකට කළත් එම ජනපි‍්‍රයභාවය ක‍්‍රමයෙන් හීන වෙනවා. හමුදා නිලධාරීන් දේශපාලනයේදී අසාර්ථක වන්නේ මන්දැයි යන කරුණ පිළිබ`දව මා තරයේ සිතා බලනවා. දීර්ඝ කාලයක් හමුදා ජීවිතයට හුරුවී සිට සාමාන්‍ය මිනිසුන් සමඟ දැඩි ලෙස මුහුවෙමින් දේශපාලනික ජීවිතයකට අනුගත වීමට ඔවුන්ට නොහැකි බවයි මට සිතෙන්නේ.
රාජපක්ෂවරුන්ට දේශපාලන අනාගතයක් ඇතැයි ඔබ සිතන්නේද?
ඇයි නැත්තේ. අනිවාර්යයෙන්ම තියෙනවා. 80 වසරක් දේශපාලනයේ සිටි රාජපක්ෂ පරම්පරාවේ තරුණ පිරිස එම කීර්තිනාමය ඉදිරියටත් ගෙනයාවි. ඔවුන් නිවැරැුදි මාර්ගය අනුගමනය කළොත් රාජපක්ෂවරුන්ට රට පාලනය කිරීමට ජනතාව අවස්ථාව ලබා දේවි. ඇතැම් දේශපාලකයන්ට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවද මෙරට ජනතාව අප වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ අතීත පරම්පරාව කටයුතු කළ ආකාරයෙන් කි‍්‍රයා කළහොත් වර්තමාන පරපුර අනාගත දේශපාලන බිමේ සාර්ථක වේවි.
බොදු බල සේනා විසින් නිර්මාණය කරනු ලබන නව පක්ෂයකින් ඔබ දේශපාලනයට පිවිසෙන බවට රාවයක් පවතිනවා. මේ පිළිබ`දව ඔබේ මතය?
බොදු බල සේනා සමඟ මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. මා හා සම්බන්ධයක් ඇතැයි යන්න බොදු බල සේනාවද නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කොට තිබුණා. මවිසින් බොදුබල සේනාව නිර්මාණය කෙරුනු බවට නැෙඟන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මා කිසිදිනෙක ඔවුන් හා සබ`දතා පවත්වා හෝ උපකාර කොට හෝ නැහැ. මුස්ලිම් ප‍්‍රජාව හා ඔවුන් අතර පවතින අර්බුදයට විස`දුම් සෙවීමට අවස්ථා ගණනාවකදීම මා උත්සාහ කළා. මහානායක හිමිවරුන් හා මුස්ලිම් ආගමික නායකයන් හමුවී මම මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම ස`දහා සාකච්ඡුා පැවැත්තුවා.
බොදුබල සේනාවේ හැසිරීම හා ඔවුන්ගේ අන්තවාදී හැසිරීම වළක්වාලීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඔබ කි‍්‍රයාත්මක නොවූයේ මන්ද? ඔබේ නිහ`ඩ බව ඔවුන්ට නිදහසේ කි‍්‍රයා කිරීමට ම`ග සැලසුවා නේද?
එය අත්වැරදීමක්. ජනතාව සිතන්නේ මා ඔවුන්ට නිදහස දුන් බවයි. එය අසත්‍යයක්. ඔවුන් නීතිය උල්ලංඝනය කළ අවස්ථාවල ඔවුන්ට එරෙහි විවිධ කි‍්‍රයා මාර්ග මවිසින් ගනු ලැබුවා. අනෙක් අතින් කිසිවකුට එරෙහි පැමිණිල්ලක් නොමැතිව නීතිමය පියවරක් ගැනීමට මට නොහැකියි. මෙය බොදුබල සේනාවට පමණක් නොව තවත් අන්තගාමී ආගමික සංවිධානවලටද පොදුයි. අන්තවාදී අදහස් වපුරණ මුස්ලිම් ආගමික සංවිධාන තිබෙනවා. එහෙත් අප ඒවා පසුපස ගියේ නැහැ. අලූත්ගම සිදුවීමේදී එය පාලනය කිරීමට හා කඩිනම් පියවර ගැනීමට කි‍්‍රයා කළා. 1983 කලබල මෙන් කලබල පැතිර යෑමට අප ඉඩ තැබුවේ නැහැ.
