කෞතුකාගාර පුරාවස්තු සොරකමට පුරා මාස හතරකි. මාධ්‍යයන්හි සිරස්තල සැරසීම සඳහා කළ යම් යම් සංදර්ශන කිහිපයක් හැරුණු විට අදාළ සොරකම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් හෝඩුවාවක් හෝ අනාවරණය කර ගැනීමට පොලීසිය තවමත් අසමත්ය. අභිමානවත් පොලිසියකට ගිය කල. තෙළඟපාත බැංකු කොල්ලය මෑත කාලයේ වාර්තා වූ විශාලතම බැංකු කොල්ලය විය. කොල්ලකරුවෝ මහ ධන නිධානයක් වෑන් රියෙන් පැහැරගෙන කිසිදු හෝඩුවාවක් හෝ නොතබාම පලා ගියහ. නීතියේ විධානය සහිත රටක් අපේක්‍ෂා කළ සාතිශය බහුතරයක් ජනයා තිගැස්සවීමට එම කොල්ලය සමත් විය. කිසිදු හෝඩුවාවක් හෝ නොතබා කොල්ලකරුවන් පලා ගියද දෙතුන් මසක් ගතවීමට පෙර ඒ කොල්ලයට සම්බන්ධ සියල්ලන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය. ප‍්‍රමාණය ඉක්මවා පොලිසියට ප‍්‍රණාමය පුද කිරීමට තරම් සමත් කමකි. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් නොවිසඳුණු අපරාධයකි. දරුණු ගණයේ අපරාධකරුවෝ රැසක් පොලිිසියට කට්ටි පනිමින් සිටියහ. බලගතු ගිනි අවිවලින් හරඹ පාමින් පාතාලයේ අනු සේනාංක පවත්වාගෙන ගිය ඒ පාතාලයෝ එකා දෙන්න පොලිස් දැලට කොටු වූහ. ජීවිත අනතුර නොතකා රට වෙනුවෙන් අපරාධකරුවන් මෙල්ල කර නීතියේ විධානය පවත්වාගෙන යාමට රුකුල් දුන් ශ්‍රී ලංකා පොලිසිය ඒ පෑ හරඹයන්හි මහිමයෙන් ලොව ඕනෑම පොලිස් සේවාවක් අබිබවා යා හැකි බව ඔප්පු කළේය. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් අනාවරණය කරගෙන නැත. මහරගම නගරය ආසන්නයේ උගස් බඩු කඩයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් ක්‍ෂණයකින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ එම වෙළඳ සල අවට පොලිස් මුරකාවල් යොදා තිබූ හෙයිනි. පසුව අනාවරණය වූයේ එම වෙළෙඳ සල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණෙන බව පොලිස් ඔත්තුකරුවන් මගින් දෙතුන් දිනකට ඉහතදී දැන ගැනීමට පොලිසියට හැකියාව තිබූ බවය. කොල්ලකරුවන් පැමිණෙන වාහනවල අංක පවා කලින්ම පොලිස් නිලධාරීන් අතට පත්වී තිබිණි. කවරනම් ප‍්‍රාතිහාර්යයක්ද? එහෙත් ඒ පොලිසියට කෞතුකාගාර පුරාවස්තු කොල්ලයේ අගක් - මුලක් තවමත් පාදා ගැනීමට හැකිවී නැත. එය කවර අවාසනාවක්ද? එය කවර අකාර්යක්‍ෂම බවක්ද?
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1315
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෞතුකාගාර සොරකමට අදට මාස හතරයි
අමරපාල Monday, 16 July 2012 05:55 PM
දැනට තියෙන ලෝක වාර්තාව තමයි අර ඇමෙරිකාවෙ බොස්ටන් වල කටුගේ හොරකම. 1990 දි ඒකෙ වෙච්චි මිලියන ගනනක හොරකමේ කිසිම සාක්කියක් තාම ඇමරිකාවෙ පොලිසියට හොයා ගන්න බැරිවෙලා ලු. සමහර විට මේ ගොලො ඒක පරද්දන්න බලන් ඉන්නවද දන්නෙ නැහැ.
නිශාන්ත Sunday, 15 July 2012 01:40 PM
මේ වගේ වටිනා ලිපියක් ලිව්වට ඔබට පින්.
ප්‍රසාද් -මලේ Sunday, 15 July 2012 04:26 PM
හොරෙකෙට අබැර්තුවක් ඇත . පිළිගැනීමට කෙනෙකු සොයම්යි . වටිනා තෙග්ගක් දෙමි .එස්.එල් පොලිස්