ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග රටේ සියලු රෝග නිවාරණය වී ඇතැයි යන්න බොහෝ දෙනකුගේ මතය වී තිබේ. අපේ සමාජය හිතන ආකාරය එපරිදිය. වැසි සමයට පෙර ආහාර ඒකරාශි කරගනිමින් අනතුරට කල් ඇතිව සුදානම් වීමේ ආදර්ශය කුහුඹුවන් ගෙනි. එහෙත් කුහුඹුවන්ගෙන් ඉගෙන ගැනීමට පාඩමක් ඇතැයි බොහෝ දෙනෙක් නොසිතති. එය ‘මාරාන්තික’ වරදක් බව වටහා ගැනීමට හැකි බොහෝ සිදුවීම් අත්වින්දද ඒවා නොසලකා හැරීම ජාතික සිරිතක්ව වරනගන්නකි.
පෙරවදන අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙනි.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ‘‘ඩෙංගු ආසාදිතව දරුවන් 33 ක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවය. මේ වූ කලී අවදානම අමතක කර ‘‘සියල්ල යහපත් යැයි’’ සිතාගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලය විනා අන් යමක් නොවේ.
අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඩෙංගු ආසාදිත දරුවන් 33 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බවය. ඩෙංගු රක්තපාතය හේතුවෙන් ඉන් දරුවන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද ප්‍රකාශ කර ඇති විශේෂඥ වෛද්‍යවරයා වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු පැතිරයාම ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුව ඇති බවද ප්‍රකාශ කර තිබිණි.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අප පුවත්පතට වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීමද ඉහළ යමින් පවතින බව සහ ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වූ දරුවන් තිදෙනකු කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
මී උණ රෝගය දකුණු ලක ගිල ගනිමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියේ ද ඉතා මෑතකදීය. ගොවියන්ට පමණක් නොව පෙදරේරුවන්, වඩුවන් ආදි පිරිස්වලට ද එම අනතුර තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණි.
වසර 14කට පසුව මැලේරියා රෝගී මරණයක් වාර්තා වූයේ ද මෙයට දෙතුන් සතියකට ඉහතදීය. රටට කවර ශාපයක් එල්ල වී ඇද්ද? යන්න සිතිය යුතු තරමට රෝග වසංගත සම්බන්ධ බිය ගංවතුරක් මෙන් ගලා යයි.
කොවිඩ් මාරාන්තික වසංගතයෙන් අප රටත් ජනතාවත් කොතරම් බැට කෑවේ ද යන්න අද වනවිට බොහෝ දෙනකුට අමතකය. කොවිඩ් මාරාන්තික වසංගතය නිසා මුළු ලෝකයම හුදෙකලා කිරීමට සිදුවිය. අප රටට ද එම ඉරණම අත්විය. රට දූපතක් වුව ද එම මාරාන්තික වයිරසයේ සැහැසි ග්‍රහණයෙන් අප රටට මිදීමක් නොවීය.
කොවිඩ් වසංගත දළ රළ පෙළ බැස යාමත් සමග කොවිඩ් පිළිබඳ මතකය ද සමාජයෙන් ගිලිහි ගොස් තිබේ. අද දවස වනවිට මුඛ ආවරණ පළදින්නේ කියෙන් කි දෙනකු ද යන්න වටහා ගැනීම අසීරු නැත. කොවිඩ් මරාන්තික වසංගතයේ බලපෑම අවසන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබීම තුළ මහජනයාගෙන් සැහැල්ලු හැසිරීමක් අපේක්ෂා කළ හැකි උවද යථාර්ථය ඉතා නපුරු බව අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් පැහැදිලි වේ.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියවුණේ කොරෝනා වයිරසය නැවතත් හිස ඔසොවමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බවය. ඉකුත් 30 වැනිදා වනවිට කොරෝනා රෝගීන් 7 දෙනකු පිළිබඳව අලුතෙන් වාර්තා වී ඇති බවත් ඊට පෙර දින දෙකක් තුළ කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මෙම ප්‍රවෘත්තිය පළ වූයේ කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇති පසුබිමක බව දැඩිව අවධාරණය විය යුතුය.
රට තුළ තිබෙන්නේ මුළුමනින්ම නිරුප්‍රද්‍රිත පරිසරයක් නොවේ. එක් අතකින් ඩෙංගුය. තවත් අතකින් මී උණය. කොරෝනා වයිරසය ද දැන් විළිස්සමින් සිටී. මේ සියල්ලටම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බලපා තිබේ. නොසලකා හැරීම මාරාන්තික වරදක් බව දැන් ඉතා පැහැදිලිය. වැස්සත් සමග පැතිරෙන වසංගත රෝග මුළු රටම නරකාදියක් වෙත රැගෙන යනු ඇත.
රෝග පාලනය සෞඛ්‍ය අංශ සතු රාජකාරියක් පමණක් නොවේ. එය ජනතාව සතු වගකීමක් ද වේ. ජනතාව රෝග පාලනය සඳහා සක්‍රීය ලෙස මැදිහත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහය ගඟට කැපූ ඉණි බවට පත්වනු නියතය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් දේශන පැවැත්වීම වෙනුවට ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වඩාත් යහපත්ය.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෙංගු යළි හිස ඔසවයි: සැවොම පරෙස්සම් වෙමු