IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනාධිපති ප්‍රේමදාසගේ "ලෝරන්ස් විශේෂ ඒකකයේ" ඉතිරි එකම නිලධාරියා කියන කතාව

දශකය මැද භාගයේ ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු පී.එම්. ටිකිරි බණ්ඩා මහතා ඉන් පසුව රහස් පොලිස් නිලධාරියකු ලෙස කලක් කටයුතු කළේය. ඔහුගේ නම විශේෂයෙන් වැදගත් වන්නේ පේ‍්‍රමදාස රජයේ ”ලෝරන්ස් මාෆියාව” නමින් හැඳින්වූ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක උපදේශක ඒ.සී. ලෝරන්ස් මහතා යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂ ඒකකයේ නිලධාරීන් පස් දෙනා අතරින් ප‍්‍රධාන නිලධාරියකු ලෙසිනි.


 ”ලෝරන්ස් මාෆියාව” ලෙසින් ප‍්‍රචලිත ක‍්‍රියාන්විතයේ ප‍්‍රබලම කොටස්කරුවකු වූ පතිරාජ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා මෙසේ විස්තර කරන්නේ බොහෝ අය නොදත් අතීත දේශපාලන කරළියෙන් පිටුපස තොරතුරුය. ඔහු රාජකාරියෙන් ඉවත් වන විට උපසේවා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයක් හෙබවීය.

 


 

 පොලිස් සේවයට බැඳුණේ කොයි කාලෙ ද?

1954 ඔක්තෝබර් පළවැනිදා තමයි පොලිසියට බැඳුණේ. මාස කීපයකින් මරදාන පොලිසියට පාස් අවුට් වුණා. එතන දී මට පැවරුණේ අලූත්කඬේ උසාවි ඩියුටි. අපි විසිඑක් දෙනෙක් එහෙම වැඩ කළා. පස්සෙ අපි හැම දෙනාම අනුයුක්ත කළා පිටකොටුවෙ පොලිසියට. අවුරුදු දෙක තුනක් මා පිටකොටුවෙ රාජකාරි කළා. ඒ කාලේ ඒ ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි විදියට වැඩ කළේ ඒ.ඒස්.පී. අයියර් කියන කේරළ ජාතික නිලධාරියා. ඒ කාලේ කේරළ ජාතිකයන් ගොඩක් පොලිසියේ උසස් නිලධාරීන් විදියට වැඩ කළා.

ඔය අයියර් මහත්තයා තමයි බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියපු සිද්ධිය ගැන පරීක්ෂණ කළේ. එයා මට බොහොම ආදරෙයි. දවසක්  ඕ.අයි.සී. මහත්තයට කතා කරලා කිව්වා මාව පිටකොටුවෙ හිටියොත් පගාවට එහෙම පුරුදු වෙන්න පුළුවන් නිසා කොටුව පොලිසියට දාන්න කියලා.

 

 ඇයි එහෙම තීරණයක් ගත්තේ පොලිසියේ අය එදත් අද වගේම පගාවට ලොල් ද?

නෑ, වැරැුද්දකට එහෙම කිව්වා නොවෙයි. වැරැුද්දට පුරුදු වෙයි කියලා තමයි එහෙම තීරණයක් ගත්තෙ. ඒ කාලෙත් පිටකොටුවෙ පොලිසියේ අයට හරියට පගාව හම්බ වෙනවා. මම ආධුනිකයෙක් නිසා මාව නරක් වෙයි කියලා තමයි මාව කොටුවට දැම්මේ. කොටුව පොලිසියේ දී මා රාජකාරි කළේ පරණ පාර්ලිමේන්තුවෙ ගාඞ් රූම් එකේ. අවුරුදු තුනක් විතර එතන වැඩ කළා. ඔය අතරේ සිරිමා බණ්ඩාරනායක රජයේ 62 කුමන්ත‍්‍රණය වෙලාවෙ ජෝන් පිල්ලෙ කියන ඒ.එස්.පී. මහත්තයගෙ උපදෙස් පිට අපි ස්ටෑන්ඞ් බයි හිටියා ඒ කුමන්ත‍්‍රණයේ කොටසක් ඉෂ්ඨ කරන්න.

 

 ඇයි එහෙම වැඩක් කළේ?

