IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දරු තිදෙනාත් සමග රාවණා ඇල්ලෙන් පනින්න ආ තාත්තා

29-page1-S2-2  

දියණියන් තිදෙනා

 

 

ඇල්ල, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව පිහිටි ඉතා සුන්දර  නගරයකි. සංචාරකයන්ගේ  හද බැඳි දේශගුණයක් උරුම කරගත් මෙම නගරයේ විදේශීය සංචාරකයෝ නිතරම ගැවසෙති. ඇල්ල පොලිසිය පිහිටා ඇත්තේ මේ  සුන්දර නගරය මධ්‍යයේය. පොලිසිය තුළ පොලිස් නිලධාරින් සමග සුරතල් වෙමින් සිටි ගැහැණු ළමයින් තිදෙනෙකු දක්නට ලැබුණේ මහ මැතිවරණය දිනයේදීය. ඔවුන් අවුරැුදු 12-, 8 සහ 5 යන වයස් කාණ්්ඩවල පසුවන එකම පවුලේ සහෝදරියන්ය. ලස්සන ඇඳුමින් සැරසී සිටි ඔවුන්ගේ සිනා හඬින් වරෙක පොලිසිය පිරී ගියේය. වරෙක ඔවුන්ගේ කඳුළුවලින් පොලිසිය දෝවනය විය.

 


ඉතා දැකුම්කළු අයුරින් පවත්වාගෙන යන ඇල්ල පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ ඇති ඔන්චිල්ලාව පදිමින් තවත් වරෙක පුංචි දියණියෝ තුන්දෙනා කෙළිදෙළෙන් ගත කළහ. ඔවුන් ළඟම සිටි පොලිස් කාන්තාව මේ දරු පැටවුන්ට මඳ වේලාවකට මවක් විය. පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා කාරුණික පියෙක් යැයි සිතෙන්නට ඇත.


මේ සුරතල් දියණියන් තිදෙනා  පොලිසියට  පැමිණ තිබුණේ ඔවුන්  කළ වරදක් නිසා නොව දෙමාපියන්ගේ වරද  නිසාය.


අම්මා දින තුනකට පෙර  නිවසින් පිටව ගොස් ඇත්තේ කිසිවෙකුටත් නොදන්වා බැවින් ඇය ගියේ කොහිදැයි කිසිවෙකු දැන සිටියේ නැත.


පොලිස් සිර මැදිරියේ සිටි තාත්තාගේද  දෑස් කඳුළින් බරව තිබුණි.


ඔහු රැකියාවට කළේ කුලීවැඩය. කුලියක් නොමැති දවසට ඉතා අසරණ විය. ඔහුගේ බිරිඳ කලක් ඇඟලූම් සේවිකාව ලෙස කොළඹ ප‍්‍රදේශයේ රැකියාව කර ඇතත් සැමියාගේ අකමැත්ත නිසා පසුව නිවසේම නතරවී  තිබුණි.


වරෙක  අගහිඟකම් නිසාද වරෙක ඇය කෙරෙහි තැබු සැකය හා අවිශ්වාස නිසාද මෙම අඹුසැමියන් අතර ගැටුම් ඇතිවිය. දියතලාව පොලිස් පොතේද මේ බව කීපවතාවක්ම සටහන්විය. මේ කාන්තාව සැමියා හා දරුවන් දමා  නිවසින් පිටව ගොස් ඇත්තේ මෙම පසුබිම තුළය.

29-page1-S2-3


කාටවත් නොකියා මේ අම්මා නිවසින් පිටව ගිය පසු  සිදු  වුයේ කුමක්ද?


12 හැවිරිදි දියණියට සවන් දුනිමි.


