IMG-LOGO

ගමේ කෙල්ලන් අමාරුවේ දමා දුක්විඳ මියගිය නීටා

 24_PAGE_13_T

 

මේ ජීවිතයේදීම කළකම් පළදෙන හැටියමකු යහපත් දෙයක් කළහොත් ප‍්‍රතිඵලය යහපත්ය. අයහපත් දෙයෙහි ප‍්‍රතිඵලය ද අයහපත්ය. කළකම් පළදෙන බව වටහා ගැනීමට ඊටත් වඩා මගක් නැත. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

බටුගොඩ ශ්‍රී  ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය. 

2
කෙල්ලන් අමාරුවේ දැමූ නීටා ඇන්ටිට මේ ජීවිතයේදීම දුක උරුම විය සත්වයකු මියගිය පසු කිසියම් ආත්මයක උපත ලබයි. පව් කළ අය මරණින් මතු දුගතියෙහි උපදියි. පිං නොහොත් යහපත් ක‍්‍රියාවන් සිදු කළ අය මරණින් මතු සුගතියක උපත ලබයි. ‘නිරයං පාප කම්මන්තා - පුඤ්ඤකම්මාච සුග්ගතිං’ යනුවෙන් ඒ බව බුදු දහමෙහි පෙන්වා දෙයි. අකුසල කර්ම කළ අයෙකු මිය ගිය පසු දුගතියෙහි ඉපදුණහොත් දානාදී පිංකම් කර පිං අනුමෝදනා කිරීමෙන් ඔහුට හෝ ඇයට හෝ සුගතියක් ලබාදිය හැකි බව පවසයි. එහෙත්  එලෙස සුගතියක් ලබා දීමට නොහැකි ස්ථානවල උපත ලැබුවහොත් කිසිවකුටත් ගලවා ගත නොහැක. ‘පරදත්ථූපජීවී’ නම් පේ‍්‍රත ආත්මයක උපත ලැබුවකුට නම් ඥාතීන් පිං ලබා දීමෙන් යහපත් ආත්මයක් ලබා දිය හැකි බව සඳහන් වෙයි.


මිනිසත් බව ලැබූ ඇතැම් දෙනා විසින් යහපත් ක‍්‍රියාවන් සිදු කිරීමෙන් තමන්ටම යහපතක් කර ගැනෙයි. එහෙත් ඇතැම්දෙනා විසින් අකුසල් නොහොත් පාපකර්ම කිරීම  මගින් තමන්ට මෙන්ම බොහෝ දෙනෙකුට අවැඩක්ම සිදු කරනු ලබති. එවැනි පාප කර්ම නිසා පේ‍්‍රත ආත්ම භාවයන් ලබා ඉතා දුකසේ කාලය ගත කරයි. ඔවුන් විඳින දුක් කොතෙක්ද යන්න ‘පේ‍්‍රතවත්ථු වර්ණනාව’ ග‍්‍රන්ථයේ එන කථා පුවත්වලින් දැන ගත හැකිය. ඇතැම්හු පේ‍්‍රත ආත්ම භාවයන් ලබා අනේක දුක් විඳිති. පේ‍්‍රත ආත්ම හතරක් ඇත. එනම්, 1. නිජ්ඣම තණ්හික 2. කුප්පිපාසිකය 3. පාංශු පිසාචය 4. පරදත්ථූප ජීවය යනුවෙන් හඳුන්වයි. පරදත්ථූපජීව යනු අනුන් දෙන දෙයින් යැපෙන්නා යන අර්ථය ගෙන දෙයි. එවැනි පේ‍්‍රත ආත්මයක උපත ලදහොත් ඥාතීන් විසින් දෙනු ලබන පිං අනුමෝදන් වීමෙන් එම පේ‍්‍රත ආත්ම භාවයෙන් මිදිය හැකිය.


