ජීවිතය තුළ අපට අහිමි වන දේ බොහෝය. ඒ සියල්ල අපගේ හදවත් යම් රිදවීමකට ලක්කරයි. ලේ කිරි කර පොවා ආදරයෙන් රැුකබලා ගනිමින් සිටි තම එකම දරුවා අකාලයේදීම තමන්ට අහිමි වේ නම් තම හදවත් තැලී, පැලී යන්නට තරම් වේදනාවක් මවට, පියාට ඇතිවීම ස්වභාවිකය. ගම්පහ පිළිකුත්තුව එල්. ඩබ්ලිව්. ස්වර්ණලතාටත්, ඞී. ඒ. සෝමසිරි මහතාටත් තම එකම දියණිය අහිමි වන්නේය. එහි වරද ඇත්තේ කා අත ද? මේ දෙමාපියන්ගේ එකම දරුවා වූයේ ඞී. ඒ. චමෝදි මධුහංසිනීය.

ඇය උපන්නේ 1991.12.09 වැනිදාය. මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විදුහලින් හා ගම්පහ තක්ෂිලා විදුහලින් අධ්‍යාපනය ලද ඇය උසස් පෙළ විභාගය සමත්ව පසුව පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවක් ද හැදෑරුවාය. ඒ ගම්පහ සණස ආයතනයෙනි. ගුරුවරියක වීම ජීවිතයේ සිහිනය කරගත් චමෝදි පසුව කළගෙඩිහේන ප‍්‍රදේශයේත්, යක්කල නගරයේත් පෙර පාසලක ගුරුවරියක ලෙස සේවය කළාය. ඊට අමතරව ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවක් ද හදාරමින් සිටියාය.
පසුගිය 21 වැනි සඳුදාත්, උදෑසන 6.30ට පමණ චමෝදි සුපුරුදු පරිදි යක්කල පෙර පාසලේ සේවයට ගියාය. එදින උදේ 9.30ට පමණ ඇයට පෙර පාසලේදීම දරුණු වේදනාවක් සහිත බඬේ අමාරුවක් සෑදිණි. පෙර පාසලේම වාහනයෙන් ඇයව පිළිකුත්තුවේ පිහිටි නිවසට රැුගෙන ආවේය. ඇගේ මව වන ස්වර්ණලතා මහත්මිය වහාම තම දියණිය ගම්පහට රැුගෙන ගියේ ප‍්‍රතිකාරයක් ලබාදීම සඳහාය. චමෝදි තම අසනීප සඳහා බෙහෙත් ගැනීමට පුදුරුව සිටියේ ගම්පහ පිහිටි පුද්ගලික රෝහලකිනි. නමුත් එදා ඇය තම මවට යෝජනා කළේ ගම්පහ රෝහලකට යමු කියාය.
පෙරවරු 10.30ට පමණ ගම්පහ රෝහලට ඇතුළත් වූ ඇයට රෝහල් මූලික ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දුන්නේය. වේදනා නාශකයක් මගින් ඇගේ වේදනාව අඩු වූ නමුත් ඇගේ උදරය ප‍්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක්කළ යුතු බව පවසමින් ඇයව රෝහලේ අටේ වාට්ටුවට ඇතුළත් කළාය. ස්කෑන් පරීක්ෂණයක් ඇති නිසා නිරාහාරව සිටි ඇය පස්වරු 6ට පමණ එම පරීක්ෂණයට මුහුණ දුන්නාය.
පැය ගණනක් තිස්සේ නිරාහාරව සිටි චමෝදි ඉන් පසුව කෑම කෑවාය. පියා ගෙනදුන් ”ෆ‍්‍රයිඞ් රයිස්’’ පැකට්ටුව කටට දෙකට ගිල දැමූ චමෝදි තම මවට කීවේ ”අම්මේ කෑම එක හරිම රසයි’’ යනුවෙනි. පසුව ඇයට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් ගෙදර යන්නටය. ඒ වනවිට ඇය සුවපත් වී තිබිණි. එහෙත් රෝහලින් නික්ම යන්නට නොහැකි වූයේ තවත් ප‍්‍රතිකාර කරන්නට තිබූ බැවිණි.