”උදේ පාන්දර නැගිටලා තාත්තා කිව්වා මාතර යං” කියලා අපි හා කිව්වා ලෑස්තිවෙලා ආවට පස්සේ බණ්ඩාරවෙලට ඇවිල්ලා වැල්ලවාය  බස් එකේ නැගලා රාවණා ඇල්ල ගාව බැස්සා. ඊට පස්සෙ එතැන හිටිය මාමා කෙනෙක්ගෙන් ෆෝන් එකක් ඉල්ලා ගත්තා. තාත්තා මට කිව්වා අම්මට කතා කරලා කියන්න කියලා. අම්මට කෝල් එකක් දීලා මම කිව්වා අපි රාවණා ඇල්ලෙන් පනිනවා, අම්මට බුදු සරණයි කියලා.


ඊට පස්සේ අම්මා කිව්වාdjh ”එපා පුතේ  මැරෙන්න එපා” කියලා. යනුවෙන් පවසත්ම  මේ පොඩිකෙල්ලගේ දෑස්වලින් කඩා වැටුණ කඳුළු කැට සිඟිති දෑත් මත පතිත වූයේ  ඇය නිහඬ කරමිනි.


පොලිසියට පැමිණ සිටි ඇගේ ලොකු අම්මා එතැන් සිට කතා කළාය.


”මේ මගේ නංගිගේ ළමයි, අපි දෙගොල්ලන්ගේම ගෙවල් තියෙන්නේ එකම ඉඩමේ. වෙනදට පාන්දර නැගිට්ට ගමන් අපේ ගෙදරට එනවා. අද ආවෙ නෑ. ඊට පස්සේ අපේ මහත්තයා යන්න ලෑස්තිවෙලා මෙයාලා දැක්කේ නෑ කියලා බලන්න ගියා. කතා කළත් සද්දයක් නැති නිසා දොර ඇරගෙන ගිහින් බලද් දී ළමයි තුන්දෙනා නොසිටි නිසා  මට ඇවිත් කිව්වා ළමයි තුන්දෙනා  අරන් ගිහිල්ලා ද දන්නේ නැහැ කියල.


ඊට පස්සේ මම ගිහිල්ලා ගෙදර කාමරේ බැලූවා. බිත්තියේ ලියලා ගිහින් තිබුණා දූල තුන් දෙනාගේ නම් දාලා රාවණා ඇල්ලෙන් පනිනවා,  කියලා.


මම වහාම ගිහින් මේ පිළිබඳව දියතලාව පොලිසියට පැමිණිළි කළා. දින තුනකට කලින්  ”අපි වස බොමුද” කියල ඇහුවා, කියලා දවසක් මට මේ දූල කිව්වා. එතකොට ළමයි ”බෑ” කියලා තියනවා.


මම කිව්වා දුවේ ඔය ගොල්ල  වස බොන්න  ඕනි නෑ. පොලිසියෙන් මොකක් හරි තීරණයක් දුන්නොත් මම බාර ගන්නම් තුන්දෙනාම කියලා’’ යැයි ද ඇය කීවාය.


රාවණා ඇල්ල අසල දී සිදුවූයේ කුමක්ද?


තාත්තා සහ දියණියන් දිය ඇල්ල දෙසට ගමන් කිරීම කාගේවත් විශේෂ අවධානයට  ලක් නොවුයේ මෙම ස්ථානයේ නිතරම විවිධ සංචාරකයන් ගැවසෙන බැවිනි.


එහෙත් සුළු මොහොතකින්  මුළු රටේ අවධානය ඔවුන් වෙත යොමු වූයේ දුරකථන පණිවුඩයකින් හෙළිවු බිහිසුණු අනාවරණයක් නිසාය.


එම ජංගම දුරකථනයේ හිමිකරුවා උතුරු කළුතර පදිංචි කේ. එල්. ඒ. පද්මසිරි මහතාය..


සංචාරකයන් පිරිසක් කැටුව ඇල්ලට පැමිණි අවස්ථාවේ සිදුවූ දේ පද්මසිරි මහතා අනාවරණය කළේය.


”ගැහැණු ළමයි තුන්දෙනෙක් තාත්තත් එක්ක දියඇල්ල ළඟට ආවා. ඔවුන් සිටියේ කනස්සල්ලෙන්.