අකුසල් කිරීම නිසා පේ‍්‍රත ආත්ම භාව ලබා, තමන් මිනිස් ආත්ම ලබා ජීවත් වූ නිවෙස්වලට පැමිණ නිවෙස් තුළ හෝ පිටත එම ගෙවත්තේ, නිවසෙහි අඳුරු ස්ථාන තුළ ඇතැම් විට වැසිකිළිය තුළ, ඉඳුල් බත් සහ කසළ දමන ස්ථානයේ, බිත්ති අයිනේ ඇඳුම් පැළඳුම්,  ආහාර පාන නොලබමින් ඉතා දුකසේ කල් ගෙවති. යමක් ඉවතලන තුරු බලා සිටිති. ඇතැම් පේ‍්‍රතයෝ කෙළ, සෙම් සොටු, මළ මුත‍්‍ර පවා ආහාර වශයෙන් ලැබෙන තුරු බලා සිටිති. ඇතැම් පේ‍්‍රතයන් වැසිකිළි වළ තුළට වී අසූචි වැටෙන තෙක් බලා සිටිති. මෙම පේ‍්‍රතයන් මිනිසුන්ගේ පියවි ඇසට නොපෙනෙති. එහෙත් සැරියුත් මුගලන් වැනි අධිමානසිකත්වය ලැබූ උතුමන් පේ‍්‍රත ආත්ම ලැබූවන් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබෙන බව ඉහත සඳහන් ‘පේ‍්‍රතවත්ථු වර්ණනාවේ’ එන කතාපුවත්වලින් පැහැදිළි වෙයි. එසේම මෑත භාගයේ විසූ මහාචාර්ය ‘නන්දසේන  රත්නපාල’ වැනි වියතුන් කරන ලද පර්යේෂණවලින් ද පේ‍්‍රතම ආත්ම භාව ලැබූවන් පිළිබඳ කරුණු සොයාගෙන ඇත.


පේ‍්‍රත ලෝකය යනු සැප සම්පත් නොමැති, නිශ්චිත ස්ථානයක් නොමැති, ශරීර ඉතා කෘෂ, බඬේ යට කොටස පිට කොන්දට ඇලී ඇති, බඩ ඉදිරියට නෙරා ඇති, අප‍්‍රසන්න රූපයකින් යුක්ත සත්ව කොට්ඨාසයක් බව පැහැදිලිය. ඔවුන්ට කුසගින්න නිවාගැනීමට ආහාර ද පිපාසය නිවාගැනීමට ජලයද කිසි දිනක නොලැබේ. එහෙත් කළ අකුසල් නිසා මිනිසුන්ගේ මෙන්ම තිරිසනුන්ගේ ද මළ මුත‍්‍ර ආහාර වශයෙන් ගනිති. ඇතැම් පේ‍්‍රතයෝ තමන්ගේම සිරුර සූරා කති. ඇතැමුන් තම සිරුරේම තුවාලවලින් ගලන ලේ සැරව පානය කරති. ‘මුහුණු කුණුව තව පේ්‍්‍රතව විඳි ගැහැට - පිසුනු බසක් නොකියව් අද පටන් සිට’ කේලාම් කියා භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කිරීමේ විපාක වශයෙන් බොහෝ කලක් අපා දුක් විඳ නැවත පේ‍්‍රත ආත්මයක ඉපදී මුහුණ කුණුවී අපමණ දුක් විඳි අයුරු එලෙස සඳහන් වෙයි. ඇතැම් විට ඔබේ ඥාතීන් පේ‍්‍රත ආත්මයක ඉපදී මුහුණ කුණුවී අපමණ දුක් විඳි අයුරු එලෙස සඳහන් වෙයි. ඇතැම් විට ඔබේ ඥාතීන් පේ‍්‍රත ආත්ම ලබා ඔබේ නිවසේ සිටිය හැක. එහෙත් ඒ පිළිබඳ කිසිසේත්ම බිය විය යුතු නැත. පේ්‍්‍රතයන්ට කිසිවකුත් කිසිඳු හානියක් කළ නොහැක. එවැනි ශක්තියක් ඔවුනට නැත. එහෙත් ඔවුන්ට පහසුවෙන් නිවෙස් තුළ සිටීමට අවශ්‍ය පසුබිම ඔබ ගන්නා ක‍්‍රියා මාර්ග තුළින් ලැබිය හැක. නිවස අවට කුණු කසළින් පිරී ඇත්නම්, අපිරිසිදුව ඇත්නම්, කෙළ සෙම් සොටු මිදුල පුරා ඇත්නම් පිළුණු ආහාර  තැන තැන දමා ඇත්නම් නිවැසියන් අතර සමගිය නැත්නම් එවැනි ස්ථාන පේ‍්‍රතයන්ගේ වාසස්ථාන බවට පත්වෙයි. එසේ වන්නේ එවැනි තැන්වලින් ඔවුනට පහසුවෙන් යැපීමට හැකි නිසාය.


