IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර

කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීමේ වරදට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිය බව සඳහන් පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ  විරෝධතාව සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ පැති ඔස්සේ සංවාදයක් මතුවී තිබේ. විශේෂයෙන්ම එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් තියුණු විවේචනයක් වේ.

එම අවස්ථාවට සම්බන්ධ රූප රාමු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ අතර එම රූප රාමු දෙස බැලීමේදී මරණයක් දෙකක් නැතිව ඔය මට්ටමින් පිරිස විසුරුවා හැරීම විමතිය දනවන සුළුය. හිංසනය, ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය ප්‍රතික්ෂේප කරන සියලු ජනයා සමග එක්ව අපිදු එම ‘විසුරුවා හැරි ආකාරය’ සමග එරෙහි වන්නෙමු. සියලු ආකාරයේ මැදිහත්වීම් ප්‍රජාතන්ත්‍රවාදී සීමා තුළ සිදුවිය යුතු බව අපි විශ්වාස කරමු.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූයේ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිවය. ඇමෙරිකානු කළු ජාතිකයාගේ ඝාතනය ලොව සියලු සුදු හදවත් සසල කළේය. ‘මට හුස්ම ගන්න බෑ, මට හුස්ම ගන්න දෙන්න’ යනුවෙන් ජීවිතය අයදිමින් මරණය කරා ගිය කළු ජාතිකයා වර්ණ බේදවාදය සම්බන්ධ අලුත් කතිකාවක් නිර්මාණය කරමින් මිය ගියේය. ශිෂ්ටත්වය අගයන සෑම මිනිසකුම එම අශිෂ්ටත්වයට එරෙහිව නැගී  සිටිය යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැත.

අවධාරණය කළ යුතු කාරණයක්ද තිබේ. අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස්ය. ඖෂධයක් සොයා ගෙන නොමැති, එන්නතක් සොයාගෙන නොමැති මාරක වසංගත උගුලක මුළු ලෝකයම පැටලී තිබේ. අප රටද එහි පහසු ගොදුරක් බවට පත්විය. ජාතියේ වාසනාවට අප රට භයානක සීමාවෙන් එපිටට එමින් සිටින්නෙමු. එහෙත් අනතුර මුළුමනින්ම පහවගොස් නැත. නිරෝධායන මධ්‍යස්ථානවලින් හා රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් තවමත් හමුවෙයි. කොරෝනා රෝගයෙන් මියගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගියේය.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නිරෝධායන නීති රීතිවලට යටත්ව රට සෙමින් විවර කළ යුතු බවය. ඇඳිරි නීතිය ඉවත් කළ ද දිස්ත්‍රික් සීමා ඉවත් කළ ද සමාජ දුරස්ථකරණය රැකීම, මුඛ ආවරණ පැළඳීම හා අත් සේදීම කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. එම විධානවලට යටත්ව කටයුතු කිරීම සෑම පුරවැසියකුම සතු අනුල්ලංඝනීය වගකීමකි.

කොරෝනා වසංගතය නිසා මුළු රටම දෙමසක් පුරා ඇඳිරි නීතියේ ගිල්වා තැබීමට සිදුවිය. ජන ජීවිතය මහත් පීඩාවකට පත් විය. ආර්ථිකය කඩා වැටී තිබේ. රට යළිත් එබඳු අත්දැකීමකට ලක් කළ යුතු නැත. වගකීම් විරහිත එක පුරවැසියකුට රට යළිත් එම අඝාත අන්ධකාරයට තල්ලු කළ හැකිය.