 ”මල්ලි ෆෝන් එක පොඞ්ඩකට දෙනවද? හදිසි කෝල් එකක් ගන්න තියෙනවා” කියල ඒ තාත්තා ඉල්ලූවා.


මම ෆෝන් එක දුන්නම එයාලා කාට හරි කතා කළා. මම ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. කතාකරල ඉවරවෙලා මට ෆෝන් එක දුන්නා.


සුළු මොහෙතකින් මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා ගැහැණු කෙනෙක් කතා කළේ හඬනවා වගේ දැණුනා.


”අනේ මහත්තයා කලින් ඔය ෆෝන් එකෙන් කතා කළේ මගේ මහත්තයා සහ දූලා. ඒ ගොල්ලෝ දියඇල්ලට පනින බව කිව්වා. අනේ මහත්යෝ  කොහොම හරි ඒ කට්ටියට පනින්න දෙන්න එපා.” යැයි ඇසෙනවාත් සමගම මට මොනවා කරගන්නදැයි හිතාගන්න බැරි වුණා.


මම ඒ තාත්තා සහ ළමයි සිටි තැනට දුවල ගියා.


ගිහින් එයා සමග කතා කළා. ඒ මනුස්සයත් හඬ හඬා හිටියේ.


බිරිඳ තරහා වී ගෙදරින් ගියා කිව්වා. එයා සල්ලි වගයක් ණයවෙලා තිබුණා. ඒ ගැන ඇතිවුණ රණ්ඩුවකින් පසු එයා අපි දාලා ගිහින් තියෙනවා  කියලත් කිව්වා.


මම ඔහු සන්සුන් කිරීමට උත්සාහ කළා.  ප‍්‍රශ්න ආවම කලබල වෙන්න එපා. බලන්න මේ දරුපැටව් මෙහෙම දේවල් කරගන්න එපා. දරුපැටව් ගැන හිතලා ජීවත්වෙන්න කියලා මම උපදෙස් දුන්නා.


මම ආයෙත් මට ආ අංකයට කතා කළා. මම කිව්වා ඉක්මනට එන්න එතකන් මම මේ ගොල්ල බලාගන්නම් කියලා.


එයා කිව්වා දැන් ඉන්නේ හෝමාගම කියලා. මම කිව්වා කොහොම හරි එන්න කියලා.


ති‍්‍රවිලරයක්  හරි අරන් එන්න කියලා කිව්වම එයා කිව්වා සල්ලි නැහැ කියලා. මං කිව්වා සල්ලි මම දෙන්නම්  එන්න කියලා.  


මම ඒ දූලගෙන් ඇහුවා, දූලා උදේට කාල ද ඉන්නේ කියලා. ”නැහැ” කිව්වා. මම මේ ගොල්ල එක්ක ළඟම තිබූ හෝටලයට ගිහින් බත් අරන් දුන්නා.  
තවත් තරුණයන් පිරිසකුත් මා එක්ක හිටියා.


එම තරුණයෙක් කාට හරි දුරකථනයෙන් කතා කළා යැයි ද පද්මසිරි කීවේය.


එම තරුණයෙකු වූයේ  ඇල්ල හදිසි මරණ පරීක්ෂක එස්. ජයසේකර මහතාගේ පුත‍්‍රයා වන ලහිරු ප‍්‍රභාත් ජයසේකරය. ඔහු වහාම දුරකථනයෙන් සිය පියා අමතා මේ සිද්ධිය පවසා ඇත.


හදිසි මරණ පරීක්ෂක ජයසේකර මහතා වහාම ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට මේ බව  දැනුම් දී තිබේ.


පොලිස් පරීක්ෂකවරයා උපදෙස් දී ඇත්තේ තමන් එන තෙක් මේ පිරිසට ඉහළට යාමට ඉඩ නොදී රඳවා ගන්නා ලෙසය.  


