IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ක්‍රීඩා පිටිය රැකගන්න ගිය විදුහල්පතිට ආණ්ඩුකාරවරියගෙන් අවවාද

(මෙහි පළමු කොටස පාසලේ පිට්ටනිය  බස් පොළකට ලෙසත් දෙවැනි කොටස ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද? ලෙසත් මීට පෙර පළවිය )

(තරිඳූ ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

පාසල් පිට්ටනිය කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට පවරා ගැනීමට කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් අත්සන් තැබූව ද මෙම ඉඩම සැබෑ ලෙසම අයිති කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයටද යන්න ප‍්‍රශ්න සහගත බව මීට පෙර වාර්තා කළේය.

මේම ගැටලූව නිරාකරණය කර ගැනීමට මේ වන තෙක් නිසි විමර්ශනයක් පවත්වා නැත.

මුඩු ඉඩමක්ද?

ප‍්‍රශ්නය මෙසේ තිබිය දී මෙම බස්නැවතුම්පොළ ආරම්භ කිරීමේ මූලික පියවර ගැනුණේ පසුගිය මාසයේය. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ ප‍්‍රධානත්වයෙනි. ඒ පාසල් ප‍්‍රජාවගේ විරෝධතාවය මධ්‍යයේය. මෙය මුඩු ඉඩමක් බවත්, එනිසා පවරා ගැනීම සාධාරණ බවත් පිරිසක් කීහ.

මෙය වසර ගණනාවක් තිස්සේ ප‍්‍රයෝජනයට ගත් ක‍්‍රීඩා පිටියකි. දැන් බස් නවත්වා ඇත්තේ ක‍්‍රීඩා පිටියේ වොලිබෝල් සෙල්ලම් කරන ප‍්‍රදේශයේය. මෙම ක‍්‍රීඩා පිටිය කෙතරම් වැදගත්ද කියතොත් අවට පාසල්වල සිසුන් පවා ක‍්‍රීඩා පුහුණුවට සහ ක‍්‍රීඩා තරඟවලට මෙම පිට්ටනියට   එති. 2016 වත්තේගම කලාප අධ්‍යාපන තරඟවලියේ  එල්ලේ,   ක‍්‍රිකට්,   පාපන්දු  ආදී තරඟ පැවැත්වූයේ තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලයයේ මේ කියන ක‍්‍රීඩා පිටියේය. වත්තේගම අධ්‍යාපන කලාපයේ 2015 කණ්ඩායම් ක‍්‍රීඩා තරඟයේ   පාපන්දු තරඟ  මෙන්ම එල්ලේ තරඟද පැවැතියේ මේ කියන ක‍්‍රීඩා පිටියේය. මේ උදාහරණ වසර දෙකක පමණි. මෙවැනි උදාහරණ  ඕනෑ තරම් ඇත.  විශේෂයෙන්ම මෙම ක‍්‍රීඩා පිටියේ එක් කොටසක ස්වභාවික ධාවන පතයක් ඇති අතර සෑම සිකුරාදාවකම සියලූම සිසුන් එහි දිවීමට එක් වෙති.  මෙම ක‍්‍රීඩා පිටිය මුඩු ඉඩමක් බවට පතුරන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැති බව පාසල් සංවර්ධන සමිතිය උදාහරණ සහිතව පෙන්වා දෙයි. 

බස් නැවතුම්පොළක් අවශ්‍ය නම් එය සෑදීමට වෙනත් ඉඩමක් වෙන් කර ගත හැකිය. පාසලක ක‍්‍රීඩා පිටියක කොටසක් බස් නැවතුමකට ගැනීම  ‘පාසල් ගිය’ කිසිවකු අනුමත නොකරන බව නොඅනුමානය.   මේ ගැන ජනපතිගේ අවධානය යොමු වන තුරු මෙම විද්‍යාලයේ සිසුහු සහ දෙමාපියෝ බලා සිටිති.

 ‘අවුරුදු ගණනක් පැරණි ක‍්‍රීඩා පිටියේ දැන් බස් නවත්වනවා’යයි හිටපු ගුරුවරයකු වන අසංක කුලතුංග මහතා  කියයි.

