![]() |
මාතර වැඩබලන මහේස්ත‍්‍රාත් නීතිඥ උපාලි රණසිංහ මහතා මංජු ලක්ෂාන්ගේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වමින්... |
![]() |
වෙඩි තබා ඝාතනය කළ මංජු ලක්ෂාන් |
සල්ලි ඇත්නම් කළ නොහැකි දෙයක් නොමැති තරම්ය. තමන්ට විරුද්ධවාදියකු සිටී නම් ඔහු සම්පූර්ණයෙන් අතුගා දැමීමටද සල්ලිවලට පුළුවනි. ඒ ආකාරයට දිවයිනේ විවිධ ප‍්‍රදේශ වෙත ගොස් මනුෂ්‍ය ඝාතන කරන කුලී මිනීමරුවන් තිදෙනෙක් ගාල්ල වටරැක ප‍්‍රදේශයේ නිවසකදී පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂයක් දෙකක් ලබාදෙන්නේ නම් ඔවුහු ඕනෑම කොන්ත‍්‍රාත්තුවක් භාර ගැනීමට සැදී පැහැදී සිටිති. සොරකම්, කොල්ලකෑම්, ස්ත‍්‍රී දුෂණ හා කප්පම් ගැනීම්වලට අමතරව එම සැකකරුවන්ගේ රැකියාව වන්නේ මිනීමැරීමයි. ඒ තරමටම ඔවුන්ට එම කටයුත්ත පහසු දෙයකි.
දිනය ඉකුත් 11 වැනිදාය. වෙලාව උදෑසන 7.00 පමණ විය. මාතර තුඩාවේ පදිංචි සත්ව ගොවිපොළක් හිමි මංජු ලක්ෂාන් (36) නමැති තිදරු පියාගේ නිවසට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මංජු ලක්ෂාන් කවුදැයි පළමුව ඇසීය. මංජුගේ මස්සිනා ඔවුන්ට එහායින් සිටි මංජුව පෙන්වා සිටි විට එම පුද්ගලයින් දෙදෙනා කුකුළු මස් මිලදී ගැනීමට පැමිණි බව කීය. කුකුළු මස් නොමැති බව කියූ විට එහෙනම් එළු මස් දෙන්න යයි ඔවුන් කීවේය. එළු මස් ද නැති බව පැවසූ විට ඌරු මස් දෙන්නයි ඔවුන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව ඌරු මස් කිලෝ තිහක් සවසට ගන්න සූදානම් කර තබන ලෙස දැන්වූ ඒ දෙදෙනා රුපියල් දෙදහසක අත්තිකාරම් මුදලක් ද මංජු අතට දී පිටව ගියහ. නැවත ඉර බැස යන මොහොතේ සවස 6.30 ට පමණ ඔවුන් පැමිණියේ ඌරු මස් රැගෙන යාමේ මුවාවෙනි. මංජු සමග කතා බහ කරමින් සිටි යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා එකවරම සඟවා තිබූ ගිනිඅවියක් පිටතට ගෙන මංජු ලක්ෂාන්ට වෙඩි තැබීය. ඒ සමගම එතැනට පැමිණි මංජුගේ මස්සිනා වැටට සවිකර තිබූ කිතුල් පොල්ලක් ගෙන ඔවුන්ට තඩි බෑවේය. සැකකරුවන් දෙදෙනා ඔහුටද වෙඩි තැබුවද ඒවා ශරීරයේ නොවැදී ගියේය.
කිතුල් පොලූ පහරින් සැකකරුවකු බිම ඇද වැටුනු අතර තුවාල සහිතව සිටි මංජු ලක්ෂාන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් අවසන් හුස්ම පොද පිටකර තිබුණි. අපරාධය සිදුකළ ස්ථානයට පැමිණි ප‍්‍රදේශවාසීන් බිම වැටී සිටි සැකකරුවකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන්නේය. ඒ වන විටත් යතුරුපැදිය පදවාගෙන පැමිණි අනෙක් සැකකරු පළාගොස් තිබුණි.
බිම වැටී තිබූ ගිනිඅවි දෙකක් හා ජීව පතරොම් නවයක් පොලිසිය ඉන් පසුව සොයා ගත්තේය.