තම දියණිය සමග මව අඛණ්ඩව රෝහල් වාට්ටුවේ රැුඳී සිටියාය. රාත‍්‍රී 10ට පමණ චමෝදිට එන්නතක් ලබාදිය යුතු බවට ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා නියම කළේය. හෙදිය එන්නත ලබා දුන්නාය. එන්නත ලබාදෙන විටම චමෝදි මහ හයියෙන් කෑ ගැසුවාය. මව තම දියණිය අස්වසාලීමට කටයුතු කළාය.
එහෙත් ගතවූයේ විනාඩි දෙකක් පමණ කාලයකි. චමෝදි සිහිසුන්ව ඇඳෙහි වැටුනාය. මව විලාප තැබුවාය. රෝහල් කාර්ය මණ්ඩලය වහා ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.
මේ චමෝදිගේ මව වන ස්වර්ණලතා මහත්මිය කියන කථාවයි.
”ළමයාට ඉන්ජෙක්ෂන් එක දීලා විනාඩි දෙකක් ගියේ නෑ. එයාට සිහිය නැතිව ගියා. පස්සෙ සේලයින් එකක් ගැහුවාම එයාට සිහිය ආවා. එතකොට දුව අමාරුවෙන් කථා කළා. අම්මේ දොස්තර මහත්තයා ඉන්නවාද ඇහුවා. ඒ වෙනකොට දුව හිටියේ දැඩි සත්කාර ඒකකයේ. මම දොස්තර මහත්තයා හොයන්න එළියට ආවා. මට ආයෙත් ඇතුළට යන්න දුන්නේ නෑ.’’
පසුව ටික වෙලාවකින්ම චමෝදි දැඩි සත්කාර ඒකකය තුළදීම අවසන් හුස්ම හෙළීය. ”මගේ දරුවාව මරා ගත්තා. මට හිටියෙ එකම දරුවයි. මම මලක් වගේ දරුවව හැදුවේ. අනේ මහත්තයෝ මට මගේ දරුවා පණපිටින් ගෙනත් දෙන්න’’ චමෝදිගේ මව නගන විලාපය අවට ප‍්‍රදේශය පුරා දෝංකාර දෙයි.
චමෝදිගේ පියා ඞී. ඒ. සෝමසිරි මහතාය. වසර 20ක් තිස්සේ මාලදිවයිනේ රැුකියාව කර ඔහු මෙරටට පැමිණියේ මෑත කාලයේ දී ය. ”අපිට දරුවාගෙ මරණය ගැන බරපතළ විදිහට සැකයි. මේ විදපු බෙහෙත විෂ වෙලා තමයි දරුවා මැරුණෙ. ගම්පහ රෝහලේ මීට පෙරත් මේ වගේ මරණ කීපයක්ම සිද්ධ වෙලා තියෙනවා. දරුවගෙ ස්කෑන් පරීක්ෂණ වාර්තාව පවා ගම්පහ රෝහලේ බලධාරීන් හංගලා තියෙනවා. කොළඹ මහ රෝහලින් ගම්පහට කථා කරලා ඇහුවාම කියනව ස්කෑන් එකක් කළේ නෑ කියලා. එහෙම නැහැයි කියන්නේ කොහොමද? මගේ බිරිඳ ඉදිරිපිටදීමයි ඒ ස්කෑන් එක කරලා තියෙන්නේ. ඇයි මේ සත්‍යය හංගන්න හදන්නේ. මගේ දරුවා මට නැති වුණා. මේ වගේ තවත් දරුවෙකුට වෙන්න තියන්න එපා’’ සෝමසිරි මහතා සඟවාගත් කඳුළු අතුරින් කීවේය.

23 හැවිරිදි චමෝදි දක්ෂ නැටුම් ශිල්පිනියකි. ඇය තවත් වසරකින් පමණ විවාහ දිවියට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටියාය. ඇගේ විවාහය තරමක් හෝ ප‍්‍රමාද වූයේ අධ්‍යාපන කටයුතු හේතුවෙනි.
ඇයට පෙම්වතෙකු ද සිටි අතර ඔවුන් දෙදෙනාට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ද ලැබී තිබිණි. තම පෙම්වතියගේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකිව මේ වනවිටත් පෙම්වතා සිටින්නේ හෘදයාබාධයක් සෑදී රෝහල් ගතවය.