රාජපක්ෂ රජය අති දැවැන්ත සංවර්ධන කටයුතුවල නිරත වූයේ ඒ වෙනුවෙන් ලද කොමිස් මුදල නිසා බවට විචාරකයන් පවසනවා. මේ පිළිබ`ද ඔබේ මතය.
මෙතැනදීත් මා සම්බන්ධයෙන් පමණක් කථා කරන්නම්. මා සමඟ වැඩ කළ සියලූ දෙනා දන්නවා ටෙන්ඩර් හා තෝරාගැනීම් සම්බන්ධයෙන් මා නිවැරැුදි කි‍්‍රයාපටිපාටියක් අනුගමනය කළ බව. උදාහරණයක් ලෙස අප විසින් කෙරුනු බොහෝ සංවර්ධනවලදී ඉදිකිරීම් කටයුතු පැවරුණේ අයි.සී.සී. සමාගමට. එහි සභාපතිවරයා වූයේ ආචාර්ය වික‍්‍රම වීරසූරිය. අද ඔහු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදේශකවරයෙක්. ඒ හැර තුඩාවේ සහෝදරයෝ, මාගා වැනි ඉදිකිරීම් සමාගම්ද ටෙන්ඩර් දිනා ගත්තා. අපට චෝදනා කරන අය පවසන්නේ රටේ ධනයෙන් විශාල ප‍්‍රමාණයක් හා වෙනත් රටවලින් ණය වශයෙන් ලද මුදලින් විශාල ප‍්‍රමාණයක් අප සොරකම් කළ බවටයි. එම චෝදනාව සත්‍යයක්නම් සංවර්ධනයට හෝ වෙනත් කාර්යයන් ස`දහා හෝ කිසිදු මුදලක් ඉතිරි වන්නේ නැහැ. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අසත්‍ය ප‍්‍රකාශ කළ හැකියි. ඒවා විශ්වාස කළ යුත්තේ සොයා බැලීමෙන් පසුවයි.
නිල බලයක් නොමැති ඔබේ ජිවිතය ගෙවෙන්නේ කවර අයුරින්ද?
බලය ඇතැයි කියා හෝ නැතැයි කියා හෝ විශාල පරිවර්තනයක් සිදුවී නැහැ. ඔබට බලය ඇතිවිට ඔබේ රාජකාරිය ඉටු කරනවා. බලය නොමැති විට නිදහසේ සිටිනවා. එහෙත් මගේ පවුල සමඟ නිදහසේ සිටීමට හෝ නිදහසේ පොතක් පතක් කියවීමට හෝ තරම් වේලාවක් මට නැහැ. මට එරෙහිව නඟන අභූත චෝදනාවලට රහස් පොලිසිය, අල්ලස් හා දූෂණ කොමිසම සහ මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප‍්‍රකාශ ලබා දෙමින් කාර්ය බහුල ජීවිතයක් ගෙවනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා හමුදාව කොටි මර්දනය කළා. නමුත් පරාජය කළේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් තිබුන නිසා. නැත්තම් කොහොමද අවුරුදු 30 යුද්ධය ඇදුනේ? අවස්ථානුකූලව හරි තීන්දු ගැනීම කළයුතු බව ඕනෑම උගත් මිනිසෙකු දන්නවා. අද නව සංස්කෘතයට අනුව තමාට ජය අවශ්‍ය නම් දේශපාලනයේ විතරක් නොවේ සැම තැනදීම සතුරෝ ඉන්න බැහැ. සත්‍යා තවම කෝපි කාලේ වගේ සංසාරගත වෛරක්කාරයෝ හොයනවා වගේ. (නි)
ඔව් ඔව් හොඳට හිතලා බලන්න (නි)
