IMG-LOGO

දරුවන්ගේ රැකවරණය අහිමි ගෙදර බුදුවරු

”පුත්තා වත්ථු මනුස්සානං” මිනිසාට ලොව ඇති උතුම්ම වස්තුව දරුවන් බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ සේක.එම උතුම් වූ වස්තුව රැකගැනීමට මවුපියන් දිවා ? නොබලා, අව්වැසි නොබලා, ලේ දහඩිය වගුරා අපිරිමිත වූ සෙනෙහසකින්, නොමියෙන ආදරයකින් කටයුතු කළේය.තම ආර්ථික ශක්තිය අනුව තමා සතු සෑම දේම දරුවන් සන්තක කළ මවුපියන්ගේ සිහිනය වූයේ මුණුබුරු, මිනිබිරියන්ගේ රැකවරණය, ආදරය, සෙනෙහස ලබමින් සතුටින් ජීවත්වීමය.අවාසනාවකට, ජීවිතයේ අපමණ කැපකිරීම් කළ, මව්පියන් සුළු පිරිසකට එම සුබදායී සිහිනය සැබෑ කරගත හැකි වී ඇත.එම නිසාම බණ කියන, බණ අසන මෙම රටේ, අසරණ මව්වරුන්, පියවරුන් එකසිය පනහක්, දෙසීයයක් පමණ වසරකට, තම දරුවන්ගේ රැකවරණය ලබාදෙන මෙන් ඉල්ලා නීතියේ පිහිට පතන බව, අකමැත්තෙන් යුතුව සටහන් තැබීමට සිදුවී තිබේ. සමාජ සේවා අමාත්‍යංශයේ, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලය මෙරට පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ දරුවන්ගේ හවුහරණක් නොමැති මව්පියන්ට සරණක් ලබාදීමය.2002 වසරේ දී මෙරට ආරම්භ කළ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ මණ්ඩලය, 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යටතේ ක‍්‍රියාත්මක වේ.රටේ පවත්නා නීතියට අනුව වයස අවුරුදු හැටට වැඩි, පුද්ගලයන් වැඩිහිටියන් ලෙස පිළිගැනෙන අතර, වර්තමානය වනවිට මෙරට ජනගහනයෙන් මිලියන දෙකක් පමණ වැඩිහිටියන් බව වාර්තා වී තිබේ.ඒ නිසාම, වැඩිහිටියන් සම්බන්ධයෙන්, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයට ලැබෙන පැමිණිලි ප‍්‍රමාණය වැඩි වී ඇත.ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජේ. ක‍්‍රිෂ්ණමූර්ති මහත්මිය, මව්පියන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ පෑමට බලපෑ හේතු සඳහන් කළේ මෙසේය.”ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයේ පිහිට පතා පැමිණෙන බොහෝ මව්වරුන්, පියවරුන් වයස අවුරුදු හැට, හැත්තෑවේ පසුවන්නන්. ඒ බොහෝ අයකුට අප කාර්යාලයට පැමිණීමට මග වියදමට පවා, අතේ මුදල් නොමැති වූවන්. ඒ තරමටම ඔවුන් අසරණයි. එම තත්ත්වයට පත්වීමට හේතු ගණනාවක් බලපා තිබේ.පැමිණිලි කිරීමට පැමිණෙන බොහෝ මවුවරුන්ගේ දරුවන් එදා වේල සරිකර ගැනීමට, සුළු රැකියාවක නිරත වන්නන්. ඔවුන් උපයන මුදල තම පවුලේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට පවා පිරිමසා ගැනීමට නොහැකියි. එවැනි පසුබිමක් මත තම මවට හෝ පියාට සැලකීමට අවශ්‍ය වුණත්, ඒ වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් ඉතිරි වන්නේ නැහැ. එවැනි ආර්ථික මට්ටම්වල සිටින දරුවන්ගේ මව්වරුන් අප ආයතනයට පැමිණ දන්වා සිටින්නේ හම්බ කරන විදිහට රුපියල් පනහක් සියයක් හෝ තමාට ලබාදෙන ලෙස දරුවන්ට දන්වන හැටියටයි.ඒ මව්වරුන්ගේ අහිංසක ඉල්ලීම, ඉරහඳ තාරකා නොව, තම දරුවන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් තමාට සලකන ලෙස අවනත කර ගැනීම පමණි.තවත් පිරිසක් මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙනුයේ, මව්පියන් තමා සතු දේපල සමානව බෙදා නොදීමෙන් ඇතිවූ ගැටලූ නිරාකරණය කිරීමටය. මව්පියන් විසින් දේපල ලබා නොදුන් දරුවන් මව්පියන්ට සැලකීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර, දේපල ලබාගත් දරුවන් ද විවිධ හේතු ඉදිරිපත් කර මව්පියන්ට සැලකීම මගහැරීම හේතුවෙන් නීතියේ පිහිට පැතීමට සිදුව තිබේ.ඇතැම් මව්පියන්, දරුවන්ට රැකවරණය සැලසිය යුතු කාලයේ දී, පවුලෙන් ඈත් වී, වෙනත් පවුල් නඩත්තු කිරීමට යාමේ සිද්ධි හේතුවෙන්, මව්පියන් කෙරෙහි අප‍්‍රසාදය ඇතිවූ දරුවන් ද, මව්පියන්ට සැලකීම ප‍්‍රතික්ෂේප කර තිබේ.පැමිණිලි විභාග කිරීමේ දී ඔවුන් කියා සිටින්නේ ”කාට සැලකුවත්, අපි අපේ තාත්තාට අපි අපේ අම්මාට සලකන් නෑ. අපට අපේ ළමා කාලය, තරුණ කාලය අහිමි කරපු, මෙයාලාට මොකටද අප සලකන්නේ කියාය.