‘‘මේ ක‍්‍රීඩාපිටියට වසර හැටකට අධික සම්බන්ධයක් මට තිබෙනවා. මම ආදි මෙහි ශිෂ්‍යයෙක්. වෘත්තියෙන් ගුරුවරයෙක්. තිබුණු ක‍්‍රීඩා පිටිය මදියි කියා අලූතෙන් ක‍්‍රීඩා පිටියක් අවශ්‍ය වී මේ කොටස ගත්තේ මම පාසල් යන කාලයේදියි.   මේ ඉඩමේ බස් නැවතුමක් ඉදි කිරීමට එරෙහිව 2008  ජුනි 10 ඉදිරිපත් කළ විරෝධයට අනුව ජුනි 13 මේකට වාරණ නියෝගයක්   ගත්තා. එය වසරක පමණ කාලයක් පැවතුණා. ඉන් පසු විසිරුවා හැරියා.   අවුරුදු නවයක්ම පමණ යද්දි පැමිණිල්ලේ සාක්ෂි අවසන් වුණා. මේ අතරෙ ප‍්‍රාදේශීය සභාව විසුරුවා හැරියාම හිටපු සභාපතිට බලය නැතිවුණා. ඒ නිසා නඩුව අයින්කරගත්තා. ඊට සුමාන දෙක තුනකට පස්සෙ ප‍්‍රාදේශීය සභාව බස් නැවතුම හදන්න මැදිහත් වෙන්න හැදුවා.  එහි කිසි පදනමක් නෑ. පසුගිය ජුනි 16 වැනිදා    ආණ්ඩුකාරවරියගේ බලය පාවිච්චි කරලා ඉඩමට ඇතුලූවුණා. එදා ඉඳන් පිට්ටනියේ බස් නවත්වන්න පටන් ගත්තා.  ගැසට් එකට අනුව මේ ඉඩම කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට අයිතිත් නෑ. අයිති පාතදුම්බර ප‍්‍රාදේශීය සභාවටයි.’’

 

 ‘ආණ්ඩුකාරවරිය විදුහල්පතිට අවවාද කළා’යයි කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේල ඒකනායක මහතා කියයි.

“ඔය කියන ඉඩමේ බස් නැවතුම්පොළක් දමන්න  අපි 2008 වසරේ දින නියම කරගෙන තිබුණා. පාසලේ පිරිසක් නඩු දමා වාරණයක් ගත්තා. උසාවියට ගරු කිරීමක් ලෙස අපි මේ කටයුත්ත නොකරමු කියා මහ ඇමැතිවරයා කිව්වා. ඒ අනුව නියම කර ගත් දිනයේ උත්සවය තිබ්බේ නෑ. මෙහි කිසිම පදනමක් නැති නිසා වාරණ නියෝගය පසුව අධිකරණයෙන් විසිරුවා හැරියා. ඉන් පසු යළි බස් නැවතුම්පොළ ඉදි කිරීමට ගියත් ඉඩ දුන්නේ නෑ. නඩුවත් වසර ගණනක් ගියා. නඩුවේ තීන්දුව දෙන්න තිබිය දී පැමිණිලිකරුවන් නඩුව ඉල්ලා අස් කර ගත්තා. අපිට වූ හානියට අපි නඩු දමන්න බලාපොරොත්තු වෙනවා. ඉඩමේ පර්චස් 80ක් කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට ලබා දී තිබෙනවා“.
“බස්නැවතුම ඉදි කිරීමට විරුද්ධ වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය විදුහල්පතිට දැඩි ලෙස අවවාද කළා. බස් නැවතුම්පොළ ඉදි කිරීමේ කටයුත්තට බාධා නොකරන ලෙස දැන්නුවා. මේ විදුහල්පති මට්ටු කිරීමේ වේවැල තිබෙන්නේ ලේකම් අතේ ඒ නිසා ඒ ගැන බලා ගන්න කියා ආණ්ඩුකාරවරිය අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන්නා. මේ ආණ්ඩුකාරවරියට මේ ප‍්‍රදේශයට ලැබුණේ ප‍්‍රදේශවාසීන්ගේ පිනකට. ඇය හොඳ ආණ්ඩුකාරවරියක්.’’
ප‍්‍රශ්නය -ඉඩම ප‍්‍රාදේශීය සභාව පැවරීමේ නියෝගයට ඔබ සහ කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් අත්සන් කළේ කවදාද?
පිළිතුර 2010 අවුරුද්දේ

 

