IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


තවත් මවක හා දියණිය නූලෙන් බේරුණු හැටි

කහවත්ත කොටකෙතන ගමට කළු පැල්ලමක් එක් කළේ නොමිනිසුන් කිහිපදෙනෙකුගේ අවිචාරවත් කි‍්‍රයාවන්ය. අවසන් වරට කොටකෙතන සිදුවූ මවත් දියණියත් ඝාතනය කිරීමේ සුලමුල හෙළිවීමත් සමග අතුරු කතා කීපයක්ද හෙලිවී තිබේ. මර බියෙන් ඇළලී ගොස් දුක් වේදනාවෙන් ගත කළ කොටකෙතන ගම්මුන්ට දැන් කිසියම් සහනයක් උදාවී ඇති සෙයකි. කහවත්ත නගරයට කිලෝ මීටර දෙකක් තරම් ආසන්නව පිහිටි කොටකෙතන වැඩි කොටසක් අයත් වනුයේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයටය. කහවත්ත සෞෂිණිකේතනාරාම විහාරස්ථානය අසලින් වැටී ඇති කෙත් යායට මැදිව මේ ගමට පිවිසෙන ප‍්‍රධාන මාර්ගය විහිදී තිබේ. ගම ආසන්නයේ එක් ඉමක බොදු සුවඳ දසත විහිදුවාලන පිංබිමයි. අනෙක් මායිමේ වේ ගඟ ගලා යයි. ගමේ ඉහළ කොටස තේ වතුවලින් සෑදී තිබේ. මේ සුන්දර ගම්මානය අසුන්දර කළේ කිහිප දෙනෙකි. කොටකෙතන ගමේ වැඩි දෙනකු ගුණ යහපත් මිනිසුන්ය. වසර හතරක් තුළදී කාන්තා ඝාතන 14ක් කොටකෙතන දිඹුල්වල හා  ඕපාත යන එක ළඟ පිහිටි ගම්වල සිදුවිය. මේ ඝාතන පිළිබඳව පොලිසිය විමසුම් ඇස යොදා තිබූ අතරවාරයේ තවත් බිල්ලකට ඝාතකයින් අර අඳිමින් සිටියහ. පසුගිය ජුනි 19 වැනිදා රාති‍්‍ර සිදුවූ මව සහ දියණියගේ අභිරහස් ඝාතනවල පරීක්ෂණ පුළුල් වෙමින් තිබීම එහි සැකකරුවන්ට හිසරදයක්ව තිබිණ. යූ. ජී. පේ‍්‍රමවතී (65) සහ එච්. ජී. පුෂ්පාකුමාරි (33) මව සහ දියණියගේ ඝාතන පරීක්ෂණ ගැන ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු විය. ද්විත්ව ඝාතනය සිදුවී 50 වැනි දිනය ආසන්න වනවිට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ ප‍්‍රදේශවාසී කාන්තාවකි. සියලූම රූපවාහිනි නාලිකාවලින් පොදුජන ගැටළු කතා කිරීමට ජනාධිපතිවරයා සජීවිව සම්බන්ධවී සිටියදී නිවිතිගල යොවුන් සේනාංකයේ සිට ජනපති ඇමතූ කොටකෙතන කාන්තාවක් දුක් ගැනවිල්ල කීවාය. ඒ මොහොතේදීම ආරක්ෂක ලේකම්වරයා වෙත පැනය යොමු කළ ජනපති මේ ප‍්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදී කොටකෙතන භීතිය තුරන්කර දෙන ලෙස නියම කළේය. පසුදිනම පරීක්ෂණ ක‍්‍රමවේද වෙනස් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුද ගමට ආවේය. පළමුවෙන්ම ගමේ ආරක්ෂාව වැඩි කළේය. පරීක්ෂණ කණ්ඩායම්වල වෙනස්කම් සිදුවිය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද පරීක්ෂණවලට එක්වූහ. මේ සියල්ල දෙස විමසිලිමත්ව බලා සිටි අයෙකු විය. ඒ අවසන් ද්විත්ව ඝාතනයේ සැකකාර නාමල් චමින්ද සිල්වාය. පොලිස් පරීක්ෂණ තරවෙද්දී ඔහු තුළ චකිතයක් ඇතිවිය. ”පොලිසියෙන්  ඕනෑවට වඩා ගමේ මිනිසුන්ට කරදර හිරිහැර සිදුවෙනවා. රෑ හතට අටට තමන්ගේ ගෙදර ළඟවත් එළියෙ ඉන්න බැහැ.” මේ ආදී ලෙස