IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කතරගම පෙරහර බලන රාළගේ අවුරුද්දක වැටුප රුපියල් දෙකයි ශත අසූදෙකයි

 

 

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 7 වැනිදා ඇරැඹී අගෝස්තු 21 වැනිදායින් අවසන් වේ. අවසන් මහ පෙරහැර අගෝස්තු 20 වැනිදා පැවැත්වේ. මෙවර පෙරහැර මංගල්‍යය නැරඹීමට ලක්ෂ සියයක් පමණ බැතිමතුන් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, රුහුණු මහා කතරගම දේවාල පෙරහැරේ ජනාධිපති විශේෂ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රධානි පද්මසිරි රාජපක්ෂ මහතා පැවසීය.

”මේ රුහුණු මහා කතරගම දේවාලය පිහිටුවලා ඉරහඳ පවතින තුරු පෙරහැර පැවැත්විය යුතු බවට දුටුගැමුණු මහ රජතුමා රාජාඥාවක් නිකුත් කළා. ඒ වෙනුවෙන් නිල පඬුරු හා ප‍්‍රවේණි පඬුරු කියලා තනතුරු පන්සිය පනස් පහක් ඇති කළා. අපි තවමත් ඒ වගකීම කිසිම දවසක කඩ කරලා නෑ. රටේ මොන ප‍්‍රශ්න තිබුණත් පෙරහැර පැවැත්වුණා...” රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා පැවසීය.

 සොමිපාල ටී රත්නායක
 
පද්මසිරි රාජපක්ෂ
 
සේපාල තිඹලත් රත්නායක

අපේ මතකය 1987 න් ඇරැඹි භීම සමයට දිව යයි. එම යුගයේදී පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. එහෙත් පෙරහැර නොනැවතිණි. රජුගේ අණට කීකරුව, කවර දුෂ්කරතා ඉදිරියේ වුවද පෙරහැර සිරිත් පරිදි පැවැත්විණි. එමෙන්ම ඉකුත් යුද සමයේදී කතරගම හා ආශ‍්‍රිත ප‍්‍රදේශ කොටින්ගේ ග‍්‍රහණයට හසුවී තිබිණි. යාබද බූන්දලදී බස් බෝම්බ පුපුරා ගියේය. කතරගමට ද ත‍්‍රස්ත බිය දැනුණි. එහෙත් පෙරහැර නතර නොවිණි.

”ඒක තමයි හාස්කම කියන්නේ” සොමිපාල ටී රත්නායක මහතා කීවේය.

කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්න නම් සිත කය වචනය යන තුන්දොරම පිරිසිදු විය යුතුයි. මම නම් කියන්නේ අඩුම තරමින් දින තුනක්වත් පේවිය යුතුයි. මත්පැන් වලින් මෙන්ම මස් මාංශයෙන්ද වෙන්විය යුතුයි. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් පමණයි. එහෙම නොවුණු මගේ ගෝල කපුරාලලාටත් දඬුවම් ලැබුණා. සමහර අය මෙලොවින් ගියා.” සොමිපාල ටී රත්නායක මහතා පවසයි.”මේ ගෙවෙන්නේ දේවාලයට සම්බන්ධ මගේ පනස් හත්වැනි අවුරුද්දයි.” සොමිපාල ටී රත්නායක මහතා අලූත් මාතෘකාවට මුල පිරුවේය.

”මම දේවාලයට යනවා නම් අඩුම තරමින් සතියක්වත් පේවෙනවා. දෙහි කපලා ස්තෝත‍්‍ර කියලා ස්නානය කරනවා. එහෙම කරලා තමයි මම දේවාලයට යන්නේ...” ඔහු කීවේය. රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක මහතාගේ මව මිය ගියේ ඇසළ පෙරහැර ආසන්න සමයේදීය. මවගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුවහොත් පෙරහැර මංගල්‍යයට සහභාගි විය නොහැකිය. පෙරහැර මංගල්‍යයට සහභාගි වන බවට දෙවියන් හමුවේ පොරොන්දු වී සිටින ප‍්‍රධාන කපු මහතාට ඒ පොරොන්දුව කඩ කළ නොහැකිය. ඔහු කරන්නට ඇත්තේ කුමක්ද?

”ඔව් මවගේ අවසන් කටයුතුවලට සහභාගි වුණා නම් මට දේවාලයට යන්න බැරි වෙනවා. අපි විශ්වාස කරනවා දෙවියන් විෂබීජවලට බයයි කියලා. ඒ නිසා අම්මගේ අවසන් කටයුතුවලට සහභාගි වුණේ නෑ. ඒ විතරක් නොවෙයි, ඔය හේතුව නිසාම මට මගේ බාප්පගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නත් බැරිවුණා. අපි මේ කටයුතුවලට පේවිලා ඉන්නේ ඒ තරම්ම ආධ්‍යාත්මිකවයි...” සොමිපාල ටී රත්නායක ප‍්‍රධාන කපු මහතා කීවේය.