පේ‍්‍රතයන් පිළිබඳ මෙතෙක් දුරට පැහැදිළි කළේ පේ‍්‍රත ආත්මයක් ලදහොත් විඳීමට සිදුවන දුක් කන්දරාව පැහැදිළි කිරීම සඳහාය. මේ ජීවිතයේදීම පේ‍්‍රතියක බවට පත්වූ, මියගිය පසුවත් පේ‍්‍රත ආත්මයක් ලැබූ එක්තරා කාන්තාවක පිළිබඳ හඳුන්වාදීමට අදහස් කළෙමි. 


ඇය රජරට දුෂ්කර ප‍්‍රදේශයක වාසය කළාය. නියම නම එය නොවුණත් කවුරුත් ඇය හඳුන්වනු ලැබුවේ ‘නීටා’ යන නමිනි. තරමක රූමතියක් වූ ඇය පාසල් ගමන නතර කළ වහාම කොළඹ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැුකියාවක් ලබාගත්තාය. ඇඟලූම් ආයතනයක බව පැවසුවත් එය කොතෙක් දුරට සත්‍යදැයි කිසිවෙක් නොදත්හ. මසකට වතාවක් ගමට එන ඇය අළුත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණීම ගමේ තරුණියන්ට අදහාගත නොහැකි තරම්ය. ඇය අත දිගහැර කරන වියදම් දුටු බොහෝ දෙනෙකු සිතුවේ ඇය ගමට එන සුර දූතිකාවක වශයෙනි. 


හේන් ගොවිතැනින් ජීවත් වූ මිනිසුන් සිටි මෙම ගම්මානයෙහි දුප්පත්කමින් පීඩා විඳි තරුණියෝ විශාල පිරිසක් සිටියහ. ‘නීටා’ ඇන්ටි මෙය දඩමීමා කරගත්තාය. තමන් ගත කරන සුරංගනා ලොව පෙන්වීමට එක් එක් තරුණිය කොළඹට රැුගෙන ගියේ උසස් ආයතනවල ඉහළ වැටුපක් ලබා දෙන රැුකියාවක් ලබාදෙන බව පවසමිනි. ඇගේ ඉච්ඡුා බස්වලට රැුවටුණ බොහෝ අහිංසක තරුණියෝ ඇය පසුපස ගොස් අවසන කොළඹ ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ ගණිකාවෝ බවට පත්වූහ. තරුණියන් රවටාගැනීමේ මනා හැකියාවක් ඇයට තිබුණි. තම දියණියන් එවැනි තත්ත්වයකට ඇද වැටී ඇති බව දැනගත් මාපියන් ‘නීටා’ ඇන්ටිට ශාප කළහ. ඇතැම් දෙන සමාජයට මුහුණ දීමට නොහැකිව දිවි නසාගත්හ.