එසේ උපදෙස් දුන් ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඞී. එන්. කරුණාරත්න මහතා මහමැතිවරණ රාජකාරි තිබුණද උප පොලිස් පරීක්ෂක  සනත් පි‍්‍රයන්ත කා. උ. පො. ප බන්දුමතී ගමගේ හා පොලිස් කොස්තාපල් (42874) දේශපි‍්‍රය සමග ජිප් රියේ නැගී වහාම  රාවණා දියඇල්ල වෙත ළඟා වූහ.


ළහිරු හා කමල් ප‍්‍රසන්න ඇතුළු පිරිසක්  පියා සහ දියණියන් රැුකවල් කරගෙන සිටියහ.


ඔවුන් සිවුදෙනා තම බාරයට ගත් පොලිසිය  ඇල්ල පොලිසිය වෙත ඔවුන් රැගෙන ආහ.


තම පේ‍්‍රම සම්බන්ධයට දෙමාපියන්  විරැද්ධවීම නිසා බදුල්ල දිස්ත‍්‍රික්කයේම පිහිටි  හපුතලේ-කොස්ලන්ද දියළුම දියඇල්ලට පැන පාසල් ශිෂ්‍යයකු හා ශිෂ්‍යාවක්  සියදිවි නසාගත් අයුරු අපට මතකය.


ඔවුන් ද සියදිවි නසා ගැනීමට පෙර  ජංගම දුරකථනයෙන්  තමන් දියඇල්ලට පැන සියදිවි නසා ගන්නා බවට යෙහෙළියකට කළ දැනුම් දීමට අනුව කොස්ලන්ද පොලිසිය වහාම කි‍්‍රයාත්මක වුවත් ඔවුන් දෙදෙනා බේරා ගැනීමට   මාරයා අවසර දුන්නේ නැත.


රාවණා ඇල්ල අපේ රටේ ඉතා සුන්දර දිය ඇල්ලකි.


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට මහ පාර අද්දරම පිහිටි මෙම දියඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාකරයෝ නිතරම පැමිණෙති.


මෙම ස්ථානයේ දිය නෑම අනතුරුදායක බවට අනතුරු හැඟවීම් පුවරු සවිකර ඇත්තේ  මේ වනවිට පුද්ගලයන් 50 දෙනෙකුට අධික පිරිසක් මෙම ස්ථානයේ දියනෑමට ගොස්  සැඩ දියපහරට හසුවී මරණයට පත්ව ඇති නිසාවෙනි. ඇතැම් සංචාරකයන් මරණයට පත්ව ඇත්තේ ලිස්සන ගල දිගේ දියඇල්ල ඉහළට නඟින්නට ගොස් ලිස්සා ඇද වැටීමෙනි.


එවැනි හිතුවක්කාර කම් නැතිනම්, ඉතා පහසුවෙන්  මහා මාර්ගයේම සිට නැරඹිය හැකි දිය  ඇල්ලකි රාවණා දියඇල්ල.


එහෙත් කිසිම දිනක සියදිවි නසාගැනීම් සඳහා රාවණා ඇල්ලට පැමිණි කිසිකෙනෙක් ගැන අසන්නට පවා නොලැබිණ.


එල්. ඒ. පද්මසිරි, ලහිරු ප‍්‍රභාත් ඔහුගේ පියා සහ ඇල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා  කටයුතු කළ  ආකාරය නිසා  ජීවීත 4 ක් බේරා ගැනීමට හැකිවිය.
කෙසේ නමුත් නීතිමය පියවර ගන්නා අතරම ඉරිතලා ගිය  මෙම පවුල් සංස්ථාව  යළි ගොඩනැගීමට ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු, බණ්ඩාරවෙල පොලිස් අධිකාරි ජේ. යූ. රාමවික‍්‍රම, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජයන්ත රත්නායක සහ වයි. ජී. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල සහ දියතලාව පොලිසි කටයුතු කර ඇත.  


දැන් මෙම සිදුවීම ඔවුනට සිහිනයක් මෙනි.