අපි මොකුත්ම දන්නෙ නෑ. ඉහළින් ආපු  ඕඩර් එකක් තමයි අප කළේ. ඒ චෝදනාවට කොටුවෙ පොලිසියේ ඉඳපු සියලූ දෙනාම ට‍්‍රාන්සර් කළා විවිධ පළාත්වලට. ඒ වෙලාවෙ මාව දැම්මෙ ගම්පොළට. එතන වැඩ කරගෙන ඉන්න අතරේ මගේ උසස් නිලධාරියා විදියට කටයුතු කළ ඒ.එස්.පී. අර්නස්ට් පෙරේරා මහත්තයා එයා මාව පුස්සැල්ලාව පොලිසියට රාජකාරි කරන්න යෙදෙව්වා. එතනත් අවුරුදු දෙකක් විතර වැඩ කළා. ඔහොම වැඩ කරන අතරේ හොඳ කේස් කීපයක්ම ඇල්ලූවා.

ඊට පස්සෙ ජෙනරල්  ඕඩර්ස් යටතේ මන්නාරමට මාරු වුණා. එතැන දී මා රාජකාරි කළේ අයථා ආගමනිකයින් මැඩලීමේ පොලිස් කොට්ඨාසයේ. එතන දී කරන්න තිබුණේ පිටරට ඉඳලා හොරෙන් ලංකාවට එන කට්ටිය ගැන කටයුතු කරන්න. විශේෂයෙන් ඉන්දියාවෙන් එන අය. එතනදි මම කල්ලතෝනි හත් අට සීයක්ම අල්ලලා රටින් පිටුවහල් කරන්න කටයුතු කළා. මන්නාරමේ සේවය අගය කරලා මාව සී.අයි.ඞී. එකට ගත්තා. 

 

 එක පාරට හතර වැනි තට්ටුවට එහෙම එන්න පුළුවන් ද?

මම කරපු වැඩ සලකා බලලා තමයි මාව හතර වැනි තට්ටුවට ගත්තේ. මොකද ඒ වෙලාවෙ එතන පොලිස් අධිකාරි විදියට වැඩ කළේ ගාමිණී ගුණවර්ධන මහත්තයා. එයා මා ගැන හොඳට දන්නවා. ඒකයි ගත්තේ. එතනදීත් විශේෂ හැකියාවක් ඇති නිලධාරීන් කීප දෙනෙක් විශේෂ කටයුතු කරන්න තෝරගෙන හතර වැනි තට්ටුවෙන් වෙන් කරලා හය වැනි තට්ටුවෙ රාජකාරියට දැම්මා. ”සර්වලන්ස් මේකප් ඉන්ටෙලිජන්ස්” කියලා තමයි ඒ යුනිට් එක හැඳින්නුවෙ. ඒකෙ රාජකාරිය තමයි විශේෂ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින්ගෙ තොරතුරු හොයන එක. සමහර වෙලාවට සී.අයි.ඞී. එකේම නිලධාරියො ගැන තොරතුරු හොයන්නත් අපට උසස් නිලධාරීන්ගෙ උපදෙස් ලැබුණා.

ඔය අතරෙ නියෝජ්‍ය පොලිස්පති ලියෝ පෙරේරා විශේෂ ඒකකයක් හදාගෙන යාපනේ යන්න සූදානම් වෙද්දි පොලිස්පතිතුමාට කතා කරලා මාවත් සී.අයි.ඞී. එකෙන් ඉල්ල ගත්තා. අපි කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙ රෙස්ටුරන්ට් එකේ අනෙක් පොලිසිවලින් වෙන් වෙලා වෙනම ස්කොඞ් එකක් විදියට හිටියා.

 

 රහස් පොලිසියේ දී කරපු විශේෂ රාජකාරි එහෙම මොනව ද?

