දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඒ කතාවේ කොතරම් සත්‍යයක් ඇත්දැයි පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු සභාවයි. සභාව ඇතුළතදී වචනයෙන් හරඹ කර ගන්නා, කෑකෝ ගසා ගන්නා, එකිනෙකාට මඩ ගසා ගන්නා මන්ත‍්‍රීවරු බොහොමයක් දෙනා තේ පානයට යන්නේ කරට අතදමාගෙනය. විද්‍යුත් මාධ්‍යවල දේශපාලන සාකච්ඡාද එලෙසමය. රූපවාහිනී තිරය ඉදිරියේ ගිරිය පුප්පාගෙන වචන හරඹවල යෙදෙන දෙපක්ෂයේ ඇතැම් මැතිxඇමැතිවරුන්, මන්ත‍්‍රීවරුන් විවාදය අවසානයේ එකම මෝටර් රථයකින් නිවෙස්වලට යන අවස්ථා ඇති බවද වාර්තාවේ.
පසුගියදා දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනක විවේකයේදී වූ සිදුවීම් දැන් කවුරුත් දනිති. ඒ විවාදයට සහභාගි වූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ බදුල්ල දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා අතර සිදුවූ බව කියන ගුටි බැට හුවමාරුවකි.
වැඩසටහන ඉතාම සුහදව ආරම්භ වී තිබුණත් අතරමගදී වචන හුවමාරුව බෙහෙවින් උණුසුම් තත්ත්වයකට පත්විය. ඒ උණුසුමේ ප‍්‍රතිඵලය පළමු විවේකයේදී දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවයි. මේ ගුටිබැට හුවමාරුව නිසා වැඩසටහනද අත්හිටුවීමට සිදුවී ඇත.
රූපවාහිනී නාළිකාවේ සේවකයෙක් ප‍්‍රකාශ කළේ මේ අවස්ථාවේ මයික‍්‍රෆෝනය හා පුටුව පෙරළී තිබූ බවයි. තත්ත්වය උණුසුම්වීමේ ආරම්භය ”නපුංසකයා” යනුවෙන් එක් අයකු ඇමතීම බව හෙළිවේ. වචන හුවමාරුව අවසානයේ එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. ගුටි බැට හුවමාරුව ඉතා අපහසුවෙන් මගහරවා ගැනීමට එම විවාදයට සහභාගි වූ අරුන්දික ප‍්‍රනාන්දු හා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරු දෙදෙනාටත් මැදිරියේ සිටි පිරිසටත් මහත් වෙහෙසක් දරන්නට සිදුවී ඇත. එකිනෙකාට පහරදී ගැනීමට දෙදෙනා දිගින් දිගටම උත්සාහ කිරීම නිසා, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හරීන් ප‍්‍රනාන්දු මහතා මැදිරියෙන් එළියට තල්ලූ කරගෙන ගොස් තිබේ. මැදිරියෙන් පිටත සිටි ආරක්ෂක නිලධාරීන් සිද්ධිය දැන ගන්නා විට ගුටිබැට හුවමාරුව සිදුවී අවසන්ය. හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආරක්ෂක නිලධාරීන් රූපවාහිනී භූමියෙන් ඔහු ඉවත්කරගෙන ගොස් ඇත. ඉන්පසුව දයාසිරි ජයසේකර මහඇමතිවරයා රැගෙන ආරක්ෂක නිලධාරීන් පිටත්ව ගොස් ඇත.
මේ ගුටිබැට හුවමාරුව පිළිබඳව දෙදෙනාගෙන්ම විමසුවෙමි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි මේ දෙන්නාම එකම වේදිකාවේ එකට වාඩිවෙලා එකට කතාකරන්නත් පුලුවන් (නි)
නියමයි. (අ)
දේශපාලනයේ තරම! පවතින රජයට පතුරුයන්න බැනලා පහුවදාට හිරිකිතයක් නැතුව ඒකෙ හොඳ කියන මිනිසුන් ඉන්න රටක් සහ ඒ වාගේ මිනිසුන්ට ඡන්දෙ දෙන පිරිසක් ඉන්න රටක් මේක (නි)
මේ වදන ඉවසන්න බැරි දේශපාලකයින් ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතුයි (නදී)
හරින් මහත්තයෝ, බලාගෙන. ප්‍රවේශමෙන් කතා කරන්න. කාටත් ඔයා කියන කතා වමාරන්න වෙන දවසක් ළඟදීම එනවා. බොහෝදුරට ඌව ඡන්දයෙන් පස්සේ. (නි)
මිදී රොඩු බීපු බූරුවෝ පොර අැනගත්තු බව බන පොතේ තියෙනවා. (ස)
මේ ගහගන්නේ ජනතාවට ආදරේට නෙමෙයි (නදී)
මේ දෙන්නම හරි හොඳ අය. අපි තමා මෝඩයෝ (නි)
සාමදාන වීම අගයමි (නි)