ගම්පහ රෝහල පිළිබඳව ද සටහනක් තැබිය යුතුමය. රෝහලකින් ජනතාවට ඉටු වන සේවාව ඉමහත්ය. වෛද්‍යවරු ද දෙවිවරු බඳු ය. රෝගී වූවන් මරණය අභියසදීත් ඉන් ගලවා ජීවය දෙන්නේ ද වෛද්‍යවරු ය. එහෙත් ගම්පහ රෝහලේ ක‍්‍රියාකාරිත්වය කලක පටන්ම ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙයි. අත්වැරදීම් හෝ නොසැලකිලිමත්කමින් වටිනා ජීවිත ගණනාවක්ම අහිමිවීම් ගැන පසුගිය වකවානුව තුළ ගම්පහ රෝහලින් වාර්තා විය. ගම්පහ අවට පදිංචිකරුවන් පවා බොහෝ දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නට ගම්පහ රෝහලට නොගොස් පිටස්තර රෝහල් සොයා යන්නේ ඒ නිසාය. ”හෙම්බිරිස්සාවකටවත් ගම්පහ රෝහලට යන්න එපා’’ යනුවෙන් ද මතයක් ජනතාව තුළ තිබේ.
ගම්පහ රෝහලේ හිටපු අධ්‍යක්‍ෂ හා වත්මන් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාගෙන් අප මේ පිළිබඳව විමසා සිටියෙමු. ඔහු කීවේ මෙවැනි කථාවකි.
”මේ තරුණියට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා. ඇගේ මෘතදේහය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යවා තිබෙනවා. එහිදීත් පරීක්ෂණයක් කරනවා. මීට අමතරව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණයක් සිදු කරනවා.
කෙසේ වෙතත් චමෝදිට තම සුන්දර තරුණ දිවිය පමණක් නොව ජීවිතයම අහිමි වී තිබේ. එය කාගේ හෝ වරදකින් සිදුවූවා දැයි තවමත් කිව නොහැකිය.
චමෝදිගේ දෙමාපියන් බැගෑපත්ව ජනාධිපතිවරයාගෙන් හා සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම මරණය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණයක් කිසිකෙනෙකුට අත් නොවේවා.(හේ)
වෛද්‍යවරුන් අතින් මේවගේ වැරදි ගොඩාක්වෙනවා. මමත් පූර්ණ දෘශ්‍යාබාධිත කෙනෙක් මගේ ඇස් දෙකත් නැතිවුනේ ඔයවගේ දොස්තර කෙනෙකුගෙ වැරැද්දක් නිසාපොඩිකාලේ. මම කියන්නෙ වෛද්‍යවරුන්ට මේවගේ ජීවිත අසරණ නොකර සැලකිල්ලෙන් වැඩකරන්න කියලා (බ)
පවු අසරණී! (නි)
මෙය රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදු වුවක් බැව් පෙනෙන්නේ. මෙවැනි අවදානම් රෝහලකට කවදාවත් යන්න එපා කියා මම නම් කියන්නේ. (බ)
ඔබට නිවන් සුව ........(ම)
මට නම් පුදුමාකාර දුකක් දැනුනා (නි)
නිවන් සුව ලැබේවා මව්පියන් සමග මගෙත් කණගාටුව (අ)
නොසැළකිලිමත්කම නිසා සිදුවූවක් බව පෙනේ. මේවා මහා අපරාධ! (නි)
හැමදාම අසන්න ලබෙන දේවල් අසුන්දරයි.(හේ)
මම ඉන්න රටේ මේක වුණා නම් මෙලහකටත් නඩු දාලා. (නි)
කාගේ වරදක් වුවත් රැගේන පැමිණී ආයුෂ ඉවර නමි යා යුතුය. එයයි ස්වාභාවය. ඔබට නිවන් සුව! (ම)
නැවත මෙවන් අකල් මරණයක් නොම වේවා (ම)
ඔබට නිවන් සුව! (ම)
මගේ පුතාගෙම වයසේ, දුක්මුසු පුවතක් නුබට නිවන් සුව පතන්නම් දියණියේ...! (ර)
මරණයට හේතුව හරියටම කියන්න බෑ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනකම් .සමහරවිට රස පරික්ෂණයක් සඳහාත් යොමු කරාවී .බලමු. ඒ කෙසේ වෙතත් රෝහලේ පවතින අඩු පාඩු ගැන අමාත්‍යංශයේ හෝ විෂය බාර ඇමතිගේ ගේ ඍජු මැදිහත් වීමක් අවශ්‍ය බවක් හැඟෙනවා.වහා සොයා බැලීම වටිනවා. (බ)