ඔබ අපට ඉතාම අවශ්‍ය පුද්ගලයෙක් (නි)
පහන්,නගුට පිටුපස ගසාගෙන බලාසිටින නාමික සිංහලයන් අතර ඔබ වැනි අදහස් තිබෙන මිනිසුන් සිටින බව දැනගැනීම සතුටක් (නදී)
අනිත් හැමෝටම වඩා ශ්‍රී ලංකාවේ එකම වීරයා ගෝඨාබය මහතා.(නදී)
සරත් ෆොන්සේකාව හමුදපති කරමු කියල මහින්දට කිව්වේ ගෝඨා. සොල්දාදුවන්ගේ සපත්තු ඇදුම් වේලන්න කන්ටේනර් පෙට්ටිවල හීටර් හයි කරලා මහා පහසුකම් ගොඩක් සොල්දාදුවන්ට ලබාදුන්නේ ගෝටා. හමුදාවේ සේවය කිරීමෙන් ලත් දැනුම පරිපාලන දැනුම හා මුසුකර විශාල දෙයක් රටට ලබා දුන්නා. සරත් ෆොන්සේකා දන්නේ යුධ කරන්න විතරයි. මෙතුමා යුධය සහ සිවිල් පරිපාලනය හොදින් දන්නවා.(නදී)
දෙවරක් නොසිතා දේශපාලනයට එන්න. දැන් රටට අවශ්‍යම පුද්ගලයා ඔබයි. සදා ජයෙන් ජය (නදී)
හිතන්න දෙයක් නැහැ ඔබතුමා දේශපාලනයට ආ යුතුයි. රට බාරයි ඔබට පුතේ.(නදී)
ඇමරිකාවේ පුරවැසිකම දරන සමහර හැම මහත්මයෙක්ම ඇමරිකාවට වෙලා ජීවත්වෙනකොට ඔබ විතරයි කට ඇරලා කථා කළේ.ග්‍රීන් චාර්ඩ් එකට වෙඩිය ඔබ රටට ආදරේ කර. ඔබට වරදින්න බේ .(ම)
මම හිතන විධියට ගෝඨාභය තමයි මහින්ද ආණ්ඩුවේ හිටපු හොඳ පුද්ගලයා. අවාසනාවට මහින්ද ගොන්නු ටිකකට රැවටිලා වැඩේ කා ගත්තා. ගෝඨාභය ආණ්ඩු පක්ෂයට බැඳෙන්න ඕනා. සිරිසේනත් එක්ක රට හදන්න පුළුවන් කෙනෙක්.(නදී)
සත්‍යා හරියට හරි .ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා කරපු හොරකම් මිනි මැරුම් දන්නා අය දන්නවා.දුප්පත් අය එක තමයි මහා තනින්න්ම ගලවලා දැම්මේ (ම)
රාජපක්ෂ පවුලේ සිටින විශාල සේවයක් කල මේ මිනිසා මෙතරම් ඉක්මනට අමතක කරන එක ගැන නම් අපේ රටේ මිනුසුන් ගැන හිතන විට හරිම දුකක් ඇති වෙන්නේ. නිකමට හිතන්නකෝ මෙවර රණවිරු විජයග්‍රහණ රැලියේ උජාරුවට හිටිය කට්ටිය ගැන(නදී)
අනේ මංගලා ඔයගොල්ලන්ගේ අදහස් දැක්කම පුදුම දුකක් දැනෙන්නේ. අලුත් පරම්පරාවෙ දේශපාලන දැනුම ගැන මිනී මැරුම් හොරකම් නිසා රාජපක්ෂලව එලවිය යුතුනම්, ඒ ලයිස්තුවේ ඊට වඩා බොහොම උඩින් ඉන්න අය දැන් යහපාලනයේ ඉහලින්ම වැජඹෙනවා. මහා බැංකුවෙන්, රේගුවෙන් සහ ඊයේ පෙරේදා පාරිභෝගික අමාත්‍යන්ෂයෙනුත් වැඩ පටන් ගත්තේ. බලන් ඉන්න අපි ගමන් කරන්නේ කොහෙටද කියලා තේරේවි මහා ඡන්දෙන් පස්සේ (නදී)