ප‍්‍රධාන කපු මහතාගේ බාප්පා යනු රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර බලන රාළ වන සරත් සේපාල තිඹලත් රත්නායක මහතාගේ පියාය. සේපාල තිඹලත් රත්නායක මහතා කියා සිටියේ මෙබඳු කතාවකි.

”දේවාලයට යනවා නම් අපි මාසයක්වත් පේවෙනවා. දෙහි යුෂ මිශ‍්‍ර වතුර නාලා කිල්ලට හසු නොවී සිටිය යුතුයි. දවස් පහළොවක් දෙවියන් වැඩමවීමේ වගකීම තියෙන්නේ මට. ඒ නිසා මම මගේ තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වුණේ නෑ.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මණ්ඩලය දොළොස් දෙනෙකුගෙන් සමන්විතය. රාජකාරි මණ්ඩලය දහ අටකි. රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර බලන රාළ සරත් සේපාල තිඹලත් රත්නායක මහතා පැවසුවේ කපු මණ්ඩලයේ දොළොස් දෙනෙකු සිටිය යුතුද දැන් සිටින්නේ පස් දෙනෙකු බවය.
”ගෙවද්දන බලය තියෙන්නේ බස්නායක නිලමේ තුමාටයි. පෙරහැර අවසන් වූ පසු බස්නායක නිලමේතුමා තුණ්ඩු දමලා අවුරුද්දේ මාස දොළහට අපේ වගකීම් පවරනවා. ඒ වෙනුවෙන් වාර්ෂික වැටුපක් අපට ගෙවනවා...” පෙරහැර බලන රාළ කපු මහතා කීවේය.

ඔවුන්ගේ වැටුප කොපමණක්දැයි දැනගතහොත් ඔබ නියත වශයෙන්ම විමතියට පත්වනු නිසැකය.

”අපේ වාර්ෂික වැටුප රුපියල් දෙකයි ශත අසූ දෙකයි. දෙවියන් වඩම්මනවාට රුපියල් හතරයි ශත පනහක් ගෙවනවා. ඒවා රජකාලේ ඉඳලා එන චාරිත‍්‍ර. ලෝකය කොච්චර වෙනස් වුණත් ඒ චාරිත‍්‍ර වෙනස් කරන්නේ නෑ.” පෙරහැර බලන රාළ කපු මහතා කීවේය.

රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ මව වන විහාර මහා දේවියගේ ජාත භූමිය කතරගම යැයි සැලකේ. කතරගම දස මහ රජ පරපුරට අයත් කුමාරිකාවක වූ විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමා විවාහ කර ගැනීමත් සමග රුහුණ හා කතරගම අතර සම්බන්ධය යළිත් අලූතෙන් දලූලා වැඩෙන්නට පටන් ගනී. ඒ වන විට කතරගම රාජධානිය විනාශ වී තිබිණි. එයට හේතුව වූයේ මහානාම රජතුමාගේ මුණුපුරෙකු වන ගෝඨාභය විසින් දස බෑ රජවරුන් විනාශ කිරීම හෙයිනි. දස බෑ රජවරුන් ජනයා අතර කෙතරම් ආදරයට හා ගෞරවයට පාත‍්‍රවී සිටියේද යත් එම රජවරුන් ඝාතනය කිරීම නිසා ඇවිළී ගිය ජනතා උද්ඝෝෂණය හමුවේ පසුබා ගිය ගෝඨාභය කළ පවු සමා කිරීමට වෙහෙර විහාර 500 ක් ඉදිකළ බවද මූලාශ‍්‍රයන් හි සඳහන්ය. එසේ බිඳවුණු රුහුණු හා කතරගම අතර සම්බන්ධය යළිත් අලූත් වූයේ කාවන්තිස්ස හා විහාර මහා දේවි සරණ මංගල්‍යයෙනි. කාවන්තිස්ස හා විහාර මහා දේවි විවාහයෙන් ලොවට උපන් දුටුගැමුණු කුමරා එළාර සමග කළ සටන ජය ගැනීම සඳහා කතරගම දෙවිඳුන්ට බාරයක් වූ බව ජනප‍්‍රවාදයන්හි සඳහන්ය. ඒ බාරයේ මහිමයෙන් රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යළිත් කතරගමට පැමිණෙන්නේ කතරගම දෙවියන්ට වූ බාරය ඔප්පු කිරීමටය. ඒසමයෙහි කතරගම දෙවිඳුන් වැඩ සිටි කන්දේ වැඩ සිටි බවත් කතරගම දෙවිඳුන් හා දුටුගැමුණු මහරජ අතර හමුව එහි සිදුවූ බවත් සඳහන්ය. වැඩ සිටි කන්දේ සිට දුටුගැමුණු මහ රජතුමා මුදාහල ඊතලය වැටුණු ස්ථානයේ දේවාලයක් කරවා එය කතරගම දෙවිඳුන්ට පූජා කළ බවත් සඳහන්ය. අද ඔබ බැතින් පිරී ගිය හදවතින් ඇතුළත් වන්නේ දුටුගැමුණු මහ රජතුමා ඉදිකර කතරගම දෙවිඳුන්ට පූජා කළ අසිරිමත් පින් බිමටය.

