අප රට බතබුලතින්, යසඉසුරින්, මනුසත් බවින්, ආදරයෙන් පරිපූර්ණ නොවූව ද මත්ද්‍රව්‍යවලින්, මිනීමැරුම්වලින්, සාහසික අපරාධවලින් හා නොයෙක් ආකාරයේ අවර ගණයේ ක්‍රියාකාරකම්වලින් පරිපූර්ණය. දිනපතා එකක් පසුපස එකක් වාර්තා වන සිදුවීම්වලින් ද එය මනාව ඔප්පු වේ.
මැතිවරණයකට ඉදිරිපත් වන කවර වර්ණයකට අයිති අපේක්‍ෂකයකු වුව ද ඔහුගේ පරම අභිලාසය විය යුත්තේ ගරු කටයුතු මහජන නියෝජිතයකු වීමය. එනම්, මහජනයාගේ ප්‍රශ්න අභියෝගවලදී පසුපසට නොයා ඉදිරිපත්ව ඒවා විසඳීමය. මහජනයාගේ සුවසෙත සැලසීමය. කරුණු කාරණා එපරිදි වුව ද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපූරු අපේක්‍ෂකයකු සම්බන්ධ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මෙම අපේක්‍ෂකයා තිස්පස් හැවිරිදිය. බියගම ප්‍රාදේශීය සභාවට නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනි. එහෙත්, ඔහු ඉකුත්දා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ, පසුගස්කන්ද පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුවක් අනුවය. ඔත්තුවෙන් කියැවුණේ, මෙම ගරුකටයුතු මහජන අපේක්‍ෂකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවය. අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ අත්අඩංගුවට ගන්නා විට මෙම අපේක්ෂකයා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5500 ක් තිබූ බවය. එමෙන්ම මෙම අපේක්‍ෂකයා අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවකු ද යන්න පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂණයකට ලක්කරන බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
හොඳ මිනිසුන් පමණක් මහජන නියෝජිත ආයතනවලට තෝරා පත් කර එවන මෙන් සමාජයේ පොදු ඉල්ලීමක් පවතී. මෙම ඉල්ලීමට ජනතාවගේ ක්‍ෂණික ප්‍රතිචාරයක් වන්නේ ‘අපට තෝරා ගැනීමට සිදුවන්නේ පක්‍ෂයෙන් නම් කරන අපේක්‍ෂකයන් බැවින් හොඳ මිනිසුන්ට අපේක්‍ෂකත්වය ලබාදීම පක්‍ෂයේ වගකීමක් බවය.’ පක්‍ෂයේ නායකයා එයට ප්‍රතිචාර දක්වනුයේ ‘අපේක්‍ෂකයන් සම්මුඛ පරීක්‍ෂණයකට ලක්කර ඔහු සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයකට ලක්කිරීමෙන් පසුව අපේක්‍ෂක ලැයිස්තුවට නම් කරන’ බවය.
මේවා ‘පට්ට කෙබර’ බව පැහැදිලි වන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීමෙන් පසු ඇතැම් අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් පළවන වාර්තා අනුවය. මෙහි විශේෂත්වය වන්නේ, ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් සෑම වර්ණයකටම අයත් අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් විවිධ මාදිලියේ චෝදනා එල්ල වීමය.
මන්ද මානසික තරුණියකට අතවර කිරීමේ චෝදනාවක් එක් අපේක්‍ෂකයකුට එල්ල වී ඇති අතර, මිනිස් ජාවාරම්හි නිරත පුද්ගලයකුට නාමයෝජනා දී ඇති බවට චෝදනාවකි. තවත් චෝදනා බොහෝය. බියගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයකුට එල්ල වී ඇති චෝදනාව වන්නේ, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,500ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.
මෙරට ජාතික ප්‍රශ්න කුමක්දැයි විමසුවහොත්, පැකිලීමකින් තොරව දිය හැකි පිළිතුර වන්නේ මත්ද්‍රව්‍ය යන්නය. එපමණටම මෙම මත්ද්‍රව්‍ය නැමැති රකුසා ජාතික දේහය ගිලගෙන අවසන්ය. රටේ හෙට දවස සම්බන්ධයෙන් සුබ සිහින දල්වාගත නොහැකි තරමට මත්ද්‍රව්‍යයේ අණසකට රට යටත් වී තිබේ. මෙහි ඇති ඛේදවාචකය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට, ජනතාවගේ ඡන්ද අයිතිය රැක දීමට දේශපාලන පක්‍ෂවලට ඇති උනන්දුව මත් රකුසාගෙන් රට බේරා ගැනීමට නොමැති වීමය.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුඩුකාරයකුට ජනතා නියෝජිතයකු වියහැකිද?
fairoos Sunday, 12 March 2023 02:23 PM
ලංකාවේ පුළුවන්...