දොරේඅප්පා ඝාතන සිද්ධියේ පරීක්ෂණ කණ්ඩායමේ කටයුතු කළා. යාපනේ ප‍්‍රදේශවල කරක් ගහලා ඒ සිද්ධිවල තොරතුරු අපි හෙව්වේ. ඒ වගේ කේස් කීපයක්ම තියෙනවා.
උමා මහේෂ්වරන් ගැන තොරතුරු හොයන්නත් මට බාර වුණා. ඒක විශේෂ සිද්ධියක්. ඒකෙදි මගේ පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව උමා මහේෂ්වරන් සම්බන්ධයක් ඇති කරගෙන ඉඳපු දෙහිවල ප‍්‍රදේශයේ නැවතිලා හිටපු කාන්තාවකගෙ මාර්ගයෙන් ගොඩක් තොරතුරු හොයා ගත්තා. එතකොට උමා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. එකටත් කලින් ඔගඹගඛගත්‍ග හා ටයිග සංවිධානවල ලොක්කා. කොල්ලූපිටියෙ තැනක උමා මහේෂ්වරන් එක්ක මේ අනියම් බිරිය සංවිධානයේ වැඩ කළා. ?ට මේ තොරතුරු ගැන ඉහළට රිපෝට් කළ එකට සී.අයි.ඞී. එකේම මගේ උසස් නිලධාරියාට කේන්ති ගිහින් මට ගොඩක් හිරිහැර කළා. මොකද අර උමා මහේෂ්වරන්ගෙ අනියම් බිරිය නැවතිලා ඉඳපු දෙහිවල තැන මේ නිලධාරියාගෙ ඥාතියෙකුගෙ. මේ හේතු නිසා මම කළකිරීමෙන් හිටියේ. ඒක නිසා මාත් එක්ක මන්නාරමේ වැඩ කරපු ඒ.සී. ලෝරන්ස් මහත්තයාට ගිහින් කිව්වා මගේ තත්ත්වය.

 

 ඔය කියන්නේ පේ‍්‍රමදාස මහත්තයාගෙ ආරක්ෂක උපදේශක ඒ.සී. ලෝරන්ස්?

ඔව්, එයා තමයි. එතකොට එයා අගමැති පේ‍්‍රමදාස මහත්තයා ළඟ ඉන්ක්වයරි යුනිට් එකක් පිහිටුවාගෙන හිටියා. ඉතිං එයා මට ඒකේ වැඩ කරන්න එන්න කිව්වා. එහෙම කියලා කැබිනට් ඇප්රූවල් එකකින් මාව එතනට පත් කළා. එතන ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් කෙනෙක් විදියට දිගටම වැඩ කළා.

 

 ලෝරන්ස් යුනිට් එකට එන්නේ කොයි අවුරුද්දෙ ද?

1983 අවුරුද්දෙ තමයි එන්නේ. ඒ ඇවිල්ලා පේ‍්‍රමදාස මහත්තයා මැරෙනකල්ම එතන වැඩ කළා.

 

 පේ‍්‍රමදාස අගමැතිතුමාගෙ රහස් වැඩවලට හවුල් වෙන්න වුණා නේද එතනදි?

එක එක වැඩ කළා. පේ‍්‍රමදාස මහත්තයා මට හුඟක් ආදරෙයි. එයාගෙ පෞද්ගලික වැඩවලටත් හවුල් වුණා. ඒ කාලේ පාදුක්ක පැත්තෙ පංසලක පේ‍්‍රමදාස මහත්තයට විරුද්ධව යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකමක් සිද්ධ වෙනවා කියලා මට පැවරුවා ඒ ගැන බලන්න. මා සියලූ තොරතුරු හොයලා දුන්නා. ඒකෙන් තමයි පේ‍්‍රමදාස මහත්තයා මං ගැන පැහැදුනේ. ලොතරැුයි මණ්ඩලේ, ටිම්බර් කෝපරේෂන් එකේ වගේ තැන්වල දුෂණ කීපයක් හොයලා දුන්නා. ඒ සිද්ධි ගැන පැහැදිලා තමයි මට බාර දුන්නේ කතරගම වැඩිහිටි කන්දේ හාමුදුරුවො ගැන තොරතුරු හොයන්න.

 

 වැඩිහිටි කන්දෙ හාමුදුරුවන්ට පේ‍්‍රමදාස අගමැතිතුමා බය වුණේ ඇයි?

කතරගම ගම්උදාව කාලේ පේ‍්‍රමදාස මහත්තයා වැඩිහිටි කන්දේ හාමුදුරුවෝ එක්ක පොඩි අමනාපයකින් හිටියේ. ඇත්තටම ටිකක් බය වෙලා තමයි හිටියේ හාමුදුරුවන්ට. ඒකත් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සිද්ධියක් සම්බන්ධව. පේ‍්‍රමදාස මහත්තයා  ඕවා මහ ඉහළින් විශ්වාස කළානේ.
මම හාමුදුරුවො එක්කත් මිතුරු වෙලා එතන තොරතුරු හොයලා පේ‍්‍රමදාස මහත්තයට දුන්නා. ඒක මගේ රාජකාරිය. ගම්උදාව ඉවර වෙන තුරු මම කතරගම නතර වෙලාම හිටියා.

