IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දේශපාලන හස්තයට මුවාවී කෙරෙන මත්කුඩු ජාවාරම

ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව. බන්ධනාගාරය, ශ්‍රී ලංකා රේගුව, නාවික හමුදාව මත්ද්‍රව්‍ය වැරදි සඳහා නීතිය ක‍්‍රියාත්මක කිරීමෙහි නිරතවී සිටිති. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ කමිටුව මගින් නීති සම්බන්ධීකරණ කටයුතු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය ප‍්‍රචලිතවීම වැළැක්වීම ආයතන ගණනාවක් මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. ආයතන ප‍්‍රමාණය කොතරම් වුවත් මත්ද්‍රව්‍ය භාවිතයේ හා මෙරටට ගෙන්වීමේ යම් අඩුවක් ඇත් දැයි කිව නොහැකි තරම්ය.

දකුණු ආසියාවේ දී අත්අඩංගුවට පත්වූ විශාලතම හෙරොයින් තොගය පසුගියදා මෙරටට ආනයනය කර තිබියදී රේගු ගුදමකදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂණයක දී සොයා ගන්නා ලදී. ග‍්‍රීස් ටින් ගෙන්වන මුවාවෙන් ඒවා සමාන ටින්වල අසුරා කන්ටේනරයක් පුරවා එවා තිබූ මෙම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

කෝටි දෙදහසකට අධික වෙළඳපොළ වටිනාමක් ඇති හෙරොයින් කිලෝග‍්‍රෑම් 262 කට අධික ප‍්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. මීට අමතරව මහර බන්ධනාගාරයේ දරුණු අපරාධකරුවන් රඳවා සිටින එම්-2 වාට්ටුවේ සිවිලිම මත තිබී මත්කුඩු කිරන තරාදියක් සොයාගෙන තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරන ආකාරයට 2013.01.01 දින සිට 2013.06.05 දක්වා වූ කාලය තුළ හෙරොයින් කිලෝ 20 ගෑම් 67ක් ගංජා කිලෝ 120 ග‍්‍රෑම් 875ක් හෂීස් ග‍්‍රෑම් 422 යි මිලිග‍්‍රෑම් 25ක් අත්අඩංගුවට ගෙන තිබිණි. වත්තල, මීගමුව, ජාඇල, මරදාන, මෝදර, ගල්කිස්ස, ගම්පහ, නුගේගොඩ, මිරිහාන, වැල්ලම්පිටිය, තණමල්විල. හම්බේගමුව යන ප‍්‍රදේශ වලින් මේවා අත්අඩංගුවට ගනු ලැබූ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එක එල්ලේම සම්බන්ධ වී සිටින්නේ කවුද? මේ ප‍්‍රශ්නයට අදාළ ආයතන වලින් නිසි පිළිතුරක් නැත. නමුත් සමාජයේ ප‍්‍රසිද්ධ රහසක් වශයෙන් පවතින කතා බහක් ඇත. එනම් රටේ ප‍්‍රබල පිරිසක් මෙම ව්‍යාපාරය සමග බැඳී සිටින බවයි. මේ ප‍්‍රබල පිරිස කවුද?

රටේ දේශපාලඥයන් කීප දෙනෙක් හා සුහද සම්බන්ධතා පවත්වන පාක්ෂිකයන් බව කියන පිරිසක් මෙම ව්‍යාපාරය හා බැඳී සිටිති. ගම්පහ දිස්ත‍්‍රික්කයට හා කොළඹ දිස්ත‍්‍රික්කයට සම්බන්ධ දේශපාලනඥයන් කීප දෙනෙකු මෙම ව්‍යාපාරයට සහාය දක්වන බව දැනගන්නට ඇත.

මෙම දේශපාලනඥයන් සමග උරෙන් උර ගැටී හැසිරෙමින් මෙකී ජාවාරම් කරුවෝ ඔවුනට අතපය දිග හැර වියදම් කරති. මේ ‘‘දානපති’’ පිරිස නිසා අදාළ දේශපාලනඥයන්ට ද කුඩු නම ගැවී ඇත.

ප‍්‍රසිද්ධියේ නම් සඳහන් කළ නොහැකි මෙම දේශපාලනඥයන් කිහිප දෙනා වටා රොක් වී සිටින පිරිස බැලූ බැල්මටම  ඕනෑම මොහොතක කෝලාහලවලට සූදානම්ය. චණ්ඞීන්ය, ගිනි අපි අතේය. තමන්ට ආරක්ෂාව සලසන දේශපාලඥයන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීමට වුවත් සූදානම් තරමටය.