![]() |
නවීන්ගේ බිරිඳ හා දියණිය |
![]() |
මංජුගේ බිරිඳ |
![]() |
අත්අඩංගුවට ගත් සැකකරු |
සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කළ විට පැවසුවේ තමා සමග පැමිණි මිතුරා හා මංජු ලක්ෂාන් අතර ඇති වූ මුදල් ආරවුලක් මත මේ අපරාධය කළ බවයි. ඒ වන විට ඔහුට හොඳටම තුවාල සිදුවී තිබූ නිසා එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේ අවස්ථාව පොලිසියට අහිමි විය.
පසුව ඔහු මාතර මහ රෝහල වෙත ඇතුළත් කොට එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. එම සැකකරු පළා ගිය සිය මිතුරා ගැන අසත්‍ය තොරතුරු පවසා තිබූ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට එතරම් පහසු කටයුත්තක් නොවීය.
ඒ නිසාම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා මේ අපරාධය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළේය. එහි ප‍්‍රධානියා වූයේ තිහගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ මහතාය.
ඒ අනුව ඔවුන් මූලික විමර්ශන කිරීමේදී හෙළි වූයේ මෙය කොන්ත‍්‍රාත් පදනම මත කළ මිනීමැරුමක් බවයි. ඒ සඳහා කොළඹ සිට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ එම සැකකරුවන් පැමිණ ඇති බවටද පොලිසිය අනාවරණය කර ගත්තේය.
පසුව මෝටර් රථය හිමි කුලී පදනම මත වාහන බදු දෙන ආයතනය සොයාගෙන ගොස් ඔවුන්ගෙන් තොරතුරු ලබාගත් පොලිසිය අදාළ රතු පැහැති මෝටර් රථයද පොලිසිය භාරයට ගත්තේය. පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ මහතා ඇතුළු කණ්ඩායම දුරකථන විශ්ලේෂණ වාර්තාද ලබා ගනිමින් ඊට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ඉකුත් 22 වැනිදා ගාල්ල වටරැක නිවසකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මීගමුව බන්ධනාගාරයේ සිටින පාතාල කල්ලි නායකයකු වූ මදුෂ් නමැති සිරකරුගේ උපදෙස් මත මාතර තුඩාවේ පදිංචි මංජු ලක්ෂාන් ඝාතනය කළ බවයි.
ඒ සඳහා මදුෂ් ඔවුන්ට රුපියල් ලක්ෂ දෙකක් ලබාදීමට එකඟ වුවද ඔහු ලබාදී තිබුණේ රුපියල් හතළිස් දහසක් පමණි. අදාළ පාතාල කල්ලි නායකයා බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන උපයෝගී කරගෙන මේ අපරාධ මෙහෙයවන බව කියති.
ඒ ආකාරයට ඔහුට අයත් හෙරොයින් මත්කුඩු විකුණන පුද්ගලයකු මාතර දැල්කඩදී සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තු දුන්නැයි භාරදී තිබේ.
ඒ සඳහා මෝටර් රථයෙන් ගාල්ල වටරැකට පැමිණ ඇති කුලී මිනීමරුවන් දෙදෙනා ඉන් අනතුරුව මාතරට පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි. ඔවුන්ට මංජු ලක්ෂාන්ගේ නිවස පෙන්වා ඇත්තේ මාතර මැද්දවත්තේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත‍්‍රයෙකු විසිනි.
මත්කුඩුවලට තදින් ඇබ්බැහිවූවකු වන එම පුත‍්‍රයාට දිනකට මත්කුඩු සඳහා වැයවන වියදම රුපියල් දසදහසකි. මංජු ලක්ෂාන්ගේ නිවස පෙන්වා දීම වෙනුවෙන් ඔහුට මත්කුඩු පැකට් පහක් තෑගි ලෙස ලැබී තිබේ.
එම සැකකරුද මේ අපරාධයට ආධාර අනුබලදීම යටතේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මස් ඕඩරය බාරදී එන අතරතුරදී යතුරුපැදිය පැදවූ මිනීමරුවා අනෙක් සැකකරුට තවත් සැඟවී තිබූ අපරාධයක් ගැනද කීවේය. ඒ මාතර නාදුගල වේල්ලේදීය. මචං දැන් අවුරුදු දෙකකට කලින් මම මෙතැනත් ගේමක් ගැහුවා. උගේ මූණවත් බලන්න බැරි විදියට දුන්නා. පෙට්ටිය සීල් කරලයි මිනිය වළ දැම්මේ කියාය.