 

 

 සතුටින් ද ඒ වැඩ කළේ?

අසතුටක් නෑ. ඒක රාජකාරියනේ. සී.අයි.ඞී. එකේ දී අපි පුහුණු කළේ  ඕනෑම රහස් තොරතුරක් හොයන්න තමයි. ලෝරන්ස් මහත්තයා එක්ක අපි හය දෙනෙක් ඒ යුනිට් එකේ වැඩ කළා. දැන් නම් ඒ අයගෙන් ජීවතුන් අතර ඉන්නෙ මා විතරයි. මටත් දැන් වයස අවුරුදු අසූහතරක්.

 

 කවුද ඔය ලෝරන්ස් යුනිට් එකේ ඉඳපු අනිත් අය?

අපේ ප‍්‍රධානියා ඒ.සී. ලෝරන්ස්. එයා යටතේ මා ඇරෙන්න හිටියා තව හතර දෙනෙක්. එම්.එෆ්.එම්. ප‍්‍රනාන්දු, කේ.ඒ.පී. පෙරේරා, පී.කේ.පී. වික‍්‍රමසිංහ,  ඕ.වී.ඞී.ඒ. වීරසේන කියන හතර දෙනා.
ඔබලගෙ රාජකාරිය ප‍්‍රසිද්ධ වෙලා තිබුණෙ ”ලෝරන්ස් මාෆියාව” කියලානේ.
එහෙම තමයි කවුරුත් කිව්වේ. පාර්ලිමේන්තුවේ පවා ලෝරන්ස් මාෆියාව ගැන හරියට කතා වෙනවා ඒ දවස්වල.

 

 ලෝරන්ස් මාෆියාව පේ‍්‍රමදාස රකින කණ්ඩායමක් ද?

හැබැයි අපි වැරදි දේවල් කළේ නෑ. අප කළේ විවිධ තැන්වල තොරතුරු හොයලා පේ‍්‍රමදාස මහත්තයට වාර්තා කරන එක. හැබැයි සමහරු අපිව ”අන්ඩර් වර්ල්ඞ්” ගාණට දාලා හැඳින්නුවා. පුවත්පත්වල පවා ලිපි පළ වුණා අපි පේ‍්‍රමදාස මහත්තයගේ හිත සංතෝස කරන්න අපි අනියම් වැඩවල නිරත වුණා කියලා. ඒත් අපි නරක වැඩ කළේ නෑ. අපි පේ‍්‍රමදාස මහත්තයා බෝම්බෙට අහු වෙලා මැරුණු දවසට පස්සෙන්දා රිසයින් පේපර් දීලා ගෙදර ආවා. අපි විජේතුංග මහත්තයා එක්ක දවසක්වත් වැඩ කළේ නෑ.

 

 ඇයි ඒ?

මොකද අපි විජේතුංග මහත්තයා ගැනත් රහස් තොරතුරු හෙව්වා. පරීක්ෂණ පවත්වලා දුෂණවල තොරතුරු හොයාගෙන තියෙනවා.

 


 ඇයි පේ‍්‍රමදාස ජනාධිපතිතුමා එයාගෙම කට්ටිය ඔය තරම් සැක කළේ?

ඒ එයාගෙ හැටි. එයාගෙ  ඕඩර්ස් උඩ තමයි අපි හැම ඉන්ක්වයරි එකක්ම කළේ.

 

 පේ‍්‍රමදාස මහත්තයා එක්ක වැඩ කළේ ඒ තරම් දුෂකයො ද? 

හැමෝම නෑ. සමහරු වැරදි වැඩ කළා. ගම්උදාව කාලෙට එහෙම පිඩලි, පස්, ඞීසල් පවා හොරට විකුණන අය හිටියා. අපි ඒ හැම දෙයක්ම හෙව්වා.

 

 ලෝරන්ස් යුනිට් එකෙන් අමාත්‍යාංශවල හොර අල්ලන විශේෂ වැඩ පිළිවෙළක් තිබුණලූ නේද?

අපට අමාත්‍යාංශ බෙදලා දීලා තිබුණා. ඒ අමාත්‍යාංශවල සිද්ධ වෙන දේවල් පේ‍්‍රමදාස මහත්තයට වාර්තා කරන එක තමයි අපි කළේ. විශේෂයෙන් ඒ තැන්වල සිද්ධ වෙන වංචා දුෂණ වගේ දේවල්. මට පැවරිලා තිබුණෙ මුදල් අමාත්‍යාංශය, පළාත් සභා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ. රොනී ද මෙල්, යූ.බී. විජේකෝන්, සිරිසේන කුරේ, ඞී.බී. විජේතුංග වගේ අය තමයි ඒ අමාත්‍යාංශ භාරව හිටියේ.