පවසමින් පොලිසියට එරෙහි මතයක් නිර්මාණය කිරීමට නාමල් සියුම් ලෙස උත්සාහ කළ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පොලිසියට එරෙහිව විරෝධතා සිදු කිරීමටද සැකකරුවන් උත්සාහ කළෝය. අභිරහස් කාන්තා ඝාතන දිගින් දිගටම සිදුවෙන බව පෙන්වීම සැකකරුවන්ගේ ඊළඟ අරමුණ විය. පොලිස් පරීක්ෂණ ව්‍යාකූල කිරීමට එමගින් හැකිවෙනු ඇතැයි සැකකරුවෝ විශ්වාස කළහ. පළමු ද්විත්ව ඝාතනයේ එනම් ජනවාරි 31 රාති‍්‍ර සිදුවූ නයනා නිල්මිණි (51) මවගේත් කාවින්ධ්‍යා සෙල්ලහේවා (18) දියණියගේත් ඝාතනවල සැකකරුවන් බන්ධනාගාර ගතව සිටියදී තව දුරටත් ඝාතන සිදුවෙන බව පෙන්වීම ඝාතකයන්ගේ වුවමනාව විය. ඒ අවශ්‍යතාවය තව තවත් ඉක්මන් වෙමින් තිබුණේ අවසන් ද්විත්ව ඝාතනයේ පරීක්ෂණද තරවෙමින් තිබූ නිසාය. කොටකෙතන ගමේ තවත් මවක හා තරුණ දියණියක ඊළඟ ගොදුර බවට ඉලක්ක වෙමින් තිබිණ. එම නිවසේ පියා රැුකියාවක යෙදෙන නිසා බොහෝ අවස්ථාවල රාති‍්‍රයේ ඔහු නිවසේ නැති බව ඝාතකයෝ දැන සිටියහ. සැකකරුවෝ එම නිවස වටේ අවස්ථා දෙක තුනක් සැරිසරා ඇති බව දැන් හෙළිවී තිබේ. කොටකෙතන පොලිස් මුරපොළේ ස්ථානභාර නිලධාරි උප පොලිස් පරීක්ෂක අයි. ඒ. එන්. ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන් රාත‍්‍රී නිදි වරමින් ගමේ ආරක්ෂක කටයුතුවල යෙදීමත් පොලිස් විශේෂ කාර්ය බළකායද සෝදිසි සිදු කිරීමත් නිසා සැකකරුවන්ගේ ඉලක්කය වෙනදා තරම් පහසු නොවෙන බව ඔවුන්ටම තේරුම් ගියේය. පසුගිය සැප්තැම්බර් මාසයේ දෙවැනි සතියේ දිනයක රාති‍්‍ර පුද්ගලයින් දෙතුන් දෙනෙකු කොටකෙතන ඊළඟ බිල්ලත් ගැනීමේ නරුම චේතනාවෙන් එම නිවෙස ආසන්නයට ගොස් ඇතැයි පරීක්ෂණවලදී හෙලිවී තිබේ. නිවසේ වහලයේ වැහි පීල්ලක් ඉවත් කිරීමට ගත් උත්සාහයේදී නිවැසියන්ට කිසියම් හඬක් ඇසුණි. ඒ වනවිට කොටකෙතන ගැමියන් රාති‍්‍රය ගතකළේ නින්දත් නොනින්දත් අතරේය. පුංචි දෙයටත් තිගැස්සී අවදි වන ගම්මුන් සිටියේ නිරන්තර අවධානයකිනි. නිවසේ සිටි තරුණියටත් සැකකටයුතු ශබ්දය ඇසුණි. ඇය විගසම තම නිවස අසල පදිංචි ඥාතියෙකුට දුරකථන ඇමතුමක් දුන්නාය. ඒ සමගම ඔහු නිවසට පැමිණි අතර සැකකරුවෝ ඉලක්කය අත්හැර පලා ගියහ. තවත් මවක හා දියණියක ඝාතනය කිරීමේ උත්සාහය දෛවයේ වාසනාවකට වැළකී ගියේය. එම ඝාතන තැත ගැන එක් සැකකරුවකු පොලිසියට හෙළිකර තිබිණ. පසුව ඒ ගැන පරීක්ෂණ සිදුකරමින් තිබේ. ඝාතනයට ඉලක්කවූ නිවෙසට පැමිණි ඉහළ පොලිස් නිලධාරීන් නිවැසියන්ගෙන් කරුණු විමසුවේ ගිය සතියේදීය. කොටකෙතන පොලිස් මුරපොළේ ස්ථාන භාර උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් ගැන ගම්වාසීන්ගේ ඇත්තේ දැඩි පැහැදීමකි. විශ්වාසයකි. තවත් මවක හා දියණියක ඝාතන තැත හෙළිවීම නිසා කොටකෙතන පොලිස් මුරපොළේ ස්ථාන භාර නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බවට