IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගලේ ගැහුවත් නොමැරෙන ගල් පරයෙන් හමුවූ දරුවා

කුඩා දරුවන්ට දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බවට සමාජය තුළ විශ්වාසයක් පවතී. ඇතැම් අනතුරුවලදී කිසිදු හයහතරක් නොදන්නා දරුවන් බේරෙන්නේ විස්මිත ආකාරයටය. ඒ ආකාරයෙන් මෙලොවට ජනිත වී දින තුනක් යනතෙක්ම කිසිදු පිහිටක් නොලැබී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවූ බිළිඳෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර බ‍්‍රවුන්ස් හිල් ප‍්‍රදේශයෙන් වාර්තා විය. මුහුදෙන් හමන සුළගේ වේගයත් සමග එන රළ පහරත්, වෙරළ පාරේ ධාවනය වන වාහන ප‍්‍රමාණයත් හේතුවෙන් එම ප‍්‍රදේශය තුළ පවතින්නේ දැඩි ඝෝෂාකාරී බවකි. එහෙත් ඉකුත් 27 වැනි දින එම ශබ්ද අතුරින් කෑ මොර දෙන හඬක් බ‍්‍රවුන්ස් හිල් කැලෑව දෙසින් ඇසෙන්නට වනබවට කිසිවකු විසින් මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප‍්‍රශාන්ත මහතා වෙත දැනුම් දෙන ලදී. ඒ අනුව වහා කි‍්‍රයාත්මක වූ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් කැළෑව පිරික්සන්නට වූහ. එහිදී ‘‘මෙන්න ගල් පරයක් තුළ දරුවකු සිටිනවා,’’ යයි පොලිස් කොස්තාපල් 59750 පී.වී.ඒ. ලසන්ත මහතාට කියැවුණේ ඉබේටමය. එම දැනුම්දීම අනුව ඒ අවට සිටි සැරයන් 55850 ජී. සුමතිපාල මහතා ඇතුළු නිලධාරීද යුහුසුළු වී ගල් පර්වතය අසලට පැමිණියහ. කිසිදු රෙදි කැබැල්ලක්වත් නොමැතිව ගල් පර්වතය තුළ සිරවී සිටි බිලිඳා ඉතා ඉක්මනින් පිටතට ගන්නා ලදී. ඒවන විට දරුවාගේ ඇඟ පුරා කූඹින් වසා සිටියේය. කුහුඹින්ගේ සපා කෑමේ වේදනාවට දරුවා කෑ මොර දෙමින් සිටියේය. කූඹින් කොපමණ දරුවා වසා ගෙන සිටියාදැයි කිවහොත් ජනනේන්ද්‍රිය ප‍්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුවී තිබුණි. පොලිසිය වහා දරුවා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී. එහිදී මූලික ප‍්‍රතිකාර ලබාදී දරුවා පිරිසිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තේය. ඒ වන විට දරුවාගේ වයස දින තුනකි. මෙලොවට ජනිත වී මවු සෙනෙහසක් පිය සෙනෙහසක් හෝ කිසිදු උණුසුමක් නොමැතිව මේ දරුවා තනිවම කැලෑවට වී සිටීම සියලූ දෙනාගේ පුදුමයට හේතුවූ කරුණකි. තද අව් රශ්මියට හසුවී වර්ෂාවට හසුවී මුහුදු සුළගට ලක්ව මේ ආකාරයෙන් දින තුනක් බිළිදෙකු ජීවත් ව සිටීම ද විමතිය දනවන්නකි. ගලේ ගැහුවත් මැරෙන්නේ නැත්තේ මෙවැනි දරුවන් යැයි ඇතැම්හු කීහ. කෙසේ වෙතත් මෙම අපරාධය සිදුකළ මවට බොහෝ අය ශාප කරන්නට වූහ. මේ අතර පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වූයේ සැකකාර මව කවුරුන්දැයි හඳුනා ගැනීමටය. මාතර මහ රෝහල ඇතුළුව අවට රෝහල්වල අලූත උපන් දරුවන්ගේ මවුවරුන්ගේ නාම ලේඛන ද සොයා ගත්තේය. එහෙත් ඉන් සාර්ථක තොරතුරක් ලබා ගත නොහැකි විය. ඉන් දින කිහිපයකට පසු ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති එච්.ඒ.චන්ද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ලැබුණේය. සර්, අපේ ගමේ කාන්තාවකට ළමයෙක් ලැබෙන්න හිටියා. දැන් ඒ ලකුණු නැහැ. හැබැයි ළමයත් නැහැ. ඒ ගැන සැකයි. එම ඇමතුමෙන් කියැවිණි. ඒ අනුව ක‍්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී එස්.