පේ‍්‍රමදාස මහත්තයා යටතේ තිබුණේ අමාත්‍යාංශ 24යි, සංස්ථා මණ්ඩල 27යි. මේ සංස්ථා මණ්ඩල හැම තැනටම දාලා තිබුණා ක‍්‍රියාකාරි අධ්‍යක්ෂවරු. ඒ හැම දෙනාම පේ‍්‍රමදාස මහත්තයාගෙ පෞද්ගලික හිතවත්කම් තියෙන අය.

 

 කොහොමද ඔබලා ඒ තොරතුරු හොයා ගත්තේ රහසිගතව?

ඒක තමයි අපේ පළපුරුද්ද. සී.අයි.ඞී. එකේ අපි වැඩ කරද්දි මේ වැඩ කරන්න අපි හොඳ පළපුරුද්දක් ලැබුවා. හැම අමාත්‍යාංශයකම, සංස්ථා මණ්ඩලයකම අපිට තොරතුරු සපයන්න අපි කට්ටිය හදා ගන්න  ඕන. ඒක කරන්නෙ හරි පරිස්සමෙන්. සත්‍ය තොරතුරු තමයි හැම වෙලාවෙම ගන්නේ. කොයි තැනකට අපි ගියත් අපි කවුද කියලා කවුරුවත් දන්නෙ නෑ. හැබැයි පස්සෙ පස්සෙ අපි යන කොට පේ‍්‍රමදාස මහත්තයගෙ කට්ටිය ඇවිත් ඉන්නවා කියලා රහසෙ ඒ අය කතා කරනවා. ඒ තරම් බයක් තිබුණෙ මේ ගැන. හැබැයි අපව අඳුර ගත්තෙ නෑ කවුරුවත්. මම එලිෆන්ට් හවුස් එකේ කාලයක් වැඩ කළා බාලා තම්පොගෙයි තෙන්ඩමන්ගෙයි කට්ටිය දෙගොල්ලො අතරෙ යුනියන් ප‍්‍රශ්නයක් වෙලාවෙ තොරතුරු හොයන්න. ටික දවසක් යන්න කලින් ඒ ප‍්‍රශ්නය ඉවර වුණා. මම ඒ දවස් ටිකේ එලිෆන්ට් හවුස් එකේ සේවකයෙක් විදියට වැඩ කරන ගමන් තමයි තොරතුරු හෙව්වෙ.
ඔය තැන්වල තොරතුරු හොයා ගන්න සම්බන්ධතා ජාලයක් හදා ගන්න  ඕන. පෞද්ගලික ඔත්තුකරුවෙක් හදා ගන්න එක ලේසි නෑ. ඒක පළපුරුද්ද උඩ තමයි සාර්ථකව කරගන්න පුළුවන්. අපි එහෙම හදාගෙන හිටියා ඔත්තුකරුවො පිරිසක්. බඬේ තියෙන දේ වුණත් වමාරන තත්ත්වෙට ඒ අය මිත‍්‍ර කරගන්න අපිට පුළුවන් වුණා.

 

 ඔබට පැවරුණු අමාත්‍යාංශවල අල්ලපු හොර වැඩ මොනව ද?

කොළඹ නගර සභාවේ වාහනවලින් ඞීසල් පෙට්ට‍්‍රල් හොරෙන් පන්නන සිද්ධියක් අපි ඇල්ලූවා. එකක් දෙකක් නෙවෙයි රාශියක් තියෙනවා.

 

 ඔහොම වැඩ කරද්දි ඇමැතිවරු ඔබලා අඳුර ගත්තෙම නැද්ද?

ගොඩක් දුරට අපි අනන්‍යතාව සඟවගෙන රාජකාරි කළා. ඒත් හෝම් අෆෙයාස් මිනිස්ටි‍්‍රය බාරව ඉඳපු යූ.බී. විජේකෝන් මට කතා කරලා ඇහුවා ඔයා නේද අපේ අමාත්‍යාංශයේ තොරතුරු හොයන්නෙ කියලා. එයා දඹදෙණියෙ අපේ හිතවත් ඇමැතිවරයෙක්. ඒ වෙලාවට මම මොනව හරි කියලා ෂේප් වෙනවා. අපි ඇමැතිවරු එක්ක කිසිම සම්බන්ධයක් තියා ගත්තෙ නෑ. එහෙම වුණා නම් මේ වැඬේ හරියට කරන්න බෑ.
 