“ආණ්ඩුකාරවරියගේ ක‍්‍රියාකලාපය ගැන ජනපතිට ලිව්වා“යයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි

‘‘මෙම විද්‍යාලයයේ ක‍්‍රීඩා භූමියේ කොටසක් පෞද්ගලික බස් රථ ගාලක් සඳහා පවරා ගැනීමේ උත්සාහයක් පසුගිය කාලය පුරාම තිබ්බා. මෙම උත්සාහය වළැක්වීමට විධිමත් පියවරක් ගෙන පාසල වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමෙන් පළාත් ආණ්ඩුකාරවරිය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ඉවත් වීම කණගාටුවට කරුණක්.  2017 මැයි 31 දින මෙම විද්‍යාලයයේ විදුහල්පතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියකින් සාකච්ඡාවකට කැඳවා තිබුණා. ආණ්ඩුකාරවරිය එහිදී ක‍්‍රීඩා පිටිය බස් නැවතුට දිය යුතු බව ප‍්‍රකාශ කර තිබුණා. ක‍්‍රීඩා පිටියේ බස් රථගාලක් ඉදි කිරීම පාසල් සිසුන්ට කරන බරපතල අපරාධයක් බැවින් එය නතර කරන ලෙස ඉල්ලමින් පසුගිය තුන් වැනි දා අපි ජනාධිපතිවරයාටත් ලිපියක් යැව්වා.
මෙය 1959 සිට ක‍්‍රීඩා භූමියක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම පාසලේ දේපොළක්. මෙම ඉඩම් කැබැල්ල පී.පී.ඒ. 2686 දරණ පිඹුරේ කැබලි අංක 1 හා 2 වශයෙන් නිරූපනය කර තිබෙනවා. ඉඩම අධ්‍යාපන ලේකම්වරයා විසින් රැුකිය යුතු දේපළක් වුවත් ඔහු දේශපාලනඥයන්ගේ  ඕනෑ එපාකම් අනුව වැඩ කරනවා. මෙම ක‍්‍රීඩා භූමියේ අයිතිය පාසලටම තහවුරු කරන දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ආණ්ඩුකාරවරියගේ ක‍්‍රියාකලාපය ගැන ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.’’

 

“අපි වැඩ කළේ නීත්‍යනුකූල රාමුව තුළයි“යයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කියයි

“මෙහි අයිතිය මීට කළින් කාට තිබුණාදැයි දන්නේ නෑ. නමුත් මා පත්වන විට මෙහි අයිතිය තිබුණේ කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවටයි. හිටපු ජනාධිපතිවරයා සහකාර ඉඩම් කොමසාරිස් හරහා මහ ඇමැතිට ඉඩම පවරා තිබුණා. මේ කියන පාසලේ විදුහල්පති සහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඥාතීන්. මේ ඔවුන්ගේ පෞද්ගලික ගැටලූවක්. මම මෙය ගැඹුරින් බැලූවා. අපි සතුව සියලූ ලේඛණ තිබෙනවා. හැම වෙලාවෙම මම හිරියි කියන මතේ මම නැහැ. මම වැරදියි කියා නීත්‍යනුකූල රාමුවේ නිසි ක‍්‍රමවේදයට ඔප්පු කරනවා නම් එය පිළිගන්න මම සූදානම්. අපි වැඩ කළ යුත්තේ සියලූ දෙනාගේම ශුබ සිද්ධියට මිසක් කිහිප දෙනකු වෙනුවෙන් නොවෙයි. මේ කියන විදුහල්පති දරුවන්ගේ පැත්තෙන් බැලූවොත් සාධාරණයි. නමුත් මේ පාසලට ඉඩමේ නීත්‍යනුකූල අයිතියක් නැතිනම් කරන්න දෙයක් නැහැ.“
ප‍්‍රශ්නය -ජනාධිපතිවරයා දුන්නායැයි කියන ලියුම ව්‍යාජ ලිපියක් බවට සමහරු චෝදනා කරනවා?
පිළිතුර නැහැ. ඒ ලිපිය අදාළ ආයතනවල තිබෙනවානේ.
ප‍්‍රශ්නය මෙම පිට්ටනිය අයිති  පාතදුම්බර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට නේද?
පිළිතුර නැහැ. මෙය අයිති කුණ්ඩසාලෙට.
ප‍්‍රශ්නය නමුත් ඉඩම කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට  පැවරීමේ ලේඛණයේ ඉඩමේ පිහිටීම සඳහන් කර තිබෙන්නේ අබසිංගම්මැද්ද කියලයි. අබසිංගම්මැද්ද අයිති පාතදුම්බරට නේද?
පිළිතුර අපි සතුව ලියකියැවිලි තිබෙනවා. මෙය අයිති කුණ්ඩසාලෙට. මම වරදක් කරලා තියෙනවා කියා ඒ උදවිය ඔප්පුකළොත් තනතුරෙන් ඉවත් වෙන්න වුවත් මම සූදානම්. මම හැම වෙලේම කරන්නේ හරි දේ පමණයි. මේ වසරේ පළමු මාස අහයට පමණක් වාහන 37000ක් මධ්‍යම පළාතේ ලියාපදිංචි වෙලා තිබෙනවා. මේවා ගාල් කරන්න තැනකුත් එපායැ.