ජී. කමලාවතී මහත්මිය ඌරුබොක්ක, පනාකඩුව ප‍්‍රදේශය වෙත ගොස් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්තාය. පොලිස් ස්ථානයට කැඳවාගෙන විත් පරීක්ෂා කිරීමේදී දරුවකු ප‍්‍රසූත කර ඇති ලක්ෂණ පෙනෙන්නට තිබිණි. විසිහතර හැවිරිදි ඇයට අවුරුදු පහක් හා හතක් වයසැති තවත් ගැහැණු හා පිරිමි දරුවන් දෙදෙනෙක් සිටිති. නීත්‍යානුකූලව විවාහවී නොමැති එම කාන්තාව ගේ සැමියා ඇය අතහැර ගොස් සිටින බවද පොලිසිය කිියයි. මිද්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඇතිකරගත් සම්බන්්ධතාවයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම තෙවැනි දරුවා ලැබී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. බන්ධනාගාර නිලධාරියකුගේ දරුවන් තිදෙනෙකු බලා ගැනීම සඳහා මාතර නගරයට යන එන අතරතුරදී එම සම්බන්ධතාව ඇතිවී තිබෙන බව පොලිසිය කියයි. එම සැකකාරිය හා මිද්දෙණියේ පදිංචි පුද්ගලයා අවස්්ථා ගණනාවකදී මාතර නගරයේ හෝටල් වෙත ගොස් උපරිම අයුරින් තහනම් ආදරයේ සුන්දරත්වය අත්විඳ තිබේ. අවසන් වශයෙන් ඔවුන් මුණ ගැසී ඇත්තේ ඉකුත් 25 වැනි දින බ‍්‍රවුන්ස හිල් ප‍්‍රදේශයේ හෝටලයක් තුළදීය. ඒ වන විට දරුවකු පිළිසිඳ ගෙන සිටින බව දෙදෙනා දැනගෙන සිටියත් එදින දරුවකු ලැබේවි යන්න සිහිනෙන්වත් නොසිතූ බව කියති. මේ අතර රාත‍්‍රී 12.00ට පමණ සැකකාර කාන්තාවට ප‍්‍රසූත වේදනාව ඇති වී කෑ ගසන්නට වූවාය. රෝහල වෙත යාමට ත‍්‍රී රෝද රථයක්වත් ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසා අනියම් සැමියා ඇය පා ගමනින්ම කැඳවා ගෙන යාමට තීරණය කළේය. ඒ අනුව හෝටලයෙන් පිටතට පැමිණ සුළු වේලාවක් යන්නටත් පෙර සැකකාරිය දරුවා ප‍්‍රසූත කරන්නට පටන් ගත්තාය. එහි සියලූ වින්නඹු ක‍්‍රියා සිදු කළේ ඇගේ අනියම් සැමියා විසිනි. මහ රෑ පාළු කැලෑබද ප‍්‍රදේශයක සිදුවූ මෙම අනපේක්ෂිත සිද්ධිය දැන සිටියෝ ඔවහු දෙදෙනා පමණි. මේ නිසාම සැකකාර අනියම් සැමියා මෙලොව එළිය දැක මිනිත්තු කිහිපයක් ගතව සිටි කිරි සප්පයා දෑතට ගෙන අසල කැලෑවට විසි කර දැමුවේ තිරිසන් සතෙකුටත් නොදෙවෙනි ලෙසය. ඉන්පසු ඔවුන් කිසිදු දෙයක් සිදු නොවූ ආකාරයෙන් සිය නිවෙස් වෙත ගොස් කාලය ගත කරමින් සිටියහ. කෙසේ නමුදු ප‍්‍රදේශවාසියෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව මේ වන විට මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නීය. දස මසක් කුසේ දරා සට ඇය විසින් බිහි කළ බිළිඳාද මේවන විට එම රෝහලේම නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි. රෝහලේ හෙද හෙදියන්ගේ උණුසුමෙන් හැදී වැඩෙන දරුවාගේ ශරීර සෞඛ්‍ය මේ වන විට යහපත් අතට හැරී ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය. සැකකාර කාන්තාවගෙන් හෙළිවූ තොරතුරු අනුව ඇගේ අනියම් සැමියා බව කියන 42 හැවිරිදි පුද්ගලයකුද රත්නපුර ගොඩකවෙල ප‍්‍රදේශයේදී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැදු මවට එපාවී කැලෑවට විසි කළ කිරි සප්පයා හදා වඩා ගැනීමට මේ වන විට මවුවරුන් දහස් ගණනක් ඉදිරිපත් ව