ආරංචි පැතිරී තිබිණ. දිවා රෑ වෙහෙස මහන්සි වී රාජකාරි කරන නිලධාරියකුට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එයට විරෝධය පළ කරන බව ගම්වාසීහු කියති. දින 73ක් පුරා අභිරහසක්ව පැවති යූ. ජී. පේ‍්‍රමාවති (65) මවගේත් එච්. ජී. පුෂ්පකුමාරි (32) දියණියගේත් ඝාතනවල සුල මුල සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන්  ඕලූගල මහතා ඇතුළු නිලධාරීන්ට හැකියාව ලැබුණේ අහම්බයෙන් නම් නොවේ. සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා එම පරීක්ෂණය මෙහෙයවීමට කහවත්තට පැමිණ සිටියේය. පරීක්ෂණ කටයුතු ජයග‍්‍රාහී ලෙස අවසන් අදියරේ තිබියදී  ඕලූගල මහතා හදිසියේම කොළඹට කැඳවීම ගැන අදටත් කොටකෙතන ගම්වාසීන් තුළ සැකයක් ඉතිරිව තිබේ. රත්නපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් ඒකකයේ ප‍්‍රධානියා ලෙස කලක් කටයුතු කළ  ඕලූගල මහතා ඒ කාලයේදිත් සැඟවුන අභිරහස් ඝාතන රැසක සුල මුල හෙළි කළ දක්ෂ පොලිස් නිලධාරියකු ලෙස රත්නපුර ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගාගෙන සිටි අයෙකි. රෝහාන්  ඕලූගල මහතාගේ ජනපි‍්‍රයත්වය නිසා ඔහු දේශපාලනයට පිවිසීමට ඉඩ ඇතැයි අනියත බියකින් පෙළුණු දේශපාලකයෝ එදා ඔහු රත්නපුරයෙන් ස්ථාන මාරු කළ බව බොහෝ දෙනකුගේ අදහසයි. කොටකෙතන ඝාතන රැල්ල ද්විත්ව ඝාතන රැල්ලක් බවට පත්වීමෙන් පසු සිදුවූ දෙවැනි ද්විත්ව ඝාතනය 2012-05-31 වැනිදා වාර්තාවිය. සේතුංගගේ දයාවතී (65) තිලකාවතී (51) අක්කා නගෝ ඝාතනය එයයි. ඝාතනය කෙරුණු දෙසොහොයුරියන්ගේ වැඩිමහල් සොහොයුරියගේ පුතාවන කස්තුරි ආරච්චිගේ නන්ද නමැත්තා එම ද්විත්ව ඝාතනය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. නන්දට පමණක් තනිවම ද්විත්ව ඝාතනය සිදු කිරීමට නොහැකි බව ගම්වාසීන් කියති. නන්ද බැලීමට රක්ෂිත බන්ධනාගාරයට ගිය ඥාති හිතවතුන්ට ඔහු පවසා ඇත්තේ තම පුංචි අම්මලා මැරූ මිනීමරුවන් නිදැල්ලේ සිටින බවයි. ඒ ගැන තමා දන්නා බවද ඔහු බන්ධනාගාරයට ගිය අයට පවසා ඇතැයි දැන ගැනීමට තිබේ. සැකකාර නන්දේ මොනවා කිව්වත් අක්කා නගෝ ද්විත්ව ඝාතනය තනිවම කිරීමට බැරි බව පොලිස් නිලධාරීන්ගේද විශ්වාසයයි. ඒ හේතුවත් අවසන් ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගෙන් හෙළිවූ කරුණුත් සැළකිල්ලට ගෙන අක්කා නගෝ ඝාතනය ගැනත් පරීක්ෂණ අලූත් මානයකින් සිදුවෙමින් තිබේ. තුන්වැනි ද්විත්ව ඝාතනය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එක් අයෙකු වනුයේ ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්. එච්. ධර්මසිරිගේ බාල සොහොයුරෙකු වන එල්. එච්. මිථිලය. ධර්මසිරිත් ඔහුගේ අනෙක් සොහොයුරාවන එල්. එම්. දර්ශන හෙවත් රාසු නමැත්තාත් පළමු ද්විත්ව ඝාතනය ගැන අත්අඩංගුවට ගැනීමෙන් පසුවද මිථිල ගැන