 



අදහස් (6)

ක්‍රීඩා පිටිය රැකගන්න ගිය විදුහල්පතිට ආණ්ඩුකාරවරියගෙන් අවවාද

sam Friday, 14 July 2017 07:39 AM

ලංකාවේ "නීතිය" කියන එක අර්ථ දැක්වෙන්නේ තමන් දරන තනතුර අනුවයි. මෙතන ප්‍රශ්නය විදුහල්පති හා ආණ්ඩුකාරවරිය අතර නිසා "නීතිය" ආණ්ඩුකාරවරියගේ පැත්තේ වන අතර අවනීතිය ඇයට සාපේක්ෂව පහළ තනතුරක් දරන විදුහල්පතිතුමාට නිතරඟයෙන් හිමි වෙනවා.

:       0       365

kumari Friday, 14 July 2017 09:51 AM

මේ ආණ්ඩුකාරතුමිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් කටයුතු නොකිරීම ගැන කණගාටුවට කරුණකි. පිනට ඉගෙනගෙන පස්සේ මුල අමතක වීම සාමාන්‍ය දෙයක්... දරුවන්ගේ අයිතිය කොල්ලකෑමක්... ඡන්දෙ දීපු අපිටත් මේ අයගේ කෙරුවාවල් බලලා හොඳටම ඇතිවෙලා. ජනාධිපතිතුමාගේ දැන්වත් ඇස්, කන් අැරුණොත් අඩුගානේ අපේ ඡන්දෙටවත් අඩුගානේ අපේ ඡන්දෙටවත් අගයක් එකතුවුණා කියලා හිත හදාගන්න පුළුවන්.

:       14       29

banda Saturday, 15 July 2017 02:00 PM

මේ ඉඩම අයිති කුණ්ඩසාලෙටද, පාතදුම්බරටද කියලා කියන්න අමාරු ඇති.. අනේ මොකද එතුමා ආණ්ඩුකාරතුමාද? තුමියද? කියන එකත් හරියට කියන්න අමාරු නිසා...

:       0       126

kamal Saturday, 15 July 2017 04:14 PM

මුළු කුණ්ඩසාලේටම බස් නවත්තන්නයි තියෙන්නේ... පාසැලේ ළමුන්ට ක්‍රීඩා කරන්නට තිබෙන මෙම ඉඩම පමණක්මද කියායි. දේශපාලකයන් බොහෝදෙනෙක් නූගත් අය බැවින් (එවැනි අයට අපහාස කරනවා නොවේ) ඒ අයට දරුවන්ගේ අනාගතයට ක්‍රීඩා පිටියක ඇති ආයෝජනය නොපෙණුනත් ආණ්ඩුකාරවරියට මෙතන තිබෙන්නාවූ මානුෂීය ප්‍රශ්නය ගැන සිතා බලා කටයුතු කල යුතුව තිබුණා..

:       0       1

Dileepa Sunday, 16 July 2017 03:23 AM

බණ්ඩා... මෙතෙන්ට අනවශය දේවල් ගාවගන්න එපා. ඉඩමේ ප්‍රශ්නෙට තුමාද තුමියද කියන එකේ මොකද්ද අදාලත්වය?

:       0       0

sarath Sunday, 16 July 2017 08:46 AM

ඉඩම අයත්වන්නේ කුමන ප්‍රාදේශීය සභාවටද කියා විමසිය යුත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 84 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 153 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 172 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 885 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1121 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 130 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1313 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 337 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site