චීන ජනාධිපති ෂී ජින්පින් මහ ඉහළින් චීනයේ හමුදා ශක්තිය ප්‍රදර්ශනය කළේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් පිරිවරාගෙනය.
ඒ මහා දැවැන්ත හමුදා පෙළපාළියට පෙර, ෂැංග්හායි සහයෝගීතා සමුළුව පැවැත්වුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි චීනයට ගොස් චීන ජනාධිපති සමගත් රුසියන් ජනාධිපති සමගත් මිත්‍රදම් අලුත් කර ගත්තේ දෑත් පටලවා ගනිමිනි. චීනයේ මේ දේවල් මෙසේ සිදුවෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වෙනුවෙනි. කෙසේ වුණත් ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ට ඒ සඳහා ඇරැයුම් කර තිබුණේ නැත. ඒ මස්ක් සහ ට්‍රම්ප්ගේ විරසකය නිසාය.
පසුගිය 4 වැනිදා ධවල මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයට ඇමෙරිකාවේ තාක්ෂණික සමාගම්වල ප්‍රධානීහු ද සහභාගී වූහ. එහිදී මූලික වශයෙන් සාකච්ඡා වූයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනය සහ එමගින් ඇමෙරිකාවේ ආර්ථිකයට සහ ලෝකයට ඇතිවන බලපෑමය. භෝජන සංග්‍රහයට ෆෙස්බුක් අයත් මෙටා සමාගමේ ප්‍රධානී මර්ක් සකර්බර්ග්, ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක්, මයික්‍රෝසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස් ඇතුළු ප්‍රබලයෝ එක් වී සිටියහ. ඒ අතරේ, ශ්‍රී ලංකික සම්භවයක් ඇති, කැනඩා හා ඇමෙරිකා ද්විත්ව පුරවැසියකු ද වන චමත් පලිහපිටිය මහතා ද සිටියේය.
කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ද වන චමත් පලිහපිටිය ඇමෙරිකාවේ දේශපාලනයට සම්බන්ධ ප්‍රබල චරිතයකි. ඔහු ට්‍රම්ප් හිතවාදියෙකි. 2024 ජනාධිපතිවරණයේ දී ඔහුගේ සහාය හිමිවූයේ ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂයටය. උප ජනාධිපති ධුරයට ජේඩී වැන්ස් සුදුසු යැයි ප්‍රසිද්ධියේ පැවැසූ අය අතර ද චමත් පලිහපිටිය සිටී. චමත් පලිහපිටිය රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස ලියා පදිංචි වූයේ 2020 දීය.
ව්‍යාපාර, ක්‍රීඩා, සංගීතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය හෝ වේවා වෙන කුමන ක්ෂේත්‍රයක හෝ වේවා ස්වෝත්සාහයෙන් දියුණු වී, තරුණ අවධියේදීම ජාත්‍යන්තරයේ තම නම සනිටුහන් කිරීමට ඉඩ ලැබුණු ලාංකිකයන් සිටින්නේ අතලොස්සකි. කුඩා කාලයේ පටන්, කැපවීම සහ අත් නොහරින උත්සාහය පෙරදැරි කර ගනිමින් සාර්ථකත්වයේ ඉලක්ක සොයා සාර්ථක ගමනක් ගොස් අද ජාත්‍යන්තර තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේත්, ව්‍යාපාරික ලෝකයේත් කැපී පෙනෙන චරිතයක් වන්නේ චමත් පලිහපිටිය මහතාය.
සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයකු ද වන චමත් පලිහපිටිය ගාලු පුරයේ උපත ලැබුවේ 1976 සැප්තැම්බර් 3 වැනිදාය. ඔහුගේ පියා රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. පියා කැනඩාවේ ඔටාවා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පත්වීමත් සමග පස් හැවිරිදි චමත් පලිහපිටිය කැනඩාවේ පදිංචියට ගියේය. චමත්ගේ මව ගෘහණියකි. සිවිල් යුද සමයේ දී චමත්ගේ පියා කළ ඇතැම් ප්‍රකාශ එදා ශ්‍රී ලංකා රජයේ උදහසට හේතුවක් විය. 1986 දී රාජ්‍ය තාන්ත්‍රික සේවය අවසන් වීමෙන් පසු, සරණාගතයන් ලෙස කැනඩාවේ රැදී සිටීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමට එරට රජයේ අවසරය හිමි විය.
ආර්ථික අභියෝග හමුවේ, වයස අවුරුදු 14 දී, චමත්, බර්ගර් කිං අවන්හලක රැකියාව කළේය. අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යමින් රැකියාවට ද යොමු විය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔහු ලිස්ගාර් අධ්‍යාපන ආයතනයට ඇතුළත් විය. 1999 දී වෝටර්ලු විශ්වවිද්‍යාලයෙන් විදුහල් ඉංජිනේරු උපාධියක් හිමි කරගත්තේය.