සත්‍යා මොකද්ද බොදුබල සේනාව කරපු වරද ? නුතන බෞද්ධ පුනරුදයක් ඇතිකළේ බොදුබල සේනාව තමයි. කලින් ආණ්ඩු වලින් සෝම හිමි අපවත් කිරීම් වගේ දේවල් නම් කලා. භාක්තියාර් නාලන්දාව වනසද්දී රහතන් වහන්සේලා මෛත්‍රී භාවනාව වැඩුවලු. සත්‍ය කියන්නේ අපේ හාමුදුරුවරු හැමෝටම වනගත වෙන්න කියලද ? කුඩාපොළ පරපුරේ හාමුදුරුවරුත් ගැමුණු පරපුරේ පාලකයොත් අපි අතර තවම ඉන්නවා (නදී)
ඔබ නියම ලංකාවේ වීරයෙක්. අපට ලංකාවක් ඉතිරි කර දුන්නේ ඔබ වගේ රණවිරුවන්. දැන් ගුණමකුවෝ ඔබව විනාස කිරීමට හදනවා.ඔබ තුමාට තෙරුවන් සරණින් ජයවේවා.(ම)
මට ඔබතුමාට කියන්න තියෙන්නේ මෙපමණයි ඔබ තුමා හොද නිලදාරියෙක් මෙන්ම අපේ රණවිරුවෙක් රටට ආදරය කල හා කරන කෙනෙක්. ඔබට බාර දුන්න හැම දෙයක්ම ඉතා හොදින් කර තියනවා. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සේවය රටට තවමත් අවශ්‍යයි කියලා. ඔබ හැර ඔබගේ පවුලේ අය දේශපාලනය නම් මඩ ගොහොරුවේ එරී වැටී මඩ කාගන නාගන ඉවරයි. ඔවුන්ට ජනතාව ඉදිරියට පෙරසේ යා නොහැකීයි. එම නිසා ඔබතුමා එයට වැටිය යුතු නැ හැකිනම් පාට පක්ෂ ඉවත දමා දේසපලනයෙන් තොරව රටටත් ජනතාවටත් ඔබගේ සේවය ලබා දෙන්න හැකි වැඩ පිළිවලක් ආරම්භ කරන්න. මම හිතනවා ජනපති තුමා උනත් ඔබට උදව් කරාවී කියලා. මම ඔබට සුභ පතනවා හොද අනාගතයකට (නදී)
ඔහු හොඳ සේවයක් රටට කළා. එය කව්රුත් පිලිගත යුතුයි (නදී)
සිංහලයන්ට තරම් බොහොම ඉක්මනින් අතීතය අමතකවෙන ජාතියක් ලෝකයේ කොහෙවත් නැහැ, ශ්‍රී ලංකා මාතාවට ආදරය කරන ජනතාවගේ හදවත් තුළ ඔබතුමා අමරණීයයි (නි)
මම හිතන්නේ ඔහු හොඳ සේවයක් රටට කළා කියලා. එඩ්වර්ඩ් නම් තැනැත්තෙකු කරන ප්‍රකාශයට පාදක වී ඇත්තේ ‘‘ගෝටාස් වෝර්" කියාම කියන්න බැහැ. ඔය කියන පොත ලියා යුද්ධයේ ජයග්‍රහණය තමාට පමණක් බෙදාගන්න ඒ එතිහාසික කාර්යභාරය ඉටුකළ ශ්‍රේෂ්ට සෙන්පතියාගේ නිළ ඇඳුම් ගලවා සිරගෙදර ජම්පර් ඇන්දවීමට අමතරව දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ හා හමුදා භටයින්ගේ රීරි මාංශ උරාගත් කොටි සංවිධානයේ නව නායකයා වූ කේ පී සමග හවුලේ ව්‍යාපාර (අවන්ගාර්ඩ් වැනි නීති විරෝධී අවි ජාවාරම් ) කිරීම රාජපක්ෂලාගේ ඇසින් බැලූ විට වීර