සිටී. දරුවන් නොමැතිව කාලයක සිට වේදනාවෙන් සිටින අඹු සැමියන්ද ඒ අතර වෙති. බ‍්‍රවුන්ස් හිල් කැලෑවේ ගල් පරයකින් හමුවූ බිළිඳා ලබාගැනීමට ඇතැම්හු නීතිඥවරුන්ට රුපියල් ලක්ෂ ගණනක් දීමටද කැමැත්ත පළ කොට තිබේ. මෙවැනි දරුවන් වාසනාවන්ත බවටද ඔවුන් අතර පිළිගැනීමක් ඇත. කෙසේ වෙතත් නීත්‍යානුකූල භාරකාරත්වයක් නොමැතිව දැනට පරිවාස භාරයේ සිටින බිළිඳා සැකකාර මවට භාර නොදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ගෙන යන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පැවසීය. බිළිදා හොඳින් රැක බලා ගත හැකි සුදුසු යුවලකට පරිවාස නිලධාරීන් මගින් භාර දෙන ලෙසට ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් කීය. නොමිනිසුන් අතර උසස් ගුණ ධර්ම ඇති මිනිසුන් ද සිටී. එම නිසා යහපත් පවුලකට යාමට හැකි වුවහොත් ගල් පරයෙන් හමුවූ බිළිඳාගේ අනාගතය වාසනාවන්ත වනු ඇත. දරුවන් සම්පතක් බව සියලූදෙනා දැනගෙන සිටීම වැදගත් වේ. මෙම අවාසනාවන්ත සිද්ධිය වූ දිනයේම මාතර මහ රෝහල ඉදිරිපිටදී අලූත උපන් බිළිදෙකු පැහැර ගෙන යන බවට කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 අංකයට තොරතුරක් ලැබුණි. ඒ අනුව ක‍්‍රියාත්මකවූ මාතර රෝහල් පොලිසියේ ස්ථානාධිපති සිසිර වෙත්තසිංහ, සැරයන්වරුන් වන 19927 සාගර සිරිවර්ධන, 55934 සමන්ත මල්ලවාරච්චි යන නිලධාරීහු අදාළ ත‍්‍රී රෝද රථය පොලිස් භාරයට ගත්හ. එහිදී හෙළිවූයේ එය පවුල් ආරවුලක් මත සිදුවූ දෙයක් බවයි. තම දියණියට උපන් කුළුදුල් දරවා මහ ගෙදරට පළමුවම කැඳවාගෙන යාමට මව සිතාගෙන සිටියාය. එහෙත් දියණියගේ සැමියා ඊට විරුද්ධ විය. ඔහුට අවශ්‍ය වූයේ තම බිරිඳ හා දරුවා යන දෙදෙනාම පදිංචි නිවස වෙත කැඳවා ගෙන යාමටය. මේ නිසා දෙනියායේ සිට ත‍්‍රී රෝද රථයකින් පැමිණි මිත්තනිය සිය දියණියට උපන් දරුවා බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම ආරවුල හටගෙන තිබිණි. පසුව දෙපාර්ශ්වයටම කරුණු පැහැදිළි කර දුන් පොලිසිය බිළිදා දෙමාපියන්ට භාර දී ඔවුන් පදිංචි නිවස වෙත යාමට ඉඩ කඩ ලබා දුන්නේය. ඉන් පැහැදිලි වූයේ දරුවන්ට කොයි තරම් ආදරේද යන්නයි. අලූත උපන් දරුවා ගෙදර ගෙනයාමේ බලාපොරොත්තුවෙන් දෙපාර්ශවයේම නිවාස අලූත් වැඩියා කොට පිරිසිදු කර තිබුණි. එහෙත් බ‍්‍රවුන්ස් හිල් කැලෑවෙන් හමුවූ දරුවාට එවැනි ආදරයක් කරුණාවක් දෙමාපියන්ගෙන් හෝ ඥාතීන්ගෙන් නොලැබිණි. එම බිළිදාට පිහිට වූයේ කාකි ඇඳුම ඇඳ ගත් පොලිස් නිලධාරී පිරිසකි. ඔවුන් වහා කි‍්‍රයාත්මක නොවුනේ නම් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොව අස්ථි කැබැල්ලක් හෝ සොයා ගත නොහැකි වනු ඇත. එබැවින් මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට ලක්වන දරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කළ හැකි නම් එය විශාල පන්කමකි. දරුවා අනවශ්‍ය නම් එය නීත්‍යානුකූලව වෙනත් අයෙකුට පවරා දීමට ලංකාවේ නීති ඇත.එසේ නොමැතිව මේ ආකාරයෙන් විසිකර දැමීම කිසිදු අයුරකින් යුක්ති සහගත නොවනු ඇත. එම ක‍්‍රියාවට නීතියෙන් දඬුවම් ලැබෙන්නා සේම ස්වාභාවික යුක්ති ධර්මයෙන්ද කවදා හෝ දඬුවම් ලැබෙනු ඇත.