මෙසේ අහිංසක තරුණියන් වරදට පොළඹවා ගෙන විශාල වශයෙන් ධනය ඉපැයූ නීටා සුවකළ නොහැකි පිළිකා රෝගයකට ගොදුරු වූවාය. පිළිකාව හැදුනේ කිසිවකුටත් පෙන්වීමට අපහසු ස්ථානයකය. කොතෙක් ප‍්‍රතිකාර කළත් සුවයක් ලැබීමට නොහැකි විය. ඇය දවසින් දවස කෘෂ වූවාය. හිසෙහි කෙස් සියල්ල හැලී, දත් මුල් දියවී දත් ඇඳි පෑදුණි. මුලූ ගතම වැහැරුණ ඇය බැලූ බැල්මට පේ‍්‍රතියක් මෙන් දිස්වුණි. ඉතා අපහසුවෙන් ගමට පැමිණි ඇය ලෙඩ ඇඳෙහි දිගු කලක් දුක් වින්දාය. මළ මුත‍්‍ර ගොඩෙහි දුඟඳ හමමින් කිසිවකුගේත් අනුකම්පාවක් පවා නොලබමින් සෑහෙන කාලයක් දුක් විඳ මිය ගියාය. සුසාන භූමියෙහි වළලා දැමුව ද ඇය වාසය කළ නිවසෙන් ඉවත්ව නොගිය ලකුණු තිබිණි. නිවස කොතරම් සෝදා පිරිසිදු කළත් දුර්ගන්ධය නැති කළ නොහැකි විය. ඇතැම් දිනවල ඇය වැළපෙන හඬ ඇසෙන බව නිවැසියෝ පැවසූහ. බොහෝ දෙනා පැවසුවේ ඇය පේ‍්‍රතියක වශයෙන් උපත ලබා නිවසෙහි සැරිසරමින් සිටින බවය. පිළිකාවක් වැළඳීමට විවිධ හේතු සාධක තිබිය හැක. අප ගන්නා ආහාර පාන, ජීවත් වන පරිසරය වැනි විවිධ හේතු බලපානු ඇත. එබැවින් සියලූ පිළිකා රෝගීන් මේ ජීවිතයේදීම පව්කළ අය වශයෙන් සැළකිය යුතු නොවේ. එහෙත් නීටා ඇන්ටිට පලදුන්නේ මේ ජීවිතයේදීම ඇය විසින් කරන ලද අකුසල කර්මවල විපාක බව සක්සුදක්සේ පැහැදිලිය.

 

 


අනුරාධපුරයේ පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.

රෝගීන්ට අකාරුණික වූ සේවකයාට දේව දඬුවමක්


රෝහල් සේවකයන් රෝගීන්ට අකාරුණික ලෙස සලකන බව නිතර නැෙඟන චෝදනාවකි. රෝහල් සේවකයන් සිතා සිිටින්නේ උසස් නිලධාරීන්ගෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් හෝ දඬුවම් නොලැබෙන්නේනම් තමා දිනා ඇති බවයි. එහෙත් ඔවුන්ට ඒවා කවදා හෝ පළදෙන බව ඔවුහු නොදනිති. එහෙත් රෝගීන්ට අකාරුණික ලෙස සැලකූ අයට මේ ආත්මයේදීම ඒවා පලදුන් හැටි මම දැක ඇත්තෙමි. 


අවුරුදු 40ක හෙද සේවා කාලයක් නිමවා විශ‍්‍රාම දිවියේ දසවැනි වසර ගෙවන මට ඒවා බොහොමයක් සිහිපත් කළ හැක. දැනට සේවයේ සිටින අයට හා රෝහල් සේවයට පිවිසීමට සිතා සිටින අයට ඔවුන්ගේ දැන ගැනීම සඳහා සංස්කාරක තුමාගෙන් අවසර ලැබෙන්නේ නම් වරින් වර ඒවා ඉදිරිපත් කළ හැක. පහත දැක්වෙන්නේ එක් සිදුවීමකි. 