අන්‍යයන්ට කිසිදු ගරු සරුවක් නැත. දේශපාලනඥයාට හිමි බලය කරට අරගෙන සිටින්නේ මෙවැනි පිරිස්ය. හිතවත් දේශපාලනඥයාගේ ආරක්ෂාව නිසා මෙම ජාවාරම්කරුවෝ බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙති. පෝයදාට මල් වට්ටියක් රැුගෙන පන්සලටද යති. හැමවිටම පාහේ සුදු ඇඳුමන් සැරසී සිටිති.
මෙම ජාවාරම්කරුවන් අතදිග හැර වියදම් කරන නිසා එකී දේශපාලනඥයන්ට ද මැතිවරණ, ප‍්‍රචාරක කටයුතු පිළිබඳ ගැටලූ නැත. දැනුම්වත්ව හෝ නොදැනුවත්ව විශාල ප‍්‍රමාණයේ ඩිජිටල් පෝස්ටර් කටවුට් මැතිවරණ සමයේදී ප‍්‍රදේශය පුරා ප‍්‍රදර්ශනය කෙරෙයි. පෝස්ටර් වට දෙක තුනක් විවිධාකාරයෙන් ප‍්‍රදර්ශනය කරවති. කිසිදු ලෝභ කමක් නැත.

දේශපාලනඥයාගේ සමීප හිතවතුන් වන මෙම කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවීමට සාමාන්‍ය පොලිස් නිලධාරින්ද බියක් දක්වති. ගෙයක් දොරක් ඉදිකර ගෙන. දරුමල්ලන් පාසලට යවන පොලිස් නිලධාරියාට හදිසි ස්ථාන මාරුවක් ඔරෝත්තු දෙන්නේ නැත. ලැබීමට ඇති උසස්වීම අවලංගු කර ගැනීමටද අවශ්‍ය නැත.
තවත් විශේෂත්වයක් නම් ප‍්‍රධානියා හා දේශපාලනඥයා ඉතා සුහද හිතමිතුරන්ව සිටී නම් සහ දෙදෙනා එකට කා බී විනෝද වන්නේ නම් සාමාන්‍ය පොලිස් නිලධාරියාටද කළ හැකි දෙයක් නැත. අත්අඩංගුවට ගත් සැකකරු නැවත පොලිස් ජීප්රථයෙන්ම නිවසට ගෙන ගොස් බැස්සවීමට එම පොලිස් නිලධාරියාට සිදු වනු ඇත. එබැවින් වඩා සුදුසුම දේ නිහඬවීම පමණක් බව පොලිස් නිලධාරින්ට සිතෙනු ඇත.

ඇතැම් සමාජශාලාවල හැසිරෙන දේශපාලනඥයන්ගේ පුතුන් ගැනද සඳහන් කළයුතුවේ. ඇතැම් සමාජ ශාලාවල නිතර ගැවසෙන මොවුන් විවිධ සාද සංවිධානය කිරීමට හෝ ඒවා සංවිධානය කරන්නවුන්ට සහාය දැක්වීම කරති. විවිධ මත්කුඩු මෙම සාදවලදී අලෙවි කරති. ඇතැම් මත්ද්‍රව්‍ය, පාවිච්චි කරන්නාගේ අතටවත් ලබා නොදෙන ඒවා බව වාර්තාවේ. සාමාන්‍ය ව්‍යාහාරයේ පවතින මත්ද්‍රව්‍යවලට වඩා ප‍්‍රබල, මිල අධික මත්ද්‍රව්‍ය පෙති මේවායේ අලෙවි කරන බව සඳහන්ය.

අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සඳහන් කරන ආකාරයට අනුරාධපුරය යාපනය, රත්නපුර, යන දිස්ත‍්‍රික්කවල 2011 වර්ෂයේදී හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වල වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේම හොරොයින් වැඩිව ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේද බස්නාහිර පළාතෙහි. කැනබීස් (කන්සා), හෂීස්, කොකේන් වැඩිම ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේද බස්නාහිර පළාතෙනි.

මත්කුඩු පිළිබඳව සම්බන්ධකම් දක්වන දේශපාලනඥයන් පිළිබඳව වාර්තා වන්නේද බස්නාහිර පළාතෙනි.

මතට තිත තැබීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවට පොරොන්දුවක් ලබාදී ඇත. එම පොරොන්දුව සාර්ථක වීම සැක සහිතය. එයට හේතුව වනුයේ ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති නොහැකියාවයි.

