නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද කොළඹ තුරග තරග පිටියේ දෙමහල් පේ‍්‍රක්ෂකාගාරය විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් අතිනි. ඒ පසුගිය 20 වැනිදා සවස් වරුවේය. තිස් වසරක් පුරා රට වෙලාගෙන සිටි කොටි ත‍්‍රස්තවාදය මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට ලොකු මෙහෙවරක් කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විශේෂ අමුත්තන් මේ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන නිසා තුරග තරග පිටිය පිහිටි රීඞ් මාවත කල් ඇතිවම කිසිම වාහනයකට ඇතුළු වීමට නොහැකි වන ලෙස දැඩි ආරක්ෂක ජාලයක් කි‍්‍රයාත්මක කර තිබිණි. අධිආරක්ෂක කලාපයක් බවට පත් කර තිබූ මෙම ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණේ පොලිස් හා හමුදා භට කණ්ඩායම් යොදවමිනි. පොලිසියේ හා හමුදාවේ ලොකු ලොක්කෝ කිහිප දෙනෙක් ආරක්ෂාව බාරව කටයුතු කරනු ලැබීය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ ආරක්ෂක ලේකම්වරයා එහි එක් වේදිකාවක අසුන්ගෙන සිටි අතර එම වේදිකාවට මුහුණලා පාරෙන් එහා පැත්තේ තවත් වේදිකාවත් ඉදි කර තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව තුරඟ තරග පිටිය අවට ප‍්‍රදේශය නවීකරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ මීට වසර 2කට පමණ පෙරය. ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හය වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ හමුදා භටයන් ඇතුළු තවත් රෙජිමේන්තු කිහිපයක ද භට කණ්ඩායම්වල ද සහය ඇතිව ගරා වැටෙමින් තිබූ තුරඟ තරග පිටිය ප‍්‍රතිසංස්කරණය කර අලංකාර කිරීම ආරම්භ කෙරිණි. යතුරුපැදිය ආරක්ෂක ලේකම් හා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් අසුන්ගෙන සිටි වේදිකාව අසළින් වැටී ඇති රීඞ් මාවත ඔස්සේ විදුලි වේගයෙන් පලා යද්දී ආරක්ෂක අංශ නිලධාරීන් ඒ යතුරුපැදිය ගැන තමන් අත තිබූ වෝකි ටෝකි යන්ත‍්‍ර මගින් ඒ ප‍්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි අනෙක් නිලධාරීන්ට ක්ෂණිකව දැනුම් දෙනු ලැබුවේ එය අල්ලා ගැනීමට නියෝග කරමිනි. එහෙත් කිසිවකුටවත් ඒ අභිරහස් යතුරුපැදිකරු ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. මේ උත්සවය වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂාවේ හිදැසක් තිබූ බව පවසා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එවැනි දුර්වලතාවක් ඇති වූයේ කුමක් නිසා ද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වාගෙන යන බව ද කීය. පාරෙන් එහා පැත්තට වන්නට ඉදි කර තිබූ වේදිකාව වෙන් කර තිබුණේ නැටුම් සංදර්ශන ඉදිරිපත් කරන ශිල්පීන් වෙනුවෙනි. වාහනවලට ඇතුළු වීමට නොහැකි වන ලෙස මාර්ග වසා පොලිසිය හා හමුදාව යොදවා දැඩි ආරක්ෂක විධි විධාන යොදවා තිබිය දී විවෘත කිරීමේ උත්සවයට සහභාගිවී සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා අසුන්ගෙන සිටි වේදිකාව ඉදිරිපිටින් යතුරුපැදියක් කිසියම් පුද්ගලයකු විසින් පදවාගෙන ගොස් ඇත්තේ විදුලි වේගයෙනි. විදුලි වේගයෙන් මෙම යතුරුපැදිය ප‍්‍රභූන් දෙදෙනා අසුන්ගෙන සිටි වේදිකාව ඉදිරිපිටින් ධාවනය කරගෙන යාමත් සමගම ආරක්ෂාව බාරව සිටි ආරක්ෂක අංශවල ලොකු ලොක්කෝ මහත් සේ කලබලයට පත් වූහ. මෙය සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවන අතරම විදුලි වේගයෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙය සෙල්ලමට කළ වැඩක් විය නොහැකි බව එහි සිටි වැඩි දෙනකුගේ කතාබහට ලක්විය. ප‍්‍රභූවරුන් දෙදෙනා අසුන්ගෙන සිටි වේදිකාව අසළින්ම විදුලි වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරගෙන ගිය පුද්ගලයා අල්ලා ගැනීමට පොලිසියට හෝ හමුදාවට නොහැකි විය. ඇසිපිය ගහන සැනින් යතුරුපැදිය වේදිකාව ඉදිරියෙන් ධාවනය කර ගෙන යාමට එය පැදවූ තැනැත්තා සමත්වී තිබිණි. මේ වන තෙක් මේ අභිරහස් මෝටර් රථ ධාවන ශූරයා කවුදැයි කියා හඳුනා ගැනීමට නොහැකිවී තිබේ. රීඞ් මාවත වසා තිබිය දී ඒ මාවත ඔස්සේ යතුරුපැදියක් විදුලි වේගයෙන් ධාවනය කරගෙන ගිය පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය, යුද හමුදාව හා බුද්ධි අංශ නිලධාරීන් නොගන්නා වෙහෙසක් නොමැත. ඔහු එසේ කළේ කුමන අරමුණක් ඇතිව ද යන්න හෙළි කරගැනීම අත්‍යවශ්‍ය කරුණක්වී ඇති බවත් එය දැන ගත හැක්කේ ඔහු අල්ලා ගතහොත් පමණක් බවත් පවසා සිටියේ මේ සම්බන්ධව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. යතුරුපැදිය විදුලි වේගයෙන් පලා ගොස් සුළු මොහොතකට පසු තුන්මුල්ල හන්දියේ දී යතුරුපැදිකරුවෙක් කුරුඳුවත්ත පොලිසිය බාරයට ගෙන පරීක්ෂණ පවත්වා ඇත. රීඞ් මාවතේ යොදා තිබූ ආරක්ෂක ජාලය මැදින් විදුලි වේගයෙන් ඇසිපිය ගහන සැනින් යතුරුපැදියක් පදවාගෙන ගියේ තුන්මුල්ල හංදියේ දී අල්ලාගත් යතුරුපැදිකරු නොවන බව තහවුරු කරගත් පසු ඒ මොහොතේම ඔහු නිදහස් කර යැවීමට පොලිසිය පියවර ගෙන ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තුරඟ තරග පිටිය ඉදිරිපිටින් ගිය අබිරහස් යතුරු පැදිය?
උපුල් Friday, 02 November 2012 10:34 AM
විහිලු නෙමෙයි , කොටියෙකුගේ පෙරහුරුවක් වෙන්න පුළුවන් , ප්‍රෙව්සමෙන් (ස)
එරංග Monday, 05 November 2012 12:07 PM
ආහ්! මට අමතක වුණානේ ඔක්කොම. (නි)
සෑම් Monday, 29 October 2012 12:53 AM
ඇයි මෝටර් සයිකල්? ඒවා හොද වැඩියි. තිරික්කලයක් ගත්තා නම් තමයි හොද. (නි)
හේරත් Thursday, 01 November 2012 04:12 PM
අවසානයට අහිංසක පොඩි මනුස්සයාගෙ කරපිටින් තමයි ඔක්කොම පලදෙන්නේ. (නි)
සනුෂ්ක Thursday, 01 November 2012 04:26 PM
අයියෝ සල්ලි
ස්වර්ණ Monday, 29 October 2012 06:03 PM
රටක ආරක්ෂක තත්වය ගැන කිනම් ප්‍රශ්නයකදී උනත් සුළුවෙන් නොතැකිය යුතු බව තේරුම් ගැනීම ඉතාම වැදගත් (ස)
වජිර Monday, 05 November 2012 12:54 PM
මෙයාලට ගිය රට (ස)
දුමින්ද Sunday, 28 October 2012 01:53 PM
තමන්ගේ රාජකාරිය පැහැර හරින්නන් ගැන ඉතා කණගාටුයි. (නි)
දේවින්දි Saturday, 03 November 2012 05:26 PM
ඇත්ත
දුමින්ද Sunday, 28 October 2012 01:53 PM
තමන්ගේ රාජකාරිය පැහැර හරින්නන් ගැන ඉතා කණගාටුයි. (නි)
ෂෙරීෆ් Tuesday, 30 October 2012 03:11 PM
බියටපත් සැමට ශාන්තිකර්මයක් කරමු (ස)
චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:45 AM
හොලමනක්ද? (නි)
සෙනරත් Sunday, 28 October 2012 03:16 PM
මේක කලින් දුන් දැනුම්දීමක් වෙන්නත් පුලුවන්. (නි)
කපිල Monday, 29 October 2012 10:28 PM
අන්තිම පහත් තැනින් යයි ගලා ජලේ.... (නි)
චමින්ද සේනක Saturday, 03 November 2012 07:02 AM
දෙපාරක් හිතන්න ඕන දෙයක්..!(නු)
ලලිත් - කටාර් Monday, 29 October 2012 01:13 PM
අනේ පවු කොස්තාපල්වරු දෙන්නා. විදුලි වේගයෙන් යන යතුරු පැදියක් නැවැත්වීමට මේ දෙදෙනාට කුමක් කළ හැකිද? (නි)
සුගත් Sunday, 28 October 2012 05:58 PM
තහවුරු කරගන්නකල් කොච්චර ගුටිකන්න වුණාද දන්නෙ නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
තිලක් Saturday, 03 November 2012 09:53 AM
මේක ලොක්කෙක්ගේ වැඩක් (ස)
නාලක Monday, 12 November 2012 07:50 AM
හොදයි. (නි)
වෙනුර Tuesday, 30 October 2012 07:16 AM
මේක මේ අයගෙම වැඩක් වෙන්නත් පුලුවන් නේද? (නි)
කුමාර Monday, 29 October 2012 02:44 PM
බයවෙන්න දෙයක් නැහැනේ. යුද්ධය ඉවරයිනේ. (නි)