උපාධියෙන් ලබා ගැනීමෙන් පසු චමත්, කැනඩාව අයත් උතුරු ඇමෙරිකා කලාපය ආවරණය කරන ‘බීඑම්ඕ නෙස්බිට් බර්න්ස්’ ව්‍යාපාර ජාලය හා සම්බන්ධ විය. පසුව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ‘විනැම්ප්’ සමාගමට සම්බන්ධ විය. ‘ඒඕඑල්’ ඇමරිකානු බහුජාතික රජයේ අන්තර්ජාල සේවා සමාගම, ‘විනැම්ප්’ සමාගම අත්පත් කර ගැනීම සිදුවිය. ‘ඒඕඑල්’ අන්තර්ජාල සේවා සපයන්නෙකි. තාක්ෂණික සහ මාධ්‍ය සමාගමක් ලෙස ක්‍රියා කරයි. 2004 දී ‘ඒඕඑල්’ හි ලාබාලතම උප සභාපති බවට පත් චමත් පත් විය. එහි ක්ෂණික පණිවිඩ අංශයේ ප්‍රධානියා විය. මෙය චමත්ගේ රැකියා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. චමත් ෆෙස්බුක් සමාගම හා එක් වූයේ 2007 වසරේදීය. ඒ, ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ යෝජනාවකට අනුවය. ඊට පෙර ඔහු කෙටි කාලයක් මේෆීල්ඩ් ෆන්ඩ් සමාගම හා සම්බන්ධ වී සිටියේය.
ෆෙස්බුක් සමාගමට එක් වූ චමත් පලිහපිටිය, ෆෙස්බුක් බීකන් නමින් වූ වෙළෙඳ දැන්වීම් පද්ධතියක් හඳුන්වා දුන් අතර, එය අසාර්ථක විය. පලිහපිටිය නව පරිශීලකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ අතර, වසර හතරකට පසු ෆෙස්බුක් භාවිත කරන්නන් බිලියනයක් දක්වා වර්ධනය විය. ෆෙස්බුක් සමාගමෙන් ඉවත් වීමට පෙර, චමත්, ෆෙස්බුක් ෆෝන් සහ ෆෙස්බුක් හෝම් යන ව්‍යාපෘතිවලට නායකත්වය දුන්නේය. ස්ටීවන් ලෙවි විසින් රචිතිෆෙස්බුක්: ද ඉන්සයිඩ් ස්ටෝරි‘ කෘතියට අනුව, දක්ෂතා පෙන්නුම් කළත්, චමත් ෆෙස්බුක් සමාගමේ සෙසු කාර්යාලීය සගයන්ගේ කෙණහිලිකම්වලට ලක්වුණු බව ද පැවැසෙයි.
2011 දී චමත් තම කුඩා කල සිට දුටු සිහිනයක් සැබෑ කරගනිමින්, ඇමෙරිකාවේ වෘත්තීය පැසිපන්දු කණ්ඩායමක් වන ගෝල්ඩන් ස්ටේට් වෝරියර්ස් කණ්ඩායමේ සම අයිතිය අත්පත් කරගත්තේය. පෝකර් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන චමත්, සිලිකන් වැලිහි ජනප්‍රියතම පෝකර් තරගය ඔහුගේ නිවසේ පැවැත්වීමට පවා කටයුතු කර ඇත. ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඊට සහභාගී වූ බව ද පැවැසෙයි. 2015 වසරේ අග එළිදැක්වූ ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රෙනෝවෝ කූප් නමැති සුපිරි විදුලි මෝටර් රථයක් ද ඔහු සතුය.
ෆෙස්බුක් සමාගමෙන් පිටවී ගිය චමත් පලිහපිටිය, ඔහුගේ එවකට බිරිඳ වූ බ්‍රිජෙත් ලෝ සමග එක් වී සෝෂල් කැපිටල් නමැති ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම ආරම්භ කළේය. ආරම්භයේ දී එය සාම්ප්‍රදායික ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් ලෙස ක්‍රියාත්මක විය. 2015 වසර වෙද්දී, මෙම සෝෂල් කැපිටල් සමාගම ඩොලර් බිලියන 1.1 කට අධික වත්කම් කළමනාකරණය කරන්නට විය.
චමත් ශ්‍රී ලංකාවට පැමිණියේ, 2015 ජනපතිවරණයෙන් පසුවය. ලංකාවට පැමිණි චමත්, යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් සමග මෙරට ව්‍යාපාර පුළුල් කරගැනීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡාවල ද නියැළුණි.
2018 දී සෝෂල් කැපිටල් සමාගම සැලකිය යුතු වෙනස්කම්වලට භාජන විය. චමත්, බිරිඳ බ්‍රිජෙත් ලෝගෙන් දික්කසාද වූයේ 2018 දීය. චමත් කැලිෆෝනියාවේ පදිංචියට ගියේ ද බ්‍රිජෙත් ලෝගෙන් නිසාය. මොවුන් දෙදෙනාට දරුවෝ තිදෙනෙකි. චමත්ගේ වත්මන් බිරිඳ නතාලි දොම්පේය. දෙදෙනා විවාහ වූයේ 2023 වසරේදීය. නතාලි දොම්පේ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය ව්‍යාපාර විධායක නිලධාරිනියකි. ඒ යුවළට ද දරුවෝ දෙදෙනක් සිටිති.
(***)
ලුසිත ජයමාන්න
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප් එක්ක කෑමගත් සිංහල කෝටිපතියා කවුද?
nimal Monday, 22 September 2025 04:05 AM
ට්‍රම්ප් එක්ක කෑමගත් ශ්‍රී ලංකික කෝටිපතියා කවුද?
amda Monday, 22 September 2025 05:03 PM
මොහුට සිංහල නමක් ඇතිමුත් ලාංකිකයෙක් යැයි ආඩම්බරයක් ඔහුට නැත. ඒ කැනේඩියානුවකු පමණි..