ක්‍රියාවන්. "මා කිසිදිනෙක ඔවුන් (බොදු බල සේනා) හා සබදතා පවත්වා හෝ උපකාර කොට හෝ නැහැ." කියල කරන ප්‍රකාශය අමුලික බොරුවක් වන්නේ බොදු බල සේනාවේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය වෙලාවේ ගෝඨාභය කීවේ බොදු බල සේනාව සතු ප්‍රතිපත්ති දිගටම ක්‍රියාවේ යොදවන ලෙසත්, ඒ සඳහා ඔහුට දිය හැකි උපරිම සහයෝගය දෙන බවත්. බත් කාපු මිනිහෙක් ඒ කටින්ම අහවල් දේත් කනවා කියන්නේ ඕවට තමා. බොරුවෙන් ලංකාවාසීන් රවටන්න ද්‍රවිඩ ආක්‍රමනිකයින්, පෘතුගීසින්, ලන්දේසින් හා බ්‍රිතාන්‍ය පාලකයින්ටත් බැරි උන එක රාජපක්ෂ හත් මුතු පරම්පරාවකටවත් බැරි බව ඔවුන් නොදැන ගත්තාට රටේ ජනතාව දැනගත යුතුයි. ලංකා ඉතිහාසයේ රාජපක්ෂලාගේ බොරුවලට ලක්ෂ 58ක් රැවටුන බව පමණක් අප පිළිගනිමු. ඒත් ලක්ෂ 62ක මිනිසුන්ට මොනවා හෝ යමක් වැරදුනාද? (නදී)
සත්‍යා ලෙස මෙහි පෙනීසිටින මහත්මයා හෝ මහත්මිය ඉතිහාසය නැවත හදාරන්නේ නම් එය ඔහුට හෝ ඇයට මෙන්ම රටටත් වැදගත් වේවි.අන්ධ භක්තිය හා සත්‍ය අතර වෙනස හඳුනාගන්නට වෑයම් කරන්නේ නම් ගතානුගතික දේශපාලකයින්ගේ එහෙයියෙකු වීමත් වළකා ගතහැකි වනු ඇති. (නි)
යුද්ධය යනු සංග්‍රාම භූමියේ ඇතිවන සටන් පමණක් යැයි සිතන මෝඩයින්ට, ඔබගේ එහි භූමිකාව ඉතා සුළු ලෙස පෙනෙන බව දනිමි. ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරමුද? ඔවුන්ට දිය හැකි එකම පිළිතුර දෙවන ලෝක යුද්ධය ජයගත් බ්‍රිතාන්‍ය අගමැති "වින්සන්ට් චර්චිල්" ගේ පහත ප්‍රකාශයයි (යුද්ධය යනු ජෙනරාල්වරු අතට පමණක් දියනොහැකි අතිශය වැදගත් කටයුත්තකි) ඔබ කළ සියලු හොඳ පැත්තකට දමා,ඔබ වෙත මේ චෝදනා දමාගසන උන්ගේ බලපොරොත්තුවද, ඔබගේ ඉදිරි ආගමනය නැවැත්වීමයි. කවුරුන් කෙසේ පදනමක් නැති චෝදනා ඔබ වෙත එල්ල කළත්, ඔබ තම මාතෘ භූමියට කළ සේවය කෘතගුණදත් සියල්ලන් සදා අනුස්මරණය කරනු ඇත. (නි)
සත්‍යා නමින් පෙනී සිටින්නා පිළිබඳව කණගාටු වෙනවා."ගෝඨා නොසිටියා නම් අදත් ප්‍රභාකරන් ඉන්නවා නේද" කියන වේදනාත්මක හැඟීම ඔහුට තියෙන්නේ. (නි)
බොදු බල සේනාව පිටුපස සිටින්නේ ඔබ නම් ඔබ මොන වැරැද්ද කර තිබුනත් අපි ඔබ සමඟයි. ඒ ඔබ සිංහල බෞද්ධ අප වෙනුවෙන් යමක් කළ නිසා. (නි)
ඔවු ඔවු හොඳින් හිතන්න (නි)