එහෙත් පොලිසිය හා එම ස්ථානයේ සිටි අය අවශ්‍ය පියවර නොගත්තේ නම් මෙය  සිහිනයක් නොව මහා ඛේදවාචකයක් වීමට  ඉඩ තිබුණි.


විනාශ වීමට ගිය කැදැල්ල  බේරාගත් සතුටින්  දැන්  රාවණා ඇල්ල ලලිත රටා මවමින් කඩා හැළෙන්නීය. ඒ දායක වූ සියලූ දෙනාට පින් දෙමිනි.

m



අදහස් (0)

දරු තිදෙනාත් සමග රාවණා ඇල්ලෙන් පනින්න ආ තාත්තා

ලසන්ත Tuesday, 08 September 2015 04:37 AM

හරිම වාසනාවන්ත දුවල තුන්දෙනෙක්. මේ මනුස්සයට එක තේරෙන්නේ නැ. (ම)

:       0       0

බක්ති Monday, 07 September 2015 03:33 PM

මේ ජීවිත බේරා ගත් අයට ගොඩක් පින් සිද්ද වෙනවා .තව ටිකක් ප්‍රමාද වුණා නම් අහිංසක දරුවන් තුන් දෙනෙක්ට දෙමාපියන්ගේ වැරදිවල ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවා. දෙමාපියන් මෙයට වඩා බුද්ධිමත් විදිහට කටයුතු කරන්න ඕනේ .හැමෝටම ප්‍රශ්ණ තිබෙනවා.නමුත් ජීවිත වලින් පලා ගිහිල්ල හරියන්නේ නැ. අඩුම තරමේ තමුන්ගෙන් ජාතක වෙච්ච අහිංසක ළමයින් ගැන හිතන්න ඕනේ.එම අයගේ වැරදිවලට එම අහිංසකයන් ජීවිතවලින් වන්දි ගෙවන්න ඕනෙද.විසඳ ගන්න අපහසුනම් සුදුසු පුද්ගලයින්ට යොමු වීම තමා හොඳම දෙය .මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු වීම හොඳයි කියලය මටනම් හිතෙන්නේ .ඉන් පසුව මානසික උප දේශනයට හෝ අවශ්‍ය නම් ප්‍රතිකාර වලට යොමු කිරීමක් කළ හැකිය.ඒ වගේම මේ වගේ ගැටලුවලට සමාජමය වශයෙන් පිළියම් ලබා දීමත් වැදගත්.නැවත වරක් එම ජීවිත බේරා ගැනීමට හොඳ අවදානයකින් සිට දායක වුණ හැම දෙනාටම පින්සිද්ද වෙනවා . (අ)

:       0       0

නිලන්ති Tuesday, 08 September 2015 05:54 AM

මම මේක බැලුවේ බොහොම වේදනාවෙන්. මේ ජීවිත බේරාගන්න උදවුකළ සැමට පින්! (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 06 September 2015 10:28 AM

මේ ජිවිත බේරා ගැනීමට දායක වුණ මේ ලාංකික පිරිස කර ඇත්තේ මනුස්ස ගුණ ධර්මවල තිබෙන වටිනාකම ලොවට පෙන්නා දීමක් ඔබලාට මාගේ ප්‍රණාමය (බ)

:       0       0

සුකිරි Monday, 07 September 2015 09:15 AM

මිනිස්සු සිය දිවි නසා ගන්නේ ඩිප්රේෂන් කියන තත්වෙට ඔලුව අවුල් උනහම. එ්ක සුව නොකරන තාක් මේ මිනිහා අායිත් ඔය වැඩේම කරන්න බලයි. (බ)

:       0       0

සුජිත් Sunday, 06 September 2015 12:00 PM

පද්මසිරි මහතාණෙනි, ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

සුමිත් Saturday, 05 September 2015 04:47 PM

ජීවිත 4 බේරාගත් අයට ගොඩක් පිං! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site