රජරට ප‍්‍රධාන රෝහලක සේවය කළ සේවකයකු වූ මොහු විලියම් නමින් හඳුන්වමි. විලියම් කිසි දිනක රෝගීන්ට හොඳින් සැලකූ අයෙකු නොවේ. ඔහුට විරුද්ධව කොතරම් පැමිණිලි  කළත් ඔහුට දඬුවම් නොලැබුණ නිසා හෙදියන්ට ද පැමිණිලි කිරීම එපා විය. කාටත් හිසරදයක් වූ මොහු දෙපාර්තමේන්තුවෙන් දඬුවම් නොලැබුණු නිසා තමාට වුවමනා විදියට හැසිරෙන්නට විය. ඇඳෙන් බැසීමට අපහසු රෝගියකු මළ මුත‍්‍රා පහකිරීමට පෝච්චියක් ඉල්ලූ විට මොහුගෙන් ලැබුණේ බැණුම් හා ගෙරවිලි පමණකි. රෝගීන්ට ඔහු වහ කදුරු විය. රෝගීන් මෙන් අනෙක් රෝහල් සේවකයන් ද මොහුගෙන් නිදහස් වන දිනයක් ගැන ඇඟිලි ගනිමින් සිටියේ ඔහු විශ‍්‍රාම වයසට ආසන්නව සිටි කාලයේය. රෝගීන්ගේ දේ ගසා කා ඔවුන්ට නොසලකා අවසානයේ විශ‍්‍රාම ගොස් හොඳ විශ‍්‍රාම දිවියක් ගෙවන්නට ඔහුද කල්පනා කරමින් සිටින්ට ඇත. වඩාත්ම ආසන්න සිද්ධිය පහත දැක්වෙන පරිදි මගේ අත්දැකීමෙන්ම දක්වමි. 


එදා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් පරීක්‍ෂා කරන දිනයයි. නේවාසික වෛද්‍යවරයකු හා වෛද්‍යවරියක සමඟ ඔහු රෝගීන් පරීක්‍ෂා කරමින් සිටියේය. වේලාව දහවල් දොළහට ආසන්නය. රෝගීන්ට දිවා ආහාරය ද පැමිණියේ මේ වෙලාවේය. ආහාර ගෙන යන ට්‍රොලිය වෙත ගිය හෙදියක් උපස්ථායකත් සමඟ ආහාර බෙදීමට පටන් ගත්තාය. ඇඳෙන් ඇඳට ට්‍රොලිය ගෙන යමින් රෝගීන්ට ආහාර බෙදීම සාමාන්‍ය සිරිත වේ. ඇඳක් නැති රෝගීන්ට වෙනම ආහාර බෙදීම සිදුකෙරේ. ඇවිද යා හැකි රෝගීහු තම පිඟන් ගෙනැවිත් අහාර ලබාගනිති. 


මහ පාරේ වැටී සිටි කාත් කවුරුත් නොමැති සරදියෙල් නම් රෝගියකු ඉස්තෝප්පුවේ කොනක බිම සිටියේය. ඔහුට ඇවිදීමට ද නොහැකිය. ඔහුට රජයේ පිඟානක ආහාර බෙදා ආහාර බෙ¥ හෙදිය එය රෝගියාට ගෙන ගොස් දෙන ලෙස ඉහත කී විලියම් නැමැති සේවකයාට පැවරුවාය. ඔහු අකමැත්තෙන් එය රෝගියා ළඟ බිම තබා යන්නට ගියේය. පිඟාන ගැනීමට අත දිගු කළ නොහැකි නිසා ‘අනේ කංකානම් මහත්තයෝ බත් එක ළඟට දෙන්නකෝ’ කියා ඉල්ලා සිටියත් ඔහු එය නෑසුනාක් මෙන් ඉවත්විය. මා වෛද්‍යවරුන් සමඟ රෝගීන් පරීක්ෂා කිරීමේ කාර්යයෙහි නියැළුණු නිසා මට ඉන් ඉවත් වීමට නොහැකිය. මම විලියම් නම් සේවකයා කැඳවා රෝගියා ළඟට පිඟාන ලංකරන ලෙස පැවසීමි. එයින් උරණ වූ ඔහු රෝගියා වෙත ගොස් කකුලෙන් පිඟාන රෝගියා වෙත ළං කළේය.


