වසර 1500ක් පැරණියැයි විශ්වාස කරන බුදු පිළිම 3000 ක් සොයාගත් බව චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් පවසති. උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත. පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කැරුණු කැණීමකින් මේවා හමුවී ඇත. 1949දී චීන සමාජවාදී ජනරජය පිහිටවීමෙන් පසු එරටින් සොයාගත් විශාලතම පුරාවිද්‍යා භාණ්ඩ ප‍්‍රමාණය බව පර්යේෂකයන්ගේ අදහසයි. සමාජ විද්‍යාව පිළිබඳව චීන ඇකඩමියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායම වාර්තා කරන්නේ මෙම බෞද්ධ පිළිම නැගෙනහිර වෙයි හා දකුණු කුයි රාජධානි පැවති කාලයටත් වඩා අතීතයකට අයත් බවයි. කි‍්‍රස්තු වර්ෂ 534-577 කාලයේ සාදන ලද බද්ධ පර්යංක ධ්‍යාන මුද්‍රාව සහිත බොහෝ පිළිම චීනයේ සුලබ බව නැෂනල් ජියෝග‍්‍රැෆි නව මුද්‍රණයේ දක්වා තිබේ. මද සිනහවක් සහිත බුදුහාමුදුරුවන්ගේ මුහුණුවර ඇති පූර්ණ දිගින් යුතු කැඩුණු පිළිම පෙන්වන්නේ භික්ෂූන් අඳින සිවුරකින් සමන්විත අධ්‍යාත්මික ගුරුවරයාය. කි‍්‍රස්තු වර්ෂ පස්වැනි සියවසේදී දක්ෂිණ කුයි අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමගම පුද පූජා විධි ක‍්‍රමයක් ලෙස පිළිම එකතුකර වළලන්නට ඇති බව වද්‍යාර්ථීන්ගේ මතයයි. චිකාගෝ සරසවියේ නැගෙනහිර ආසියානු කලා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා කැතරින් ටී සියෑං දිනපතා නැෂනල් ජියෝග‍්‍රෆි සගරාවට පවසන්නේ අතීත නටබුන් සහ කැඩුණු පිළිම පන්සල්වලින් එකතු කරගෙන ආවාටයක වළලන්නට ඇති බවයි. මේ පිළිම එක්තරා පිළිවෙළකට ගෞරවාන්විතව වළදමා ඇති බව පෙනෙතැයි ටී සියෑං පවසයි. උවදුරු අවස්ථාවලදී බෞද්ධාගමිකයන් මෙයට සමාන කාර්යයන් සිදුකරයි. හමුවී ඇති පිළිම අගල් අටක් දිග සහ අඩි කිහිපයක් උස පරාසයක පවතී. බොහොමයක් පිළිම සාදා ඇත්තේ කිරි ගරු`ඩ හා හුණුගල් වලිනි. අලංකාර මෝස්තර වලින් සරසා ඉතා වටිනා ආකාරයෙන් පෙනෙන ලෙස නිමවා එක් පිළිමයක් බෝධිසත්ව අවධියේ හෝ බුද්ධත්වයට පත්වූ අවස්ථාව පෙන්නුම් කරයි. බුද්ධාගම ඉන්දියාවේ ආරම්භවීමෙන් පසු චීනයට සම්ප‍්‍රාප්තවූයේ හැන්ග් අධිරාජ්‍ය සමයේදීය. මේ සොයාගත් නටබුන් ඊට සියවස් ගණනාවක් පැරණි බව පර්යේෂකයෝ විශ්වාස කරති. නැෂනල් ජියෝග‍්‍රෆි වාර්තා කරන අන්දමට මෙම සොයාගැනීම විශිෂ්ට වූවත්, එය නොඇසූ දෙයක් නොවේ. මින් පෙර 1950දී චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ ඩින්ග්සියෑං හි පන්සලක 2000ට වැඩි මානව කෘති හමුවී ඇති බව ටී සියෑං මහත්මිය පවසයි. මෙවර හමුවූ බුදු පිළිම සියල්ල කලින් හමුවූ ඒවාට සමාන බව ද ඇය කියා සිටිය ද මෙය මෙතෙක් චීනයේ කරන ලද විශාලතම මානව කෘති සොයා ගැනීමයි.
2025 ඔක්තෝබර් මස 08
1456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයෙන් හමුවූ වසර 1500ක් පැරණි බුදු පිළිම
චාමර Friday, 11 May 2012 11:08 AM
සත්‍ය තොරතුරු හෙළී කළාට ස්තූතියි
මාධව Thursday, 10 May 2012 06:52 PM
ගොඩක් සන්තෝෂයි මේ සොයා ගැනීම පිලිබදව.බුදු ගුණ අනන්තයි
මදුරංග Thursday, 10 May 2012 08:46 PM
පුදුම හිතෙනවා.තව මොනවා මහ පොලොව යට නිදන්වෙලා ඇත්ද?