ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත. බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම විහාරස්ථානය ලෙස සැළැකෙන මෙම විහාරස්ථානය කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජු විසින් කරවන ලද ගමිට්ඨවාලී විහාරයැයිද පුරාවිද්‍යාඥයෝ පවසති. එහෙත් කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ දෙටු සොහොයුරු මහානාග යුවරජු රුහුණට පැමිණ මෙම විහාරය කරවන ලද බවත් දෙටුමල් වෙහෙර පසු කලෙක දෙමටමල් වෙහෙර වූ බවටත් මතයක් ඇත. එමෙන්ම දුටු ගැමුණු කුමරුන් තම මළනුවන් දුටු ස්ථානය වූයෙන් දුටු මල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාය යන්නද එක් මතයකි. ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් වන මෙම විහාර සංකීර්ණය දාගැබ, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාගාරය හා සම්මන්ත‍්‍රණ ශාලාව යන පංචාවාසයන්ගෙන් සමන්විතව ගොඩනගා තිබී ඇත. කළක් වනගහණයෙන් වැසී තිබූ විහාරය 1974 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙමටමල් වෙහෙර
නිමල් ජයසිංහ Friday, 09 March 2012 07:42 AM
හරිම සුන්දර බලන්නම වටින විහාරයක්.
පත්මසිරි Thursday, 05 July 2012 01:35 PM
අපේ උරුම වලට මම ගොඩක් කැමතියි.පුරාවස්තු තියේනම් මට දෙන්න.
චන්දන Sunday, 17 February 2013 08:16 AM
මගේ දැනුමේ හැටියට 1550-1600 විතර කරපු පන්සලක් මේක. (නි)