IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


දුර බැහැර සිට අනුන්ගේ සිත කියවයි

ධම්මපදයේ චිත්ත වග්ගයේ 153 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ. අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්භිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං ධම්මපදයේ චිත්ත වග්ගයේ 154 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.   ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංකාරගතං චිත්තං - තණ්හානං ඛය මජඣගා වඩුව මම ඔබ දිටිමි. හොඳින් හඳුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ල නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි. යනුවෙන් දැක්වෙන්නේ මිනිසා ඇතුළු සත්ත්වයා මැරි මැරී ඉපිද ඉපිදී සසර සැරි සරන බව බුදු දහමේ විස්තර කැර ඇති ස්ථානයකි. බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත. එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි. එඞ්ගාර් කේසි පවසන්නේ තමන්ට ස්වයං නිද්‍රාවකට පත්වීමෙන් අන් අයගේ රෝගාබාධයන්ට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතින බවයි. මෙහි දී ඔහු රෝගයට වස්තු බීජ සොයා යන්නේ යම් පුද්ගලයකුගේ පෙර භවයන්ට එබිකම් කිරීමෙනි. මේ ක‍්‍රමයට විවිධ වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී ඔහු තැබූ සටහන් රාශියක් තවමත් ඉතිරිව තිබේ. මේවායින් බොහොමයක් මහත් ආන්දෝලනාත්මකය. එඞ්ගාර් කේසිගේ ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ගැන සඳහන් කරනු ලැබුවේ වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා යනුවෙනි. ඔහු අන් අයගේ අතීත ආත්ම ගැන කියන ලද කරුණු හේතුවෙන්ම ඔහුට මෙවැනි අන්වර්ථ නාමයක් ලැබුණ ද සැබැවින්ම ඔහු ප‍්‍රාතිහාර්යකරුවෙක් නොවේ. රෝගීන් මත අත තබා ආශිර්වාද කිරීමෙන් හෝ මන්තර ගුරුකම් ශක්තියකින් හෝ එඞ්ගාර් කේසි රෝගීන් සුවපත් කළේ නැත. ඔහු ඇතැම් විට තමන් සිටින ස්ථානයට සැතපුම් දහස් ගණනක් ඈත සිට දිවැසින් කියනු ලබන විශ්මයජනක තොරතුරු අනුව රෝගීන්ට සුවය ලැබිණි. ඔහු මෙය කරන ලද්දේ සම්මෝහ නිද්‍රාවක් හෙවත් තමන් විසින්ම හෝ වෙනත් අයකු විසින් යෝජනා කරන ලදුව කෘත‍්‍රිම නින්දකට සමවැදීමෙනි. එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට හැකියාවක් ලැබුණේ නැත. යන්තම් නම වැනි ශ්‍රේණිය දක්වා උගත් එඞ්ගාර් කේසි ගොවිතැනට හුරු කරන්නට ඔහුගේ මාපියන් කොතෙක් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූයේ කේසි නගරයට යාමෙනි. අනතුරුව පොත් සාප්පුවක ලියන්නකු ලෙස සේවය කළ කේසි රක්ෂණ සමාගමක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නට වූවේය. තරුණ වියේදීම කේසි බලාපොරොත්තු නොවූ අකරතැබ්බකට මුහුණ දුන්නේ හඩ පිට නොවීමේ රෝගයකින් පෙළීමෙනි. විටෙක ගොරෝසු හඩක් පිටකරන කේසිට තවත් විටෙක කිසිදු හඩක් පිටකිරීමට නොහැකි වෙයි. මේ රෝගයට කොතෙක් ප‍්‍රතිකාර ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. රෝගයට ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරු ගණනාවක් සොයා ගිය ද අවසානයේ සිදුවූයේ බලාපොරොත්තු කඩවීම පමණි. මේ නිසාම ඔහුට තම කාර්යයන් කරගෙන යාම පවා අපහසු විය. ඒ නිසාම තම සේවයෙන් සමුගත් කේසි අවසානයේ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙස එක්වූයේ ඒ සඳහා කට හඩ අවශ්‍ය නොවන බැවිනි. මේ අලූත් වෘත්තිය කරගෙන යන අතරතුර දී ඔහු සිටි නගරයට අමුත්තකු පැමිණියේය. ඒ විනෝද කී‍්‍රඩකයකු මෙන්ම මෝහන නිද්‍රාව ප‍්‍රගුණ කළ හාට් නම් පුද්ගලයෙකි. මේ අමුත්තා නගරයේ දී කේසි හමුවූ අවස්ථාවක දී මෝහන නිද්‍රාව උපයෝගී කරගනිමින් ඔහුගේ රෝගය සුව කළ හැකිදැයි උත්සාහ කිරීමට තමන් කැමති බව කීවේය. තමන්ට කරන්නට කිසිදු දෙයක් නොවුනෙන් තම රෝගය සුවකැර ගැනීම සඳහා ගත හැකි අවසන් තුරුම්පුව වූ මේ අවස්ථාවට මුහුණ දීමට කේසි ඉටාගත්තේය. අවසානයේ කේසි නිද්‍රාවට භාජන කැරිණි. කේසි නිද්‍රාවට යොමු කරන අවස්ථාවේ ලේන් නම් පුද්ගලයෙක් ද බලා සිටියේය. ඔහු ද ඒ වනවිටත් මෝහ නිද්‍රාව ප‍්‍රගුණ කරමින් සිටි තැනැත්තෙකි. හාට් මෝහ නිද්‍රාව උපයෝගී කරගනිමින් එඞ්ගාර් කේසිගේ රෝගයේ අක්මුල් සොයා යාමට උත්සාහ ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. නමුත් ලේන් කේසිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග එක්ව නිද්‍රාවට පත්ව මේ සඳහා තවත් උත්සාහයක් යොදන ලෙසයි. ලේන්ගේ සිතේ වෙනත් අදහසක් තිබෙන්නට ඇත. ලේන්ගේ පෙරැත්තය නිසාම කේසි මේ දෙවැනි උත්සාහය සඳහා ද එකග වූවේය. ලෙන් ක‍්‍රමයෙන් කේසි මෝහ නිද්‍රාවට පත් කළේය. අනතුරුව ඔහු කළේ නිද්‍රාවේ සිටි කේසිට ඔහුගේ රෝග ස්වභාවය විස්තර කරන්නට යැයි යෝජනා කිරීමයි. මෙතෙක් කතා කිරීමට නොහැකිව සිටි කේසි කතා කරන්නට වූවේය. ටිකෙන් ටික තම හ`ඩ අවදි කළ කේසි තමන්ගේ රෝග ස්වභාවය විස්තර කරන්නට වූයේ එතැන සිටි ඔහුගේ හිතවතුන් පවා මවිත කරමිනි. සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි. ‘‘සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව ඇත්තේ ස්නායු දුර්වලතාවක් හේතුවෙන් ස්වර රජ්ජුන්ගේ පිටුපස ඇති පේශි අඩක් අකි‍්‍රයවීම හේතුවෙනි. මේ නිසා කායිකව රෝගී තත්වයක් ඇතිවී තිබේ. නිද්‍රාවේ පසුවෙද්දී රෝගය වැළැඳී ඇති ස්ථානයන්ට ලේ ගමන් කරනු ඇතැයි යෝජනා කිරීමෙන් මේ රෝග තත්ත්වය ඉවත් කළ හැකිවනු ඇත.’’ මේ කථාව කීවේ කේසි විසිනි. එයට වහාම කි‍්‍රයාත්මක වූ ලේන්, කේසිගේ ස්වර රජ්ජුවලට ලේ ගමන් කිරීමේ දුර්වලතාව මග හැරී යනු ඇතැයි ද, එයින් මේ අපහසුතාව ඉවත්වනු ඇතැයි ද කේසිට යෝජනා කළේය. විනාඩි කිහිපයක් ගතවිය. නිද්‍රාවේ පසුවූ මිනිසා යළි මෙසේ කීවේය. ‘‘දැන් සියල්ල හරි. රුධිර ගමනය නිසි පරිදි සිදුවනවා. ලේ ගමන ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නටත් ඉන්පසු නැගිටින්නටත් යෝජනා කරන්න.’’ කේසිගේ මේ විධානය අනුව ද ලේන් කි‍්‍රයාත්මක වූවේය. නින්දෙන් පිබිදුණු කේසි සාමාන්‍ය තත්ත්වයෙන් කතා කරන්නට වූවේය. නමුත් වරින් වර ඔහුට මේ රෝගය යළි යළිත් වැළඳුනේය. ඒ සෑම අවස්ථාවකදීම ලේන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදුවන්නට යැයි කියා උපදෙස් දෙයි. එවිට කේසි යළි සාමාන්‍ය පරිදි කථා කරන්නට පටන් ගනී. ලේන් සිටියේ ද කලක පටන් පවතින උදර රෝගයකින් පීඩා විඳිමිනි. මේ රෝගයට පිළියම් සෙවීම සඳහා ලේන් කේසිගේ සහය පැතුවේය. නමුත් මෙහිදී ලේන් කළේ සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. රෝගය ඇති තමන් වෙනුවෙන් කේසි නිද්‍රාවට භාජනය කිරීමයි. ඒ අනුව නිද්‍රාවේදී කේසි ලේන්ගේ ශරීර තත්ත්වය විස්තර කරමින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ද යෝජනා කළේය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලේන් අත්හදා බැලූවේ කිසිදු පැකිලීමකින් තොරවය. අවසානයේ දී කේසි ජයගෙන තිබිණි. ප‍්‍රතිකාර ආරම්භ කොට සති කිහිපයකින් ලේන්ගේ උදරාබාධය සුව අතට හැරුණි. කේසි මේ වනවිට කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආගමික දේශකයකු වීමයි. එහෙත් ඔහුට අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාව ලැබී ඇතැයි ලේන් පෙන්වා දෙන්නට වූවේය. ලේන්ගේ පෙරැත්තය ප‍්‍රබල වෙමින් තිබිණි. අවසානයේ මේ ගැන සොයා බලන්නට ඔහු නොයෙක් ග‍්‍රන්ථ කියවුව ද අගක් මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ කේසි ලේන්ගේ ඉල්ලීමට එකගවූයේ මෙය පරීක්ෂණයක් වශයෙන් පමණක් සිදුකිරීමට කැමති බවත් කිසිසේත්ම තම සේවය වෙනුවෙන් මුදලක් නොගන්නා බවත් පවසමිනි. මෙය පර්යේෂණයක් වූ බැවින් නිද්‍රාවේදී කේසි කියන දේ සටහන් කරගන්නට විය. ඔවුන් මෙලෙස සටහන් තබා ඇති පිටපත්වලට  කේසිගේ පුනරුත්පත්ති සටහනින් නම තබා තිබේ. කේසිගේ මේ කියැවීම් දිනෙන් දින ජනපි‍්‍රය වන්නට විය. මේ අතර ඔහු විස්මිත ඇදහිය නොහැකි කියවීම් පිළිබඳ සටහන් තබා තිබේ. දිනක් කේසිට ලැබුණු පණිවිඩයකින් කියවුණේ දැරියක පිළිබඳ තොරතුරකි. පස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වසර තුනක කාලයක සිට මොළයේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන බවත් එම කාලයේ සිට මනස නිසි පරිදි නොවැඩෙන බවත් මෙය ආරම්භ වූයේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසුව බවත් කේසිට ලැබුණු තොරතුරු විය. මේ දැරිය පිළිබඳ සොයා බැලීමට කේසි තීරණය කළේය. ඒ අනුව ඔහු එහි ගියේ ලේන් සහ සිය යතුරු ලියන්නා ද සමගිනි. වසර තුනකට පෙර සෑදුණු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසු දැරිය මේ තත්ත්වයට පත්ව තිබේ. මාපියන් පවසන්නේ මේ දැරිය රැගෙන හැකිතාක් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගිය බවත් ඒ කිසිදු වෛද්‍යවරයකු මේ රෝගය නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත් කේසි දැන ගත්තේය. දුප්පත් ගොවියකුගේ පුතකු වන කේසි වෛද්‍යවරුන්ට පවා සුව කළ නොහැකි යැයි කියා තිබූ මේ දැරිය සුවපත් කරන්නේ කෙසේදැයි කාගේත් අවධානයට ලක්ව තිබිණි. වෛද්‍යවරු කියා සිටියේ මේ රෝගය මාරාන්තික බවයි. නිතර නිතර වෙව්ලීමෙන් පීඩා විඳි දැරිය මරණාසන්නව සිටින බව පැවසූ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ දැරිය නිවසට ගෙනගොස් කැමැත්තක් කරගන්නා ලෙසයි. දැරිය නිවසට රැගෙන ගිය පසු එඞ්ගාර් කේසිගේ හැකියාව පිළිබඳ දැනගත් මාපියෝ ඔහුට ආරාධනා කළහ. දැරියගේ නිවසටම කේසි ගියේය. ඒ ලේන් ද සමගිනි. ලේන් යෝජනාව කළේය. අනතුරුව කේසි කියන දේ වචනයෙන් වචනය සටහන් කළේය. කේසි කියා සිටියේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමට ටික දිනකට පෙර දැරිය වාහනයකින් වැටී ඇති බවයි. මේ වැටීමෙන් තැලූණු ස්ථානයේ සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු වන විෂබීජයක් තැන්පත්ව ඇති බැවින් වෙව්ලීම සිදුවන බවත් කේසි කියා සිටියේය. මේ සඳහා සුදුසු ප‍්‍රතිකාර ද කේසි පැවසීය. දැරිය වාහනයකින් වැටුණු බව ඇගේ මව කීවාය. බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවූ බව ද මේ රෝගයත් වැටීමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළේය. රෝගයත් එයට ප‍්‍රතිකාරත් විස්තර කිරීමෙන් පසු කේසි නිද්‍රාවෙන් අවදි වූවේය. ලේන් උපදෙස් දුන් ආකාරයට දැරියගේ මාපියෝ අදාළ ප‍්‍රතිකාර ආරම්භ කළහ. සති කිහිපයක් ඇතුළත දැරියගේ වෙව්ලීම නැතිවී ගියේය. ටික කලකින් දැරියට පැරණි දේ පිළිබඳ මතකය යළි ලැබෙන බව පෙනෙන්නට තිබිණි. ඉන්පසු ඇය තම මාපියන්ට කලකට පසු කථා කළාය. අවසානයේ දී ප‍්‍රධාන පෙලේ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා නොහැකි වූ දේ ගොවියකුගේ පුතකු වූ එඞ්ගාර් කේසි සිදුකිරීම පුදුම සහගත දෙයක් වී තිබිණි.