කහවත්ත ප‍්‍රදේශයේ බොහෝ අය තුළ කිසියම් විශ්වාසයක් පැවතුණි. ”එක කුසේ උපන්නත් අපේ එකෙක් කැත වැඩක් කළොත් දඬුවම් ලැබෙන්න  ඕනෑ. අර අහිිංසක කෙල්ලයි අම්මයි මරල දැමූ ඔවුන්ට හෙන ගහනවා.” යනාදී ලෙස මිථිල පවසා තිබුණි. එහෙම කියූ මිථිල අද සැකකරුවකු බවට පත්ව සිටියි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ ද්විත්ව ඝාතනයේ අගක් මුලක් සෙවීමේ අදහසින් මුලින්ම අත්අඩංගුවට ගත්තේ ආචාරිගේ සිරිපාලය. විවාහයන් දෙකක් කරගත් සිරිපාල කුලී වැඩ කරන්නෙකි. අවසන් ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට දෙවියන්ගෙන්වත් දඬුවම් ලැබේවා යන චේතනාවෙන් ගම්වාසීන් කිහිප දෙනෙකු දේවාලයකට ගොස් පොල් ගැසූහ. පොල් ගැසීමට සිරිපාලද එක්වී සිටි අතර ඔහුද පොල් ගසා තිබේ. එහෙත් ඔහු දෙවියන් ඉදිරියේ ඉල්ලා සිටියේ මොනවා දැයි අප නොදනිමු. සිරිපාල පසුගිය 3 වැනිදා බදාදා රක්වාන සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාපොච්චාරණයක් සඳහාය. මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියේ පැය දෙකක පමණ පාපොච්චාරණයක් සිදුකළ ඔහු අධිකරණයෙන් පිටතට එද්දී ඔහුට හුරු පුරුදු මුහුණක් දැක ගැනීමට ලැබිණ. කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිස් භාරයේ සිටි තරුණයෙකු සිරිපාලගේ මුහුණටම හමුවූයේ රක්වාන සංචාරක අධිකරණය ඉදිරිපිටදීය. සිරිපාල ද එම ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ විට තරුණයාද ඔහු සමග රහස් පොලිස් භාරයේ සිටි අයෙකි. මොකද සිරිපාල වුණේ? තරුණයා විමසීය. අනෙක් අයගේ ගැටවලට තමා හසුවූ බව ඔහුගේ පිළිතුර විය. පාපොච්චාරණයෙන් පසු සිරිපාල බන්ධනාගාර රථයට ගොඩවූයේ සැහැල්ලූවෙනි. සිනාසෙමිනි. කොටකෙතන සිදුවීම් නිසා තවත් ජීවිතයක් ගිය සතියේදී අවාසනාවන්ත ලෙස අහිමි විය. තිදරු පියෙකුවන යූ. කේ. සේනාරත්න ති‍්‍රරෝද රථ රියදුරුගේ මරණය ගිය සතියේදී වාර්තාවිය. පසුගිය 23 වැනිදා කෘමිනාශක වර්ගයක් පානය කළ ඔහු ඉකුත් 6 වැනිදා ඇඹිලිපිටිය මූලික රෝහලේදී මිය ගියේය. සේනාරත්නගේ බිරිඳ දයානි බන්දුලතා (35) මහත්මිය පවසන්නේ තම සැමියාගේ මරණයට හේතුව ලැජ්ජාව නිසා සිත් වේදනාවට පත්වීම බවයි. ”සේනාරත්න පසුගිය 13 වැනිදා රහස් පොලිසියෙන් රැගෙන ගියා. 19 වැනිදා වනවිට ඔහු සිත් තැවුලෙන් හිටියේ. මාගේ සැමියා අහිංසකයි. ඒ නිසා ඔහු ලැජ්ජාවට පත්වුණා. ඔහු වස පානය කළේ ඒ නිසයි.” සේනාරත්නගේ බිරිඳ කියන්නීය. කොටකෙතන නමත් කහවත්ත නමත් අප කීර්තියට පත් කළේ කවුද කියා දැන් රටම දන්නවා. මේ මිනීමැරුම්වලට මුල්වූ අය මෙහේ උපන් අය නොවෙයි. පිට ගම්වලින් දුර ඈත පළාත්වලින් පැමිණි අයයි. දේශපාලන බල පුළුවන්කාරකම් ඇඟට ගත්තා. අන්තිමේදී අහිංසක ජීවිත අහිමිවුණා. කොටකෙතන ගමේ කාන්තාවක් වේදනාවෙන් යුතුව එසේ කීවාය.