‘කෑම පිඟානට නේද පයින් ගැහුවේ. ඔය පව කවදා හරි පලදේවි’ මා ඔහුට කියද්දී වෛද්‍යවරුන් ඔහුට අප‍්‍රසාදය පළ කළහ. මෙය සිදුවී මාසයක් පමණ ගිය පසු ඔහුගේ විශ‍්‍රාම දිවිය උදා වුණි. විශ‍්‍රාම ගෙන සති දෙකකට පමණ පසු ඔහු අංශභාගය වැලඳී එම වාට්ටුවේම නතර විය. කිසි දිනක සුවකළ නොහැකි තරම් දරුණු අංශභාගයක් බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කර තිබුණි. එම රෝග විනිශ්චය කර විශේෂඥ වෛද්‍යවරයා මා වෙත හැරී ‘ඔන්න එදා ඔයා කියාපු දේ හරි ගිහින්’ යැයි පැවසීය. ඒ රෝග තත්ත්වය සුව නොවී මාස දෙකක් පමණ දහදුක් විඳ විශ‍්‍රාම වැටුප ලැබීමටත් පෙර ඔහු මියගියේය. මෙය 1975 දී පමණ සිදුවූවකි.


(මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න)

m



අදහස් (0)

ගමේ කෙල්ලන් අමාරුවේ දමා දුක්විඳ මියගිය නීටා

සුජීව Saturday, 31 October 2015 03:01 PM

මොකක්ද මේකේ තියන පසුගාමී බව. ධර්මයක් දන්නේ නැති එකෙක් (බ)

:       0       0

රත්නායක Wednesday, 04 November 2015 06:37 AM

හරිම වටිනා ලිපියක්. පව් කරන්න තියා හිතන්නවත් බයයි. ස්තූතියි ලිපියට. (නි)

:       0       0

අසෝකා Saturday, 31 October 2015 06:49 PM

මේවා අනිත් අයටත් ඇස් පෑදෙන්නත් එක්ක කියන්න ඕනැ. මම නම් ඒකේ පසුගාමී බවක් දකින්නේ නැහැ. බොහෝ රෝහල් සේවකයන් කරුණාවන්තකම වෙනුවට නපුරුකමත් කුරිරුකමත් ලෙඩුන්ට පෙන්වනවා. ලෙඩෙක් කියන්නේ අසරණ වුණ වෙලාවක් . එහෙම වෙලාවටත් දක්වන්න බැරි කරුණාව මොකටද? අපරාදේ කියන්න බැහැ සහහර සේවකයෝ නම් හරිම කරුණාවෙන් ලෙඩුන්ට සළකනවා. (නි)

:       0       0

සුපුන් මදුරංග Tuesday, 03 November 2015 09:23 AM

කරුණු හරි හැටි දන්නේ නැතිව විද්‍යාවේ තියෙන දේවල් බුද්දාගම එක්ක ගලපන්න හොඳ නෑ. (ර)

:       0       0

සුපුන් මදුරංග Tuesday, 03 November 2015 09:35 AM

හැම එකක්ම බුද්දාගම එක්ක පටලවන්න එපා. බුද්දාගම සහ විද්‍යාව කවදාවත් සමාන වෙන්නේ නෑ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 03 November 2015 09:39 AM

මනසට අලුත් ඉඩක්. (ර)

:       0       0

කොස්වත්ත Monday, 02 November 2015 07:47 AM

මේ වගේ කතාවලින් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙනවා (නි)