ඡායාරූප හා සටහන - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්



අදහස් (0)

ගලේ ගැහුවත් නොමැරෙන ගල් පරයෙන් හමුවූ දරුවා

හර්ෂ Tuesday, 24 April 2012 11:33 PM

මේ වගේ ගෑණු අය මරලත් මදි

:       0       0

නුවන් Monday, 24 September 2012 09:54 AM

බුදු සරණයි

:       0       0

නුවන් Monday, 24 September 2012 09:54 AM

අනේ වාසනාවන්

:       0       0

කෝලිත Monday, 24 September 2012 10:01 AM

අනේ මන්ද

:       0       0

අලිබබා Sunday, 08 April 2012 02:17 PM

සැම මනූෂ්‍යයයෙක් වෙතම දෙවියාගේ ආරක්ෂාව තිබෙනවා. කුඩාදරැවන්ට එය ඉතා විශේෂයි. කුඩාදරැවෙක් හෝ වෙිවා. වැඩිහිටියෙක් හෝ වෙිවා. ඒ සෑම කෙනෙක් ලගම දේවදුතයන් දෙදෙනෙකු සිටිනවා. සමහර අපදා අවස්ථාවලදී දෙවියාගේ නියෝගය මත එම දේවදුතයන්ගේ උදවු වුපකාරයන් අපට ලැබෙනවා. මෙයත් එක් නිදසුනක්. කෙසේ හෝ වෙිවා. වාසනාවන්ත දරැවෙක්.

:       0       0

ලක්මාලි Tuesday, 16 April 2013 12:03 PM

පුතේ නුඹට බුදුසරනයි. සුබ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රභා Sunday, 08 April 2012 05:03 PM

මේ වගේ අම්මලට........................

:       0       0

අමිල Saturday, 14 April 2012 06:54 AM

මේ වගේ අම්මලාගේ කුසට දරුවන් නොඒවා.

:       0       0

එල්.පී.කේ. ජයසිංහ Sunday, 08 April 2012 06:58 PM

දරුවා අපිට හාදගන්න දෙන්න

:       0       0

ෆාතිමා සෆ්නා Sunday, 08 April 2012 10:16 PM

මරණය පරදා ලොව දිනා දිනයක යසසින් වැඩබෙනු මැන පුත. ඔබට කල පව අම්මා පසුපස එනු ඇත නිරතුරු.

:       0       0

නිමල් Monday, 09 April 2012 12:28 AM

මෙවැනි පාපතරයන්ට නීතිය පිලිසරණකි. මූට දඩුවම් කළ යුතු වෙන්නේ අව නීතිය තුළිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 121 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 236 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 191 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 801 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 47 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 602 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 459 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site