ඒ අනුව මංජු ලක්ෂාන් මරා දැමීමෙන් පසු අහංගම කතළුවේ පදිංචි කුලියට මිනීමරමන්නා පළා ගොස් ඇත්තේ ඒ අසල ඇළ මාර්ගයකට පැන පිහිනා ගොස්ය. ඔහු කිලෝමීටර් පහක පමණ දුරක් මහ රෑ පිහිනා ගොස් මාතර අකුරැස්ස මාර්ගයට ළඟා වී තිබේ. පසුව අහම්බෙන් හමුවූ ත‍්‍රිරෝද රථයකට ගොඩවී ගාල්ල වටරැුකට ගොස් මෝටර් රථයෙන් නැවත කොළඹ ගොස් ඇත.
ඒ යන අතරතුරදී මීගමුව බන්ධනාගාරයේ සිටින පාතාල කල්ලි නායකයාට ද දුරකථන ඇමතුමක් දී සිදුවූ දෙය ඔහු පවසා තිබුණි. පසුව මීගමුවේ ඥාති නිවසක රැුඳී සිටියදී ප‍්‍රධාන සැකකරු කිතුල් පොලූ පහර වැදීමෙන් වූ තුවාලවලට ප‍්‍රතිකාර ගැනීම සඳහා නැවතත් ගාල්ල වටරැුක සිය මිතුරාගේ නිවස වෙත පැමිණ තිබේ.
එහිදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු 2010 වසරේ ඔක්තෝබර් මස 15 වැනි දින මාතර නාදුගල වේල්ලේදී හිසට වෙඩි තබා ඝාතනය කළ නවීන් ජයවික‍්‍රම (35) නමැති එක්දරු පියාට වූ දෙය පිළිබඳවද පාපොච්චාරණය කළේය.
බන්ධනාගාරයේ සිටින උනාකුරුවේ ශාන්ත කීවා වැඩක් දෙන්න තියනවා ඒක කරන්න ලක්ෂයක් දෙන්නම් කියලා. ඒ අනුව මා තිදෙනකුත් සමග කොළඹ සිට කුලියට ගත් සුදු පැහැති වෑන් රථයකින් මාතර කඹුරුගමුවේ මගේ මිතුරකුගේ නිවසට ආවා. ඔහු ගරාජ් වැඩ කරන්නේ. ශාන්ත ඔහුටත් ඇමතුමක් දී කීවා අපිට උදවු කරන්න කියලා. ඒ අනුව අප එම නිවසේ රෑ ගත කළා. පසුදා උදෑසන වෑන් රථයේ අංක තහඩුව ගලවා වෙනත් අංකයක් සවි කළා. නවීන්ට දුරකථන ඇමතුමක් දී කුඩු ටිකක් ගෙනාවා. එය ගන්න නාදුගල වේල්ලට එන්න කීවා. ඒ අනුව වෑන් රථයෙන් අප ගොස් සිටින විට නවීන් ආවා. එතැනදී ඔහුට වෙඩි තබා මරා දැමුවා. පසුව වෑන් රථයෙන් කඹුරුගමුවේ යාළුවාගේ නිවසට ඇවිත් අංක තහඩු යළි මාරු කොට වීදුරුවල කළු ස්ටිකර් ගලවා අපි කොළඹ ගියා. ඒ ඝාතනය වෙනුවෙන් උනාකුරුවේ ශාන්ත අපට ලක්ෂයක් වටිනා මත්කුඩු එවා තිබුණා. අපි ඒවා විකුණලා සල්ලි කර ගත්තා. නවීන් ශාන්තගෙන් ගත් කුඩුවලට රුපියල් ලක්ෂ දොළහක පොල්ලක් තැබීම නිසයි ඔහු මරා දාන්න කොන්ත‍්‍රාත්තුව ලැබුණේ.
කෙසේ වෙතත් මීට වසර තුනකට ඉහතදී සිදුකළ එම ඝාතනයේ වගකීම බැරවූයේ ඒ කාලයේ පැතිර ගිය සුදු වෑන් භීතිකාවටය.