තවත් දරුවන්, වයස අවුරුදු පනස් පහේ, හැටේ පසුවද්දී, වයස අවුරුදු හැත්තෑවේ, අසූවේ පසුවන මව්පියන් නඩත්තු කිරීම, සැබෑම ගැටලූවක් වී තිබේ.මෙවැනි පැමිණිලි දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක්, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයෙන් විභාගයට ගැනෙන අතර, එහිදී පනතේ විධිවිධානවලට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කළ මණ්ඩලයෙන් පැමිණිලි විභාග වෙයි. එම තරාතිරමෙන් පැමිණිලි සඳහා විසඳුම් සෙවිය නොහැකි නම්, මව්පියන් විසින් යොමුකර ඇති නඩු විභාග කිරීමට මහේස්ත‍්‍රාත් උසාවියේ පිහිට පැතීමට සිදුවන අවස්ථා ද වාර්තා වී තිබේ.ලැබෙන පැමිණිලිවලින් සියයට අනූවකට වඩා වැඩි ප‍්‍රමාණයකට විසඳුම් ලබාදීමට වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයට හැකි වී ඇති අතර, ඉතිරි සියයට දහයකට වඩා අඩු ප‍්‍රමාණයක් විසඳුම් නොලැබීමට මූලිකම හේතුව වනුයේ, දරුවන්ගේ ආර්ථිකය මව්පියන් නඩත්තු කිරීමට තරම් ශක්තිමත් නොවීම බව ද වාර්තා වේ.තමන්ට අවශ්‍ය ඖෂධ ටික මිල දී ගැනීමට, පවතින රෝගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලක් වෙත යෑමට අවශ්‍ය ගමනක් බිමනක් යෑමට මග වියදම සරිකර ගැනීමට. තමා කැමති පුණ්‍ය කටයුත්තකට සුළුවෙන් හෝ දායක වීමට සහ දෛනික ආහාරවේල තමාට අවශ්‍ය පරිදි ලබාගැනීමට ආදී වූ කරුණු ඉටුකර ගැනීමට, සෙනෙහෙබර මවුවරුන්ට, පියවරුන්ට, අකමැත්තෙන් වුවද දරුවන්ගේ පිහිට ලබා ගැනීම සඳහා නීතියේ පිහිට පැතීමට සිදු වී තිබේ.සමාජ සේවා අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සේවා පිළිබඳ බොහෝ වැඩිහිටියන් තවමත් නොදන්නා කරුණක් වෙයි. මෙම ලිපිය කියවන ඔබත්, වැඩිහිටියකු ලෙස, පත්ව සිටින අසරණ තත්ත්වයෙන් පිහිටක් පැතීමට අවශ්‍ය නම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් හෝ ප‍්‍රාදේශීය වැඩිහිටි ප‍්‍රවර්ධන සහකාරවරුන්ගෙන් හෝ සමාජ සේවා නිලධාරින්ගෙන් හෝ සමාජ සංවර්ධන සහකාරවරුන්ගෙන් හෝ ග‍්‍රාමසේවා නිලධාරීන්ගෙන් ඊට අදාළ වැඩි විස්තර ලබාගත හැකිය.ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින්, වැඩිහිටියන් වෙනුවෙන් ක‍්‍රියාත්මක තවත් මහඟු සේවාවක් වී ඇත්තේ ”වැඩිහිටි ආවරණ වැඩසටහන”ය. ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ජීවත්වෙන අන්ත අසරණ ලෙස ආර්ථිකය අතින් දුර්වල මව්වරු සහ පියවරුන්ට සේවාව සැපයීම මෙම වැඩසටහන මගින් සිදුවේ.ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගන්නා තොරතුරු අනුව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන, දරුවන්ට ද තම මව්පියන් නඩත්තු කිරීමට හැකියාවක් නොමැති මව්වරුන්ට, පියවරුන්ට, මාසිකව යම් මුදලක් ලබාදීම මෙමගින් සිදුවෙයි. වැඩිහිටි ආවරණ වැඩසටහන් සඳහා අරමුදලක් පිහිටුවා ඇති අතර, ඇති හැකි අයට, තම මව පියා සිහිකර, තවත් අසරණ මවකට, පියකුට උපකාර කිරීමට එම අරමුදලට හැකි පමණින් මුල්‍යාධාර ලබාදිය හැකිය.මෙම අරමුදලේ සියලූ මුල්‍ය ලැබීම්, මුල්‍යාධාර ලබාදීම්, විගණන වාර්තා යටතේ පවත්වාගෙන යන අතර, කිසිවකුගේ බලකිරීමකට, ඇඳුනුම්කමකට මුල්‍යාධාර ලබා නොදෙන බවත්, සියල්ල සොයා බැලීමෙන් පසුව වැඩිහිටි ආවරණ වැඩසටහනෙන් සේවාව ලබාදෙන බවත්, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජේ. ක‍්‍රිෂ්ණමූර්ති මහත්මිය කියා සිටියාය.මේ පිළිබඳ වැඩි විස්තර, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, නො. 150, එල්.එච්.පී. ගොඩනැගිල්ල, නාවල පාර, නුගේගොඩ ලිපිනයෙන් හෝ දුරකථන අංක 0112824082 මගින් ලබාගත හැකිය.



අදහස් (0)

දරුවන්ගේ රැකවරණය අහිමි ගෙදර බුදුවරු

නිත්‍යා Saturday, 12 January 2013 03:19 PM

කාලීන මාතෘකාවක්. දරුවන්ගේ ආකල්ප දියුණු කර යුතුයි. වැඩිහිටියන්ට රැකවරණය සලසමු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 73 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 630 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site