කොටකෙතන ඝාතන: අතුරු කතා

සටහන/ඡායාරූප - කහවත්තේ ලසන්ත නිරෝෂණ පෙරේරා
අවසන් ද්විත්ව ඝාතනයදා මව සහ දියණියගේ නිවසට පැමිණි ප‍්‍රදේශවාසීන් අවසන් ද්විත්ව ඝාතනයේ පරීක්ෂණවලට පොලිස් නිල සුනඛ ෂිබා යොදවා තිබූ අයුරු දයාවතී හා තිලකාවතී අක්කා නගෝ ඝාතනය කළ නිවසට ගිනි තබා...



අදහස් (0)

තවත් මවක හා දියණිය නූලෙන් බේරුණු හැටි

සුභාෂිණි Wednesday, 17 October 2012 10:21 AM

මේ වගේ අපරාධ ඉදිරියේදී තව තවත් වෙන්න පුළුවන් (නි)

:       0       0

කමල් Sunday, 14 October 2012 04:55 PM

මේ මිනීමරුවන් ගැන ලංකාදීප කරන හෙළිදරව්වට ප්‍රනාමය (ස)

:       0       0

සමී Monday, 15 October 2012 11:21 AM

මගේ තීරණයනම් මිරි මරුව මරන්නම ඕනි කියන එකයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 660 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 450 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 350 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1576 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 711 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1199 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site