 මේ ”ලෝරන්ස් මාෆියාව” නිසා ඇමැතිවරු පේ‍්‍රමදාස ජනාධිපතිතුමා එක්ක හිත යටින් අමනාපෙන් ඉන්න ඇති නේද?

අපොයි ඔව්. පේ‍්‍රමදාස මහත්තයගෙ තද පාලනය නිසා ඇමැතිවරු ගොඩ දෙනෙක් කළකිරීමෙන් හිටියා. ඒත් ඒක එළියට පෙන්නුවෙ නෑ. පේ‍්‍රමදාස මහත්තයා එක්ක ලේසියෙන් වැඩ කරන්න බෑ. බොරුවක් එහෙම කියලා බේරෙන්නම බෑ. එයා අකැමැති දේවල් සිද්ධ වෙන්න බෑ.  එයා අකැමැති ඉදි කිරීම් සිද්ධ වෙන වෙලාවට අපට සිද්ධ වුණා බලෙන් ඒවා නවත්තන්න.

පේ‍්‍රමදාස මහත්තයගෙ පිළිවෙළට ඇමැතිවරු විතරක් නෙවෙයි කොටින්ම කියනව නම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පවා විරුද්ධ වෙච්ච වෙලාවල් තිබුණා. උඩින් පෙන්නුවෙ නැති වුණාට දෙන්නට දෙන්නා කැත්තට පොල්ල වගේ. එයා මෙයාට බයයි. මෙයා එයාට බයයි.


 



අදහස් (0)

ජනාධිපති ප්‍රේමදාසගේ "ලෝරන්ස් විශේෂ ඒකකයේ" ඉතිරි එකම නිලධාරියා කියන කතාව

ගමගේ Saturday, 28 June 2014 01:14 PM

නියම කතාවක් (දී)

:       0       0

චානක Thursday, 26 June 2014 09:03 AM

ප්‍රේමදාස මහත්තයා හොද මනුස්සයෙක් (දී)

:       0       0

සෝබා Thursday, 03 July 2014 05:52 PM

හිට්ලර් ගේ ටීම් එකෙත් එක්කෙනෙක් ඉතුරු වුනා. එයා කිව්වෙත් කරපු දේ හරි කියලා. (නදී)

:       0       0

ඩිල්ෂාන් Monday, 14 July 2014 03:07 PM

අපේ රටේ දේශපාලනය මොන තරම් පව්කාරද? නායකයොත් උන්ගේ අනුගාමිකයෝත් දුෂ්ටයි. නමුත් මිනිස් ජීවිතය ඉවර වූ දවසට තමන් කල ගොන්කම් තේරේවි. නමුත් එතකොට ප්‍රමාද වුනා වැඩියි. (නදී)

:       0       0

ජගත් Tuesday, 01 July 2014 12:48 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ගාමා Saturday, 28 June 2014 08:14 PM

ලෝරන්ස් මාෆියා ව මේ කතාව කියෙවුව රහස් හෙළි වෙන්නේ කාලයක් ගිහිල්ලා, විශිෂ්ටයි (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 29 June 2014 05:48 PM

ඉතින්... ඔය කියන මාෆියා හෝ විමර්ශන කණ්ඩායමට සුචරිතේ සමග කුළුපගව සිටි බාබු ගැන ඉව වැටුනේ නැත්තේ ඇයි ?. (දී)

:       0       0

ජසින්තා Saturday, 28 June 2014 09:28 AM

කියන කොට මෙහෙමයි කරන කොට එහෙමයි. හා හා හා.... හ්ම්. (නදී)

:       0       0

jayathilaka Friday, 11 July 2014 05:00 PM

හොදම හොද ලිපියක් කියවන්න හරිම අසයි (දී)

:       0       0

කලනි Tuesday, 01 July 2014 07:58 PM

මේ කියලා තියෙන්නේ බොහොම ටිකයි. එයාලගේ හිත දන්නවා ඇති කළ වැරදි. (නි)

:       0       0

සබේසන් Thursday, 03 July 2014 12:17 PM

දැන් ඉතින්වත් ඔහොම කට්ටිය දාල අමාත්‍යංශවල හොර අල්ලන්නකෝ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site