අප වඩාත් වගකීම් සහගත විය යුත්තේ එහෙයිනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම ප්‍රශ්නකාරී වන්නේ මෙම  පසුබිම තුළය. මෙම විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් කල් ඇතිව තොරතුරු ඒකරාශි කරගත් පොලිසිය මෙම විරෝධතාවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම පිළිගත්තේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධතාව පවත්වනු ලබන්නේ මෙම පසුබිම තුළය.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ අවමංගල්‍ය උත්සවයට නිරෝධායන නීති බලපෑවේදැයි ඇතැමෙක් ප්‍රශ්න කරති. එම ප්‍රශ්න කිරීම යුක්ති යුක්තය. එම විවේචන සාධාරණය අවසානයේදී අවමංගල උත්සවය පැවැති දිනයේදී එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේය. එක් තැනක වරදක් කළේ යැයි එයට මුවාවී එබඳුම වැරැද්දක් තවත් කෙනකුට කිරීමට අයිතියක් නැත. තර්කයෙන් තර්කය ජය ගත හැකි වුවද එය සත්‍යයෙන් බැහැර විය හැකිය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදා හදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවය. එමෙන්ම සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු දෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බවය.

සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ විරෝධය එල්ල වන්නේ විරෝධතාවට නොව රටේ පවතින තත්ත්වය නොතකා නොසලකා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙනි. කුමන මාදිලියක දේශපාලනයක නියැළීමට වුව ද පළමුව රට ඉතිරිවී තිබිය යුතුය. පළමුව අප මේ අවදානමෙන් මිදිය යුතුය. ඒ සම්බන්ධයෙන් වගකීමක් සෑම පුරවැසියකුම සතුය.

මේ අතර මෙම විරෝධතාව පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙක් අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ ඇතුළු කරනු ලැබූහ.

මේ අවස්ථාව වටා ගෙතුණු කරුණු කාරණා විමර්ශනයේදී මේ සිද්ධිය සැලකිල්ලට ගත යුතුය.

 



අදහස් (4)

කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 June 2020 12:38 PM

නිරායුධව පෙරටුගාමීන් කිරීමට සූදානම් වූයේ ලොවම කම්පාවට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ දුක්ඛිත මරණයට විරුද්ධව සාමකාමී හඬක් නැඟීමටය. එහෙත්, එයට පොලීසිය කරුණු වසන්කොට අධිකරණ නියෝගයක් ගත්තේ මන්ද යන්න ගැටලුවකි. ප්‍රශ්නය නිරෝධායන නීතිනම්, ඊට අවනත වී කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම්දිය යුතුව තිබුණි. එසේ සිදුනොකොට අමුතු ජවයකින් පොලීසිය ඔවුන්ට අමානුෂික අයුරින් පහර දුන්නේ මේ පසුපස කවර හෝ අදෘශ්‍යමාන බලවේගයක් තිබුණු බව පැහැදිලිය. කුලප්පූ වූ ගව රෑනක් සේ හැසිරුණු පොලීසිය දෙස සෑමදෙනා බලා සිටියේ මහා පිළිකුලෙනි. මෙයින් පෙරටුගාමීන් ලැබූ වාසිය නම්, ඔවුන් වෙත බොහෝ දෙනාගේ අනුකම්පාව හිමිවීමයි. මේ පහරදීම්වලට අණ දුන් ආරක්ෂක ප්‍රධානියා කව්ද? මෙයින් ඔහු ලොවට සන්නිවේදනය කරණා ඉදිරි අනාගතයේ සැබෑ නිරුවත කාට හෝ නොපෙනේද?

:       10       228

ගැමුණු Friday, 12 June 2020 05:27 PM

නැත. ඔය කිසිවක් නොවේ. පෙරටුගාමීන්ට වුවමනා වූයේ ජවිපෙට වඩා ඉදිරියට පැමිණීම සහ ප්‍රචාරයක් ලබා ගැනීමය. අවසානයේ ඔවුන්ට අවැසි ප්‍රචාරය ඔවුන් ලබා ගත්තෝය.

:       2       1

සපුමල්.Monday, 15 June 2020 08:50 AM

පට්ට බොරු.. අහිංසක කොල්ලො ගුටිකාපු එකට රටේ මිනිස්සු අනුකම්පා කරා. ඒකට සමහරුන්ට ඉරිසියයි.

:       2       6

රවි Friday, 12 June 2020 01:25 PM

පෙරටුගාමී විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මළගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට..

:       6       547

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site