ඒ නිසා සුදු වෑන් රථයකින් පැමිණි සාමාජිකයෝ පිරිසක් එය කරන්නට ඇති බවට බොහෝදෙනකු පවසා ඇත. එහෙත් එහි සැබෑ සුලමුල ඊට සම්බන්ධ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි විය.
ඒ සඳහා ආධාර අනුබල දුන් මාතර කඹුරුගමුවේ ගරාජ් කාර්මිකයාද පොලිස් අත්අඩංගුවට පත්විය. කතළුව මහහේන පදිංචි දොඩන්දුව වඩුගේ චමින්ද (29) නමැති ප‍්‍රධාන සැකකරු විවාහ පහක් කර ගත් අයෙකි. වල්ගම, නෙළුව, නුවර, කොප්පරාවත්ත හා ඇඹිලිපිටිය ආදී ප‍්‍රදේශවල ඔහුගේ බිරින්දෑවරු සිටිති.
මීට පෙර හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වසර තුනක පමණ කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින විට ඔහු අදාළ පාතාල කල්ලි සාමාජිකයින් දැන හඳුනා ගෙන තිබේ. ඉන් අනතුරුව ඔවුන්ගේ උපදෙස් මත ඇප ලබා පැමිණි පසු මේ අපරාධ කර තිබේ.
අම්බලන්ගොඩ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසක කළ කොන්ත‍්‍රාත් මිනීමැරුම්වලට ඔවුන් සම්බන්ධ වී තිබෙන බව කියති. මංජු ලක්ෂාන්ගේ මස්සිනා ඔහුගේ හිසට කිතුල් පොල්ලෙන් පහරදීම නිසා නිතර අසනීප වන බව කියන එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට පොලිසිය බියක් දක්වන්නේ ඒ නිසාය. එබැවින් ඔහුගෙන් සාමාන්‍ය ලෙස ප‍්‍රශ්න කරගෙන යයි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී ඝාතනය කිරීමට භාරගත් පුද්ගලයින් කිහිප දෙනකුගේද නම්ගම් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මේ අපරාධ මෙහෙයවන මහමොළකරුවන් සමාජයේ නිදහසේ ජීවත්වන පුද්ගලයකුටත් වඩා සූක්ෂ්ම ලෙස බන්ධනාගාරය තුළ සිට දුරකථනයෙන් ඒවා මෙහෙයවනු ලබයි. තමන්ට විරුද්ධවාදීන්ගෙන් බේරීමක් නොමැති බව දන්නා නිසා ඇතැම් වැරදිවලට ඇප හිමිවුවද ඔවුන් රිමාන්ඞ් භාරයට වී සිටින්නේ සිය ජීවිත ආරක්ෂාව සඳහාය. එබැවින් සොච්චම් මුදලට මනුෂ්‍ය ජීවිත විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීම කාලෝචිතය.
දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ, සාජන් 55870 පී.බී. ෂෙල්ටන්, කොස්තාපල්වරුන් වන 32036 සරත්චන්ද්‍ර, 36324 කුලතුංග, 82386 කුමානායක හා 82554 චතුරංග යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ කුලී මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඝාතන වැලක් හෙළිකළ කුලී මිනීමරුවෝ
ශාන්ති Thursday, 06 February 2014 04:55 PM
මේ කුඩු ගෙන්නන්නේ කවුද ? ඒකනේ නවත්තන්න ඕනේ ලොකුම අපරාදේ ? ඒක හොයන්න ගියොත් ගෙදරම යන්න වෙයිද මෙයාලට ? (නදී)
kaalinga Monday, 10 February 2014 04:11 PM
ලංකාව වගේ රටකට මරණ දඩුවම ගෙන්න බැරි ඇයි (දී)
සුමේධ Friday, 07 February 2014 05:09 PM
අපේ රටට මරණ දඩුවම අවශ්‍යයි (දී).
ඉන්දික Wednesday, 05 February 2014 08:50 PM
රුක්මන් මහතා හොද වැඩක් කරලා තියෙන්නේ (දී)
ප්‍රභාත් Friday, 07 February 2014 03:56 AM
සන්ති.ඔයත් කුඩු ගහල ද.?(අ)
විදුර Friday, 07 February 2014 07:23 AM
රුපියල් 75ට මිනි මරණ කාලයක් මේ (දී)
සරත් පෙරේරා Tuesday, 11 February 2014 03:08 PM
මිනි මරණ එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා (දී)