සටහන - සජීව විජේවීර



අදහස් (0)

දුර බැහැර සිට අනුන්ගේ සිත කියවයි

ගාමිණි Wednesday, 03 October 2012 01:33 PM

අවුරුදු 30කට පෙර මම මේ පොත කියෙවුවා. දැන් එය නැවත සොයාගැනීමට මට අවශ්‍යයි.ඒ සදහා ඔබගේ උපකාරය අවශ්‍යයි. (නි)

:       0       20

පෙරේරා Friday, 28 September 2012 02:00 AM

කේසි කියන්නේ මෝහණ ක්‍රමයෙන් ලෙඩ සුවකරන්නේක් මෙන්ම අනාගත සිදුවීම් කිව හැකි පුද්ගලයෙකි..!(නු)

:       1       30

දිලිප් රත්කඩුව Thursday, 27 September 2012 06:11 PM

විශ්ව ශක්තිය..!(නු)

:       0       4

සිල්වා Tuesday, 16 October 2012 11:56 AM

නියම ලිපියක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 01:49 PM

මම ඒ පොත හොයලා කියවනවා..!(නු)

:       0       0

සම්පත් Friday, 28 September 2012 01:59 PM

ඔවු. මමත් ඔය පොත කියවලා තියෙනවා. (නි)

:       0       0

එස්.පරණවිතාන Sunday, 30 September 2012 02:33 AM

බටහිර ධාර්ෂණිකයන් පුදුම උනා මේ එඩ්ගා කේසිගේ මෙනි මෙන්ෂන්ස් පොතෙහි වූ කියවීම් පිළිබදව.. මෙය බුදුන්වහන්සේගේ නැවත ඉපදීම පිළිබද ඉගැන්වීම ඔප්පු කරනවා..!(නු)

:       0       0

සිසිර Tuesday, 25 September 2012 10:38 PM

ජිනා සර්මිනාරා රචිත "Many mansions ". කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කළ සංසාර "මන්දිර" පොත රැගෙන බලන මෙන් මේ පිළිබද උනන්දුව ඇති සැමට දැන්වීමට කැමැත්තෙමි . (නි)

:       0       0

මහීන් Monday, 24 September 2012 12:26 PM

"සන්සාර මන්දිර" , Bible of vitalism යි පුලුවන්නම් කියවා බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 649 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 446 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 343 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1559 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 93 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 708 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 647 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site