:       0       0

සෙනරත් Thursday, 05 November 2015 03:52 AM

ලොවම පිළිගත් උගතෙක් සහ බෞද්ධයෙක් නොවන ආතර් ශ්‍රී ක්ලාර්ක් මහතා පවා බුද්ධාගම තව අවුරුදු 50 කදී ලොවම පිළිගන්නා බව මෙයට වසර 20 කට පමණ කලින් ප්‍රකාශකළා. එහෙත් අපේ සමහර බෞද්ධයන්ට තවම බුද්ධාගමේ තිබෙන මුලික දේවල් පිළිබඳවවත් දැනුමක් නැහැ (නි)

:       0       0

මලිත් Wednesday, 04 November 2015 04:18 PM

මෙවන් ලිපි වලින් උගත හැකි කරුණු බොහෝය (නි)

:       0       0

මංගල Monday, 02 November 2015 04:35 AM

හොඳ ලිපියක්. (නි)

:       0       0

උදාරි Tuesday, 03 November 2015 05:10 AM

මෙවන් කතා හැකිතාක් පළකරන මෙන් මම ඉල්ලා සිටිමි (නි)

:       0       0

චාමික Sunday, 01 November 2015 07:24 AM

ලොව අංක එක විශ්වවිද්‍යාලය වන මැසච්චුවෙට් තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවියේ නැනෝ ස්ඵටික විද්‍යාව පිළිබද වෙබ් පිටුව ටිකක් කියෙව්වනම් එහි තිබෙනවා කොතරම් වෙහෙස වුවත් එකම තාක්ෂණය යොදාගත්තත් හොද ස්ඵටික සාම්පලයක් ලැබීමේ විද්‍යාත්මක නොවෙන වාසනා ගුණයක් තිබෙන බව. එය සැබෑවටම ප්‍රයෝගික සත්‍යයක්. විද්‍යාව යනු ස්වාභාව ධර්මයේ නීතියට යටත්ව යා හැකි උපරිමය පිළිබද හැදෑරීමක් පමණයි. බාගෙට විද්‍යාව ඉගෙන ගතිපු සමහර අය විද්‍යාව ජීවිත දර්ශනයක් කරගෙන ඔය මැටි ගතිය පෙනන්නවා. හේතුපල දහම මත පදනම් වෙන බෞද්ධ දර්ශනය කිට්ටුවට වත් තවම විද්‍යාත්මක දර්ශනය ඇවිත් නැති බවට එක උදාහරණයක් පමණයි ඒ කෙනාට මේ පෙන්නුවේ. (බ)

:       0       0

මැටිපහන Saturday, 31 October 2015 10:34 AM

අලුත් වටයකින් මිනිස්සුන්ගේ මනස කුරුවල් කරන්න පටන් අරන් වගේ. ගමේ කෙල්ලන් අමාරුවේ දැමීම එක ප්‍රශ්නයක්. නමුත් මේ වගේ පසුගාමී අදහස් පතුරන එක තවත් ප්‍රශ්නයක්. (බ)

:       0       0

චාමික Wednesday, 04 November 2015 10:44 AM

මැටිපහන, දැන් දෙවැනි කොමෙන්න්ටුව මකලා නේද ? ඕක තමයි ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියන්නේ. (ස)

:       0       0

රොහාන් Sunday, 01 November 2015 09:37 AM

චාමික මැටි ප්‍රතිචාරයක් දක්වපු තමන්ගේ නමින් පෙනිසිටින්න බැරි මැටි මොලය තියන මැටිපහන වගේ අයට ඔබ කියන මැසච්චුවෙට් තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවිය ගැන කියල වැඩක් නැහැ නේද (බ)

:       0       0

මැටිපහන Monday, 02 November 2015 06:06 AM

චාමික, ඔබට යම් අවබෝධයක් ඇති බව දෙවැනි කොමෙන්ටුවෙන් පෙනේ. ඔබගේ අදහස හරි (බ)

:       0       0

චන්ද්‍රසේකර Monday, 02 November 2015 04:40 PM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 56 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 212 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 482 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 339 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 923 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 208 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1417 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1615 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 423 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site