තව කොටසක් ලබන සතියේ

 

 


සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම

 



අදහස් (0)

කතරගම පෙරහර බලන රාළගේ අවුරුද්දක වැටුප රුපියල් දෙකයි ශත අසූදෙකයි

සංජු Monday, 29 July 2013 05:16 PM

අප සැමට කඳසුරිඳු පිහිටයි (නි)

:       0       0

ප්‍රියලත් Monday, 29 July 2013 08:28 AM

අප සැමට කඳසුරිඳු පිහිටයි . (දී)

:       0       0

අසේල Monday, 29 July 2013 05:47 PM

දෙවියන් එක්කෙනයි මුළු ලෝකයටම ඉන්නේ හොදට හොයලා බලන්න. (දී)

:       0       0

ප්‍රියලාත් Saturday, 03 August 2013 10:58 AM

අරුසියා, මේ තමයි අලත්ති අම්මලා. ඒ කියන්නේ මේ කාලයේදී වල්ලි අම්ම දේවිය සිහිකිරීමක්. මේ අය පෙරහැරෙත් ගමන් කරනවා.කතරගම දෙවි පිහිටයි. (නි)

:       0       0

නුවන් Tuesday, 30 July 2013 10:05 AM

අප සැමට කඳසුරිඳු පිහිටයි !!! (නි)

:       0       0

දම්මික සුරංග Tuesday, 30 July 2013 02:49 PM

උතුම් කඳ සුරිඳු පිහිටඊ සියලු ලංකා වාසීන් සියල්ලටම (අ)

:       0       0

නිශාන් Tuesday, 30 July 2013 10:53 AM

ඔබත් පේවී කතරගම පෙරහැර නැරඹීමට දෙවි බිමට පැමිණෙන්න. ඔබ සැමට කද සුරිදුන්ගේ පිහිට දේවාශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

චන්දි Wednesday, 31 July 2013 11:37 AM

ලංකාවාසී සැමටත්,මගේ ගෙදර අයටත්, මටත් උතුම් කද සුරිදු පිහිටෙන් සෙතක්,ශාන්තියක්ම වේවා! (නි)

:       0       0

අරුසියා Saturday, 03 August 2013 12:28 AM

දන්නේ නැති නිසයි අහන්නේ, මේ ආච්චිලා මොකද මෙහෙම ඇදලා එන්නේ? (නි)

:       0       0

රත්නායක Monday, 29 July 2013 03:13 PM

ලංකාවේ තිබෙන විශිෂ්ට පෙරහැරක් (නි)

:       0       0

සනත් Thursday, 01 August 2013 10:17 PM

මට මගේ කඳසුරිඳු තරම් වටිනා දෙවියෙක් තවත් නැහැ (නි)

:       0       0

ඉන්දික උඩුමලගල Tuesday, 30 July 2013 11:51 AM

අපි දන්නා විදියට නම් විහාර මහා දේවිය ඉපදුනේ කැලණියේ, කැලණිතිස්ස රජුගේ දූ කුමාරිකාව විදියටයි. ප්‍රසන්න මහත්තයා මේගැන පැහැදිලි කිරීමක් කලොත් හොදයි නේද ? සැමට කද සුරිඳු පිහිටයි.(ස)

:       0       0

ලන්කිලා Thursday, 01 August 2013 02:31 PM

මේ පඩි ක්‍රමය අදට සරිලන පරිදි වෙනස් කිරීමට කතරගම කන්ද සුරින්දුගෙන් අවසර ඉල්ලිය යුතුවෙනවා. ඒසේ නැතහොත් ඔහුට ජීවත් වීමට ක්‍රමයක් සලසා දිය යුතු වෙනවා (දී)

:       0       0

කුමාර Wednesday, 31 July 2013 06:34 AM

මම දවසක් අපේ ගෙදර අය සහ මගේ යාලුවෝ සමග කතරගම ගියා බාරයක් ඔප්පු කරන්න . මම සමග යාලුවෝ ටික පාන්දර ගමන ආරම්ඹ කිරීමට පෙර මත්පැන් පාවිච්චි කළා. ගෙදර අය දන්නේ නැහැ. දන්නවා නම් ඒ ගමන එන්නේ නැහැ. .කතරගම පුජා භූමියට පැමිණ පුජාවත් තබා ඊට පස්සේ අපිට ඇතිවුණ කරදර කියන්න බැහැ. නැති ප්‍රශ්න ඇති වුණේ. අපි තේරුම් ගත්තා ඒ කතරගම දෙවියන්ගේ අඩවියේ කොපමණ බලයක් තියෙනවද කියලා. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 29 July 2013 08:46 PM

කඳසුරිඳු පිහිටයි

:       0       0

ප්‍රසන්න Monday, 29 July 2013 08:46 PM

අප සැමට කඳසුරිඳු පිහිටයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 135 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 321 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 852 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 551 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 434 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1762 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 187 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site