බොහෝ විට පොලිසිය අත්අඩංගුවට ගනු ලබන්නේ කුඩු පානය කරන පහළම මට්ටමේ පුද්ගලයෙකි. එයද මහ මගදීය. රටපුරා කුඩු පානය කරන පිරිස් 45,000ක් පමණ වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

එහෙත් මේ පිරිසට කුඩු විකුණනු ලබන අය අතට පත්වන අති විශාල ලාභය හා මුදල මහා විශාලය. කුඩු පාවිච්චි කරනු ලබන පුද්ගලයා අනුන්ගේ වැලක එල්ලා ඇති ඇඳුමක් සොරකම් කර හෝ මුදල් උපයා ගනී.

මේ මුදලට කුඩු අලෙවි කිරීම සඳහා ජාවාරම්කරුවන් විවිධ ක‍්‍රම අනුගමනය කරති. මේ ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පොලිසිය ඇතුළුව අදාළ අංශ දැඩි උත්සාහයක යෙදී සිටිති.

මෙහිදී බලධාරීන් මුහුණ පා සිටින ප‍්‍රධාන ප‍්‍රශ්නය වනුයේ කුඩු ව්‍යාපාරයේ යෙදී සිටින ප‍්‍රධානතම ජාවාරම්කරුට දේශපාලන රැකවරණ ලැබීමයි. මේ ජාවාරම්කරුවන් ගැන පොලිසිය දැල එලන අවස්ථාවලදී කිසිවෙකුට නොදන්වා ඔහු සිංගප්පූරුවට හෝ වෙනත් රටකට යවා ඇත. ඇතැම් අවස්ථාවල විදේශ ගතවන ප‍්‍රධාන කුඩු ජාවාම්කරු විදේශ ගත කරවීමට දේශපාලනඥයාද ගුවන් තොටුපල දක්වා පෙර ගමන් ගිය අවස්ථාද ඇත. විදේශ ගතවන ජාවාරම්කරු, ඔහු පිළිබඳ මතකය සමාජයෙන් ඉවත්වූ පසු යළි මෙරටට පැමිණ, දේශපාලන රැකවරණය මත සිටියි.

ගී‍්‍රස්ටින් තුළ ආ මත්කුඩු

කිසිම දේශපාලනඥයකු එක එල්ලේම කුඩු ව්‍යාපාරයේ නිරත වී නොසිටින බව නීතිය ආරක්ෂා කරන අංශ සඳහන් කරයි. බොහෝ විට මේ කුඩු ජාවාරම්කාරයාට ආරක්ෂාව ලබා දෙන්නේ දේශපාලනඥයන් සුළු පිරිසක් විසිනි. ඒ ආරක්ෂාවට වන්දි ගෙවීමක් වශයෙන් මිල මුදල්, අධික මිල ගණන් ඇති වාහන ඇතුළු ඉතා ඉහළ මිල ගණන් ඇති පරිත්‍යාග කිරීම සිදුවෙති.

දේශපාලනඥයන් වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කරන කුඩු ව්‍යාපාරිකයන් තමන්ටද අතිවිශාල ලාභයක් උපයා ගනු ඇත. ඒ සඳහා කුඩු ජාවාරම ඉතා ඉහළින්ම කළ යුතුව ඇත. නීතියට ඇස ගැටීමට ඉඩ නොදිය යුතුව ඇත. බෙදා හැරීම ක‍්‍රමවත්ව කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය රැුකවරණය දේශපාලනඥයාගෙන් හිමි වේ.

මත්ද්‍රව්‍යවල මිල එන්න එන්නම ඉහළයාමට එක් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ජාවාරම්කරුවන්ට අතපය දිගහැර වියදම් කිරීමය. දේශීය ගැනුම්කරුවන් සඳහා හෙරොයින් කිලෝ එකක සාමාන්‍ය වීථි මිල රුපියල් මිලියන 5.5ක් ලෙස වාර්තාවේ. එය ඇමෙරිකානු ඩොලර් 55309කි. 2010 වර්ෂයට සාපේක්ෂව හෙරොයින් මිල ගණන් 2011 දී සියයට 28කින් ඉහළ ගොස් ඇත. පසුගිය වසර පහක කාලය හා සැසඳීමේදී 2007 දී සාමාන්‍ය වීථි මිල මිලියන 3.6ක් වුවද 2011 දී එය මිලියන 6.00 ක් දක්වා වර්ධනය වී තිබූ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

දේශීය ගැනුම්කරුවන් සඳහා ගංජා කිලෝ එකක සාමාන්‍ය වීථි මිල රුපියල් 20833ක්වේ. එය ඇමෙරිකානු ඩොලර් 183ක් ලෙසට සටහන්වේ. ගංජා මිල 2010 වර්ෂයට සාපේක්ෂව 2011 දී සියයට 42 කින් ඉහළ ගොස් තිබිණි. 2011 වර්ෂයේදී අබිං කිලෝ එකක සාමාන්‍ය වීථි මිල රුපියල් මිලියන 1.3ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 11504 ක් ලෙසට සටහන්වේ.

රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ඉහළ යන ආකාරයට, මත්ද්‍රව මිලද ඉහළ යමින් පවතී. මේ මිල ඉහළයාමේ ලාභය කුඩු ජාවාරම්කරුවනටය. වාසි ඔවුන්ට රැකවරණය දෙන දේශපාලනඥයක් කීප දෙනාටය.

මේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් අදාළ බලධාරීන්ට ගත නොහැකි වී ඇත. එයට හේතුව වී ඇත්තේ දේශපාලනඥයා සෘජුව කුඩු ව්‍යාපාරයට සම්බන්ධ වී නොසිටීමයි.

දේශපාලනඥයා කුඩු ගෙන්වන්නේ නැත. අලෙවි කරන්නේද නැත. ඔහුට එරෙහිව පියවර ගැනීමටද නොහැකිය.

දේශීය වශයෙන් මේ ජාවාරම්කාරයන් කරනු ලබන කුඩු ව්‍යාපාරයට විදේශ සහභාගිත්වය විශාල වශයෙන් ලැබී ඇත. මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව ප‍්‍රසිද්ධියට පත් වී සිටී. පසුගිය වසර 5ක කාලය තුළ විදේශිකයන් 74 දෙනකු මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අත්අඩංගුවට ගෙන ඇත.

පකිස්තානුවන් 44, ඉන්දියානුවන් 8 මාල  දිවයින් ජාතිකයන් 7ක්. ඉරාන ජාතිකයින් 6ක් මේ අතර සිටිති. හෙරොයින් කිලෝ 14.5ක් කොකේන් කිලෝ ග‍්‍රෑම් 10.453 ක් මෙම විදේශිකයන් සන්තකයේ තිබී ඇත. ශ්‍රී ලංකාවට නුපුරුදු මෙම විදේශිකයන් පිටුපස අපේ දේශපාලනඥයන්ගේ අනුගාමිකයින් වූ කුඩු ජාවාරම්කරුවන් සිටීද යන්න පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වමින් පවති.

 

 

සටහන - දයාසීලි ලියනගේ

 



අදහස් (0)

දේශපාලන හස්තයට මුවාවී කෙරෙන මත්කුඩු ජාවාරම

දෙනුක දුෂ්‍යන්ත පෙරේ‍රා Friday, 20 September 2013 02:07 PM

ජනමතය ගොඩ නගන්න. එඩිතරව පියවර ගත්ත ඔබට සුබපැතුම්. (ස)

:       0       0

ලාල් Sunday, 15 September 2013 03:57 PM

ලංකාව නැති කරන්න එපා මිනිසුනේ (දී)

:       0       0

කුමුදු ඉතාලිය Tuesday, 17 September 2013 11:46 PM

දෙයියෝ තමා සත්‍ය සිද්ධිය දන්නේ. ශ්ශ්ශ්... ශබ්ද නොකරන්න (නි)

:       0       0

මංගල කොලොන්නාව Tuesday, 17 September 2013 06:44 PM

දෙයියෝ දනී අපි නොදනී . කවුරුත් දන්නා රහස් මේවා (අ)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 17 September 2013 02:08 PM

අපව දැනුවත් කළාට, මෙම ලිපිය මගින් ලංකාදීප පුවත්පතට, කතු මඬුල්ලට බොහෝ තුති. ඔබලා මෙම දේවල් කරනා අයගේ නම් සඳහන් නොකළාට අපගේ මනසට එනවා ඔවුන්ගේ නම් සහ රූප. ස්තුතියි ලංකාදීපයට (නි)

:       0       0

දර්ශන Monday, 16 September 2013 01:23 PM

නම් ගම නොකීවත් මේවා කරන්නේ කරවන්නේ කවුරුදැයි ජනතාව දනී, කල යුත්තෙ මේ ද්‍රව්‍යයට ඇබ්බැහිවිය හැකි අය දැනුවත් කිරීම සහ ආරක්ෂා කිරීම. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 18 September 2013 09:57 AM

ඕවට අර බොරු ලෙඩා නම් ගාව ගන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 139 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 335 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1767 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 723 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site